සම්මාන වලින් අපට හදාදෙන උගත්තු හා ප‍්‍රජා
සම්මාන වලින් අපට හදාදෙන උගත්තු හා ප‍්‍රජා නායකයින්
Written by ලංකාපුර Saturday, 26 September 2009 16:23 Top Änka News සැප්තැම්බර් 26
"මං තෙරේසා මවුතුමියගේ ඡයාරූපයක් කාර්‍යාලයේ තියාගෙන ඉන්නව. හැම දිනයකම එය ඉදිරියේ විනාඩි 30 ඒ දෙස බලාගෙන ඉන්නව. එතුමිය මාව ආකාර්ශනය කරගෙනයි ඉන්නෙ " තෙරේසා මවුතුමිය හෙවත් මදර් තෙරේසාගේ 12 වෙනි සමරු උළෙලට සහභාගි වු සර්වෝදය ව්‍යාපාරයේ නායක ඒ. ටී. ආරියරත්න කීවේ යයි කතෝලික වෙබ් අඩවි සදහන් කරති.
ආරියරත්න කියන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් ඔහු ගේ කතාව කතෝලික සභාව විසින් ප‍්‍රචාරක පණිවිඩයක් වශයෙන් යොදාගෙන තිබේ. එතන ඇති විශේෂය දැන් බෞද්ධ නායකයින් පවා තෙරේසා මවුතුමිය සරණ පතන බව කතෝලික වෙබ් පත්තර වල සදහන්ව තිබිමයි. මෙය කතෝලිකයින්ව මෙන්ම බෞද්ධයින්ව ද තෙරේසා මමාගේ පින්තුරයක් කාර්‍යාලයේ හෝ නිවාසයේ තියාගෙන ඒ ඉදිරියේ භාවනා කරන්නට පෙළඹවීමකි. තෙරේසා මමා දයාවෙහි මාතාව වශයෙන් හදුන්වා දෙන කතෝලික සභාව ඇය ශාන්තුවරියක් බවට පත්කරමින් මහජනතාවගේ වැදුම් පිදුම් ලැබිමට සුදුස්සියක් කරමින් සිටියි. ආරියරත්න ගේ කතාව කතෝලික ව්‍යාපාරයට සහයෝගය දීමකි.
තෙරේසා මමා රුමේනියානු ජාතික කතෝලික පුජකවරයෙකි. ඉන්දියාවට පැමිණ කතෝලික ආගමික කටයුතු වල යෙදුන එතුමිය හින්දු මුස්ලිම් හා බෞද්ධ ඉන්දියානු දරුවන් කතෝලික ආගමට හරවන යන්ත‍්‍රයක් වුවාය. මෙම ක‍්‍රියාවේදි ඇය අනුගමණය කළ වැඩ පිළිවෙල පිළිබදව බොහෝ විවේචන පවතී. ඒවා ගැන සැලකිලිමත්වීමේ දී තෙරේසා මවුතුමිය ආගමික අන්තවාදියෙක් වගේම කතෝලික ආගම උදෙසා අන්ධ ලෙසින් කටයුතු කළ පුජකවරියක් බව ඔප්පුවේ.
ඒ. ටී. ආරියරත්න මහතා තෙරේසා මමා ඇදහීම ප‍්‍රචාරය කරන්නෙකු වුයේ කෙසේදැයි දැන් බලමු.
පිලිපිනයේ ජනගහණයෙන් සියයට 90 කට වඩා වැඩි පිරිසක් ක‍්‍රිස්තියානි ආගම අදහති. ක‍්‍රි. ව. 1500 ට පෙර එකම කිතුණුවෙක් හෝ නොසිටි පිලිපීනයේ මෙබදු හාස්කමක් සිදුවුයේ එම රට යටත් කරගත් ස්පාඤඤ මිෂනාරින්ගේ හපන්කමක් ලෙසිනි. මේ මිෂනාරින් කොයිතරම් අපුරුවට එම කටයුත්ත සිදුකර ඇත්ද කීවොත් පිලිපිනයේ ජනතාව යුරොපින් එහි ඒමට පෙර ආගමක් දහමක් ඇදහුබවට ඓතිහාසික සාධක ඉතිරි නොකිරීමට වගබලාගෙන තිබේ. පිලිපිනයේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ මුතුන් මිත්තන් බෞද්ධ හෝ හින්දු ආගම ඇදහු බව නොදනිති.
දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව ජාති ආගම් භේදයක් නැතිව ආසියාව පුරා පැතිර ගිය කොමියුනිස්ට්වාදය පිලිපීනයට ද ආවේය. කොමියුනිස්ට් ගරිල්ලා ව්‍යාපාරයක් පවා ඇතිවිය. මේ සියල්ල මරා පිලිපිනයේ කොමියුනිස්ට්වාදය අතු ගා දැමීමට පිලිපීන හමුදා නායකයෙක් සමත් වුයේ ය. රමොන් දෙ ෆිඑරෝ මැග්සයිසයි (1907- 1957 ) නැමති ඒ හමුදා නිලධාරියා බටහිර රටවල උපකාරය ලැබ පිලිපිනයේ තුන්වැනි ජනාධිපතිවරයා බවට පත්වු නමුත් 1957 සිදුවු ගුවන් අනතුරකින් ඔහු මිය ගියේ ය.
රමොන් මැග්සයිසයි සිහිකිරිම සදහා නෝබල් තෑග්ගට සමාන ආසියානු නෝබල් තෑග්ගක් ඇතිකරනු ලැබුවේ ය. ඇමරිකාවේ රොක්පෙලර් සහෝදර පදනමේ අරමුදලින් ඇරඹුන මැග්සයිසයි තෑග්ග අදෘශ්‍යමාන කතෝලික ත්‍යාගයකි. ආසියාවේ රටවල කොමියුනිස්ට්වාදයට විරුද්ධව ක‍්‍රියාකරන හා කතෝලික සමය පතුරුවා හැරිමට නියම් හා අනියම් අයුරින් උපකාරිවෙන පුද්ගලයින් කිහිප දෙනෙකු තෝරා වසරක් පාසා මෙම ත්‍යාගය පිරි නමනු ලැබේ.
මැග්සායිසායි තෑග්ග ලබාගැනීම සදහා ස්වකීය රටවල ආගම් හා ජාතික ව්‍යාපාරයන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් සිටිති. එවැනි ක‍්‍රියා නිසා මැග්සායිසායි ලැබුවන් ද සිටිති. මැගසයිසයි ලැබුවන් අගයන මාධ්‍යකරුවන් හා උගතුන් ද ආසියානු රටවල වෙති. ශ‍්‍රී ලංකාවෙන් මැග්සයිසයි තැග්ග ලැබුවන් අතර ඒ. ටී. ආරියරත්න එක් අයෙකි. ප‍්‍රජානායකත්වය සදහා 1969 වසරේදි ශ‍්‍රී ලංකාවේ අහංගමගේ ආරියරත්නට තෑග්ග ප‍්‍රදානය කල බව මැග්සායිසායි තැගි නාමාවලියේ සදහන්ව තිබේ.
ආරියරත්න තේරේසා මමා වැන්දාට කමක් නැත. නමුත් ඔහු බෞද්ධ හෝ ජාතික නායකයෙක් නොවේ.
සම්මාන වලින් අපට හදාදෙන උගත්තු හා ප‍්‍රජා නායකයින්
Written by ලංකාපුර Saturday, 26 September 2009 16:23 Top Änka News සැප්තැම්බර් 26 "මං තෙරේසා මවුතුමියගේ ඡයාරූපයක් කාර්‍යාලයේ තියාගෙන ඉන්නව. හැම දිනයකම එය ඉදිරියේ විනාඩි 30 ඒ දෙස බලාගෙන ඉන්නව. එතුමිය මාව ආකාර්ශනය කරගෙනයි ඉන්නෙ " තෙරේසා මවුතුමිය හෙවත් මදර් තෙරේසාගේ 12 වෙනි සමරු උළෙලට සහභාගි වු සර්වෝදය ව්‍යාපාරයේ නායක ඒ. ටී. ආරියරත්න කීවේ යයි කතෝලික වෙබ් අඩවි සදහන් කරති.