සම්මුඛ පරීක්ෂණයක අහපු අමුතු ප්‍රශ්නේ

Djsash

Member
Jun 1, 2018
274
9
0
සම්මුඛ පරීක්ෂණයක අහපු අමුතු ප්‍රශ්නේ

“ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?,”
“ඔයා බැඳලද?,”
“ඔයා කඩුලුත් පැනලා තියෙනවා නේද?,”
“ඔය කියන විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්න කියලා පෙන්නනවද?,”
ඉහත දැක්වෙන්නේ ඥාති මිත්‍රයෙකු හෝ මංගල කපු මහතෙකු විසින් තරුණියකගෙන් අසන ලද ප්‍රශ්න නොවේ.
සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා මෑතකදී දිවයින පුරා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණ අවස්ථාවේ, ඒ සඳහා පෙනී සිටි ඇතැම් තරුණියන් පවසන ආකාරයට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිටි ඇතැම් පුරුෂයන් විසින් ඔවුන්ගෙන් අසන ලද ප්‍රශ්න ඉහත පරිදිය.
අප්‍රේල් මස අග දිවයිනේ යම් ස්ථානයක පැවති එවැනි සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි උපාධිධාරී තරුණියක් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට “බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටීදැයි” ඇසීම පෞද්ගලිකත්වයට අනිසි ලෙස එබිකම් කිරීමක් යැයි හැඟෙන බවය.
ආ… මෙයා කඩුලුත් පැනලා තියෙනවා කියලා කෙනෙක් කිව්වේ “අමුතු විදිහකට”
රැකියා අපේක්ෂිකාවක්
සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලය තමන්ගෙන් පෞද්ගලික කරුණු වැඩි වශයෙන් විමසු බවය.
රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් සාමාජිකත්වය දරන එක් ෆේස්බුක් කණ්ඩායමක (Group) අදහස් දක්වමින් තරුණියක් කියා සිටියේ තමන් විවාහක දැයි එහි සිටි එක් නිලධාරියෙකු තමන්ගෙන් විමසන ලද බවය.
_101745590_sinhalese_ill_01.png
පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලය “පෞද්ගලික කරුණු වැඩි වශයෙන් විමසුවා” සිය අධ්‍යාපන සහතිකවලට වඩා මෙවර සම්මුඛ පරීක්ෂණයේදී බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව පැවසු උපාධිධාරී තවත් තරුණියක් කියා සිටියේ සිය ක්‍රීඩා සහතික ඉදිරිපත් කළ අවස්ථාවේ එහි සිටි නිලධාරීන් තමා කඩුලු පැන ඇත්දැයි “අමුතු ආකාරයකට” විමසූ බවය.
“ආ මෙයා කඩුලුත් පැනලා තියෙනවා,” යනුවෙන් පවසමින් එම නිලධාරියා සෙසු නිලධාරීන් දෙදෙනාගේ මුහුණු දෙස බැලූ බව අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිරිනමන ලද විදෙස් ශිෂ්‍යත්වයක් ලබා උපාධිය සම්පූර්ණ කරන ලද තවත් තරුණියක් කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් විසින් තමන් “හාස්‍යයට සහ අපහසුතාවට” ලක්වන ආකාරයේ කරුණු විමසන ලද බවය.
“යුජීසී එකේ සහතිකය තිබියදීත් ඔහු මගෙන් ඇහුවා මේ විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ලබා දෙන ශිෂ්‍යත්ව ගැන මේ නිලධාරීන්ට අවබෝධයක් නැහැ,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
_101534194_31301880_1678937642143423_5893295832827953152_n_preview.png
රැකියා ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසන පරිදි රැකියා බලාපොරොත්තුවෙන් සිටින උපාධිධාරීන් සංඛ්‍යාව පනස් හත්දහසකට ආසන්නය.
උපාධිය නිම කර රැකියාවක් නොමැතිව වසර ගණනක් නිවසේත් මහමගත් කල දවස ගෙවෙන තරුණ තරුණියන් මුහුණ දෙන මානසික පීඩාව අතිමහත්ය.

