සම්බුද්ධත්ව ජයන්ති වෙසඟේ බොරුව - කිරි ගොව&#353

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සම්බුද්ධත්ව ජයන්ති වෙසඟේ බොරුව - කිරි ගොව&#353

    අද ඉරිදා සිළුමිණ කෑගසනා ආකාරයට "සියලුම පාසල් ළමයින් සඳහා නොමිලේ කිරි වීදුරුව බැගින් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ". හොඳම කෑල්ල වන්නේ "අවධානය යොමුවී තිබේ..." යන්නයි.

    කිරිපිටි ගෑස් පාන්පිටි වැඩිවීමෙන් ජනතාවට සම්බුද්ධත්ව ජයන්තියේදී කණට ගැසූ පාණ්ඩුව සැමදාම මෙන් මෙදාපාරද රැවටෙන මෝඩ ජහමනයාව අන්දවා ගැනීමට මේ විජ්ජාව අටවා ඇත. දැන් ඉතින් ළමාලපටි උදේට කිරි ඉල්ලනවිට "ඉස්කෝලේ ගිහින් බීපල්ලා..." යනුවෙන් කියන්නට අම්මලා අප්පලාට පුලුවන. නොමිලේ කිරි නිසා කවදාවක් ඉස්කෝලේ එන්නෙනැති එවුනුත් ඉස්කෝලේ එන්නට පටන් ගනු ඇත.

    පල් බොරුව ගැන තවදුරත් විස්තර කරන, රජයේ බොරු නිළවශයෙන් ප්‍රකාස කිරීමට අවසර ඇති වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපතිතුමාගේ අදහසක් මත මෙසේ එම කිරි රජය මඟින් මිලට ගෙන පාසල් ළමයින්ට ලබාදීමට තීරණය කළ බවත් පැවැසීය.

    ඒඅනුව මේ වෙසක් පොහෝදින කියු බොරුව උපාසක මහින්ද රාජපක්ශ ජනපතිගේ බොරුවකි. කිසිදා ඉටු නොවන ඔය බොරුවට මාද්දිය වැඩබලන ලක්ස්මන් යාපාට හෝ හරක් බලාගන්නා තොන්ඩාමාන් ඇමතියාට හෝ ඉස්කෝල බලාගන්නට දීඇති ටියුශන් සර්ට බැන වැඩක් නැත.

    ජනපති උපාසකතුමාට මීට කලියෙන් පහලවුනු දිණමිනේ, සිළුමිණේ බැනර් හෙඩින් පලවුනු "සංකළ්පණා" හෙවත් ඉටු නොවුනු බොරු තිස්තුන් කෝටියෙන් දෙකක් පමණක් සලකා බලමු.

    -එක-

    "ගැබිණි මවුවරුන්ට පෝශණ මල්ලකුත්, පාසැල් දරුවන්ට කිරිවීදුරුවකු දෙමි" - ඇහින්දා චින්තන Version 1.0


    මේ ඉස් ඉස්සෙලාම ජනාදිපති වෙන්ටත් කලියෙන් ඇදපු බොරුවකි. මේ බොරු ලනුව කා බඩත් උස්සාගෙන මහින්ද අයියා ජනපති කොට බඩේ ඉන්නා එකා පෝෂණය කරගන්නට බඩු මල්ලකුත්, බඩේ ඉන්නා එකා එලියට ආවාම ඌට දෙන්න නොමිලේ කිරිත් ලබාගන්නට පෝලිමේ ගිහින් චන්දේ දැමූ ගැබ්බර අම්මලාගේ ළමයි දැන් ඒ ලෙවල් විබාගෙද කොරලා ප්‍රතිපලද නන්නතාර කරගෙන ඇති නමුත් තමත් පෝසන මල්ල නැත.

    මහින්ද අයියා දින්නට පස්සේ "දැන් ඉතින් තව එකෙක් හදමු අනේ උන ගමන් පෝසණ මල්ල ලැබෙනවනේ .." කියාගෙන උඩපැන ගෙන රටේ ජනගහනය වැඩි කරන්නට දායක වුනු අයගේ ළමයිනුත් ඕ ලැවල් වත් කොරලා ඇතැයි සිතිය හැකිය. පෝසන මල්ල නොමිලේ ගන්නට තව ලමයි හදපු එවුන් දැන් සිහිකරන්නේ කාගේ මෑණියන්දයි සිතාගත නොහැකිමුත් ඒ උපාසකතුමාගේ මෑණියන් වන්නට බැරිය. ඒ එදා උපාසක අයියාට රැවටුනු උන් තවමත් අතිගරු උපාසකතුමාට රැවටෙන බැවිනි.

    -දෙක-

    "ධීවර ප්‍රොජාවට භූමිතෙල් සහනාධාර "- ඇහින්දා චින්තන Version 2012.0


    සහනාධාරය ලැබෙනවාදැයි මීගොං වැල්ලට ගිහින් ධීවර ප්‍රොජාවෙන් අහලා දැන ගත හැකිය. නැතිනම් ධීවර ප්‍රොජාවට රජයේ ලනුව ගිල්ලන්නට සාධාරණ මිලකට කොන්තරත්තුවලබාගෙන ප්‍රොජාව රැවටූ පාදිලියන්ගෙන් අසාදැන ගත හැකිය.