සඳවතිය.........

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ( Poet - Harindra Chamal )

    He Send This To Me For Publish

    280133uoa4iycsxv.gif

    ගඟන තලේ සඳ විමනේ පුංචි ජලාසේ,
    පුන්චි උනත් හරිම හැඩයි පුලුන් වලාසේ,
    සඳවතියක් ගත දොවනා වලා ජලාසේ,
    සඳවතියේ ගත දවන්න මට පෙනෙනාසේ,

    පුලුන් වලා ජලේ ගිලී සේල මුදාලා,
    හොරෙන් හොරෙන් මගේ දිහා එබී බලාලා,
    යලිත් වලා ජලේ ගිලී නොපෙනී ඉදලා,
    හෙමින් හෙමින් එබී බලයි ලැජ්ජා හිතිලා,

    ලස්සන තරු මල් පාරේ ඔබ ඇවිදිනවා,
    ඔබ ඇවිදින කලට මගේ හද නලියනවා,
    අදුරු වලා පටල ඇවිත් ඔබ සඟවනවා,
    යලිත් මගේ දිහෑ බලා සිනා පානවා.

    සොමි කැල්මෙන් විකසිත වී ලොව බබළනවා,
    තුරුවැල් මල් විකසිත වී සිනහ පානවා,
    මේ නිශාවෙ අරුමය දැක පුදුම හිතෙනවා,
    එක මොහොතක් ඔබෙ යහනේ ඉන්න හිතෙනවා,,,
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරීන්ද්‍ර මල්ලියා මේක ඉතාමත් රසවත් කවියක්...

    එලිසමයෙන් පටන් ගෙන කාව්‍යමය නීති රීති වල හරියටම පිහිටා එම රාමුවේ සිට කරනා ලද අපුරු සොඳුරු නිර්මානයක්....

    මල්ලියා නවතින්න එපා..දිගටම ලියන්න හොඳේ...

    මල්ලියට මේක මෙහි පලකරන්න උදව් කරපු coolkasun මල්ලිටත් මගේ ස්තුතිය...
     
    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    හරීන්ද්‍ර මල්ලියා මේක ඉතාමත් රසවත් කවියක්...

    එලිසමයෙන් පටන් ගෙන කාව්‍යමය නීති රීති වල හරියටම පිහිටා එම රාමුවේ සිට කරනා ලද අපුරු සොඳුරු නිර්මානයක්....

    මල්ලියා නවතින්න එපා..දිගටම ලියන්න හොඳේ...

    මල්ලියට මේක මෙහි පලකරන්න උදව් කරපු coolkasun මල්ලිටත් මගේ ස්තුතිය...

    බොහොම ස්තූතියි , දැන් මේ user name එකෙන් log wenawa ,
     
    • Like
    Reactions: nwnbs