සන්ධානෙට වැරදුනේ කොතනද??
පවතින දේශපාලන වාතාවරනය පිලිබද මගේ අදහස
පොඩ්ඩක් හිතන්න මහින්ද රාජපක්ශ අගමැති අපේක්ශක විදිහට නොආවානම් අද අගමැති අපේක්ශක විදිහට බොහෝදුරට එන්න තිබ්බේ නිමල් සිරිපාලද සිල්වා. එහෙනම් මෙහෙම ජනාදිපති විශේෂ ප්‍රකාශ කරල බනින්නෙවත් යූඑන්පී එකෙන් එල්ලකරන අවලාද අහන්නවත් සිද්දවෙන්නේ නෑ. දැන් වෙන්නේ මොකක්ද එදා යූඑන්පී එක ජනාදිපතිවරනයේදි භාවිතාකරපු සටන් පාඨ අදත් භාවිතා කරන්න පුලුවන් මහින්දට විරුද්දව.ඊට අමතරව බල පෙරේතකම,දූෂණ යට ගැසීම වගේ දේවල් මේ පාර යූඑන්පී එක යොදාගනියි. නිමල් සිරිපාල වගේ කෙනෙක් ඉල්ලුවනම් මෙහෙම කතා එල්ල වෙන්නෙත් නෑ අනික මයිත්‍රී බොහෝදුරට එහෙනම් ඔවුන්ගේ වේදිකාවට ගොඩවෙනවා. මොකද ඒක ලක්ෂ 62 ජනතාවගේ අපේක්ශා පාවාදීමක් නොවන නිසා.
දැන් මහින්දට අත්වීඇති ඉරණමට සම්පූර්නයෙන් වගකියන්න ඕනි ඔහුත් එක්ක ඉන්න සන්ධානේ දේශපාලනඥයෝ. ඒ මනුස්සයට ලක්ෂ 52ක් ජනතා කැමැත්තත් එක්ක විශ්‍රාම සුවයෙන් ඉන්න තිබ්බා. නමුත් දේශපාලන වශයෙන් නන්නත්තාරවුනු පිරිසක් ඔහුව ඇපයට ගත්තා. අද පත්තරේ සුසිල් ප්‍රේමජයන්ත කියලා තිබ්බා අගමැති අපේක්ශකත්වයට සුදුසුම පරිණත පුද්ගලයා මහින්ද රාජපක්ශලු. හත් දෙයියනේ එතකොට චන්ද්‍රිකා මැතිනිය?? අඩුම තරමේ ජනාදිපති ධූරයේ ඉද්දී පරාජය උනේවත් නෑ. ජනාදිපති ධූරයේ ඉදගෙනත් පරාද උන කෙනෙක් අගමැති අපේක්ශක විදිහට දැම්මේ මොකටද?? එදා මහින්ද මේ තීරනේට එකග නොවුනානම් සන්ධානේ නියෝජිතයෝ වෙනත් කෙනෙක්ව තෝරගත්තානම් නොවෙයි මෙවන් විපත්.
සංවාදයට විවෘතයි!!

ආණ්ඩුවක් කරනවා කියන එක සාමූහික ක්‍රියාවලියක්. එක පුද්ගලයෙක් ඔක්කොම කරන්න ගියාම තමා වැඩේ අල වෙන්නෙ. ලංකාවෙ මිනිස්සුත් පුරුදු වෙලා තියෙන්නෙ තනි පුද්ගලයෙක්ගෙ පාලනයක් යටතේ ඉන්න. රජ කාලෙ වගේ. ඉතිං මිනිස්සුන්ට ඕනෙ ඒකාධිපතියෙක්. ප්‍රජාතන්ත්‍රවාදී ආංඩුක්‍රම නමට විතරයි අපි වගේ නොදියුනු රටවල් වලට 