සන්නස්ගලගේ අංගවිකල දියණිය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සන්නස්ගලගේ අංගවිකල දියණිය

    සන්නස්ගලගේ අංගවිකල දියණිය බදුල්ලේ විදුහල්පතිගේ නිවසේ…(ඇත්ත කතාවක්)

    safe_image.jpg

    සන්නස්ගලගේ කාම තෘෂ්ණාවට තවමත් වන්දි ගෙවන ඔහුගේම අංගවිකල දියණිය අද කොහේද? සන්නස්ගලගේ දුගද අතීතය ගැන ලිපියක්
    ————————————————————————————————
    උපුල් ශාන්ත සන්නස්ගලගේ දූෂිත ඉතිහාසය සාක්ෂි සහිතව ගෙන හැර දක්වමින් වත්මන් අගමැතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී තිබේ. එම ලිපිය ලියා ඇත්තේ රනිල්ගේ යහපාලනය අනුමත කරන මහත්මයකු විසින් බව ලිපියේ එන අදහස් දෙස බැලීමේදී පෙනී යයි. එම ලිපියේ සන්නස්ගල අතින් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ගේ නම් ගම් දුරකතන අංක ආදියද සටහන්ව තිබූ අතර අදාල අංකවලට ඇමතීමෙන් මෙම ලිපියේ එන කාරණා සත්‍යය බව තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබිණි.
    එසේ වුවද මෙම ලිපිය ප්‍රසිද්ධ මාධ්‍යයක පළකිරීමේදී සදාචාරමය කාරණා මත සහ එයින් අදාල පුද්ගලයන්ට ඇතිවිය හැකි අපහසුතා සලකා බලා එම සමහර නම් ගම් සහ දුරකතන අංක ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට අපට සිදුවූ බව කිව යුතුය. සන්නස්ගල අතින් රැවටීමට හා දූෂණයට ලක්වූ කාන්තාවන් ගැන ලිවීමේදී මේ කාරණය වෙසෙසින් සැලකිල්ලට ගැනීමට සිදුවිය. සන්නස්ගලගේ තිරිසන් කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ලෙස පිළිසිදගත් සහ සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල භාවයට පත්ව මෙලොවට බිහිවූ දැරියක් තවමත් මේ රටේ ජීවත්වන බව අප කිසිවිටකත් අමතක කළ යුතු නැත. මේ රට ගැන උතුරා හැලෙන වෛරයකින් යුතුව මතවාද සකසන්නන්ගේ සැබෑ ඇතුළාන්තය කුමක්දැයි හදුනා ගැනීම සදහා මේ ලේඛණය එක් කුඩා නිදසුනක් පමණි. අනෙක් අතින් එය විශාල සැරසිලි වර්ණනා සහිතව රට හමුවේ ගෙන හැර තබන ලද යහපාලනය නැමති මහා දේශපාලන වංචාවේ සැබෑ තුච්ඡ මුහුණුවර අපට නැවතත් සිහි පත් කර දෙන්නක්ද වෙයි.
    සන්නස්ගල නැමති සාපරාධී පුද්ගලයාට පමණක් නොව මේ දක්වා ඔහුව වීරයෙක් බවට පත් කරගෙන සිටි ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය වැනි ඊනියා වමේ පක්ෂවලටත්, අද ඔහුට නාම යෝජනා ලබාදී මන්ත්‍රීවරයෙකු කිරීමට සැරසෙන දූෂිත එක්සත් ජාතික පක්ෂයටත් මේ ලිපිය උපහාරයක්ම වේවා.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    DAN KATTIYATA ADVICE KARALA THIYENNE PUDGALAYO ILAKKA KARAGENA GAHANNA KIYALA. ETHANADI TARGET KARANNE PATALI, SUJEEWA, RANJAN, SANNA, RAVI WAGE GIYA CHANDEDI IDIRI PELA HITAPU AYA. KELINMA CHARIYHA GATHANA KARANNE. CHANDEN PASSE ME CHODANA KARAPU EWNUTH HOYAGANNA NA. ELAKIRIYE THREAD WATENNETH E RATAWATAMAI. HODA HODA
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    උපුල් ශාන්ත සන්නස්ගලට අඩුවකට ඇත්තේ අරුංග

    උපුල් ශාන්ත සන්නස්ගලට අඩුවකට ඇත්තේ අරුංගලයක් පමනක් දැයි හිතෙන තරමටම ඔහු වචන භාවිතා කරයි. සන්නාද හොඳ මචංවරයෙක් බව මට සිතේ. ඇසුරු කරනා බොහෝ තරුන තරුනියන් මා අමතන්නේ "මචං අංකල්" යන අනවර්ථ නාමයෙනි. මෑතකදී කුඩා දරුවෙකු මට මචං සීයා යැයිද කීවේය. ඒ රසබර කතාද සුපුරුදු ලෙස පසුව ලිවීමමට තබා ගන්නෙමි. ශබ්දකෝෂයේ වචන ගබඩාවී ඇති තරමටම මිනිසුන්, අදහස් තුලින් නිර්ව්‍යාජ වන්නේ නැති බව මගේ අදහසයි.

