Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳුනි (නොකියූ කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුනි - සිව්වන කොටස

සඳුනි.

“ඒ නම එයාට ගැලපෙනවා බන්.” අනුරාධ කවුලුවෙන් ඈත බලාගෙන කීවේය.

“මේ. උඹ ෆේස්බුක් එකේ හොයලා බැලුවද?”

“සොරි මචන්. එපැත්තට තාම සිග්නල් කවරේජ් එකක් නැති සීන් එකක් තියෙන්නෙ. ප්‍රොෆයිල් එකක් හොයාගන්න බැරි උනා. උඹට පරණ සිස්ටම් එකටම තමයි ටොක් කරන්න වෙන්නේ. පස්සෙන් ගිහින් බස් ස්ටෑන්ඩ් ගානේ චිට් දිදී චාටර් වෙලා ගුටි කාලා. වැඩේ ලේසි වෙන එකක් නෑ පුතේ.” සහන් අනුරාධගේ උර මත අත තබාගෙන කීය.

“එයාගෙන් නම් ගුටි කෑවත් කමක් නෑ බන්.” අනුරාධ සුසුමක් හෙලීය.

“ආ මට අමතක උනා තව බෑඩ් නිව්ස් එකක් තියෙනවා. උඹ කලබල වෙන්න එපා. ආරංචියෙ හැටියට ඒකිට බෝයි කෙනෙක් ඉන්නව වගේ.”

“මොකක්? යකෝ කැම්පස් ඇවිත් සතියක් ගියේ නෑනේ. කවුද ඩයල් එක?” අනුරාධ සහන්ගේ කොලරයෙන් අල්ලගෙන ඔහුව සොලවන්නට විය.

“මම උඹට කිව්වනේ බන් කලබල වෙන්න එපා කියලා. මෙහේ එකෙක් නෙවේ. ගමේ කොල්ලෙක්. ඒකි වැඩිය කැම්පස් එකේ කොල්ලො එක්ක කතාවක් නැල්ලු. ඒකයි උදාරිට එහෙම හිතිල තියෙන්නේ. ශුවර් නෑ ඉතින්. අනික බන් ඒකි බැඳල නෑනේ. බය නැතුව හිටහං. මම උදව් කරන්නම්. කොහොමත් උඹට චාන්ස් එකක් තියනවා. ලයින් එක දාගෙන ඉමු. තැටිය රත් උන ගමන් රොටිය පුච්චගෙන කමු!”

“අම්මෝ නුලෙන් බේරුනේ. මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටයේ.” කවුලුවෙන් පිටත බලමින් සඳුනි කීවාය.

“උඹට පිස්සු බන්. දැන් ඉතින් ඒ අහිංසකයා අතරමං වෙලාද දන්නෑ ෆලෝ කරන්න ගිහින් උඹව.” නිපුනි සිනාසෙයි.

“මං මේ ගැන සාරංගට කියනවා නිපූ. එයා මොකක් හරි කරයිනේ.”

“ඔයාට පිස්සුද? සාරංගට ඊලඟ සතියේ ඒලෙවල් එක්සෑම් නේද? එයාට ඕව කියන්න එපා. කොහොමත් ආයේ ට්‍රේන් එකේ යන්න වෙන්නේ ලබන සතියේ. බය නොවී ඉන්න සඳූ!”

“ඒකත් ඇත්ත තමයි. ඒ උනාට ඔයාට මතක නැද්ද ඒ අයියා අපේ කැම්පස් එකේ. මාව එහෙටත් හොයාගෙන ආවොත් එහෙම.”

සඳුනි පාසල් කල සිටම හැදුනේ වැඩුනේ සාරංගගේ රැකවරණය මැද. ඈ සමාජය හා තනිව ගැටෙන මුල්ම අවස්ථාව මෙයයි. සතියක් යන්නට පෙර නාදුනන පිරිමි අයෙක් ඈ පසු පසම හඹා ඒම ඈට මරණ බිය ඇති කරන්නට සමත් විය.

“උඹ ඒ අයියව ගොඩක් කොන් කරන්න හදන්න එපා. එතකොට ඕව වැඩි වෙනවා. අතේ දුරින් ආශ්‍රය කරපං.”

“මම දන්නෑ නිපූ. මම මෙහේ අය ගැන දන්නේ නෑ. මම කොහොමද ඒවගේ කෙනෙක් විශ්වාස කරන්නේ.”

“ඒ අයියා මෙහේ නෙවෙයි. කුරුණෑගල.” නිපුනි නැවතත් සිනාසේ.

“අනේ මන්දා. මට මේවා තේරෙන්නෑ.”

මේ අගෝස්තු මාසයයි. සාරංග දහසක් පැතුම් සිතේ දරාගෙන දෙවන වරට උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටියේය. පසුගිය දින කීපය තුළ ඔහුට සඳුනි ගැන සොයා බලන්නට වේලාවක් තිබුනේ නැත. සඳුනිද සාරංගගේ විභාගයට බාධාවක් වෙතැයි සිතා ඔහුට කරදර කළේ නැත. ඔහුගේ එකම අරමුණ වූයේ දෙවන වර කෙසේ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කුමක් හෝ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇතුල් වීමයි.

කාලය ගතවිය. අනුරාධ සහන්ගේ උදව්ද ඇතිව දැඩි වෙහෙසක් දරා සඳුනිව සොයාගත්තේය. දෙදෙනා මිතුරන් ලෙස ඇසුරු කළහ. නමුත් සඳුනි හැකි සෑම විටකම අනුරාධ අතේ දුරින් තබාගත්තාය. සඳුනිට විශ්වවිද්‍යාලය තුළ රැකවරණයද ඔහු අතින් ලැබුනු නිසා රැග් වලින්ද බේරීමට හැකියාවක් නිතැතින්ම ලැබිනි. ඔහු ඈට කැම්පස් ජීවිතය පහසුකරවන්නට සමත් විය.

විභාගයෙන් පසු සාරංග කළ මුල්ම දේ සඳුනි සොයා යෑමයි. නමුත් ඈ මාසෙකින් පමණ ගෙදර පැමිණ තිබුනේ නෑ. ඈට දුරකථනයක් තිබුනේද නැති නිසා සාරංග ඈ සොයා යන්නට තීරණය කළා. තමන්ගේ පැරණි මිතුරෙකු වූ වරුණගේ සහය පතන්නට ඔහු තීරණය කරන්නේ ඒනිසාමය.

“හලෝ මචන් වරුණද?”

“ඔව් ඔව් කවුද මේ?”

“අපිව දැන් මතකත් නෑනේද? මම සාරංග.”

“ආ සාරාංග. මං ගාව මේ නම්බර් එක තිබුනේ නෑ බන්. මොකද වෙන්නේ? මේසැරේ ආයේ කලා නේද? කොහොමද තත්වේ?”

“අවුලක්මත් නෑ බන්. රිසල්ට් ආවම තමා බලන්න වෙන්නේ.”

“එළ එළ වරෙන් වරෙන් ඇවිත් මෙහෙන් කෑල්ලක් දාගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ!”

”ඉන්න එක මදැයි බං. තව මොන කෑලිද.”

“උඹට කෙල්ලෙක් ඉන්නවද? කවුද බං ඒ?”

“ඇයි බං ඒකාලේ ඉඳල තිබුන එකම තමා. සඳුනි. උඹලගේ ෆැකල්ටියේ උඹෙ බැච් එකේ ඉන්නේ.”

“මචන් මම හිතුවේ ඒක ඉවරයි කියල. උඹ සිරාවටමද කියන්නේ? එතකොට දැන් ඒකි එක්ක කැරකෙන ඩයල් එක කවුද? අයියද?”

සාරංග මොහොතකට නිහඬ විය.

“මචන්? උඹ ඉන්නවද?”

“ඒ බන් සොරි වෙන්න ඕන මම දැනගෙන හිටියේ නෑ බන්. සාරංග?”

බීප් බීප් බීප් බීප්... දුරකථනය විසන්ධි විය.

ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන.

ඔහු මෙය අනන්තවත් අසා ඇත. නමුත් මෙය ඔහුට විශ්වාස කරන්නට සිදුවේ යැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත. වසර ගණනාවක් පෙම් කළ ඈ මාසයක් යන්නට මත්තෙන් අන්අයෙකු හා බැඳුනේ කෙසේද? ඔහුගෙන් සිදුවූ අඩුපාඩුව කුමක්ද?

අනික් අතින් ඈ නිර්දෝෂී කරන්නට ඔහු වෙහෙසුනේය. ඈ ඔහුට සෑම දෙයක්ම කියන්නීය. විභාගය නිසා ඈ පසුගිය මාසයේ කරදර නොකළාය. වෙන කවුරුත් කී කතා අසා පූර්ව නිගමන වලට එළඹෙනවාට වඩා ඈ මුණගැසී මෙහි ඇත්ත නැත්ත බේරුම් කර ගත යුතුය. සාරංග අවසාන නිගමනයට පැමිණියේය.

මේ අතර සඳුනි හිටිහැටියේ අසනීප වන්නීය.

සුවයක් නැති හෙයින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් වන ඈ නිපුනි අතේ සාරංගට සහ පවුලේ අයට පණිවිඩය දන්වා එවන්නීය.

සාරංග පණිවිඩය ලැබුනු විගස නුවර බලා පිටත් විය. මොනවා වෙලාද දන්නේ නෑ. කරදරයක් නැතිව ඇති. කොහොමත් ලංකාවේ තියෙන හොඳම හොස්පිටල් එකක්නේ. ඔහු බස් රථයේ කවුලුවෙන් පිටත බලාගෙන කල්පනා ලෝකයේ අතරමං විය.

ගුඩ් ශෙඩ් බස්නැවතුම්පලෙන් බසින ඔහු පසුම්බියේ ඉතිරි මුදල් වියදම් කර පදික

වේදිකාවෙන් පළතුරු මිළදී ගන්නේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලට පයින්ම යන විට දහවල් ලෙඩ්ඩු බලන වේලාව පසුවී විනාඩි කීපයක් ගතවී තිබුනේය.

“මහත්තයෝ මට ඇතුලට යන්න දෙන්න. මගේ ගැණු ළමය අසනීපෙන්. මම කුරුණෑගල ඉඳල ආවේ.”

“දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ආයේ 4.30ට එන්න. ඔහෙලා දැන් වාට්ටු අස්සේ රිංගුවම දොස්තරලා බේත් දෙන්නේ කොහොමද? වද නොදී හවස එනවා!” සිකුරිටිගේ ගෝරණාඩුව හමුවේ ඔහු පසුබසින්නේය.

“කමක් නෑ. තව පැය 3ක් විතරනේ තියෙන්නේ.” සාරංග මුරකුටිය පිටතට වී සිටියේය. සඳූ දවල්ට කෑවද දන්නෑ. තමන් බීවේ උදේට ප්ලේන්ටියක් පමණක් බව ඔහුට මතක නැත.

“මෙඩිකල් ස්ටුඩන්ට්.”

සුදු කබායක් ඇඳි පිරිමි අයෙකු තවත් අයෙකු සමඟ ගේට්ටුවෙන් ඇතුලු විය.

අපිට එකවිදියක් උන්ට තව විදියක්.

“මේ මහත්තයෝ දැන් මට ඇතුලට යන්න පුලුවන්ද?” සාරංග නැවතත් සිකුරිටි ඉදිරියේ පින්සෙන්ඩු වන්නට විය.

“තාම 4යි. 4.30ට එන්න.”

