සඳ ගුටි - නාවික හමුදාවෙන්
යහපාලනයට අලුත් කොන්දක් නාවික හමුදාවෙන්.. හම්බන්තොට උද්ඝෝෂකයින්ට 'සඳ ගුටි'.. Enough is enough.. Let's start from Hambantota
කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
photo credit; www.google.lk
මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
කලකට ඉහත ආසාවෙන් නැරඹු 'Rules of Engagement' බටහිර ක්‍රියාදාම චිත්‍රපටය ඊයෙ මට සිහිවිය.. යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලා තානාපතිවරයා හා පවුල ප්‍රාණ ඇපයට ගෙන සිටි අවිගත් යේමන් කැරලි කරුවන් හා සටන්කොට තානාපතිවරයා හා පවුල ආරක්ෂිතව ඉවත් කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන මැරයින් කමාන්ඩෝ නිළධාරියා ඉන් අනතුරුව 'සිවිල් ජනතාවට වෙඩි තැබීමේ වරදට' හමුදා අධිකරණයකට යොමු කරයි.. ඔහුට පක්ෂව ඇති සියලු වීඩියෝ සාක්ෂි විනාශ කර එදිරිව ඇති සාක්ෂි පමණක් ඉදිරිපත් කරමින් පිරිසක් කැත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන්නේ වියට්නාම් සටනේදී ඔහු සමඟම සටන් කල ඔහුගේම සගයෙක් වේ. අවිගත් කුඩා දරුවන් හා කාන්තාවන් (මෙහි කුඩා දරුවන් හා කාන්තාවන් අවි දරා සිටින cctv දර්ශන හිතා මතා විනාශ කරනු ලබයි) පහර දීමට අණ දීමේදී ඔහු භාවිතා කරන වචන එනම් "Waste the bloody motherfuckers" යන්න ඔහුට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාවකි. මේ තර්කය ගේන නීතිඥයා හෝ තර්කය ගේන උසාවිය අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටියානම්? 'එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා..' කියා යුද්ද කරන භාෂාවක් ලොවේ නැත.. අවසානයේ ඔහුට එදිරිව සාක්ෂියට ගෙන එන හිටපු වියට්නාම හමුදා ප්‍රධානියාගෙන් විත්තියේ නීතිඥයා අසන එකම ප්‍රශ්ණය 'ඔබ එම අවස්ථාවට මුහුණ දුන්නානම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නෙන් නඩුව අවසන් වේ..
හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
ඡායාරූපය නාවික හමුදා නිළ වෙබ් අඩවියෙනි
ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් පරණ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..
අවසානයට සඳහන් කල යුත්තේ යහපාලන රජයට මෙතෙක් නොතිබූ කශේරුකාවක් ඊයේ හම්බන්තොටදී නාවික හමුදාවෙන් ලැබුණු බවයි.. නීල කාස හොරු බළකායේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ නඩයට පාඩමක් කියා දීමට හම්බන්තොට තරම් ගැලපෙන වෙනත් තැනක් සොයා ගත නොහැකිය.. තමන් මෙතෙක් රජ කල හම්බන්තොට වැල්ල දිගේ දෙපයට වැඳ වැඳ දුවන්නත් එහිම වැටී දුක කියා හඬා වැලපෙන්නටත් මෙතරම් ඉක්මණට සිදුවේයැයි 'නාමල්ගේ කොල්ලෝ' හිතන්නත් නැතිය. ඒත් උන් ඊයේ නයාට පහර ගසා පොල්ල වරද්දා ගත්හ. ඒ මෙහෙයුමට අණදුන් නාවික හමුදාවේ ඒ 'සද්දන්ත රැවුල්කාරයාට' මාගේ ආචාරය!
http://kalahitha.blogspot.com/2016/12/enough-is-enough-lets-start-from.html