    සන්නාගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත්, ඔහුගේ නිර්භීතභාවයත් අගය කරන අතරම, විටෙක ඔහු අධිපතිවාදියෙක් දැයි මට සිතුනේ පසුගිය 'ගිරය' නම්වූ සංවාදය නිසාවෙන්ය.
    ඒ කෙසේ වෙතත් සන්නා ගුරුවරයෙක්වූ පමනින්ම, තවත් තරුන පරම්පරාවක්, ඔහුගේ දේශපාලන තණබිම රසට උලා කන ගවයන් පිරිසක් පමනක් කරගැනීම ගැන මට ඇත්තේ එක්තරා අපුලකි. දේශපාලන බලයේ සිංහාසනය යැයි සමහරුන් සිතනා පාර්ලිමේන්තු ආසනයක් සඳහා, තමන්ගේ සිවිල් බලය වක්‍රාකාරයෙන් හෝ යොදවා ගනිමින්, සන්නස්ගල මේ ඇදගෙන යන්නේ, නිවැරදි මාවතකට යොමුකල යුතු අහිංසක තරුන තරුනියන් කංඩායමක්ය.
    උපුල් ශාන්ත මාකට් වීමටත්, මාකට් කිරීමටත් අති දක්ෂයෙක් බව ඔහුගේ භාවිතය තුල, අප වටහා ගෙන ඇත්තෙමු. අප යැයි කිව්වේ බොහෝ අය ඒ බව සාකච්ඡා කර ඇති නිසාමය. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පංච විධි පංචායුධය එජාපයටත් වඩා මාකට් කරන්නේ සන්නස්ගල යැයි මට සිතේ. පංච විධි ෆොටෝකොපියට 18 යැයි ඉලක්කමකුත් ගසාගන්නා සන්නාගේ ලාබ ගනයේ මනාප ප්‍රචාරක උප්පරවැට්ටිය එයට කදිම නිදසුණකි. ටියුෂන් පන්තියෙන් එලියට එන තරුන මානසිකත්වය, 18 පැනපු කොල්ලන්, කෙල්ලන්ගේ ප්‍රශ්නයක් බවට පෙරලා ගනිමින්, එය පාර්ලිමේන්තු ආසනයකට ඉණිමගක් කරගැනීම කොතරම් විචාරශීලි දැයි, වැඩිහිටියන් වටහා ගත යුතුය. අන්න සරුංගල්-සන්න අරුංගල් යැයි කියා හෙඩිමක් දැමීමට සිතුනේත් ඒ නිසාවෙන්ය. අන්න පුතේ සරුංගල් යැයි කියා අම්මලා ලමයින්ට බත් කවනා ආකාරයේ දේශපාලන ජිමික් පෙන්නවීම උපුල් ශාන්තලා වැනි උදවියට කොතරම් උචිත දැයි ඔබ සිතා බැලීම වටී. එක්තරා යුගයකදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සරුංගල් පෙන්නුවේත් මා කියනා ඔය යෞවන යෞවනියන්ටමය. අද ජවිපෙ දේශපාලන ව්‍යාපාරය වඩාත් යථාර්තවාදී, නිදහස්, ලිබරල් දිශාවකට යොමුවී තිබීම ගැන පොදු මහත් ජනතාව තුල ඇත්තේ ඉමහත් ප්‍රසාදයක්ය. මම ඔවුන්ට ආශිර්වාද කරන්නෙමි.
