සමහර විට මේ කථාව අහලත් ඇති.

Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
nn


පිටසක්වල ජීවීන් දෙදෙනෙක් ගම්බද ප්‍රදේශයකට ගොඩ බැස්සේ ය. රාත්‍රී අඳුර ඔවුනට බාදාවක් වූ නිසා එකෙකු මෙසේ විමසුවේ ය.
“අපි කොහාට ද ඇවිත් තියෙන්නේ ?”
“මට හිතෙන්නේ සොහොන් පිටියකට !”
“එහෙම කියන්නේ කොහොම ද ?”
“මෙතැන තියෙන සොහොන් කොතේ 108 ක් සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ මිනිහා අවුරුදු 108 ක් ජීවත් වෙලා තියෙනවා.”
“මොකක් ද මිනිහාගෙ නම ?”
“කොළඹ සිට සැතපුම්”


........................................................

විශ්වවිද්‍යාලයක නව ගොඩනැගිල්ල “හෙමිංග්වේ ශාලාව” ලෙස නම් කර තිබෙනු දුටු එක්තරා දාර්ශනික ශිෂ්‍යයෙක් සතුට ට පත් ව තවකෙකුගෙන් මෙසේ විමසී ය.
“නියමයි! මේ ගොඩනැගිල්ල අර්නස්ට් හෙමිංග්වේ නමින් ද නම් කරලා තියෙන්නේ ?”
“නෑ. ඇත්තටම එය නම් කලේ ජොසුවා හෙමිංග්වේ නමින්”
“එයත් ලේඛකයෙක් ද ?”
“ඔව්. එයා ලොකු චෙක් එකක් අපි වෙනුවෙන් ලිව්වා
.

........................................................
 
Last edited: