සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා...
Waterfall Hunting in Sabaragamuwa - සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා...
සබරගමුව - රටේ සුන්දරතම පළාතක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. මේ සුන්දර සබරගමුවේ හැංගිච්ච සොඳුරු ඉසව් ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඇසින් වසං වෙච්ච ඉතා සුන්දර දියඇලි ගණනාවක් සබරගමුවේ දක්නට පුළුවනි. රටේ ඉතිහාසයේ පමණක් නොවෙයි මානව ඉතිහාසයේත් සුවිශේෂ මංසලකුණු රාශියක් දක්නට ලැබෙන සොඳුරු සබරගමුවටයි මෙවර සොබාරූ චාරිකාව.
අපේ ප්‍රධානතම අරමුණ වුණේ ‘කැතිගහන ඇල්ල' හෙවත් 'ගලගම ඇල්ල' නැරඹීමයි. මිනිස් ඇසින් වහංව ගන කැලයක් මැද පිහිටි මෙම ඇල්ල ඉතා අප්‍රකට එකක්. තාමත් මිනිස් පහසින් ඉඳුල්ව නැති නිසාම මෙම ඇල්ලට ලඟාවිය හැකි ආකාරය පිළිබඳ මං සලකුණු මම මෙහි සටහන් කරන්නේ නෑ. සැබෑම සංචාරකයෙකුට පමණක් පෞද්ගලිකව මගෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
බෙලිහුල්ඔයගමනේ අපගේ පළමු නවාතැන වුණේ සුන්දර බෙලිහුල් ඔයයි. එහිදී උදෑසන ආහාරය ලබාගත් අපි පහන්තුඩාව ඇල්ල නරඹන්නට පිටත් වුණා. සංචාරකයන් අතර ඉතා ප්‍රකට ඇල්ලක් වන පහන්තුඩාව පිහිටා ඇත්තේ බෙලිහුල්ඔය නගරයට ඉතා ආසන්නයෙන්. පහසුවෙන් ළඟාවීමට ඇති හැකියාව නිසාම පහන්තුඩාව ඇල්ල අවට අප ගිය දිනයේත් බොහෝ රසකාමීන් රැඳී සිටියා.
පහන්තුඩාවබෙලිහුල්ඔයේ නිර්මාණයක් වන පහන්තුඩාව එතරම් විශාල ඇල්ලක් නොවෙයි. නමුත් එහි පාමුල ඇති අඳුරු ඉතා ගැඹුරු තටාකයත්, පහන් දැල්ලක හැඩය ගත් දිය දහරත්, වටේ ඇති විශාල ඛාදිත ගල් පර්වතත් මේ පරිසරයට අපූරු හා ගුප්ත හැඩයක් එකතු කරනවා.
පහන්තුඩාව ඇල්ල අවට පරිස්සමෙන් හැසිරෙන්නට වගබලා ගත යුතුයි. යාන්තම් පය ලිස්සා ගියහොත් ඇද වැටෙන්නේ පතුල සිතා ගන්නටත් නොහැකි ආගාධයකටයි.
අපි ඊළඟට ගමන් කළේ සමනල වැවේ බැම්ම නරඹන්නටයි. රටේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන මෙයින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන ධාරිතාව ගිගාවොට් 450ක්.
සමනල වැවඑහි බැම්මේ ඇති වී තිබෙන කාන්දුවක් නිසා අතිවිශාල ජලකඳක් පිටතට ගලා යනවා. නමුත් එය අපතේ යාමක් නොවන්නේ එමගින් පහළ කෘෂිකාර්මික ප්‍රදේශවලට දියවර සැපයෙන නිසා.
අපේ එදින නවාතැන්පොළ වුණේ හිරිකටුඔය පාරිසරික කඳවුරයි. බොහෝම සුන්දර කඳු නිම්නයක පිහිටා ඇති මෙම කඳවුර අසලින්ම හිරිකටුඔය සිලිසිලියේ ගලා බසිනවා.
