සපුමල් බණ්ඩාර දෙවියන්

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    කදුගැටයේ පිහිටි අපාය බලමු

    අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය


    කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප‍්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ.
    පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ.


    කුරුණෑගල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක පිහිටි මෙම ඉපැරැණි පුදබිම හමුවෙයි.
    විහාරයේ ඇති ඉපැරැණි ටැම්පිට විහාරය අදටද ඉතා සුරක්ෂිතව පවතී.



    මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර පවතින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය සංරක්ෂණය කර ඇත.



    ගිහින් තියන උන් ඉන්නවා නම් කියපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya