සමහර නිළියෝ අජූතයි! කුජීතයි! අජාතයි!! පජාතය&#3

shanbay

Member
Jun 6, 2011
51
5
0
Piliyandala
සමහර නිළියෝ අජූතයි! කුජීතයි! අජාතයි!! පජාතය&#3

Mawbima News Paper. Young Magazine.

අපේ රටේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් නිළියෝ හොඳයි. ටිකක් නිළියෝ නරකයි... මම මේ කියන දේ නිසා හොඳ නිළියන්ට හිනා යයි. නරක නිළියන්ට තරහා යයි.



ඔන්න මම ඇඟ බේරගෙනම අද Colombo 7 ලියන්න පටන් ගත්තා. සමහරුන්ට සෙක්ස් කියලා කිව්වොත් එක පාරටම මතක් වෙන්නේ නිළියන්ව. සමහරුන්ට ගණිකාවෝ කියලා කිව්වොත් එකපාරටම මතක් වෙන්නෙත් නිළියන්ව. ඇයි එහෙම වෙන්නේ. අපේ රටේ ඉන්න නිළියෝ එච්චරටම අජූතයිද? එච්චරටම කුජීතයිද? එච්චරටම අජාතයිද? එච්චරටම පජාතයිද? එච්චරටම කුසීතයිද? අනේ මන්දා. සමහර නිළියෝ ඉහළට එන්නේ මහන්සි වෙලා. තවත් නිළියෝ ඉහළට එන්නේ හාන්සි වෙලා. මහන්සි වීම සහ හාන්සි වීම කියන වචන දෙකේ තියෙන්නේ අකුරු දෙක තුනක පොඩි වෙනසක් වුණාට ප්‍රායෝගිකව ගත්තොත් හසන්ත මහත්තයෝ මේක කරටි කැඩිලා මුල ගැලවෙනකම් බොන්න තරම් වෙනසක් මේ දෙකේ තියෙනවා. මේ හාන්සිවීම ඇතුළේ තමයි හසන්ත මහත්තයෝ ආසියාවේ ආශ්චර්ය හැංගිලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අද ෆීල්ඩ් එකට එන කෙල්ලෝ ලබන මාසේ කාර්වලින් යන්නේ.



මචං. මම නිළියක්ව කසාද බඳිනවා කියලා කිව්වොත් මගේ අම්මා ඒකට කැමැති වෙයිද. නිළියක්ව කසාද බඳින්න මගේ තාත්තා මට ඉඩ දෙයිද. මම නිළියක්ව කසාද බැන්‍ෙදාත් මගේ නෑදෑයෝ මට මොනා කියයිද. මම නිළියක්ව කසාද බඳිනවා කියලා කිව්වොත් උඹලා මොකද හිතන්නේ. මේක ජාතික ප්‍රශ්නයක්. බහුජාතික ආඛ්‍යානයක්. සංකීර්ණ පරාල ඇණයක්. මේවට උත්තර හොයන්න ගිහිල්ලා උණ්ඩුකපුච්ඡය පිපිරිලා විතරක් නවතින්නේ නෑ. අන්තිමේදී මේක නවතින්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා. දැන් එතකොට කොල්ලෙකුට නිළියක්ව කසාද බඳින්න බැරිද!! ඒත් මෙතැන පොඩි අවුලක් තියෙනවා. පැල්ලම් නැත්නම් ඉගෙනීමකුත් නෑ කියලා ඇඩ් එකක් ටීවී එකේ ගියා මතක ඇතිනේ. එහෙම බැලුවොත් අපේ නිළියෝ සෑහෙන ඉගෙනීමක් ලබලා තියෙනවා. මොනා වුණත් ආදරණීය දුවේ පුතේ, අද කාලේ නිළියෝ කළු පැල්ලම්වලට අමතරව නිල්, කහ, ඉන්ඩිගෝ, රතු, දම්, තැඹිලි, කෙසෙල්, රඹුටං, ආනමාලු, පාවට්ටා වගේ එකී මෙකී නොකී සකලවිධ වර්ණයන්ගෙන් යුත් පැල්ලම් තමන්ගේ චරිතයේ ගාගෙන තියෙනවා.



මේ වගේ පැල්ලම් ගාගෙන සෙල්ලම් - ලෙල්ලම් කර ගන්නවට අමතරව නිළියන් අතර මාර කැපිලිත් තියෙනවා. ඒවා තමයි මාරම ආතල්. එක නිළියක් තවත් නිළියකට චෝදනා කරනවා අරකි ගණිකාවක් කියලා. ඒ චෝදනාව ලබපු නිළිය චෝදනාව කරපු නිළියට එරෙහිව නඩු දානවා. මේක දැන් මාරම මාර කෙළියක් වෙලා. කෙළි හැත්තෑවයි. ප්‍රශ්නේ හරිම සංකීර්ණයි. හොඳ නිළියොත් ඉන්නවලු. නරක නිළියොත් ඉන්නවලු. Colombo 7 සංස්කෘතිය ඇතුළේ නිළියන් සල්ලි හොයන්නේ ඇඟ විකුණලා කියලා සමහරු කියනවා. ඒත් මට නම් ඒකට ඇසින් දුටු සාක්ෂි නෑ. ඒත් හැම එකාම කියන්නේ ලංකාවේ බහුතරයක් නිළියෝ ගණිකාවෝ බවට පත්වෙලා කියලා. ගණිකාවෝ නිළියෝ වෙනවද? නිළියෝ ගණිකාවෝ වෙනවද? කියලා තවත් ප්‍රශ්නයක් කියනවා. සිරකරුවන්ද මනුෂ්‍යයෝ වේ කියලා තමයි වැලිකඩ බන්ධනාගාර තාප්පේ ගහලා තියෙන්නේ. ඔව්. සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යයෙක් තමයි. එතකොට ඒ තර්කෙට අනුව බැලුවොත් සෑම නිළියක්ම ගණිකාවක්ද? සෑම ගණිකාවක්ම නිළියක්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයනවා කියන්නේ ලංකාවේ අය - වැය පරතරය පියවලා, ජාතික සාර්ව ආර්ථිකය ගොඩනඟනවා වගේ වැඩක්. නිළි ගණිකා ප්‍රශ්නය ගැන උත්තරයක් හොයන්නත් කමිටුවක් පත්කරන්නකෝ!!! පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වගේ එකක් පත්කරලා මේ ගණිකාවන් සහ නිළියන් ගැන වාර්තාවක් රටට ඉදිරිපත් කරන්න? කෝ. ඒ වාර්තාව හරියට මහ බැංකු වාර්තාව වගේ තියෙයි. එතකොට හොඳ නිළියෝ කවුද? නරක නිළියෝ කවුද කියලා බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒක හොඳ නිළියන්ගේ චරිතයටත් හොඳයි. නරක නිළියන්ගේ බිස්නස්වලටත් හොඳයි. ඊට අමතරව අපිටත් හොඳයි. මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න තේරීම් කාරක සභාවක් පත්කරනවානම් ඒකට හරියන අය ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා.



ගොඩක් නිළියෝ නිල වශයෙන් හෝ නිල නොවන විදියට විවිධ වර්ගයේ ගණිකා සේවයන් සපයනවා කියලා එක එක කතා තියෙනවනේ.
ඔන්න ඉතිං ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ සිප්පිකටු ඇහිඳපු, මුහුදු වැල්ලේ ගොයම් පාගපු, කඳු මුදුන්වල නෙලුම්, මානෙල් මල් නෙළපු සාමාන්‍ය කෙල්ලෙක් කොහොම හරි ඇඩ් එකක හරි ටෙලිඩ්‍රාමා එකකට හරි රිංග ගන්නවා. ගමේ ගොඩේ කෙල්ලෙක් විතරක් නෙවෙයි Colombo 7 සංස්කෘතිය ඇතුළේ මල්වර වෙච්ච, ඒ මල් ටික ජනසතු වෙච්ච කෙල්ලෙක්ටත් මේ සිද්ධාන්තය පොදුයි. ඔන්න ඉතිං ඉස්සෙල්ලා කිව්වා වගේ කෙල්ල පළමුවැනි පාරට ටී.වී. එකෙන් රටටම මූණ පෙන්නනවා. ඔන්න ඉතිං ඒ කෙල්ලට පොඩි තැනක් ලැබෙනවා. ඔන්න ඉතිං යාළුවෝ අතර නෑදෑයෝ අතර මේ කෙල්ල මාර කෙල්ලෙක් බවට පත්වෙනවා. ඔන්න ඉතිං අර ටීවී එකේ දකිනකොට තිබ්බ ලස්සන සාමාන්‍ය ජීවිතේදී ඒ කෙල්ලගේ මූණේ නෑ. මොකද ඉතිං ටීවී එකේ මූණ පෙන්නන්න ඉස්සෙල්ලා මේකප් දානවනේ. සාමාන්‍ය ජීවිතේදී මේකප් නෑනේ මස්සිනා. ටීවී එකේ මේකප් දාලා ඉන්න නිසා ලස්සනයි. සාමාන්‍ය ජීවිතේදී නම් පට්ට කැතයි කියලා කවුරු හරි ඒ කෙල්ලට කිව්වොත් ඒ කෙල්ලගේ හෘද වස්තුවේ උතුර - දකුණ මාරු වෙනවනේ. ඒ නිසා මේ කෙල්ල සාමාන්‍ය ජීවිතේදීත් අර ටීවී එකේ දකින විදියට තමන්ගේ රැස් විහිදෙන තත්ත්වය සහ පෙනුම පවත්වාගෙන යන්න මාරාන්තික උත්සාහයක යෙදෙනවා.



ඔන්න ඉතිං මේ කෙල්ල දැන් ටික ටික නිළියක්. මෝස්තර නිරූපිකාවක් බවට පත්වෙනවා. දැන් මේ කෙල්ලට මේකප් නැතුව ටොයිලට් එකකටවත් යන්න බෑ. නිදාගන්න යන්නෙත් මේකප් කරලා. ඒ මදිවට බස්වල යන්නත් බෑ. බස් එකක යන එක නිළියට මදිකමක්. බස්වල ගියොත් තමන්ගේ රැස් විහිදෙන තත්ත්වය පවත්වාගෙන යන්න අමාරුයි කියලා ඒ නිළියන් හිතනවා. ඒ විතරක් නෙවෙයි එකම ඇඳුම දෙපාරක් අඳින්න බෑ. එකම සපත්තු දෙපාරක් දාන්න බෑ. එකම ආභරණය දෙපාරක් දාන්න බෑ. අර නිළියකට තියෙන්නේ අර ඇඳුම විතරයි ඵයලා කවුරුහරි කියයි කියලා නිළියන් පට්ට බයයි. ඒ නිසා එක තැනකට ඇන්ද ඇඳුමක් ආයිත් අඳින්නේ නෑ.' නිළියෝ කෙසේ වෙතත් කෙල්ලො ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ නිළියොත් ඉතිං කෙල්ලොනේ. අනේ ඉතිං මේ නිළි කෙල්ලෝ තමන්ගේ රැස් විහිදෙන රාජකීයත්වය පවත්වාගෙන යන්න එක එක දේවල් කරනවා. ඒ දේවල්වලට මාර සල්ලියක් වියදම් වෙනවා. බරපතළ විදියට ෂොපිං කරනවා. ස්වර්ණාභරණවලටත් පට්ට ගාණක් යනවා. රඟපාලා හම්බවෙන සල්ලිවලින් මේ හැමදේම කරන්න බෑ. ෂොපිං කරන්නයි, කැබ්වල යන්නයි, තමන්ගේ රැස්විහිදෙන තත්ත්වය ලෝකෙට පෙන්නන්නයි, මාසෙකට රුපියල් 80,000ක් ලක්ෂයක් විතර යනවා. ඒත් රඟපාලා හම්බවෙන්නේ 15,000යි.



ඔන්න ඉතිං මේ අය - වැය පරතරය පියවගන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා. ඔන්න ඉතිං මේ අය - වැය පරතරය පියවගන්න හිතාගෙන අනුග්‍රාහකයෙක්ව හොයා ගන්නවා. නියම වැඩේ කියන්නේ ඕන තරම් අනුග්‍රාහකයොත් ඉන්නවා. ඒ අනුග්‍රාහකයෝ මේ නිළියන්ව ෂොපිං එක්කගෙන යනවා. ක්ලබ් එක්කගෙන යනවා. සපත්තු, ස්වර්ණාභරණ, ඇඳුම්, යට ඇඳුම්, හනිමුන් කිට් වගේ හැම දෙයක්ම හිටු කියලා අරං දෙනවා. වාහන, ගෙවල් වගේ දේවලුත් මේ නිළියන්ට අර අනුග්‍රාහකයන්ගෙන් ලැබෙනවා. හැබැයි මේ නිළියට අර අනුග්‍රාහකයත් එක්ක නිදා ගන්න වෙනවා. එතකොට ඉතිං එකම ඇඳුම දෙපාරක් අඳින්න බෑ වගේ එකම සපත්තු දෙපාරක් දාන්න බෑ. ඔන්න ඉතිං අර අනුග්‍රාහකයා මේ නිළියව ලිංගිකව පාවිච්චි කරනවා. තමන්ගේ භාර්යාවන්ගෙන් ගන්න බැරි ආතල් ඔක්කොම මේ නිළියගෙන් ගන්නවා. නිළියත් සල්ලිවලට ඔක්කොම දෙනවා. හිටපු ගමන් අනුග්‍රාහකයා හෝ නිළිය ඒකමතිකව හෝ ද්විපාර්ශ්විකව අනුග්‍රාහක ගිවිසුම කඩකරනවා. එතකොට අර නිළියගේ රැස් විහිදෙන තත්ත්වය පවත්වා ගන්න ඕන කරන සල්ලි එන මාර්ගය හිරවෙනවා. එකපාරටම නිළිය අනාථ වෙනවා. මොන පිස්සුද!! එහෙම අනාථ වෙන්න නිළියෝ කැමැති නෑ. ඒ නිසා තව අනුග්‍රාහකයෙක් ළඟට ඒ නිළිය යනවා. ඔය විදිහට නිළියෝ අනුග්‍රාහකත්වයන් හොයාගෙන යනවා. ඔන්න ඕකයි මගේ නිගමනය.



මේ වගේ නිළියෝ කවුද කියලා දැන ගන්න උඹලත් කට ඇරගෙන කෙළ හලාගෙන බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. බය වෙන්න එපා!! මේ සතිය ඇතුළත ඒ වගේ අනුග්‍රාහකයොත් එක්ක ප්ලග් වෙච්ච නිළියෝ 'මව්බිම'ට කෝල් කරලා බනී. මටත් බනී. නඩුත් දායි. මට උසාවි යන්නත් වෙයි. අපිට බැනපු ඒ නිළියන්ගේ නම් අපි යං එකේ දාන්නම්. එතකොට උඹලට හිතා ගන්න පුළුවන්නේ කවුද ඒ නිළියෝ කියලා. හැබැයි හොඳ නිළියොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා!! Colombo 7 ලියන එක නවත්වන්න කියලා උසාවි වාරණ නියෝගයක් නිකුත් වුණේ නැත්නම් ලබන සතියෙත් Colombo 7 වලින් සෙට් වෙමු.
නිළියන් සැමදා සොඳුරුයි.



ලක්මිණ රණසිංහ
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ලොකු ලිපියක් උනත් ඔක්කොම කියෙව්ව. පට්ටෙට ලියල තියෙනව..