සඳ ලෝකය

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සඳ ලෝකය
    වැලි කඩදහි මැදෙන පළඟැටි සැණකෙළිය
    දැක ගනු රිසිව පුන් සඳලිය සිරිමලිය
    නුබ කවුළුවෙන් විවරවූ නෙත් යුග හෙළිය
    එම නෙත් කැළුම් විය රැයකට සඳ එළිය

    පේවී සඳවතිය ඇඟලා පටපිළිය
    ලොවටම හෙළන මුව විට පිරි හසරැළිය
    සඳවට මවා නුබ තරු කැට සැරසිලිය
    කොතරම් ලස්සනද වගුරන සඳඑළිය

    කඩුපුල් කැකුළියන් මල්වර වුණ පසුව
    ඉසදිය පිණිස හෙළු පිනිදිය බිඳු මුසුව
    පුරා රැයක් විකසිත බවකින් විසුව
    රැයකට සඳ එළිය අබිදහමකි දෙසුව

    සඳරැස් හලන සඳවතියගෙ පෙනේරය
    ඉහිදැල්වී ගලා මීදුම් දුමාරය
    හිරිගඩු මලින් ගත පුබුදු තුෂාරය
    කඳු ලලනියන් වට කළ හැටි උදාරය

    ලඹදෙන සුරත්පල මත ඔන්චිලි පදින
    මා වවුලන් මෙන්ම බකමූණන් හඬන
    බලු කැනහිලුන් සිසිබිඹුවට උඩු බුරන
    රිද්ම රටා ඇත සඳ එළියට ගැයෙන

    ගස් අතරින් පෙරෙන සඳරැස් කිරි පාට
    නන් වන් රටා ගන්වයි විසිතුරු දේට
    ගංතෙර ලන්ද ඕවිට සම වෙද කාට
    ලෝකය කලා භවනකි සඳ ඇති øට


    කලාභූෂණ
    නුංගමුගොඩ විල්සන් රුද්*රීගු

    [/SIZE]