කඳවුරේ දොරටුවසියලු මූලික පහසුකම්වලින් සමන්විත මෙම කඳවුරේ ආහාර පිළියෙළ කර ගැනීම සඳහා සේවක මහතුන් දෙදෙනෙකු සිටිනවා.
කඳවුරහිරිකටුඔයේ රිද්මික නාදයත්, රෑසියන් හා වෙනත් නිශාචර සතුන්ගේ නාද මැද හඳපානේ ගත කළ එම රාත්‍රිය අතිශයින් සුන්දර එකක්.
හිරිකටුඔයේ සිලිසිලියේ...පසුදා පාන්දරම අප ගමන් ආරම්භ කළේ අපේ අරමුණ ඉතා දුෂ්කර හා දුරබැහැරින් පිහිටා තිබුණු නිසා. අතරමග පරිසරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් අපි හෙමින් හෙමින් ඉදිරියට ගමන් කළා.
සුන්දර දසුන්...කඳු බෑවුමේ ඉහළට යත්ම අවර පරිසරය වඩාත්ම සුන්දර වෙන්නට පටන් ගත්තා. පහළ බෑවුමේ බොහෝ දුරට යනතුරු විහිදී තිබුණේ සශ්‍රීක සබරගමු නිම්නයයි.
පහළ සබරගමු නිම්නයසුන්දර සමනල වැව පමණක් නොවෙයි උඩවලවේ ජලාශයත්, හම්බන්තොට තෙක් පැතිරී ගිය තැනිතලාවත් මුහුදු මට්ටමේ සිට අඩි හාරදහසක පමණ ඉහළ සිට දැක ගන්නට අපට පුළුවන් කම ලැබුණා.
සමනළ වැව හා වලවේ නිම්නයක්රමයෙන් ඉහළ නැගි අප අතරමගදී ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයකට පිවිසියා. Baker's Bend නමින් ප්‍රකට මේ සුවිශේෂ වංගුව ඉතා සුන්දර පිහිටීමක්.
බේකර්ගේ වංගුව අතරමගදී දුටු කණගාටුදායක සිදුවීමක් තමයි මේ.
බ්ලූ ස්ටාර්...මේ සුන්දර පුෂ්පය අමිහිරි එකක් වන්නේ කෙසේදැයි ඔබට ගැටළුවක් ඇති වන්නට ඇති. මෙය පෙනුමෙන් කෙතරම් සුන්දර වුණත් දැඩි ආක්‍රමණශීලී ස්වභාවයක් පෙන්වන විදේශීය ශාකයක්. මා මීට පෙරත් මේ පිළිබඳ බ්ලොග් ලිපිවල සඳහන් කොට තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ Blue Star - (Aristea acklonii) නමින්. විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූ මෙය දැන් මේ වන විට සීමා මායිම් නොතකා සංවේදී පරිසර පද්ධතීන්හි පැතිර යනවා. මීට වසර හතරකට පමණ පෙර පට්ටිපොළ හෝටන් පිවිසුම් මග දෙපස දක්නට ලැබුණු මේ ශාකය දැන් හෝටන් තැන්නෙන් පහළටත් ගමන් අරඹා තිබෙනු දක්නට ලැබුණා.
වනය මැදින් දිගටමඑක්තරා සීමාවකදී මගින් බැහැරව වනාන්තරයට ඇතුළු වූ අපි අපේ ඉලක්කය සොයා ගියා. ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අරමුණට ළඟා වුවත් දිය ඇල්ලේ ජලය තිබුණේ ඉතාම ස්වල්පයයි.
වැහැරුණු සොඳුරියමේ එම ඇල්ලේම දිය පිරුණු සමයක පින්තූරයක්. ඡායාරූපයේ අයිතිය - කසුන් ලක්මාල් ප්‍රේමදාස
පිරුණු සුන්දරත්වය - කසුන් ලක්මාල් ප්‍රේමදාසගේ පින්තූරයක්
කෙසේ නමුත් අතිදුෂ්කර ගමනක් අවසානයේ අපි අපේ අරමුණ ජයගත්තා. මේ ඇල්ල ලොවින් සැඟවී ඇති එකක් නිසාම එහි නොඉඳුල් බව තාමත් සුරක්ෂිතව පවතිනවා. ඒ සුන්දරත්වය හැමකල්හිම රැකී පවතීවා යන්න අපගේ එකම අපේක්ෂාවයි.
