Good info

සපත්තු වලින් පිට තියන ගොඩක් දේවල් ගේ ඇතුලට එනවා.
පොඩි ගැටළුවක් තියනවා අදහසක් දෙන්න පුලුවන්ද ?
හිතමු මම සපත්තු දාගෙන වෙන ගෙදරකට ගියා.
සපත්තු ගලවලා ගෙට ඇතුල් උනා.
දැන් ගෙදරින් යන්න සපත්තු දාගන්න බලනකොට යටිපතුල් කළු පාටයි.
ගෙදර ඇතුලේ තිබ්බ දුවිලි ජරාව මගේ කකුලේ

දැන් මම සපත්තු දාන්නේ කොහොමද ?
සපත්තු දැම්මොත්, කුණු ටික සපත්තුව පතුලේ!.
ඊට පස්සේ මගේ ගෙදර ආවම, සපත්තු ගලවලා අතුලුවුනාම, අර ගෙදර කුණු දැන් මගේ ගෙදර.
සපත්තුවත් ඇතුලත් හෝදන්න වෙනවා.
පාරේ කුණු සහ ගෙදර කුණු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගෙදර පොළොවේ තත්වය කවුද දන්නේ
මේකට එක විසදුමක් තමයි තමන්ගේ ගෙදර දොර ළඟ, හාමුදුරුවෝ වැඩම කරනකොට් වගේ ,වතුර බේසමක් තියල හෝ මුස්ලිම් පල්ලිවල ඇතුල්වෙන තැන කකුල් හෝදන්න tap and foot wash sink තියනවා වගේ එකක් හයි කරලා, කකුල් හෝදගෙන ගෙට ඇතුල්වෙන එක.
තවත් විසදුමක් තමයි වෙනම සෙරෙප්පු ගෙදර දොර ගාව තියනවා. සපත්තු ගලවලා ගේ ඇතුලේ පාවිච්චි කරන සෙරෙප්පු වලට මාරු වෙනවා.
හැබැයි තමන්ගේ ගෙදරට අමුත්තෝ ආවම ඔවුන්ටත් කකුල් හෝදලා එන්න කියන්න වෙනවා. ගොඩක් කට්ටිය කැමති වෙන්නේ නෑ.
අනික සමහර කට්ටිය සපත්තු ගලවන්න කැමති නෑ. එතකොට ETU එකට අතුලුවෙනකොට වගේ වෙනම විශේෂ සෙරෙප්පු තියන්න වෙනවා. ඒවා පලදින්නත් තියන සපත්තු ගලවන්න වෙයි. එතකොට overshoe (
https://www.amazon.com/dp/B0738745W5/ref=sspa_dk_detail_1?psc=1) වගේ එකක් තියන්න වෙයි. ලංකාවේ ඕවා තියනවද මන්ද.
එහෙමත් නැත්නම්, සියලුම අමුත්තෝ ඉස්තෝප්පුවට සීමා කරන්න වෙනවා.
ඔබගේ අදහස් මොනොවද?. ඉස්තුතියි