සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

    t_1246622856homosexual_thumb.jpg

    සමාජය තුළ විරුද්ධ ලිංගිකත්වය ඉතා දැඩි ලෙස මුල් බැස ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමලිංගිකත්වය යනු සමාජ විරෝධී ක්‍රියාවක්ය යන සමාජ ආකල්පය නිර්මාණය වීම නිතැතින් ම සිදු වූ අතර එහිදී සමලිංගිකත්වය සඳහා යොමු වූ පුද්ගලයන්ට වාචික දෝෂාරෝපණයන්ට මෙන්ම ශාරීරික වද බන්ධනයන්ට ද ලක් වීමට සිදු වූ බව සාහිත්‍ය මූලාශ්‍ර තහවුරු කරයි. මෙහිදී මුල් කාලීනව ජීව විද්‍යාත්මකව මානසික රෝගී තත්ත්වයක් වශයෙන් අර්ථ නිරූපණය කෙරුණු සමලිංගිකත්වය සමාජයෙන් කොන්වීමට බලපෑ ප්‍රබල සාධකයක් වූ නිසා එකී පුද්ගලයන් සමාජයෙන් සැඟවී, ස්වකීය සමලිංගික අනන්‍යතාව සඳවාගෙන සමාජය තුළ ජීවත් වීම සිදු විය. එකිනෙකට යාබදව පිහිටි නිවාස දෙකක ජීවත් වෙමින්, ස්වකීය සමලිංගික අනන්‍යතාව සඟවාගෙන සමාජයේ ජීවත් වූ, මුල් කාලීන සමලිංගිකයන්, ඔවුන්ගේ යාබද නිවසකට නව පදිංචිකරුවන් පැමිණිවිට, ඔවුන්ද සමලිංගිකයන්දැයි දැන ගන්නා තුරු බිය මුසු විමසිල්ලකින් පසු වූ බව ‘Homas’ ග්‍රන්ථයේ සඳහන් කරන Bersani (1995), එකී හැසිරීම තුළින්ම සමලිංගිකත්වය පිළිබඳ පැවති සෘණාත්මක සමාජ ආකල්පය තහවුරු කෙරුණු බව ප්‍රකාශ කරයි.

    කෙසේවුවත් පසුකාලීනව ස්ත්‍රීවාදී ව්‍යාපාර කළු ජාතික අරගල සමඟ සමලිංගික අයිතීන් උදෙසා අරගල ද බිහි වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි නගරවල සමලිංගිකයන් සැඟව සිටි ස්ථානයන්ගෙන් පිටතට’විත් සමාජය තුළ දෘශ්‍යමාන වීමක් සිදු විය. එමෙන්ම එතෙක් සමලිංගිකත්වය පිළිබඳ පැවති මනෝ විද්‍යාත්මක එළඹුම නව මාර්ගයක් කරා යොමු කරවමින්, 1973 දෙසැම්බර් 15 වන දින ඇමරිකානු මනෝ විද්‍යාත්මක සංගමය විසින් සමලිංගිකත්වය යනු තවදුරටත් මානසික ව්‍යාධිමය තත්ත්වයක් නොවන බව ප්‍රකාශ කරමින්, එතෙක් පැවති මානසික ව්‍යාධි ලැයිස්තුවෙන් මෙය ගලවා ඉවත් කිරීම, මීට බලපෑ තවත් ප්‍රබල සාධකයක් බව පෙන්වා දිය හැක. කෙසේ වුවද, මෙකී දීර්ඝ කාලීන අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් පළමුවෙන්ම නෙදර්ලන්තය තුළ සමලිංගික විවාහ 2001 දී නීතිගත කිරීම සිදු වූ අතර අද වන විට බෙල්ජියම, ‍ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය යනාදී රටවල් බොහෝ ගණනක මේ සඳහා නෛතික පිළිගැනීම ලැබී ඇත.

