සමහරු අහනවා ඇයි මම මෙච්චර ධර්මය ශෙයා කරන්නෙ කියල ?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සමහරු අහනවා ඇයි මම මෙච්චර ධර්මය ශෙයා කරන්නෙ කියල ?

    මනුස්සයෙක් වෙලා ඉපදුන මම මේ ලෝකෙට ආවෙ හිස් අතින්, මම ඒ ලැබුන මනුස්ස ජීවිතයෙ ගොඩක් වටිනා දේවල් ලැබුනා, තුන් ලෝකයේම අග්‍රම ශාස්තෲන් වහන්සේ, සම්බුද්ධ ශාසනය, බුදු කෙනෙකුගේ ධර්මය ඇහෙන පරිසරය, සිංහල ජාතියේ උපත. මේ මිනිස් ජීවිතයේ වටිනාකම මම ඉගෙනගත්තේ කල්‍යාන මිත්‍රයින් නිසා.

    තව කෙනෙක්ට දකින්න දර්මය පෝස්ට් කරනවා කියන්නෙ ධර්ම දානයක්, සියලු දාන අතරේ අග්‍රම දානය ධර්ම දනයයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා, ඉතින් මම ඒක ශ්‍රද්ධාවෙන් අදහාගත්තා,

    ඉතින් මම මට පුලුවන් හැම වෙලාවකම පොතපත ඇසුරෙන් මම දැනගත්ත දහම් කරුණුත් ෆේස්බුක් එකේ මම දකින සමහර වැදගත් වෙයි කියලා මට හිතෙන ධර්ම කරුණුත් උපුටගෙන ශෙයා කරනවා, ධර්ම දානයක් වශයෙන්,

    ඒ ධර්ම දානය දෙන එක පිනක්, ඒකෙන් මට සසරෙන් නිදහස් වෙන්න කුසල් රැස්වෙයි, මට දවසක ධර්මය අවබෝධ වෙන්නත් මේ පින් උපකාර වෙයි කියලා හිතනවා,

    මම සර්ව සම්පූර්ණ කෙනෙක් නම් නෙවෙයි, මමත් ඔයාල වගේම සාමාන්‍ය මනුස්සයෙක්, මගේ වැරදි අඩුපාඩු ගොඩක් ඇති, මනුස්සයෙක් විදියට, ඒවා නිවැරැදි කරගන්න අවංකවම මම උත්සාහ කරනවා,

    පුලුවන් හැම වෙලාවකම අනික් අයට සවන්දීලා මගේ අඩුපාඩු නිවැරැදි කරගන්න මම කැමතියි මොකද තමන්ගේ අඩුපාඩු තමන්ට වඩා පේන්නේ බාහිරින් බලන අයට නිසා.

    ඒවගේම මම දන්න කාලේ ඉඳන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම හැමතිස්සෙම ඉගෙනගන්න කැමති කෙනෙක්, මට මං ගැනත් ගොඩාක් දේවල් ඉගෙනගන්න ලැබුනා

    ඉතින් ටිකෙන් ටික මට පුලුවන් විදියට මම මගේ වැරදි, අඩුපාඩු මම හදාගන්නවා, දවසක සියලු වරදින් නිදහස් වෙන මාර්ගයට අව්තීර්ණ වෙන සෝතාපන්න ඵලය සාක්ශාත් කරගන්න ලැබේවා කියලත් මම පිනක් කරන හැම වෙලාවකම ප්‍රාර්ථනා කරනවා..

    මෙහෙම වටිනා මනුස්ස උපතක් මට ලැබුනේත් සමහරවිට කල්ප ගානකින් වෙන්න ඇති, ඒ කල්ප ගානකින් ලැබුන මනුස්ස ජීවිතය නිකරුනේ අවසන් වෙලා ගියොත්, මේ පින ගෙවිල ගියොත්, සමහරවිට ආයේ "බුද්ධ" කියන වචනයවත් ඇහෙන්නෙ නැතිව මේ සසරේ අති දීර්ඝ කාලයක් දුක් විඳ විඳ යන්න වෙයි.

    මේක කියවන ඔයාලත් මේ දුර්ලභව ලැබුන මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, මේ අවස්ථාව අපතේ යවාගන්න එපා, නැවත මේ වගේ ධර්මය ඇහෙන අවස්ථාවක් නොලැබෙන්න පුලුවන්,

    එනිසා වීර්‍ය කරන්න, ධර්මය අහන්න, මතක තබාගන්න, වචනයෙන් පුරුදු කරන්න, නුවණින් මෙනෙහි කරන්න, දැක්ම පිරිසිදුකරගන්න, සම්මාදිඨ්ටියට එන්න. ඉපදි ඉපදී, මැරිමැරී යන මේ සන්සාරෙන් නිදහස් වෙන්න,

    වජිර බුද්ධික

    තෙරුවණ් සරණයි , නමෝබුද්ධාය.. 🙏
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    Screenshot-20231029-213846-You-Tube.jpg
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔක මගේ POST එකක නෙමේ, වෙන කෙනෙක්ගේ post එකක් මම share කලේ.
    copy rights තියෙන්නේ ඔනි නිසා නම මෑකුවේ නෑහ
    Oyage nama wajirada ethakota??
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    උඹ ශෙයා කරපන් වජිර, කවුරු හරි කේස් ඇද්දොත් මට කියන්න. කිරියෙ ඕනෙම කෙනෙක්ට ඉන්න අයිතියක් තියෙනව නමුත් ප්‍රයිමෙරලි මේක පින්බිමක්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේකේ ඉන්න කුරුසයෝ , හඩු දෙමල්ලු මොනා කිව්වත් වැඩේ නවත්තන්න එපා..උන්ට මේක ලියලා දීලා නැහැනේ.. .
     

    Similar threads