(කැමරා උපකරණ සැපයූ සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බෝම පිං...)
සුපුරුදු පරිදි මගේ බ්ලොග් අඩවිය වන https://sobaroo.blogspot.com/ වෙතිනි.
Waterfall Hunting in Sabaragamuwa - සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා...
සබරගමුව - රටේ සුන්දරතම පළාතක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. මේ සුන්දර සබරගමුවේ හැංගිච්ච සොඳුරු ඉසව් ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඇසින් වසං වෙච්ච ඉතා සුන්දර දියඇලි ගණනාවක් සබරගමුවේ දක්නට පුළුවනි. රටේ ඉතිහාසයේ පමණක් නොවෙයි මානව ඉතිහාසයේත් සුවිශේෂ මංසලකුණු රාශියක් දක්නට ලැබෙන සොඳුරු සබරගමුවටයි මෙවර සොබාරූ චාරිකාව.
අපේ ප්‍රධානතම අරමුණ වුණේ ‘කැතිගහන ඇල්ල' හෙවත් 'ගලගම ඇල්ල' නැරඹීමයි. මිනිස් ඇසින් වහංව ගන කැලයක් මැද පිහිටි මෙම ඇල්ල ඉතා අප්‍රකට එකක්. තාමත් මිනිස් පහසින් ඉඳුල්ව නැති නිසාම මෙම ඇල්ලට ලඟාවිය හැකි ආකාරය පිළිබඳ මං සලකුණු මම මෙහි සටහන් කරන්නේ නෑ. සැබෑම සංචාරකයෙකුට පමණක් පෞද්ගලිකව මගෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
බෙලිහුල්ඔය
පහන්තුඩාව
පහන්තුඩාව ඇල්ල අවට පරිස්සමෙන් හැසිරෙන්නට වගබලා ගත යුතුයි. යාන්තම් පය ලිස්සා ගියහොත් ඇද වැටෙන්නේ පතුල සිතා ගන්නටත් නොහැකි ආගාධයකටයි.
අපි ඊළඟට ගමන් කළේ සමනල වැවේ බැම්ම නරඹන්නටයි. රටේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන මෙයින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන ධාරිතාව ගිගාවොට් 450ක්.
සමනල වැව
අපේ එදින නවාතැන්පොළ වුණේ හිරිකටුඔය පාරිසරික කඳවුරයි. බොහෝම සුන්දර කඳු නිම්නයක පිහිටා ඇති මෙම කඳවුර අසලින්ම හිරිකටුඔය සිලිසිලියේ ගලා බසිනවා.
කඳවුරේ දොරටුව
කඳවුර
හිරිකටුඔයේ සිලිසිලියේ...
සුන්දර දසුන්...
පහළ සබරගමු නිම්නය
සමනළ වැව හා වලවේ නිම්නය
බේකර්ගේ වංගුව
බ්ලූ ස්ටාර්...
වනය මැදින් දිගටම
වැහැරුණු සොඳුරිය
කෙසේ නමුත් අතිදුෂ්කර ගමනක් අවසානයේ අපි අපේ අරමුණ ජයගත්තා. මේ ඇල්ල ලොවින් සැඟවී ඇති එකක් නිසාම එහි නොඉඳුල් බව තාමත් සුරක්ෂිතව පවතිනවා. ඒ සුන්දරත්වය හැමකල්හිම රැකී පවතීවා යන්න අපගේ එකම අපේක්ෂාවයි.
(කැමරා උපකරණ සැපයූ සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බෝම පිං...)
සුපුරුදු පරිදි මගේ බ්ලොග් අඩවිය වන https://sobaroo.blogspot.com/ වෙතිනි.

This is how I saw the Bride 2 years before.....