සමරිසි පෙම | Gay Love

Aug 21, 2012
23
4
0
35
සමරිසි පෙම | Gay Love

brokeback_mountain_xl_01.jpg


ෆෙස්බුක් මිතුරකු වන ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඉල්ලිමකට අනුව මෙය පල කරමි

Taboo Subjects අඩවිය සම්බන්ධයෙන් මට ඊ-හසුන් එන්නේ කලාතුරෙකිනි. මෑතකදී එසේ මා ලද එක් ඊ-හසුනක නඟා තිබූ ප්‍රශ්නයක් වූයේ මා මෙතෙක් සමරිසි පෙම (gay love) ගැන කතා නොකළේ මන්ද යන්නය. මෙය පොදු ප්‍රශ්නයක් විය හැකි හෙයින් මෙහි කෙටි පිළිතුරක් දිය යුතු යැයි සිතමි.

සමරිසි පෙම තවදුරටත් Taboo Subject එකක් විය යුතු යැයි මම නොසිතමි. අප ඒ ගැන විවෘතව කතා කළ හැකි යුගයකට අවතීර්ණ වෙමින් සිටිමු. වෙන මොන දේ සම්බන්ධව වික්ටෝරියානු අදහස් දැරුවද සමරිසි පෙම ගැන අපේ සමාජය වෙනත් බොහෝ ආසියානු සමාජයන්ට වඩා විවෘතය. සමරිසියකු වීම නිසා කෙනකු හෙළා දකින සිරිත වේගයෙන් අප’තුරින් වියැකී යමින් පවතී.

රනිල් වික්‍රමසිංහ 2005 නොවැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඡන්ද 4,706,366 ක් හෙවත් මුළු ඡන්ද ප්‍රමාණයෙන් 48% ලබා ගන්නේය. ඔහු ජනාධිපති නොවන්නේ ප්‍රතිපත්තිමය හේතූන් මතය. මංගල සමරවීර විදේශ, මාධ්‍ය කටයුතු, වරාය ඇතුළු වගකිවයුතු ඇමති ධුර ගණනාවක් දරන්නේය. උඩුවේ ධම්මාලෝක, කොලොන්නාවේ සුමංගල දෙදෙනාටම තවමත් බෞද්ධයින් යැයි කියන පිරිසෙන් වැඩි කොටසක් වඳිති, පුදති. දානේ වේලකින් වත් අඩුවක් නොකරති. ආතර් සී. ක්ලාක් දිවි ඇති තුරා ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ලැබුවේය. තමන් සමරිසියකු බව ප්‍රසිද්ධියේ පිළි ගන්නා ශ්‍යාම් සෙල්වදොරෙයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාකරුවකු ලෙස බුහුමන් ලබයි. මේ කිසිම කෙනකුට තමන්ගේ ලිංගිකත්ව නම්නීකරණය ශ්‍රී ලාංකීය සමාජයේ ජීවත් වීමට ප්‍රශ්නයක් වුනේ වත්, වන්නේ වත් නැත.

සම ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුද්දාගේ කාලයේ සිට තහනම් කොට ඇතත්, ශ්‍රී ලංකාවේ මෙම නීතිය යටතේ එකම පුද්ගලයකුට හෝ, දඬුවම් දී තියා නඩු පවරා වත් නැත. එසේ හෙයින් එවන් නීතියක් නැතැයි උපකල්පනය කිරීමද ලොකු වරදක් නොවන්නේය.

සමරිසි පෙම සම්බන්ධව මේ තරම් විවෘත භාවයක් දක්වන සමාජ ලොව ඇතොත් ඒ තවත් ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තය බඳු අතලොස්සක් විය යුතුය.

මේ නිසා සමරිසි පෙම ගැන දිගින් දිගට ලියා එය අනවශ්‍ය ලෙස Taboo Subject එකක් කිරීමේ උවමනාවක් නැත. අඩු තරමින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දෙකක වත් සමරිසි කව (gay circles) ඇති බව ඔහු දනී. තව වසර දහයකින් සමරිසි විවාහ (gay marriages) ශ්‍රී ලංකාවේ නීතිගත වී නම් ලේඛකයා ඒ ගැන පුදුම වන්නේද නැත. මේ සම්බන්ධයෙන් වත් අපේ සමාජයේ විවෘතභාවය ගැන ඔහු සතුටු වන්නේය
.


ඉතිරිය කියවන්න

http://taboosubjects-mirrored.blogspot.com/2013/12/gay-love.html