සම්මා සිහිනයක බොදු ගීතය|කසුන් කල්හාර

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    සම්මා සිහිනයක බොදු ගීතය|කසුන් කල්හාර




    භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුතු තරුණ දරුවෙකුට ඒ අසිරිමත් සම්බුදු රුව දකින්නට බලවත් ආශාවක් ඇති විය. නමුත් ඔහු ප්‍රමාද වැඩිය. මීට වසර 2561කට පෙර ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනට වැඩම කළ සේක. එසේ නම් කෙසේ ඒ බුදුහිමි රුව දකින්නද…? ඔහු ජීවමාන බුදුහිමි රුව දුටු කෙනෙකු සොයා ඇවිදියි. නමුත් ඒ බුදුහිමිගේ ජීවමාන රුව දුටු කිසිවෙක් මේ ලොවේ දැන් නැත. එක් සුන්දර රාත්‍රියක දී කවුරුන් නම් උන්වහන්සේගේ සෝබමාන රුව දකින්නට ඇත්දැ යි සිතන කල ඔහු ඉහළ අහසේ වැජඹෙන පුරා සඳ දකියි. ඒ මහා බෝසතාණන් වහන්සේ නේරංජරා නදී තෙර ඇසතු බෝ සෙවණේ දස මරසෙන් පරදා උතුම් බුදුබව ලබන අයුරුත් දසදහසක් ලෝක ධාතුව කම්පිත කරවමින් උතුම් දම්සක් දෙසන අයුරුත් ලෝ සතුන් හඩවමින් සාලරුක් වනය මැද පිරිනිවී වැඩිය අයුරුත් රැස් විහිදුවමින් බලා සිටියේ පුරා සඳ ම යි. ඉදින් සැදැහැ සිත් ඇති ඒ තරුණ දරුවා සෙඳන් අසන්නේ සතුරා විලස ආ මේඝය මගහැර මගේ බුදුහිමි රුව කෙලෙසක දැයි පවසන ලෙසයි... :)
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    මම හිතන් හිටියේ මේ සිංදුවෙන් යශෝධරා දේවිය ගැන කියවෙනවා කියලා :sorry: