සමලිංගික සේවනයේ යෙදෙන්නන් විවාහකර දෙන්න
සමලිංගික සේවනයේ යෙදෙන්නන් විවාහකර දෙන්න එපා
විවාහය යනු ජීවිතයේ තීරණාත්මක කඩ ඉමකි.තම ජීවිත කාලයටම ජීවිකාව ගෙනයාම සඳහා සුදුසු සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ දී බුද්ධිමත් මෙන්ම ඉවසිලිවන්තවද කටයුතු කළ යුතුයි. සමහර පවුල් දෙස බැලීමේදී විවාහයෙන් පසු ඇතිවන තත්ත්ව එතරම් සොඳුරු නොවේ. විවාහයෙන් පසු එක් වහළක් යට දරුවන් ලැබ සතුටින් ජීවත්වන්නට පෙරුම් පිරූ ජීවිතවල සියලු බලාපොරොත්තු සුන්කරනුයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරිනි.
විවාහයේදී ලිංගික සබඳතා ඉතාම වැදගත් තැනක් ගන්නවා. නවයොවුන් වියේදී විවාහදිවියට ඇතුළත් වන අයගේ ජීවිතයේ ප්‍රධාන තැනක් ලිංගික ජීවිතයට වෙන් කෙරෙනවා.
නමුත් මේ ලිංගික දිවිය අමිහිරි කරන සිදුවීම්ද අපට අසන්නට ලැබෙනවා. බොහෝ විට සහකරුවාගේ හෝ සහකාරියගේ දුර්වලතා නිසාත් මේ තත්ත්වය දැකිය හැකියි.
විවිධ රෝගී තත්ත්ව නිසා විවාහ ජීවිතය අවුල් කෙරන අවස්ථා අපි දැක ඇත්තෙමු. කොසේ වුවත් රෝගී තත්ත්වයක් නොවන සමාජ ගැටලුවක්ව පවතින සමලිංගික සේවනය ද බොහෝ විවාහ ජීවිත අවුල්කරන තත්ත්වයට මේ වන විට පත්ව ඇත.
විවාහ දිවියට සමලිංගික සේවනයේ ඇති බලපෑම සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
සමලිංගික තත්ත්වය විවාහදිවියට ඉතාම තදින් බලපානවා. සමලිංගික සේවනයේ යෙදෙන විරුද්ධ ලිංගික ආකර්ශනයක් නොමැති අය විවාහ ජීවිතයට පිවිසි පසු විවාහ ජීවිතය කඩාකප්පල්වීම නොවැළැක්විය හැකියි.
ලිංගික සබඳතා කොටස් කීපයකට බෙදෙනවා. විශේෂිත විෂම ලිංගික අය විරුද්ධ ලිංගික ඇසුර පමණක්ම බලාපොරොත්තු වන අයයි. විශේෂිත සමලිංගික අය සමාන ලිංගිකයන්ම පමණක් ඇසුරු කරනවා. ප්‍රධානම විෂම ලිංගිකයන් කලාතුරකින් සමලිංගික නැඹුරුවක් තිබෙනවා. ප්‍රධානම විෂම ලිංගිකයන් කලාතුරකින් සමලිංගික නැඹුරුවක් ඇති අය ලෙසත් ප්‍රධානම විෂම ලිංගික අය ඇතැම් විට සමලිංගික සේවනයේද යෙදෙනවා.
ඒ වගේම සම ප්‍රමාණයෙන් විෂම ලිංගික හා සමලිංගික අයත් ප්‍රධානම සමලිංගික කලාතුරකින් විෂම ලිංගික අයත් ප්‍රධානම සමලිංගික ඇතැම් විට විෂම ලිංගික අයත් සිටිනවා.
මේ අතරින් විශේෂිත සමලිංගික කොටසට අයත් අයගේ විවාහ ජීවිතය මුල් කාලයේ සිටම අසාර්ථක වෙනවා.
සමලිංගික පිරිස් විවිධ හේතුන් නිසා විවාහ දිවියට පිවිසෙනවා.
විශේෂයෙන් තමන්ගේ සමාජ තත්ත්වය ආරක්ෂා කර ගන්නට විවාහ ජීවිතයට පිවිසෙන අය සිටිනවා. එමෙන්ම තමන්ගේ අකමැත්තෙන් මවුපියන්ගේ හෝ වෙනත් අයගේ බල කිරීම නිසා විවාහ දිවියට පිවිසෙන අයත් සිටිනවා.
මෙහිදී තම දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳව නොදන්නා මවුපියන් තම දරුවාට විවාහයට බල කරන අවස්ථා මෙන්ම දරුවා සමලිංගික බව දැන දැනත් දරුවාව ඉන් ගලවා ගැනීම සඳහා විවාහ වන ලෙසට බලකරන අයත් සිටිනවා. නමුත් මෙහි විපාකය වන්නේ ඔහු හෝ ඇය සමඟ සම්බන්ධ වන අනික් පාර්ශවය බලවත් පීඩාවකට පත්වීමයි.
