සබඳ අපි කඳු නොවෙමු ගීතය හැදුනු හැටි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    සබඳ අපි කඳු නොවෙමු ගීතය හැදුනු හැටි

    දර්ශන මේදිස් කවියාගේ කවියක් අසුරුන් තමා ගීතය හදලා තියෙන්නේ .
    නමුත් මේ ගීතය සින්දුවට වඩා ලස්සන අරුතක් තියනවා .
    දර්ශන මේදිස් කවියා මේ ගීතයට කැමති වෙලා නෑ

    මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි.
    -කර්තෘ

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය කඳුරු වෙමු
    එකම කන්දෙන් වැටෙන

    වියරු ගිනිදැල් නොවෙමු
    වනය අවුලා තබන
    මුරුගසන් වැස්ස වෙමු
    දැවෙන කැලයට වහින

    චන්ඩ පවනක් නොවෙමු
    දෙරණ අතුගා දමන
    මන්ද මාරුතය වෙමු
    දෙකොන සිපගෙන හමන

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන

    යකඩ පිත්තල නොවෙමු
    රජුන් උඩ පැන තලන
    බුරුත-කොස්-නැදුන් වෙමු
    උනට එසවිය නොහෙන

    පිදුරු-පොල් අතු නොවෙමු
    පැරණි ගෙට සෙවිලි වන
    සබඳ අපි ගඩොලු වෙමු
    අලුත් ගෙපැලක් බඳින​
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar33920_1.gif
     
    • Like
    Reactions: sbanurada

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    දර්ශන මේදිස් කවියාගේ කවියක් අසුරුන් තමා ගීතය හදලා තියෙන්නේ .
    නමුත් මේ ගීතය සින්දුවට වඩා ලස්සන අරුතක් තියනවා .
    දර්ශන මේදිස් කවියා මේ ගීතයට කැමති වෙලා නෑ

    මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි.
    -කර්තෘ

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය කඳුරු වෙමු
    එකම කන්දෙන් වැටෙන

    වියරු ගිනිදැල් නොවෙමු
    වනය අවුලා තබන
    මුරුගසන් වැස්ස වෙමු
    දැවෙන කැලයට වහින

    චන්ඩ පවනක් නොවෙමු
    දෙරණ අතුගා දමන
    මන්ද මාරුතය වෙමු
    දෙකොන සිපගෙන හමන

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන

    යකඩ පිත්තල නොවෙමු
    රජුන් උඩ පැන තලන
    බුරුත-කොස්-නැදුන් වෙමු
    උනට එසවිය නොහෙන

    පිදුරු-පොල් අතු නොවෙමු
    පැරණි ගෙට සෙවිලි වන
    සබඳ අපි ගඩොලු වෙමු
    අලුත් ගෙපැලක් බඳින​

    :love::love:
     
    • Like
    Reactions: sbanurada
  • Dec 18, 2013
    535
    98
    28
    TFS

    මට මතකයි යහපලානේ මුල් කාලේදී මේකේ එකෙක් ගුණදාස කපුගේ / කරුණාරත්න දිවුල්ගනේ ගයන කරපු "රුවක් ඇදෙනවා" ගීතය සමලිංගික ගීයක් කියල විචාරයක් දාල තිබ්බා..... :no:

    කාලය අනුව ආකල්ප වෙනස් වෙන විදිය...............
    :dull:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඌරු වරිගේ වන්නිය;25047225 said:
    TFS

    මට මතකයි යහපලානේ මුල් කාලේදී මේකේ එකෙක් ගුණදාස කපුගේ / කරුණාරත්න දිවුල්ගනේ ගයන කරපු "රුවක් ඇදෙනවා" ගීතය සමලිංගික ගීයක් කියල විචාරයක් දාල තිබ්බා..... :no:

    කාලය අනුව ආකල්ප වෙනස් වෙන විදිය...............
    :dull:
    :lol:මොකද්ද බන් ඒ කතාවේ තේරුම...
     
    • Like
    Reactions: sbanurada
  • Dec 18, 2013
    535
    98
    28
    :lol:මොකද්ද බන් ඒ කතාවේ තේරුම...

    එහෙම විචාරයක් මේකේ එකෙක් දාල තිබ්බා..... හෙව්වා..... හෙව්වා ..... හම්බුනේ නැහැ.

    ඌ කියල තිබ්බේ ප්‍රේමයෙන් පැරදුනු තරුණයෙක් (දිවුල්ගනේ) විරහ දුක නිසා තබරුමේ බොද්දි, තලතුනා පිරිමියෙක් (කපුගේ) ප්‍රේමයේ දුක අමතක කරන්න සමලිංගික ඇසුරකට කරන අරාදනාවක් ලු මේ සින්දුවේ අර්ථයෙන් කියවෙන්නේ....කියලා.....
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    දර්ශන මේදිස් මේ කවිය ලිව්වේ මගේ මතකය නිවැරදි නම් 1987දී හෝ ඒ ආසන්න කාලයකදී.
    'දිවයින" පත්තරේ 'කව්මුතු' තීරයේයි මේ කවිය පළවුණේ.
    කපුගේ මේක ගීතයක් වශයෙන් පාවච්චි කළේ 'කම්පන' ප්‍රසංගය වෙනුවෙන් 1990දීයි.
    නමුත් මෙතැනදී දර්ශනගේ මුල් කවියේ අර්ථයත්, සන්දර්භයත් කපුගේ විසින් වගේම ඉන් පස්සේ කවිය පාව්චිචි කළ බොහෝ අය විසිනුත් විකෘති කළා.
    ඒක වුණේ මෙහෙමයි:
    දර්ශන තමන්ගේ කවිය නම් කළේ "උතුරින් - දකුණට" කියලා.
    අර්ථය වඩාත් පැහැදිලි කරන්න තමයි උප මාතෘකාවක් වශයෙන් 'පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට' කියලා දැම්මේ.
    ඒ අනුව 'සබඳ අපි කඳු නොවෙමු' කියන සහෝදරත්වයේ ප්‍රකාශය පීඩිත දෙමළෙකු සිංහල පීඩිතයෙකුට දෙන පණිවුඩයක්.
    නමුත් කපුගේගේ 'කම්පන' ප්‍රසංගයේදී මේ කවියේ සන්දර්භය වහලා ප්‍රසංගය අවසානය සඳහා හෝ ඊට ආසන්න තැනකට මේක යොදාගත්තා.
    අනිත්මේදී ඒක හරියටම ප්‍රසංගය බලන්න ආව අයට කියන පණිවුඩයක් බවට පත්වුණා.
    ඉන් පස්සේ දිගින් දිගටම මේ කවිය යොදාගත්තේ දකුණේ බහුතරයක් වාමාංශිකයන්ගේ 'ප්‍රදර්ශනවාදී' වාර්ගික සහෝදරත්වය කෙළින් කරලා තියාගන්න අවශ්‍ය කරන කූඤ්ඤයක් විදියටයි.
    මුල් කවියේ සන්දර්භය වුණ 'උතුරින් දකුණට' පසුකාලීනව 'දකුණින් උතුරට' විදියට වෙනස් වුණා.
    ප්‍රතාභා සම්පන්න කවියෙක් වගේම, පිළිවෙත් ගරුක මනුෂ්‍යයෙක් වූ දර්ශන පසුකාලීනව ඒ ගැන සිටියේ පසුතැවිල්ලෙන්.
     
    • Like
    Reactions: sbanurada

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඌරු වරිගේ වන්නිය;25047323 said:
    එහෙම විචාරයක් මේකේ එකෙක් දාල තිබ්බා..... හෙව්වා..... හෙව්වා ..... හම්බුනේ නැහැ.

    ඌ කියල තිබ්බේ ප්‍රේමයෙන් පැරදුනු තරුණයෙක් (දිවුල්ගනේ) විරහ දුක නිසා තබරුමේ බොද්දි, තලතුනා පිරිමියෙක් (කපුගේ) ප්‍රේමයේ දුක අමතක කරන්න සමලිංගික ඇසුරකට කරන අරාදනාවක් ලු මේ සින්දුවේ අර්ථයෙන් කියවෙන්නේ....කියලා.....
    ඕකේ තියෙන්න නැතිවුණු ප්‍රේමය ගැන කනගාටුවෙන් බොන එකෙක්ට වැඩිමල් කෙනෙක් දෙන උපදෙසක්නේ...:oo:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඕකේ තියෙන්න නැතිවුණු ප්‍රේමය ගැන කනගාටුවෙන් බොන එකෙක්ට වැඩිමල් කෙනෙක් දෙන උපදෙසක්නේ...:oo:

    ඒක තමයි ඇත්ත... ඒත් මේකේ හිටපු සමනලයෙක් අර විදියේ විචාරයක් දාල තිබ්බා....
     
    • Like
    Reactions: sbanurada