සනත් නිශාන්ත, මේවා ඉල්ලන්කා පු ගූ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (25) ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධියට අදාළව ‘දූෂණය’ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාට එරෙහිව නඩුවක් ගොනුකර කටයුතු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එලෙස දැනුම් දුන්නේය.

    ඒ අනුව, එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

    සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (25) කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

    හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.

    එමෙන්ම, අසාදුලේඛනයේ සදහන් විදෙස් සමාගමකට මෝදර වරාය බදුදී තිබීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් අරම්භ කරන ලෙසට පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වී ඇත
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    respec cir


    GOYntC0.png
     
    • Haha
    Reactions: SLK_sri

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කටක් ඇරල බනින්න පුලුවන්ද ඉතින් උන් ඔක්කොම යාළුවෝ නේ මල්ලි 🤣