“එතකොට අර දෙන්නෙක් ඇතුලට ගියේ?”

“ඒ ඉගෙන ගන්න මහත්තුරු. එයාලට ඕන වෙලාවක යන්න පුලුවන්.”

“ඒකත් එහෙමද. කමක් නෑ තව පැය බාගයයිනේ.” පළතුරු මල්ලත් තුරුලු කරගත් සාරංග නැවතත් පදික වේදිකාවේ වාඩිවිය.

“මේ, වෙලාව හරි ඇතුලට යන්න.” සිකුරිටි නිදිකිරමින් සිටින සාරංගව අවදි කළේය.

නිපුනිගේ විස්තර වලට අනුව ඈ ඇතුලත්වූ වාට්ටුව සොයා ගන්නට ඔහුට සෑහෙන වෙහෙසක් දරන්නට විය.

“සඳුනි ලියනගේ කියල ගෑණු ළමයෙක් ඉන්නවද වයස 20ක් විතර ඇති.” ඔහු නර්ස් නොනා කෙනෙකුට ඈව විස්තර කරන්නට විය.

“ආ අර මෙඩිකල් ස්ටුඩන්ට් නේද. ඇඳ අංක 5. දැනුත් දෙන්නෙක් ඇවිත් ඉන්නේ එයාව බලන්න.” හෙදිය කීය.

පස්වන ඇඳ කරා යන ඔහුට දක්නට ලැබෙන්නේ කලින් ගෙට්ටුවෙන් ඇතුල්වූ දෙදෙනාය. කබාය නැති පුද්ගලයා පුටුවක වාඩිවී ඇගේ අත අල්ලාගෙන සිටිනු දුටු සාරංගට සිදුවන දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

-මතු සම්බන්ධයි-

සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.

චන්දිම [25-12-2015]

