සන්ඩේ ලිඩර්ට මරණ තර්ජන

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සන්ඩේ ලිඩර්ට මරණ තර්ජන

    prew-sunday-leadr.jpg

    සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ලිපියක් නිසා ආණ්ඩුවේ ඉහලම තැන්වල කැළඹීමක් හටගෙන ඇත.මේ හේතුවෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව මරණ තර්ජන සිදුකිරීම හා විරෝධතා පෝස්ටර් ඇලවීම සිදුකර ඇත.

    අදාල ආන්දෝලනාත්මක පුවතින් හෙළිවන්නේ චීනයෙන් ජනාධිපතිවරයාට ලැබුණු විශාල ආධාර මුදලක් ගැනයි.


    ලිපියට අනුව චීන රජයෙන් ඩොලර් මිලියන 12 ක් ජනාධිපති වෙත ලබාදී ඇති බවත් ඉන් ඩොලර් මිලියන 2 ගංවතුර ආධාර සඳහා වැය කරන ලෙසත්, තවත් මිලියනයක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික අධ්‍යන ආයතනයට යොදා ගන්න ලෙසත් ඉතුරු ඩොලර් මිලියන 9 ජනපතිට අවශ්‍ය අයුරින් වියදම් කරන ලෙසත් චීන රජය දන්වා ඇත.


    මෙයට අමතරව චීනය විසින් ඩොලර් ලක්ෂ පහක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදී ඇත්තේ ශ්‍රිලංකාවේ තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහායි.


    මේ අනුව ජනපතිවරයෙකුට තමාට රිසි සේ මුදල් වැය කිරීමට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

    මෙම ආධාරය පිලිබඳ හෙළිදරව්වත් සමග ආණ්ඩුවේ ඉහලම තැන වල කැළඹීමට පත්ව ඇති අතර ඉහලම දේශපාලඥයෙකු විසින් සන්ඩේ ලීඩර් පුවත් පත් සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග මහතාට මරණ තර්ජන සිදු කර ඇත.

    මේ
    අතර සන්ඩේ ලීඩර් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කොට තිබුණි.

    සන්ඩේ ලීඩර් ආයතනයට එරෙහිව විරෝධතා කටයුතු බාර දී ඇත්තේ දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අමාත්‍යවරයාට වන අතර පලාත්පාලන
    ජන්දයෙන් පසුව එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද කිරීමටද නියමිතයි.