    උපුල් ශාන්ත සන්නස්ගල නම්වූ චින්තකයාට මම ගරු කරන්නෙමි. ඒ නිදහස් ලේඛකයාටත් මම කැමතිවෙමි. නමුත් ඒ තුලින් බිහිවෙන්නට වෙර දරනා, කියා නොකියා එලිබහින්නට තටමනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිලිබඳ මට ඇත්තේ තදබල අවිශ්වාසයක්ය. එක් යුගයකදී රනිල් වික්‍රමසිංහ නම්වූ යෞවන යූඇන්පී කාරයාටත් අත්වූයේත් ඔවැනිම ඉරණමකි. තරුණ කටයුතු බාර ඇමතිවරයාවූ වික්‍රමසිංහ නවතින්නේ බටලන්ද ඝාතකයා නම්වූ විශේෂන නාමයද එක් කරගනිමින්ය. වරෙක බන්ධුල ගුනවර්ධන නම්වූ ටියුෂන් ගුරුතුමා, සක්කරයාගෙ පුතා වයිමා වුනෙත්, තම දේශපාලන ඇජෙන්ඩාවට ගෝල බාල අතදරුවන් කඩේ යවමින් බව මට අමතක නොවේ. බන්ධුල ගුනවර්ධන අද ලැඟුම් ගෙන ඇති අම්බලම දෙස බැලූ විට, එදා කඩේ ගිය තරුනයින්ට ඇත්තේ කොපමන කලකිරීමක්දැයි සිතා බැලීම වටී. සන්නස්ගල මහතා කොල්ලන් කෙල්ලන්ට පැලඳීමට දිය යුත්තේ හරිත වර්ණ හිස් ජටා නොව, ශ්වේත වර්ණ නිදහස් චින්තනයන්ය.
    උපුල් ශාන්ත තරම් දක්ෂ ලේඛකයෙක් නොවනා මම, ඔහුට වඩා වැඩිමහල් 'තරුණයෙක්' යැයි සිතනා නිසාවෙන්ම මෙය ලියා තැබුවෙමි. උපුල් ශාන්ත සන්නස්ගල යනු ප්‍රතික්ෂේප නොකල යුතුමුත්, එහෙත් බාර නොගතයුතු වූත් දේශපාලකයෙක් යැයි, මගේ ටිකිරි මොළය, මගේ ලපටි හදවතට හඬගා කියයි.
    මේ සටහනට දෙල්කඳ හංදිය ගාවගත්තේත් 'සන්න අරගලය' පොත් දොරට වැඩුමදා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවැත්වූ දේශනයේ කොටසක් මතකයට එක්වූ නිසාවෙන්ය. එය මට ලැබුණේ රසිකලොජිස්ට් නම්වූ පුරෝගාමි බ්ලොග්කරුවා මගේ බ්ලොගයට එවූ කමෙන්ට් එකක් කියවීමෙන්ය. මම දැන් බ්ලොග් නොලියන්නේ, වෙබ් සයිට් සඳහා ලිවීමෙන් මුදල් ලැබෙන නිසාවෙන් යැයි සමහරුන් සිතන මුත්, මම මුදලට ලියන්නක් නොවේ. අටම්පහුර නම්වූ බ්ලොග ලියනා ආදරනීය බ්ලොග් රචකයාගේ ලිපියක් තුලින් මා පිලිබඳ සාකච්ඡාවක් ගොඩ නැගී ඇති බව දැක ගත්තෙමි. ඒ පිලිබඳ අටමාට මගේ ස්තූතිය!!!!
    ජනාධිතිවරයා සන්න අරගලයේදි අමරබන්ධු රූපසිංහයන් ගැන කල ප්‍රකාශයන් ඇත්තෙන්ම නිවැරදිය. ඒ බැව් දෙල්කඳ හංදියේ මා සමග කලක් ජීවත් ඒ අමරේ අයියා නම්වූ ඒ සොඳුරු මිනිසා මා හා පවසා තිබේ. ජනාධිපතිවරයා කෙරූ ප්‍රකාශයන් නිවැරදිමුත්, ඔහු එදා ඒ ගැන කල කතාවේ 'ටෝන්' එක එතරම්ම නිවැරදි නොවන බවට මගේ සිතේ දුකක් ඇතිවී තිබේ. සිරිමාවෝ බංඩාරනායකගේ ඇඟේ වමනේ දාපු කතාවත් ඇත්තය. ඒ පිලිබඳ අමරේ අයියාට එක්තරා පසුතැවිල්ලක්ද තිබුන බවද මම දනිමි." මොනවා කරන්නද බං... මම එවෙලේ ඩෝප් කියා" ඔහු තව සිගරෙට්ටුවක්ද දල්වා ගනී. මෛත්‍රීපාල සිරිසේනයන්ට අමරබන්ධු රූපසිංහයන් ගැන මතකයක් හෝ අවදිවීම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙමි. අමරබන්ධු රූපසිංහයන් ගැන මම ලිව්වා මදිය. තව ලියන්නට බොහෝ දේ ඇතිමුත් ඒවා පසුව ලියමි.
