සමන්තභද්‍ර හිමි සහ මනස්ඍෂ්ටික ප්රලාපතා&
සමන්තභද්‍ර හිමි සහ මනස්ඍෂ්ටික ප්‍රලාපතාව
කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයකි. මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වයි. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton Delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පැවසීමය. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසාය. ව්‍යාධික මුසාවාදය බොහෝ විටම හට ගන්නේ වයස අවුරුදු 16-18 වැනි තරුණ කාලයේදීය. කාන්තා පිරිමි දෙපිරිසටම හට ගත හැකි මේ මානසික ආබාධය ඇතැම් අවස්ථාවලදී වෙනත් කායික රෝගයක ලක්ෂණයක් ලෙසින්ද හට ගැනීමට ඉඩ තිබේ. අපස්මාරය, හිසට තදබල පහරක් වැදීම හෝ අනතුරක් සිදුවීමෙන් මොළයට හානි වීම, මොළයේ ඇතිවන ආසාදන වැනි රෝග තත්ත්වයන් මීට උදාහරණ වන අතර මෙහිදී ව්‍යාධික මුසාවාදය තත්ත්වය හට ගන්නේ එවැනි රෝගයකදී පසුකාලීනව ඇතිවන සංකූලතාවයක් ලෙසිනි.මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අසත්‍ය පැවසීමේ අවකාශය වැඩිය. නමුත් කලාතුරකින් එම පවසන දේවල්වල සත්‍යයේ ඡායා මාත්‍රයක්ද තිබිය හැකිය. ඒ කෙසේ වුවද මෙසේ පවසන්නේ රෝගියා විසින් සිතින් මවා ගන්නා ලද දේවල්ය. එහිදී අනෙක් අයගෙන් මීට යහපත් ප්‍රතිචාර ලැබේ නම් රෝගියා තමන් පවසන දෙයට තව තවත් බොරු ගොතා විස්තර කරන්නට පෙළඹෙනු ඇත. මෙවැනි අය රහතුන් ලෙස සලකමින් අනුගාමිකයන් එකතු වන අවස්ථාද තිබේ. ඒ ඔවුන් කියන බොරු විශ්වාස කිරීම නිසාය.ඕනෑම බොරුවක් පසු කලෙක හෙළි වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ අනුව තමන් කියන බොරුද හෙළිවී ලජ්ජාවට පත් වන්නට සිදුවූ විට ටික කලක් මේ රෝගීන් නිහඬව හිඳින්නට පුළුවන. නමුත් ඉන්පසු නැවතත් පෙර ලෙසම බොරු කියන්නට පෙළඹෙනු ඇත. ඉහත ද කී පරිදි මේ රෝගීන් බොරු කියන්නට පෙළඹෙන්නේ ලාභයක් හෝ වාසියක් තකා නොව ඔවුන් එසේ බොරු කීම තුළින් ආශ්වාදයක් ලබන නිසාය.මේ මානසික ආබාධයට බෙහෙවින් සමාන තවත් මානසික ආබාධයක් තිබේ. ඒ ව්‍යාජ මතක ආබාධයයි. (False memory syndrome)මේ අය තමන් සිතේ මවා ගත් දේවල් සත්‍ය බවට 100ක්ම විශ්වාස කරති. ඒ අනුව ඒවා සත්‍ය ලෙසට අනෙක් අයට පවසන්නටද පෙළඹෙති. එසේ වන්නේ එවැනි දෙයක් සත්‍ය වශයෙන්ම සිදුවූ බවට මතකයක් ඔවුන් තුළ තිබෙන නිසාය. නමුත් එය ව්‍යාජ මතකයකි. නමුදු එය ව්‍යාජ මතකයක් බව රෝගියා දන්නේ නැත.පෞරුෂත්වයේ විවිධ ඌනතාවයන් ඇති අයගේ ව්‍යාධික මුසාවාද රෝග තත්ත්වය බොහෝවිටම දැකිය හැකිය. සමාජ විරෝධී පෞරුෂත්වය (Anti social personality) ඇති අයගේද මෙම රෝග තත්ත්වය හට ගැනීමට අවකාශ ඇත. මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් මේ රෝග තත්ත්වය සුව කළ හැකි වුවත් රෝගියා ආවේගශීලී හැසිරීම් පළ කරන්නේ නම් ඖෂධ ප්රතිකාරද ලබා දීමට සිදුවිය හැකිය.
( උපුටා ගැනීමකි )

Last edited: