සපුගස්‌කන්ද පිරිපහදුව නවීකරණයට වෙන් කළ මුදල් බහිරවයා ගිලලා!
ශිරාන් රණසිංහ
සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන දහසක් පමණ වැයකර ඉඩම් අත්පත් කරගැනීම සිදු කළද මේ වනවිට පිරිපහදුව නවීකරණ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ මුදල්වලට සිදුවූ දේ පිළිබඳ කිසිදු සඳහනක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථා මූල්‍ය අංශය සඳහන් කරයි.
මෙම රුපියල් මිලියන දහසට අමතරව ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සඳහා තවත් රුපියල් මිලියන විසිපහක් වෙන් කළ බවත් පිරිපහදුව නවීකරණය කිරීම නතරවීමත් සමඟ මුදල්වලට සිදුවූ දේ පිළිබඳ ප්‍රශ්න මතුව ඇති බවත් මුදල් අංශය සඳහන් කරයි.
විශ්‍රාමලත් ආරක්‌ෂක අංශ ප්‍රධානියකු යටතේ මෙම නවීකරණ කටයුතු සඳහා මූලික ව්‍යාපෘති ආරම්භ කළ මුත් ඉඩම් අක්‌කර හතළිස් පහ අත්පත් කරගැනීමේදී ඇතැම් ඉඩම් හිමියන්ට ලබාදිය යුතු වන්දි මුදල් තවමත් ඒ අයට ලැබී නැතැයි ද සඳහන් වේ.
ඉරාන රජයේ ණය ආධාර යටතේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට මුලින් සැලසුම් කළද ඇමරිකාව ඉරානයට එරෙහිව කටයුතු කිරිම නිසා එම ණය ආධාරද ඉරානයෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත.
http://www.divaina.com/2012/04/26/news05.html