    එසේ වුවත්, තවමත්, තවත් බොහෝ රටවල ඒ පිළිබඳ සුබවාදී දෘශ්ටි කෝණයක් බිහිවී නොමැති අතර ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයෙහි 365 (අ) වගන්තිය ප්‍රකාරව ද සමලිංගිකත්වය අපරාධයක් ලෙස දක්වයි. එනම්, 365 (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයකු සමඟ තදබල අශෝභන ක්‍රියාවක් හෝ එබඳු ක්‍රියාවක් යම් පුරුෂයකු ලවා කරවන හෝ කරවීමට තැත් කරන පුරුෂයකු වරදකට වරදකාරයකු විය යුතුය…” යනුවෙන් “පුරුෂයන් අතර සිදුවන තදබල අශෝභන ක්‍රියා” ලෙස මෙකී චර්යාව අර්ථ නිරූපනය කරමින් එය අපරාධයක් වන බව අර්ථ දක්වා ඇත. එසේම මෙහිදී පුරුෂයන් අතර සිදුවන තදබල අශෝභන ක්‍රියා යන්න තුළ ස්ත්‍රී සමලිංගිකත්වය පිළිබඳ අර්ථ නිරූපණයක් සිදු නොවොණු අතර මේ නිසා 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මගින් මෙය “තැනැත්තියන් අතර සිදුවන තදබල අශෝභන ක්‍රියා” වශයෙන් සංශෝධනය කරමින් ශ්‍රී ලාංකික නීති ප්‍රකාරව පුරුෂ සාලිංගිකත්වය මෙන්ම ස්ත්‍රී සමලිංගිකත්වය ද දඬුවම් ලැබිය හැකි අපරාධයක් බව සනාථ කිරීම සිදු විය.

    මෙහිදී නීතියේ ස්වරූපය පිළිබඳ පවතින එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාද දෙක පිළිබඳ සැළකිලිමන් වීම වැදගත්ය. එනම්, සමාජ සංස්කෘතිය රඳවා ගනු ලබන්නේ සදාචාරය පිළිබඳ සාමූහික හැඟීම මඟින් වන නිසා සදාචාරය ආරක්ෂා නොකළහොත් සමාජය බිඳ වැටෙන බැවින් නීතියේ ප්‍රධාන කාර්යය රටේ සදාචාරය ආරක්ෂා කිරීම වන බව එක් මතයක් වන අතර අනෙක් මතය වනුයේ රටේ යථා පැවැත්ම සුරක්ෂණය කිරීම සහ අන් අයට සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා පමණක් නීති සාදනවා මිස සදාචාරය කෙරෙහි යොමු වී නීති නොසෑදිය යුතු වන බවයි. මෙහිදී, 1975 දී එංගලන්තය තුළ මෙකී දෙවන මතය අනුව යමින් නීති සම්පාදනය කොට ඇත්තේ, සමලිංගික වැරදි සහ ගණිකා වෘත්තිය පිළිබඳ වාර්තාව හෙවත් සාමාන්‍යයෙන් වොල්ෆෙන්ඩන් වාර්තාව ලෙස නම් කෙරෙන වාර්තාවෙහි, එකඟත්වයෙන් කටයුතු කරන වැඩිහිටියන් අතර වූ සමලිංගික ක්‍රියාවන් එම අවදියේ පැවති ඉංග්‍රීසි නීතිය යටතේ අපරාධයක් වූ නමුත් සමලිංගික ක්‍රියා වෙනත් අයට හානිකර නොවන නිසා සහ රටේ යථා පැවැත්ම කෙරෙහි බල නොපාන නිසා එවැනි ක්‍රියා තව දුරටත් වැරදි වශයෙන් නොසැළකිය යුතු යැයි නිර්දේශ කොට තිබුණි. ඒ අනුව පෞද්ගලික සදාචාරයට සහ දුරාචාරයට අයත් ක්ෂේත්‍රයක් තිබිය යුතු වන නමුත් මෙකී ක්ෂේත්‍රය නීතියට අයත් වැඩක් නොවන බවට කමි‍ටුව ඉදිරිපත් කළ මතවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් සමලිංගිකත්වය වරදක් ලෙස තිබූ නීතිය අහෝසි කිරීම සිදු විය. මේ අනුව අපට ප්‍රත්‍යක්ෂ වන කරුණ වනුයේ, සමාජ ආරක්ෂණයට බාධාවක් නොවන සමලිංගිකත්වය හුදෙක් පුද්ගලයාගේ ලිංගික දිශානතිය මත පදනම් වූ පෞද්ගලික ක්‍රියාවක් බවට මීට වසර පනස් දෙකකට පෙරාතුව බ්‍රිතාන්‍යයන් විසින් වටහා ගැනීමට සමත්ව තිබුණ ද ශ්‍රී ලාංකික නීති පද්ධතිය තුළ තවමත් සමලිංගිකත්වය යනු දඬුවම් ලැබිය හැකි අපරාධයක් වන බව වේ. ශ්‍රී ලංකාවේ මෙකී නෛතික පද්ධතිය තුළ පමණක් නොව සමාජ-සංස්කෘතික හර පද්ධතිය මඟින් ද, විරුද්ධ ලිංගිකත්වය සමාජයේ පැවැතිය යුතු එකම සහ නිවැරදිම ලිංගික දිශානතිය බව තහවරු කරමින්, එකී ලිංගික දිශානතිය සමාජය පිළිගත් ආකාරයට විවාහය හා පවුල යන සංස්ථා මඟින් පමණක් ඉ‍ටු කර ගැනීමට අපේක්ෂා කිරීම, මේ ආකාරයට සමලිංගික ප්‍රජාව නෛතිකව පමණක් නොව සමාජයීය වශයෙන් ද බහිෂ්කරණය වීමට බලපා ඇති ප්‍රබල සාධකයක් වන බව මෙහිදී හඳුවා ගැනීම වැදගත් වේ.