    ජනාධිපතිවරයාගේ ඒ කතාවෙ කොටස් කීපයක් මෙසේ සවන් දෙන්න.

    ගතින් ලන්ඩන් නුවර ජීවත් වෙමින් සිතින් දෙල්කඳ සැරිසරණ අරුණ නම් මම වෙමි.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අරූගේ සටහනට ඌණ පූර්ණයක්
    උපුල් ශාන්ත සන්නස්ගල හා ‘දෙල්කඳ හන්දිය' අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. අනූව දශකයේ මුල සනා පදිංචි වී හිටියේ දෙල්කඳ පොළ අසළ ජස්ටින් මුදලාලිට අයත් කඩකාමර පෙලේ ඉහල මාලයේ කාමරයකය. සනාගේ තනිකඩ ජීවිතය අවසන් වූයේ ඒ සන්දියේදීය. ඔහුගේ සරසවි මිතුරන් වූ ධම්මික බණ්ඩාර, ලලිත ප්‍රියංකර ඇතාකඩ සහ ජූඩ් ඔහුගේ චමරියෙ මිතුරන් විය. නමුත් දිනපතා එහි ඇදී එන මිතුරන්ගේ ගණන විශාල ප්‍රමාණයකි. ඒ හැම පැමිණෙන්නේ සනා උයන බත් කටක රස බැලීමටය. සනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ කෝකියෙකි. ඔහුගේ සහායක කෝකියා ‘මගේ පුංචි රෝස මලේ' හෝ ‘හන්තානෙට පායන සඳ'ලියූ ධම්මික බණ්ඩාරය. ‘මෙහෙ වරෙන් කම්මැලියා. හාමු මහත්තයා වගේ ඉන්නැතුව කපපිය මේ දෙහි ගෙඩිය. හොද්දට ලුණු ඇඹුල් දාපිය.' සන්නස්ගලගේ විධානයෙන් ධම්මික බණ්ඩාර දෙහි ගෙඩිය කපන්නේ මූණ පුළුටු කරගෙනය. ඔහු දෙහි ගෙඩිය කපා ඇත්තේ අනිත් අතටය. සන්නස්ගලට මල පනී. ‘බලපිය තෝ කරපුවැඩේ. කැපුවා අනිත් පැත්තට. දැන් ඉතිං තෝව තමයි හොද්දට දාන්න වෙන්නෙ. පල අහකට' ධම්මික තම ස්ථූල දේහය වාරු කරගනිමින් හිනා වෙමින් ඉවතට ඇදී යයි. බලා ඉන්න අනික් උන්ට එය රස සාගරයකි.
    ජූඩ් හෙමින් සුදු කොලයක යමක් ඔතයි. ‘එතුවට කමක් නෑ මේක අස්සෙ එහෙම ගහන්නෑ. එලියට ගිහින් ඕන දෙයක් කර ගනින්' සනාගේ විධානයට ජූඩ් සහ පිරිස ඉහල මාලයේ සිට බිම් මහල කරා පඩි බසී. කාරිය අහවර වීමෙන් අනතුරුව සනාගේ කෑම රස බැලීම සඳහා ජූඩ් සහ පිරිස නැවතත් ඉහළ මාලයට පැමිණෙන්නේ ‘අඩු මුදලට උඩු ගුවනට' කියමිනි. ‘සනා උඹ දන්නවද යට තට්ටුවේ ඉදල උඩම තට්ටුවට පඩි පෙලවල් කීයක් තියෙනවද කියල?' කෑම කන අතරේ ජූඩ් අසයි. හැමෝම ඔලුව වනන්නේ නොදන්න බව ඇඟවීමටය. ‘හරියටම පඩි 120 යි' ජූඩ් පිලිතුරු දෙයි. අඩු මුදලට උඩු ගුවනට ගියත් ජූඩ් පරිසරය පිළිබඳව හිටියාටත් වඩා විමසිලිමත් වන්නේ රොකට්ටුවට පින්සිද්ධවන්නටය.
