රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් රටේ ජනතාවටත් විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රිය අනතුරකින් මරණයට පත්වූ සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව පළ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ කියා සිටියේය.
පක්ෂයේ සෑම කටයුත්තකදීම පළාතේ කටයුතු වලදී පෙරට ඇවිත් වැඩ කටයුතු කළ සනත් නිශාන්ත මහතා ගේ අභාවය රටටත් ජාතියටත් පක්ෂයටත් විශාල පාඩුවක් බවද හෙතෙම සඳහන් කළේය.
පිට පළාත්වලත් ලංකාව පුරාමත් පක්ෂයේ දියුණු වෙනුවෙන් ඔහු කටයුතු කළ බවද පැවසූ රාජපක්ෂ මහතා ඔහුගෙන් ලැබුණු සහාය හා නායකත්වය මින් ඉදිරියට නොලැබෙන නිසා එය විශාල පාඩුවක් වන බවද තවදුරටත් කියා සිටියේය.