සමහර තැන්වල හැමදාම ඉන්න නම් ඉක්මනට එතැනින් යන්න වෙනවා

Rum_rum

Active member
  • Dec 3, 2019
    197
    224
    43
    මේ කතාව මුලින්ම කිව්වෙ මගෙත් එක්ක කාලයක් එකට වැඩ කරපු මිත්‍රයෙක් එයා ඔෆිස් එකෙන් ඉවත් වෙලා යන දවසෙ තිබුණු පුංචි සමුගැනීමේ සාදයක දී. අවුරුදු ගාණකට කලින් අහපු ඒ කතාව කොයි තරම් ඇත්තද කියලා මට හරියට ම තේරුම් ගියේ ඊට හුඟ කාලෙකට පස්සෙ.
    මට එහෙම හැමදාම ඉන්න ඕනෙ තැන් කිහිපයක් තියනවා. නුවර වැව රවුම ළඟ හෙවණ ඇති ඇති තැනක වගේ ම පොද වැස්සක් වහින වෙලාවට පේරාදෙණියෙ ගලහ හන්දිය ගාවත් මට හැමදාම ඉන්නෙ ඕනෙ.
    සැරට හුළඟ හමන අන්ධකාර රාත්‍රියක ගාලු කොටු පවුර උඩ ඉඳන් ජීවිතයේ හරි ගිය, වැරදුණ තැන් විනිශ්චය කිරීමකින් තොරව ස්මරණය කරන්න පුළුවන් මොහොතක මට හැමදාම ඉන්න ඕනෙ.
    හැන්දෑව සහ රාත්‍රිය අතර සීමා ඉර කොතැන ද කියලා තීරණය කරන්න බැරි වෙලාවක බේරෙ වැව අයිනේ පෙරහැර මාවතේ ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න මිනිස්සු දිහා කොෆී ෂොප් එකක උඩ තට්ටුවෙ ඉඳන් බලන් ඉන්න මොහොතක මට හැමදාම ඉන්න ඕනෙ.
    පාරේ වැඩිය සෙනග නැති දාක බොරැල්ලෙන් රාජගිරිය පැත්තට හරවලා ගමනාන්තයක් නැතුව ඉස්සරහට යන වාහන එළියක වගේ ම සෙනසුරාදා රෑක නවත්තන්න ඉඩක් හොයමින් ගෝල්ෆේස් එක පහුවෙලා යනකල් පාරේ කරක් ගහන වාහනයක් ඇතුළෙ නොදැනී ම එකට බැඳිලා තියන අත් දෙකක් ළඟත් මට දිගට ම පවතින්න ඕනෙ.
    මේ වගේ අපට ඉක්මනට එන්න සිද්ධ වුණු හුඟක් තැන්වල අපි තාම ඉන්නවා. ඒ වගේ ම එහෙම ඉන්න ඕනෙ තරම් හේතුත් තියනවා.
    මිනිස්සු බැඳීම් සහ ගැටීම් හදාගන්නෙ මිනිස්සු එක්ක මිසක් ස්ථාන එක්ක නෙවෙයි කියලා කාලයත් එක්ක මම ඉගෙන ගෙන තියනවා. මේ නිසා ම ස්ථාන එක්ක හදාගන්න මතක පුද්ගලයන් එක්ක හදාගන්න මතකවලට වඩා ප්‍රබලයි. නොහිතන වෙලාවක මේ "ස්ථාන" පහු කරලා යනකොට, එහෙම නැත්නම් අහම්බෙන් දකින කොට ඒ මතක ආපහු මොහොතකට හරි පණ ලබනවා. ඒ වෙනකොට ඒ මතකවලට අදාළ පුද්ගල චරිත අපේ හිත් ඇතුළෙ ම ඉපදිලා, පැවතිලා, මැරිලා ගිහින් හුඟක් කල් වෙන්නත් පුළුවන්.
    ඒ නිසා හුඟක් කල් පවතින්න ඕනෙ හුඟක් තැන්වලින් ඉක්මනින් පිට වෙන එක වඩා තාර්කිකයි කියලා දැන් මං හිතනවා.
    -
    Copied from රසික ජයකොඩි - Facebook
    01-11-2020
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    file-20180703-116135-13dik4i.jpg
     
    • Haha
    Reactions: Rum_rum

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තැනක තියෙන ලස්සනට බැදෙන්නේ හිතක ලස්සනක් තියෙන මිනිස්සු විතරයි
     
    • Wow
    Reactions: Rum_rum