    කෙසේ වුවත්, පුරුෂයකු තවත් පුරුෂයකු වෙත ද, ස්ත්‍රියක තවත් ස්ත්‍රියක වෙත ද, ප්‍රේමාන්විතව, ශෘංගාරාත්මකව මෙන්ම භාවාත්මකව ආකර්ෂණය වීම සමලිංගිකත්වය ලෙස හඳුන්වා දිය හැකි අතර එය හුදෙක් පුද්ගල ලිංගික දිශානතිය මත පදනම්ව සැකැසුණු අතිශය පෞද්ගලික චර්යාවක් බවත්, එමඟින් සමාජයීය ජීවිතයට කිසිඳු බාධාවක් එල්ල නොවන බවත්, ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පැහැදිලිව අවබෝධ කොට ගෙන, ශ්‍රී ලාංකික නීති පද්ධතිය තුළ මෙකී සමලිංගික අනන්‍යතාව සඳහා වඩා සුබවාදී ඉදිරි පියවරක් ළඟා කර දීමේ අවශ්‍යතාව වටහා ගැනීම වැදගත් වේ.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :no::no::no::no::no::dull::dull:

    ඔන්න කොල්ලෙක් ආසාවට බලන්නේ නැති කෙල්ලන්ට
    කෙල්ලක් ආසවට බලන්නේ නැති කොල්ලන්ට නම් හොදයි
    නැති කමට
    නැතිනම් ලංකාවට ගැලපෙන්නේ නැහැ:dull::dull:
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    :no::no::no::no::no::dull::dull:

    ඔන්න කොල්ලෙක් ආසාවට බලන්නේ නැති කෙල්ලන්ට
    කෙල්ලක් ආසවට බලන්නේ නැති කොල්ලන්ට නම් හොදයි
    නැති කමට
    නැතිනම් ලංකාවට ගැලපෙන්නේ නැහැ:dull::dull:
    :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙසේ වුවත්, පුරුෂයකු තවත් පුරුෂයකු වෙත ද, ස්ත්‍රියක තවත් ස්ත්‍රියක වෙත ද, ප්‍රේමාන්විතව, ශෘංගාරාත්මකව මෙන්ම භාවාත්මකව ආකර්ෂණය වීම සමලිංගිකත්වය ලෙස හඳුන්වා දිය හැකි අතර එය හුදෙක් පුද්ගල ලිංගික දිශානතිය මත පදනම්ව සැකැසුණු අතිශය පෞද්ගලික චර්යාවක් බවත්, එමඟින් සමාජයීය ජීවිතයට කිසිඳු බාධාවක් එල්ල නොවන බවත්, ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පැහැදිලිව අවබෝධ කොට ගෙන, ශ්‍රී ලාංකික නීති පද්ධතිය තුළ මෙකී සමලිංගික අනන්‍යතාව සඳහා වඩා සුබවාදී ඉදිරි පියවරක් ළඟා කර දීමේ අවශ්‍යතාව වටහා ගැනීම වැදගත් වේ.
    Agreed. The local laws needs to be amended.
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    adoOoo ada yakoOo kollekutaii kellekutaii ath allan pare yanna berii rate Ponslata mona thanakda ban onna ohe nikan hitahan ban :P :P :P :P ..... .
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම මේ දෙස තවත් සුභ වාදීව බැලිය යුතුමයි.
    සමලිංගිකයින්ගෙන් තවත් අයට හිරිහැරයක් නොවන නිසාවෙන් එය වැරද්දක් ලෙස සිතිය හැකිද.
    ඒත් අපේ රටවල් වැනි සදාචර්ම වලින් පෝෂණය වූ රටක මෙවැන්නකට ඉඩ දිය හැකිද යන්නත් ප්‍රශ්නයක්...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇත්තටම මේ දෙස තවත් සුභ වාදීව බැලිය යුතුමයි.
    සමලිංගිකයින්ගෙන් තවත් අයට හිරිහැරයක් නොවන නිසාවෙන් එය වැරද්දක් ලෙස සිතිය හැකිද.
    ඒත් අපේ රටවල් වැනි සදාචර්ම වලින් පෝෂණය වූ රටක මෙවැන්නකට ඉඩ දිය හැකිද යන්නත් ප්‍රශ්නයක්...

    සොරි මචන් මෙහෙම කිව්වට.....අපේ රටේ මාරු සදාචාරෙන් පෝෂණය වූ රටක් නේ.කෙල්ලෙක් ට හවස පාරේ බැහැල යන්න බැරි රටක් බන් මේක :(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇත්තටම මේ දෙස තවත් සුභ වාදීව බැලිය යුතුමයි.
    සමලිංගිකයින්ගෙන් තවත් අයට හිරිහැරයක් නොවන නිසාවෙන් එය වැරද්දක් ලෙස සිතිය හැකිද.
    ඒත් අපේ රටවල් වැනි සදාචර්ම වලින් පෝෂණය වූ රටක මෙවැන්නකට ඉඩ දිය හැකිද යන්නත් ප්‍රශ්නයක්...

    :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්තටම මේ දෙස තවත් සුභ වාදීව බැලිය යුතුමයි.
    සමලිංගිකයින්ගෙන් තවත් අයට හිරිහැරයක් නොවන නිසාවෙන් එය වැරද්දක් ලෙස සිතිය හැකිද.
    ඒත් අපේ රටවල් වැනි සදාචර්ම වලින් පෝෂණය වූ රටක මෙවැන්නකට ඉඩ දිය හැකිද යන්නත් ප්‍රශ්නයක්...
    සදාචර්ම ??
    :oo: :confused:
     
    Similar threads