[QUOTE="chandima3010, post: 19564418, member: 39011"] [SIZE="5"]:love:[U] සඳුනි - සිව්වන කොටස [/U]:love:[/SIZE] [SIZE="3"] සඳුනි. “ඒ නම එයාට ගැලපෙනවා බන්.” අනුරාධ කවුලුවෙන් ඈත බලාගෙන කීවේය. “මේ. උඹ ෆේස්බුක් එකේ හොයලා බැලුවද?” “සොරි මචන්. එපැත්තට තාම සිග්නල් කවරේජ් එකක් නැති සීන් එකක් තියෙන්නෙ. ප්‍රොෆයිල් එකක් හොයාගන්න බැරි උනා. උඹට පරණ සිස්ටම් එකටම තමයි ටොක් කරන්න වෙන්නේ. පස්සෙන් ගිහින් බස් ස්ටෑන්ඩ් ගානේ චිට් දිදී චාටර් වෙලා ගුටි කාලා. වැඩේ ලේසි වෙන එකක් නෑ පුතේ.” සහන් අනුරාධගේ උර මත අත තබාගෙන කීය. “එයාගෙන් නම් ගුටි කෑවත් කමක් නෑ බන්.” අනුරාධ සුසුමක් හෙලීය. “ආ මට අමතක උනා තව බෑඩ් නිව්ස් එකක් තියෙනවා. උඹ කලබල වෙන්න එපා. ආරංචියෙ හැටියට ඒකිට බෝයි කෙනෙක් ඉන්නව වගේ.” “මොකක්? යකෝ කැම්පස් ඇවිත් සතියක් ගියේ නෑනේ. කවුද ඩයල් එක?” අනුරාධ සහන්ගේ කොලරයෙන් අල්ලගෙන ඔහුව සොලවන්නට විය. “මම උඹට කිව්වනේ බන් කලබල වෙන්න එපා කියලා. මෙහේ එකෙක් නෙවේ. ගමේ කොල්ලෙක්. ඒකි වැඩිය කැම්පස් එකේ කොල්ලො එක්ක කතාවක් නැල්ලු. ඒකයි උදාරිට එහෙම හිතිල තියෙන්නේ. ශුවර් නෑ ඉතින්. අනික බන් ඒකි බැඳල නෑනේ. බය නැතුව හිටහං. මම උදව් කරන්නම්. කොහොමත් උඹට චාන්ස් එකක් තියනවා. ලයින් එක දාගෙන ඉමු. තැටිය රත් උන ගමන් රොටිය පුච්චගෙන කමු!” --------------------------------------------------------------------------------- “අම්මෝ නුලෙන් බේරුනේ. මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටයේ.” කවුලුවෙන් පිටත බලමින් සඳුනි කීවාය. “උඹට පිස්සු බන්. දැන් ඉතින් ඒ අහිංසකයා අතරමං වෙලාද දන්නෑ ෆලෝ කරන්න ගිහින් උඹව.” නිපුනි සිනාසෙයි. “මං මේ ගැන සාරංගට කියනවා නිපූ. එයා මොකක් හරි කරයිනේ.” “ඔයාට පිස්සුද? සාරංගට ඊලඟ සතියේ ඒලෙවල් එක්සෑම් නේද? එයාට ඕව කියන්න එපා. කොහොමත් ආයේ ට්‍රේන් එකේ යන්න වෙන්නේ ලබන සතියේ. බය නොවී ඉන්න සඳූ!” “ඒකත් ඇත්ත තමයි. ඒ උනාට ඔයාට මතක නැද්ද ඒ අයියා අපේ කැම්පස් එකේ. මාව එහෙටත් හොයාගෙන ආවොත් එහෙම.” සඳුනි පාසල් කල සිටම හැදුනේ වැඩුනේ සාරංගගේ රැකවරණය මැද. ඈ සමාජය හා තනිව ගැටෙන මුල්ම අවස්ථාව මෙයයි. සතියක් යන්නට පෙර නාදුනන පිරිමි අයෙක් ඈ පසු පසම හඹා ඒම ඈට මරණ බිය ඇති කරන්නට සමත් විය. “උඹ ඒ අයියව ගොඩක් කොන් කරන්න හදන්න එපා. එතකොට ඕව වැඩි වෙනවා. අතේ දුරින් ආශ්‍රය කරපං.” “මම දන්නෑ නිපූ. මම මෙහේ අය ගැන දන්නේ නෑ. මම කොහොමද ඒවගේ කෙනෙක් විශ්වාස කරන්නේ.” “ඒ අයියා මෙහේ නෙවෙයි. කුරුණෑගල.” නිපුනි නැවතත් සිනාසේ. “අනේ මන්දා. මට මේවා තේරෙන්නෑ.” --------------------------------------------------------------------------------- මේ අගෝස්තු මාසයයි. සාරංග දහසක් පැතුම් සිතේ දරාගෙන දෙවන වරට උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටියේය. පසුගිය දින කීපය තුළ ඔහුට සඳුනි ගැන සොයා බලන්නට වේලාවක් තිබුනේ නැත. සඳුනිද සාරංගගේ විභාගයට බාධාවක් වෙතැයි සිතා ඔහුට කරදර කළේ නැත. ඔහුගේ එකම අරමුණ වූයේ දෙවන වර කෙසේ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කුමක් හෝ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇතුල් වීමයි. කාලය ගතවිය. අනුරාධ සහන්ගේ උදව්ද ඇතිව දැඩි වෙහෙසක් දරා සඳුනිව සොයාගත්තේය. දෙදෙනා මිතුරන් ලෙස ඇසුරු කළහ. නමුත් සඳුනි හැකි සෑම විටකම අනුරාධ අතේ දුරින් තබාගත්තාය. සඳුනිට විශ්වවිද්‍යාලය තුළ රැකවරණයද ඔහු අතින් ලැබුනු නිසා රැග් වලින්ද බේරීමට හැකියාවක් නිතැතින්ම ලැබිනි. ඔහු ඈට කැම්පස් ජීවිතය පහසුකරවන්නට සමත් විය. --------------------------------------------------------------------------------- විභාගයෙන් පසු සාරංග කළ මුල්ම දේ සඳුනි සොයා යෑමයි. නමුත් ඈ මාසෙකින් පමණ ගෙදර පැමිණ තිබුනේ නෑ. ඈට දුරකථනයක් තිබුනේද නැති නිසා සාරංග ඈ සොයා යන්නට තීරණය කළා. තමන්ගේ පැරණි මිතුරෙකු වූ වරුණගේ සහය පතන්නට ඔහු තීරණය කරන්නේ ඒනිසාමය. “හලෝ මචන් වරුණද?” “ඔව් ඔව් කවුද මේ?” “අපිව දැන් මතකත් නෑනේද? මම සාරංග.” “ආ සාරාංග. මං ගාව මේ නම්බර් එක තිබුනේ නෑ බන්. මොකද වෙන්නේ? මේසැරේ ආයේ කලා නේද? කොහොමද තත්වේ?” “අවුලක්මත් නෑ බන්. රිසල්ට් ආවම තමා බලන්න වෙන්නේ.” “එළ එළ වරෙන් වරෙන් ඇවිත් මෙහෙන් කෑල්ලක් දාගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ!” ”ඉන්න එක මදැයි බං. තව මොන කෑලිද.” “උඹට කෙල්ලෙක් ඉන්නවද? කවුද බං ඒ?” “ඇයි බං ඒකාලේ ඉඳල තිබුන එකම තමා. සඳුනි. උඹලගේ ෆැකල්ටියේ උඹෙ බැච් එකේ ඉන්නේ.” “මචන් මම හිතුවේ ඒක ඉවරයි කියල. උඹ සිරාවටමද කියන්නේ? එතකොට දැන් ඒකි එක්ක කැරකෙන ඩයල් එක කවුද? අයියද?” සාරංග මොහොතකට නිහඬ විය. “මචන්? උඹ ඉන්නවද?” “ඒ බන් සොරි වෙන්න ඕන මම දැනගෙන හිටියේ නෑ බන්. සාරංග?” බීප් බීප් බීප් බීප්... දුරකථනය විසන්ධි විය. --------------------------------------------------------------------------------- ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන. ඔහු මෙය අනන්තවත් අසා ඇත. නමුත් මෙය ඔහුට විශ්වාස කරන්නට සිදුවේ යැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත. වසර ගණනාවක් පෙම් කළ ඈ මාසයක් යන්නට මත්තෙන් අන්අයෙකු හා බැඳුනේ කෙසේද? ඔහුගෙන් සිදුවූ අඩුපාඩුව කුමක්ද? අනික් අතින් ඈ නිර්දෝෂී කරන්නට ඔහු වෙහෙසුනේය. ඈ ඔහුට සෑම දෙයක්ම කියන්නීය. විභාගය නිසා ඈ පසුගිය මාසයේ කරදර නොකළාය. වෙන කවුරුත් කී කතා අසා පූර්ව නිගමන වලට එළඹෙනවාට වඩා ඈ මුණගැසී මෙහි ඇත්ත නැත්ත බේරුම් කර ගත යුතුය. සාරංග අවසාන නිගමනයට පැමිණියේය. --------------------------------------------------------------------------------- මේ අතර සඳුනි හිටිහැටියේ අසනීප වන්නීය. සුවයක් නැති හෙයින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් වන ඈ නිපුනි අතේ සාරංගට සහ පවුලේ අයට පණිවිඩය දන්වා එවන්නීය. සාරංග පණිවිඩය ලැබුනු විගස නුවර බලා පිටත් විය. මොනවා වෙලාද දන්නේ නෑ. කරදරයක් නැතිව ඇති. කොහොමත් ලංකාවේ තියෙන හොඳම හොස්පිටල් එකක්නේ. ඔහු බස් රථයේ කවුලුවෙන් පිටත බලාගෙන කල්පනා ලෝකයේ අතරමං විය. ගුඩ් ශෙඩ් බස්නැවතුම්පලෙන් බසින ඔහු පසුම්බියේ ඉතිරි මුදල් වියදම් කර පදික වේදිකාවෙන් පළතුරු මිළදී ගන්නේය. පේරාදෙණිය ශික්ෂණ රෝහලට පයින්ම යන විට දහවල් ලෙඩ්ඩු බලන වේලාව පසුවී විනාඩි කීපයක් ගතවී තිබුනේය. “මහත්තයෝ මට ඇතුලට යන්න දෙන්න. මගේ ගැණු ළමය අසනීපෙන්. මම කුරුණෑගල ඉඳල ආවේ.” “දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ආයේ 4.30ට එන්න. ඔහෙලා දැන් වාට්ටු අස්සේ රිංගුවම දොස්තරලා බේත් දෙන්නේ කොහොමද? වද නොදී හවස එනවා!” සිකුරිටිගේ ගෝරණාඩුව හමුවේ ඔහු පසුබසින්නේය. “කමක් නෑ. තව පැය 3ක් විතරනේ තියෙන්නේ.” සාරංග මුරකුටිය පිටතට වී සිටියේය. සඳූ දවල්ට කෑවද දන්නෑ. තමන් බීවේ උදේට ප්ලේන්ටියක් පමණක් බව ඔහුට මතක නැත. “මෙඩිකල් ස්ටුඩන්ට්.” සුදු කබායක් ඇඳි පිරිමි අයෙකු තවත් අයෙකු සමඟ ගේට්ටුවෙන් ඇතුලු විය. අපිට එකවිදියක් උන්ට තව විදියක්. “මේ මහත්තයෝ දැන් මට ඇතුලට යන්න පුලුවන්ද?” සාරංග නැවතත් සිකුරිටි ඉදිරියේ පින්සෙන්ඩු වන්නට විය. “තාම 4යි. 4.30ට එන්න.” “එතකොට අර දෙන්නෙක් ඇතුලට ගියේ?” “ඒ ඉගෙන ගන්න මහත්තුරු. එයාලට ඕන වෙලාවක යන්න පුලුවන්.” “ඒකත් එහෙමද. කමක් නෑ තව පැය බාගයයිනේ.” පළතුරු මල්ලත් තුරුලු කරගත් සාරංග නැවතත් පදික වේදිකාවේ වාඩිවිය. “මේ, වෙලාව හරි ඇතුලට යන්න.” සිකුරිටි නිදිකිරමින් සිටින සාරංගව අවදි කළේය. නිපුනිගේ විස්තර වලට අනුව ඈ ඇතුලත්වූ වාට්ටුව සොයා ගන්නට ඔහුට සෑහෙන වෙහෙසක් දරන්නට විය. “සඳුනි ලියනගේ කියල ගෑණු ළමයෙක් ඉන්නවද වයස 20ක් විතර ඇති.” ඔහු නර්ස් නොනා කෙනෙකුට ඈව විස්තර කරන්නට විය. “ආ අර මෙඩිකල් ස්ටුඩන්ට් නේද. ඇඳ අංක 5. දැනුත් දෙන්නෙක් ඇවිත් ඉන්නේ එයාව බලන්න.” හෙදිය කීය. පස්වන ඇඳ කරා යන ඔහුට දක්නට ලැබෙන්නේ කලින් ගෙට්ටුවෙන් ඇතුල්වූ දෙදෙනාය. කබාය නැති පුද්ගලයා පුටුවක වාඩිවී ඇගේ අත අල්ලාගෙන සිටිනු දුටු සාරංගට සිදුවන දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. [/SIZE] [I]-මතු සම්බන්ධයි- සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත. චන්දිම [25-12-2015][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom