සම්පත් බැංකුවෙ වෙන්දේසි ගෝරිය

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද වෙලා තියෙන්නෙ ඇත්තටම? අර වෙන්දේසියට කවුරුවත් ආවෙ නෑ කිව්වම එකෙක් කියන්නෙ අපි හිටිය කියලා. එතකොට මොකද අරූ නෑ කිව්වෙ?

    අනික කවුරුවත් නැත්තං වෙන්දේසිය කරන්න පුලුවන්ද?

    Baudda Banku Gori

    උබත් අතාරින්නෙ නෑ නේද කිසි එකක් 🤭
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    Can a bank officer talk to the media like that exposing the client's name?

    Whats the role of the Police here, with facilitating the auction as the bank officers do not have to deal with the apparent harassment?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,096
    113
    බැංකු කවදාවත් අවට ගියාට ඔය වගේ වැඩ කරන්නෑ.. බැංකුවකට ගේ උගස් කලත් උන් බලනවා පත්තීරු අරන් ආපස්සට අවුරුදු බර ගානක්. ඒවගේ නීතිමය තත්වය බලනවා. බැංකු නය දෙන්නේ ගෙදරින් ගෙනල්ලා නෙමේ. බැංකු නය දෙන්නේ මහජනතාවගේ සල්ලි. එයාලා ඒකට වග කියනවා. හැම රුපියලකටම. එහෙම නැතිවුනොත් බැංකු පද්දතියම කඩා වැටෙනවා..බැංකුවට වෙච්ච පාඩුව අයකරගන්න වෙන්දේසි දානවා..සරලයි..ඒක නොදැන ණය ගත්තා කියලා කියන්න බැහැනේ.

    බැංකුව නිවැරදි විදියට නිත්‍යානුකූලව මේක කරන්න හදන්නේ. අර කට්ටිය ඒකට බාදා කරනවා. හරිනම් නීතියානුකූලව අර නිලදාරියා කිව්වා වගේ බැංකුවට විරුද්ධව උසාවි යන්න පුලුවන්. නීති සහය පතන්න පුලුවන්. ඒකයි හරි විදිය

    මෙහෙම කෑගහගෙන යන එකේ කිසි තේරුමක් නෑ. තමන්ගේ දේපල බැංකුව වෙන්දේසි කරන කොට ඇති වන වේදනාව මේ මිනිස්සුන්ගේ සාධාරණයි. ඒකට ඉතින් බැංකු නිලධාරින් මක් කරන්නද .

    හොද පාඩම්,මේවා...ලොවෙත් උගස් කරන්න එපා කිසිම දේපලක් ගෙවන්න බැරිනම්