සම්පූර්ණ Virtual Wedding Shoot එකක් තව කොච්චර දුරද? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,726
    10,736
    113
    මම මේ කියන්නෙ මට නිකන් හිතුණ දෙයක්. උඹලා හැමෝම දන්නවනෙ Gen Z එකේ බඳින උන් පවා දැන් මහ ලොකුවට wedding ගන් නෑ. කාලා බීලා පොඩි අ‍ාතල් එකක් අ‍රන් සාමාන්‍ය විදිහට චාරිත්‍ර කරල නිකන් ඉන්නවා, නැත්තම් එ‍්කත් නෑ අත්සන් කරල බැඳලා, පවුලෙ අයට වගේ පොඩි පාටියක් දීලා shape වෙනවා.

    තාම 98 ට කලින් උන් තමයි සල්ලි ලොකුවට නාස්ති කරල වෙඩින් ගන්නෙ. නැත්තම් show boating කරන්න අ‍ාස අ‍ැත්තටම සල්ලි තියෙන ඩයල්. උන් අවුලක් නෑනෙ. ලොකුවට ණය වෙවී කරන එකයි ප්‍රශ්නෙ. එ‍්ක නැති එක මරු. (මතක තියා ගන්න ඕන exceptions is not the rule. Rule එකට ගැළපෙන් නැති exception තියෙන්න පුළුවන්.)

    හැබැයි ගොඩක් අය දැන් වෙද්දි wedding shoot ලොකුවට නොකළත් පොඩියට හරි shoots කරන්න හිතනවා, නැත්තම් අඩු ගාණෙ ඔය app එකක් දිග අ‍ැරන් photo දෙක දාල පින්තූර ටිකක් හරි හදා ගන්නවා. ඔය වැඩ කරලා දෙන බුවාලා, Group එහෙමත් දැන් gig level එකටම අ‍ැවිත්නෙ තියෙන්නෙ.

    ඉතින් මට මේ කල්පනා වුණේ කාලෙත් එක්ක සම්පූර්ණ virtual shoot ටිකක් කරන්න තව කොච්චර කල් යයිද කියලා. දැනටත් photos නම් මහන්සි වෙන්න පුළුවන් නම් එකපාරට දැක්කට හිතා ගන්න බැරි තරම් හොඳට හදා ගන්න පුළුවන්නෙ. හැබැයි තාම එ‍්ක case by case.

    එ‍් වෙනුවට අර දඩාර studio වලින් කරනවා වගේ facial mapping පාරක් එහෙම දාගෙන, ඕනම location එකක virtual shoot එකක් එහෙම කරන්න පුළුවන් වෙන්න තව ගොඩක් කල් යයිද බං? සාමාන්‍ය accessibility එකක් එක්ක. (අද කාලෙ ගත්තොත් හොඳ drone shoot එකක් වගේ. වියදම් තමයි, හැබැයි මහා ලොකු ගාණක්මත් නෙවෙයිනෙ. අන්න එ‍් ගාණට පුළුවන් වෙන්න කොච්චර කල් යයිද?)

    හෙලිකොප්ටර් අරන් තඩි කැමරා උස්සන් කරපු arial shoot අද FPV එකක් දාගෙන පොඩි එකෙක්ට වුණත් ගන්න පුළුවන්නෙ. ඉතින් තමන්ගෙ කොහොමත් තියෙන කැත යන්ඩ මේකප් තට්ටු උලාගෙන, බඩවල් උස්සගෙන, අ‍ැඳුම් accessories අරන් හෝ ණයට අරන්, වෙනමම location ගාණෙ ගිහින් පව් දිදී කරන විහිලුව මේක තාත්විකව virtually කරන්න පුළුවන් වුණා නම් නිකම්ම නැති වෙලා යයිනෙ නේද.

    උඹල හිතන් නැද්ද මේ දශකෙ යන්ඩ කලින් ඕක වෙලා තියෙයි කියලා? 🤔
     

    Similar threads