බොහෝ විට සමලිංගික ඇසුරක් පවතින බව දැන දැනත් තම දරුවාට විවාහ යෝජනා ගෙනවිත් තම දරුවාගේත් තවත් දරුවෙකුගේත් ජීවිතය විනාශ කරන මවුපියන්ද සිටිනවා.
සමලිංගික සේවනයේ යෙදෙන දරුවෙකු ඉන් මුදා ගැනීමට නම්, විවාහයට පෙර නිවැරදි උපදේශනය මඟින් දරුවා ඉන් මුදා ගැනීමට උත්සාහගත යුතුයි. එසේ නොමැතිව විවාහයෙන් පසු දරුවා පුනරුත්ථාපනය කළ නොහැකියි. දැනට ඇති තොරතුරුවලට අනුව විවාහයෙන් පසු සමලිංගික ඇසුරින් ඉවත් වූවන් ගැන තොරතුරු දක්නට ලැබෙන්නේ නැහැ.
සමලිංගික ඇසුරක් ඇති කෙනෙක් විවාහයට පෙර නිවැරදි පැත්තට ගෙනයාම ඉතාම වැදගත්. මවුපියන් සිතන්නේ නම් තම දරුවා විවාහයෙන් පසු මේ වැරදි කි‍්‍රයාවෙන් ඉවත්වෙයි කියා එය සිදුනොවන්නක්. මේ නිසා විවාහයට පෙර තම දරුවා නිවැරදි කළයුතු වෙනවා. එසේ නොවුණහොත් දරුවාගේ විවාහ ජීවිතය ඉතාම අසාර්ථක තත්ත්වයට පත්වෙනවා.
නිවැරදි උපදේශනය හරහා සමලිංගික සේවනයේ යෙදෙන කොටස් නිවැරැදි කළ හැකියි. මේ තත්ත්වයෙන් මිදෙන්න කැමැත්ත ඇත්නම් එය ඉතාම පහසු වෙනවා.
මේ අයගේ මනසේ තිබෙන අඩුපාඩු සකසා මානසික වෙනසකට ලක් කිරීම හරහා නිවැරදි මඟට ගැනීමේ හැකියාව තිබෙනවා.
මේ සඳහා ඖෂධමය ප්‍රතිකාර නැහැ. නමුත් මේ අයගේ මනස සකස් කිරීම සඳහා ඉතාම කෙටි කාලයකට ඖෂධ ලබාදිය හැකියි.
විවාහයේදී ආදරය, සෙනෙහස, සැලකීම, ගෞරවය මෙන්ම ලිංගික තෘප්තියද බලාපොරොත්තු වෙනවා. මේවා නොලැබීම නිසා පීඩාවට පත්වෙන අය සාමාන්‍ය විවාහවලදීත් අපට හමු වෙනවා. නමුත් සමලිංගිකයන් සමඟ විවාහ වන අයට මේ කිසිවක් නොලැබීම හරහා ඇතිවෙන පීඩනය විශාලයි. මේ නිසා ඇතිවෙන සමාජ ගැටලු ඉතාම බැරෑරුම් වෙනවා. සමලිංගිකයන් සමඟ විවාහ වූ අයගේ ජීවිතවල අසහනය වැඩියි. මේ නිසා වෙනත් ක්‍රම මඟින් අවශ්‍ය දෑ ලබා ගැනීමට යාමේදී සමාජය බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
විවාහයේ දී මානසික අවශ්‍යතා මෙන්ම කායික අවශ්‍යතාද සපුරා ගත යුතුයි. මානසික අවශ්‍යතා අතර ආදරය, සෙනෙහස මෙන්ම පි‍්‍රය වචනයනද වැදගත් වෙනවා. කායික අවශ්‍යතාවයේදී ස්පර්ශය මෙන්ම නිවැරදි ලිංගික සතුටද අවශ්‍ය වෙනවා. ලිංගික සබඳතාව ඉතාම හොඳ ගණුදෙනුවක්. මේ තත්ත්වය යහපත් පවුල්වල හොඳ සෞඛ්‍ය තත්ත්වයක් මෙන්ම යහපත් පරිසරයක් ද පවත්වා ගැනීමට හේතු වී තිබෙනවා.
මේ ගණුදෙනුව ඉතාම හොඳ මට්ටමින් පවත්වාගෙන යාම ඉතාම අසීරුයි. සමලිංගික නොවන අයගේ විවාහවලදීත් ඉතා හොඳ ජීවිතයක් ගත කරන්නේ උපරිම වසර 2 ක් වැනි කෙටි කාලයක් පමණයි. ඉන්පසු වරින් වර ඕනෑම පවුලක විවිධ සිද්ධීන් සිදුවෙනවා.
මේ ආකාරයෙන් බලද්දී සමලිංගික අයෙක් සමඟ විවාහ වන කෙනෙකුගේ ජීවිතය කෙතරම් නීරස වන්නේදැයි සිතාගත හැකියි.
විවාහ ජීවිතයට ඇතුළත් වෙද්දී තිබෙන බලාපොරොත්තු වයසට යාමත් සමඟ ඉවත් වන්නේ නැහැ. විශේෂයෙන්ම ලිංගිකත්වයට වයසක් නැහැ. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම පවතිනවා. නමුත් සමලිංගික සේවනයේ යෙදෙන්නෙකුට තම බිරිඳ හෝ ස්වාමියා සතුටු කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන්ගේ මනසේ ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයේ සතුටක් මේ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතාම කෙටි කාලයකින්ම අසාර්ථක වෙනවා.
විශේෂයෙන් විවාහයෙන් නොලැබෙන දේ වෙනත් තැන්වලින් ලබා ගන්නට යාම නිසා සමාජ ගැටලු රැසක් ඇති වෙනවා. මා හමුවට පැමිණි එක්තරා යුවතියක් තම ස්වාමියා සමලිංගික සේවනයේ යෙදෙන්නෙකු බව හඳුනාගෙන ඇත්තේ විවාහයෙන් පසුවයි. ඇය විවාහ ජීවිතයේදී බලාපොරොත්තු වූ ලිංගික ආස්වාදය ඇයට නොලැබීම නිසා ඇය නිතර ගමන් බිමන් යන ත්‍රීරෝද රථ රියදුරෙකු සමඟ සබඳකමක් ඇතිකර ගෙන තිබුණා. මේ යුවතිය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියා අනියම් සබඳතාව නිසා තමාට සමාජ රෝග වැළඳී ඇත්ද යන්නත් විවාහ ජීවිතයට පිවිසෙත්දී තිබූ බලාපොරොත්තු සුන් වී යාමත් මේ අතර ප්‍රධාන තැනක් ගත්තා.
ඒ වගේම මා හමුවට පැමිණි තරුණ මවක් කියූ කතාව ඉතාම සංවේදී කතාවක්.
උත්පලාගේ විවාහය සිදුවන්නේ මවුපියන්ගේ කැමැත්ත අනුවයි. මවුපියන්ගේ ඇවිටිලි නිසාම උත්පලා කිසිදිනෙක දැක නැති සංජීව සමඟ විවාහ ගිවිස ගත්තා.
සංජීව සමලිංගික සේවනයට ඇබ්බැහි වූවෙකු බව සංජීවගේ ගෙදර අය දැන සිටියත් උත්පලා සංජීවව නිවැරදි මඟට ගනීවියැයි ඔවුන් සිතුවා.
සංජීවගේ නිවසට නිතර නිතර නාඳුනන තරුණයන් පැමිණීම සාමාන්‍ය දෙයක් වුණා. මේ තත්ත්වය උත්පලා එතරම් ගණනකට ගත්තේ නැහැ.
විවාහයෙන් වසර කීපයක් ගතවත්දී විවිධ ගැටලු පැන නැඟුණා. නමුත් උත්පලා දරුවෙකු බලාපොරොත්තුවෙන් සියල්ල ඉවසා සිටියාහ. උත්පලාගේ පැතුම් ඉටුකරමින් සංජීවට දාව උත්පලාට පිරිමි දරුවෙකු ලැබුණා.
මේ දරුවා දිනෙන් දින උස් මහත් වෙත්දී උත්පලාට ලොකු සතුටක් දැනුණා. නමුත් මේ සතුට ක්ෂණයකින් බියගෙන දෙන ආරංචියක් බවට පත් වුණේ උත්පලා සංජීවගේ පොත් මේසය අස්පස් කරත්දී දුටු දර්ශනයයි. සංජීවගේ පොත්වල පිටු අතර වැඩි වශයෙන් දක්නට ලැබුණේ නිවසට නිතර යන එන උත්පලා නොදන්නා තරුණයින්ගේ ඡායාරූපයි.
මේ ගැන උත්පලා සංජීවගෙන් විමසුවත් පිළිතුරක් වෙනුවට උත්පලාට ලැබුණේ නිහැඬියාව පමණයි.
උත්පලා සංජීව සමඟ රණ්ඩු කළා. බොහෝම ආදරයෙන් සෙනෙහසින් සංජීවට කරුණු පහදා දුන්නා. ඒත් දිනෙන් දින උත්පලා හා දරුවා නිවසේ කොන්වන්නට පටන් ගත්තා.
නිවසට නිතර යන එන පිරිමින්ගෙන් තම දරුවා රැක ගන්නට උත්පලාට මහත් වෙහෙසක් ගන්නට සිදුවුණා. අඩුම තරමින් තම අසනීපයකට බෙහෙත් ටිකක් ගන්නවත් සංජීව ළඟ දරුවා නතර කර යන්නට උත්පලා බිය වුණා. දරුවාට පියාගේ සෙනෙහසද අහිමි වුණා.
සමලිංගික අය සමඟ විවාහ වන කාන්තාවන් බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා.
මේ ගැටලු සමාජ ගතවද්දී සමාජයම රෝගී වෙනවා.
එම රෝගී තත්ත්ව සමාජ රෝග වශයෙනුත් විවිධ මානසික රෝග වශයෙනුත් පිටතට පැමිණෙනවා. මේ නිසා සමලිංගික පිරිස් නිවැරදි මාවතට ගැනීම වැදගත් වෙනවා.
source