    සනාගේ තනිකඩ ජීවිතය අවසන් වූ දා උත්සවය පැවතියේ මහරගම ෆ්ලෙමින්ගෝ හෝටලයේය. තද උඩු රැවුළක් සහිත සනාගේ ලොකු අය්යා එදා සෙට් වී සිටියේ හොඳ යූඑන්පී කාරයෙකු මෙන්ම දක්ෂ ගීත රචකයෙකු වන අජන්තා රණසිංහ සමගය. අනූවේ දශකය මුල යූඑන්පීය වහ කදුරු වී සිටි සමයක සනාගේ අය්යා බඹර පදමෙන් පවසා සිටියේ ‘කවුරු මොනව කිව්වත් මේ රටේ හැමදාම තියෙන්ඩ ඕනෙ යූඇන්පී ආණ්ඩුවක්' කිසිවෙක් ඔහුගේ කතාවට ප්‍රතිචාර නොදැක්වූයේ සනාගේ මඟුල් ගෙය ගෝරියකින් කෙලවර වනු දැකීම අනවශ්‍ය වූ හෙයිනි. එයින් වසර කීපයකට පසු චන්ද්‍රිකා නම්වූ 'සත්‍යංගනාවිය' සිංහාසනාරූඨ වූවාය. ඇයව සිංහාසනාරූඨ කිරීමට දරදිය ඇදි වික්ටර් අයිවන් ඇයගේ පාලන කාලය අවසානයේ ඇයව හැදින්වූයේ ‘චෞර රැජිණ' කියාය.චෞර රැජිණගෙන් සිංහාසනය සහ රාජධානිය ගලවා ගැනීම සඳහා ගිරුවා පත්තුවේ ගැමියන්ගේ දහදිය කඳුළ අඳුනන හත්වන මහින්දගේ ‘දෙවන මහින්දාගමනය' සිදුවිය. දෙවන මහිනදාගමනයේ අසිරිය අත්විදි සමාජය සියළු වැර යොදා මේ දිනවල උත්සාහ ගනිමින් සිටින්නේ ‘තෙවන මහින්දාගමනය' නැවැත්වීම උදෙසාය.
    යූඑන්පීය කල්කඳුරු සේ තිත්තව සිටි යුගයකදී සනාගේ ලොකු අය්යා කියූ ‘කවුරු මොනව කිව්වත් මේ රටේ හැමදාම තියෙන්ඩ ඕනෙ යූඇන්පී ආණ්ඩුවක් ' යන කියමන තුල ඇත්තේ එදා නොදකින ලද ගැඹුරකි. ජීවන පරිණාමය හා ලිබරල් වාදය තුල ඇති සහසම්බන්ධතාවය බෙලිහුල්ඔය ගැමියෙකුගේ අත්දැකීම් මතින් විවරණය වූ ආකාරය අදට නව අරුත් සපයන්නකි. ඒ සඳහා යූඑන්පී ආණ්ඩුව ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. ජේ.ආර්ට වඩා රනිල් ලිබරල් වාදියෙකු විය යුත්තේ එම අරුතිනි. එළඹෙන මහ මැතිවරණය සැබවින්ම ලිබරල්වාදය හා ජාතිවාදය අතර ද්වන්ධ සටනක් වන්නේ එබැවිනි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පසුගියදා හොර රහසේම ලංකාවට රිංගු ජාත්‍යන්තර නිරික්ෂණ කණ්ඩායම් සහ රාජ්‍ය බුද්ධි අංශය(NIB) එක්ව වත්මන් දේශපාලන තත්ත්වය අනුව මහ මැතිවරණයේ ආසන බෙදියාම සම්බන්ධයෙන් පසුගිය මැතිවරණ 3ක් ආශ්‍රයෙන් කරන ලද විශ්ලේෂණ වාර්තාව ඊයේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට භාරදි තිබේන බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.යුරෝපා රටවල් කිහිපයකම නියෝජිතයන් 5 දෙනෙකු මෙම සමීකරණය සදහා සහභාගි වි ඇති බවද අප වාර්තාකරු සදහන් කළේ. එම විශ්ලේෂණයට අනුව මේ පවතින තත්ත්වය අගෝස්තු 17 වැනිදා දක්වා පැවතියහොත් මහින්දගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ආසන 127ක් සහ එක්සත් ජාතික පක්ෂයට ආසන 68ක් ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක් ද්‍රවිධ ජාතික සන්ධානයට ආසන 11ක් සහ උතුරේ තවත් දේශපාලන පක්ෂ අතරේ ආසන 6ක් බෙදි යා හැකි බවද පෙන්වා දි තිබේ.