සමලිංගික කොල්ලො

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    අන්තර්ජාලයේ දැන්වීම් පළකර සමලිංගික සේවනය සඳහා කැමැති පුද්ගලයන් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට ගෙන්වා නිරුවත් කර ඒවා වීඩියෝගත කර අන්තර් ජාලයට මුදාහරින බවට බිය ගන්වා ලක්ෂ ගණනින් කප්පම් ලබා ගන්නා පස් දෙනකුගේ කල්ලියේ සාමාජිකයන් හතර දෙනකු එලෙස ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මූදලක් ද සමඟ 18 වන දින අත්තිඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරුවන් රත්මලාන, බොරුපන, ගල්කිස්ස, සොයිසාපුර වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සහ 24 අතර පසුවන වැදගත් පවුල් පසුබිම් ඇති පරිගණක පිළිබඳව දැනුම් ඇති ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බවට මූලික විමර්ශන අනුව හෙළිවී ඇතැයි පොලීසිය කියයි .
    මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සම්බන්ධීකරණ කටයුතු කරන අය පරිගණක විද්‍යාව පිළිබඳව ඉහළ අධ්‍යාපනයක් ලැබූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින අයකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඔහු සොයා පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලීසිය පැවසීය. මේ සඳහා අසුවන පුද්ගලයන් බොහෝමයක් තම මුදලත් නැති කර එම තොරතුරු සමාජයට, නීවාසවලට අනාවරණය වේයැයි සැකය මත පොලීසිය වෙත පැමිණිලි නොකර මග හැර ඇති බවත් හෙළිවී ඇති අතර, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස 28 ක පුද්ගලයකු මෙම දැන්වීමට අනුව කතා බහ කරගෙන රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවීමෙන් පසු එම පුද්ගලයන් තමා රැවටූ බවට පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේ දී එම ප්‍රධානියා මෙම ජාවාරම මෙහෙයවමින් සැඟව සිටින බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.
    මෙම ජාවාරම කරගෙන යාම සඳහා එක් සාමාජිකයකුට අයත් ගල්කිස්ස රාහුල පාර ප්‍රදේශයේ නිවසක් රුපියල් විසි දහසක මුදලක් ගෙවමින් ලබාගෙන
    ගෙහිමියන් දිවා කාලයේ රැකියා සඳහා පිටව ගිය පසු දැන්වීම්වලට අනුව තරුණයන් කතාකර දිවා කාලයේ නිවසට ගෙන්වාගෙන මෙහි සිටින පිරිමි ළමයා සමග සමලිංගික සේවනයේ යෙදෙන ලෙස බලකරමින් පහර දී නිරුවත්කර වීඩියෝගත කරන අතර ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර මෙලෙස ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම සිදුකර ඇති බවත් පොලීසිය කියයි. මේ සඳහා මේ ආකාරයට රැවටිලි වලට හසූ වූ වෛද්‍යවරු, ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන්, ඇතුළු වැදගත් පුද්ගලයන් විශාල ප්‍රමාණයකට මෙලෙස බලපෑම් කර ලක්ෂ දෙක සිට හතහමාර වැනි මුදල් ලබාගෙන ඇතත් ලැජ්ජාව නිසා පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බවටත් හෙළිවී ඇතැයි පොලීසිය කියයි.
    එච්.එම්. ධර්මපාල
     
    • Like
    Reactions: Naughtykolla48

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    වෛද්‍යවරු, ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන්, ඇතුළු වැදගත් පුද්ගලයන් විශාල ප්‍රමාණයකට මෙලෙස බලපෑම් කර ලක්ෂ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    වෛද්‍යවරු, ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන්, ඇතුළු වැදගත් පුද්ගලයන් විශාල ප්‍රමාණයකට මෙලෙස බලපෑම් කර ලක්ෂ
    වැදගත් උන් කොල්ලො ගහන සීන් එකක් තියෙන්නෙ.. වෙලාවට වැදගත් එකෙක් නොවුනෙ :baffled:
     

    Similar threads