71 සහ 88, 89 දකුණේත් තිස් වසකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර ඇතුළු රටපුරා සිවිල් යුද්ධයක් ලෙස පුපුරා යාමටත් තරුණ අසහනය එක් හේතුවක් වූ බව ඇතැම් සමාජ විද්‍යාඥයන්ගේ අදහසය.
රැකියාවක් බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි තමන්ගෙන් ඊට කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්න ඇසීම සිය මානසික පීඩනය තවත් උග්‍ර කරවන්නක් බව ඉහත කී තරුණියෝ පවසති.
සම්මුඛ පරීක්ෂණවලදී ලිංගික අඩන්තේට්ටම් ලා සැලකිය හැකි ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
එහි කැඳවුම්කරු තැන්නේ ඤානානන්ද හිමි බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලාංකික සමාජයේ පවතින පසුගාමී ආකල්ප හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදුවන ඉහත කී ආකාරයේ අඩන්තේට්ටම් පිළිබඳ පැමිණිලි කිරීමට තරුණියන් මැලිකමක් දක්වන බවය.

“රැකියාව, උසස්වීම්, ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට ලිංගික අල්ලස්, මුදල් ලබා දීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා.”
“කොතෙක්ද කියනවා නම් ලිංගික අල්ලස් ගැනීම පන්සල්, පල්ලි දක්වා ගිහින් තිබෙන්නේ,” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
රැකියාවක් ලබා ගැනීමේදී තරුණියක් නම් ලිංගික අල්ලස් දීමටත් තරුණයෙක් නම් දේශපාලනඥයන් වෙනුවෙන් පෝස්ටර් ගැසීමටත් සිදුවන බව කී තැන්නේ ඤානානන්ද හිමියෝ අනාගත පරපුර වෙනුවෙන් එම තත්ත්වය වෙනස් විය යුතු බව පෙන්වා දෙති.
සම්මුඛ පරීක්ෂණ මඩුල්ලේ සංයුතිය කෙසේ විය යුතුද?

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මඩුල්ලක් පුරුෂයන්ගෙන් පමණක් සමන්විත නොවිය යුතු බවය.
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකදී පෞද්ගලිකත්වය උල්ලංඝනය වන කරුණු විමසීම නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.
_101745592_sinhalese_ill_03.png
“පෙම්වතෙක් ඉන්නවද කියලා අහන්න බැහැ, ඒක පුද්ගලික නිදහසට ප්‍රශ්නයක්.”
ශ්‍රී ලංකාවේ පවතින “සිස්ටම් එක තුළ” කාන්තා පාර්ශ්වය සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට බියක් දක්වන බව ද ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.
“ගැහැණු ළමුන් සමාජ ගත කර තිබෙන්නේ ‘ඔයා අනික් අයට යටත්ව ඉන්න’, ඉතින් ඔය තුළ ළමයි කතා කරන්න බයයි. පිරිමි කෙනෙක්ට විරුද්ධව යන්නේ නැහැ.”
“එහෙම නැතිනම් මේ ළමයි ඒ දේවල්වලට එරෙහි වෙන්න ඕනි නේද?,” යනුවෙන් ආචාර්ය එදිරිසිංහ ප්‍රශ්න කළාය.
රැකියාව, උසස්වීම්, ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට ලිංගික අල්ලස්, මුදල් ලබා දීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා.
තැන්නේ ඤානානන්ද හිමි, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
කෙසේ නමුත් සම්මුඛ පරීක්ෂණයකදී පෙම්වතා හෝ අතිශය පෞද්ගලික තොරතුරු විමසීම “ලිංගික අඩන්තේට්ටම්” යටතට ගැනෙන බව ඇය අවධාරණය කරන්නීය.
ගත හැකි පියවර මොනවාද?

සංවර්ධන නිලධාරිනී හෝ වෙනත් තනතුරක් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකදී පෞද්ගලිකත්වය උල්ලංඝනය කෙරෙන ලිංගික අඩන්තේට්ටම් යටතට ගැනෙන ඉහත කී ආකාරයේ ප්‍රශ්න කිරීම්වලට එරෙහිව ගත හැකි පියවර මොනවාද?
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසන පරිදී එවැනි ප්‍රශ්න කිරීම්වලට එරෙහිව ගත හැකි පියවර:

  • දිස්ත්‍රික් ලේකම්/ලේකම්වරියට හෝ ආයතනික ප්‍රධානියාට පැමිණිලි කිරීම
  • නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම
  • මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම
ඉහත කී ආකාරයේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ තරුණියන් සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේ එමගින් තමන්ට ඉදිරියේදී රැකියාවක් ලබා ගැනීමේ දුෂ්කරතා ඇති වෙතැයි බිය පළ කරමිනි.
p05w1nkj.jpg

අරියාදු සහ අඩන්තේට්ටම්: විශේෂඥ උපදෙස් ලිංගික අඩන්තේට්ටම් හෝ ඒ ආකාරයේ වෙනත් හිංසනයන්ට ගොදුරු වන තරුණියන් සහ කාන්තාවන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ සිය අනන්‍යතාව හෙළි නොකර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බව ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.
“මානව හිමිකම් කොමිසමෙන් දැන් හදලා තිබෙනවා ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ප්‍රතිපත්තිය.ඒ නිසා ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්.”
සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණවලදී අතිශය පෞද්ගලික තොරතුරු විමසීම වැරදි සහගත ක්‍රියාවක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී ආකාරයේ ප්‍රශ්න කිරීමකට ලක් වූ අයෙකු ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට පැමිණිලි කරන්නේ නම් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තමන් සුදානම් බවය.
– බීබීසී සිංහල
 
  • Like
Reactions: sandhanuwan1

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ඔය මොනවා කිව්වත් රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියා දීම නතර කල යුතුයි
    මොකද එක ලංකාවේ අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ටම තමයි මෙගොල්ල්ලොන්ව නඩත්තු කරන්න වෙන්නේ
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඔය මොනවා කිව්වත් රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියා දීම නතර කල යුතුයි
    මොකද එක ලංකාවේ අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ටම තමයි මෙගොල්ල්ලොන්ව නඩත්තු කරන්න වෙන්නේ

    ඔය ලොකු ටෝක් දෙන පොඩි එකා දන්නවද වෙන රටවල රාජ්ය සේවයට පත්වීම් දෙන විදිහ?දැනගෙන කතා කරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොනවා කිව්වත් රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියා දීම නතර කල යුතුයි
    මොකද එක ලංකාවේ අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ටම තමයි මෙගොල්ල්ලොන්ව නඩත්තු කරන්න වෙන්නේ

    උබට නම් මොලේ අමාරුවක් තියෙන්නෙ බන්...රජයකින් කරන්ඩ ඔනෙ බන් බුද්ධිමතුන් අගයන එක නැතුව මහ බැකුව හොරාකන එක නෙමේ..උබලට වෙලා තියෙන්නෙ බන් අර සමලිoගිකයගෙ විකෘති අදහස් වලට අනුගත වෙලා අත්මයම නිරුවත්වීමක්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ඔය ලොකු ටෝක් දෙන පොඩි එකා දන්නවද වෙන රටවල රාජ්ය සේවයට පත්වීම් දෙන විදිහ?දැනගෙන කතා කරපන්

    අනේ දන්නේ නැ අයියේ පොඩ්ඩක් කියල දෙන්නකෝ
    art ඩිග්රි වලට රජයේ ජොබ් දෙන්නම ඕනෙයි කියල නීතියක් තියෙනවද බන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    උබට නම් මොලේ අමාරුවක් තියෙන්නෙ බන්...රජයකින් කරන්ඩ ඔනෙ බන් බුද්ධිමතුන් අගයන එක නැතුව මහ බැකුව හොරාකන එක නෙමේ..උබලට වෙලා තියෙන්නෙ බන් අර සමලිoගිකයගෙ විකෘති අදහස් වලට අනුගත වෙලා අත්මයම නිරුවත්වීමක්...

    අනේ පල මහින්දගේ ගූ කන එරෝසන්/rochel යන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ඔය කෙහෙල්මල් කලා උපාධි දෙන එක නතර කලා නම් ඔයිට හොද නැද්ද.අවුරුදු ගානක් පිනට උගන්නන්නත් ඕනේ පස්සෙ රස්සා දෙන්නත් ඕනේ .බදු ගෙව ගෙව මැරෙනකල් උන්ව නඩත්තු කරන්න ඕනෙ අපි
    Report
    Reply1 reply · active less than 1 minute ago
    +25
    Podda · 41 minutes ago

    1 වසරෙ ඉඳල 13 වසර වෙනකන් රජයෙන් නොමිලේ අද්‍යාපනය​, නිල ඇඳුම්, ක්‍රීඩා පහසුකම්, පෙල පොත් ලබා දීලා, විශ්ව විද්‍යාල අද්‍යාපනය​, මහපොල ශිෂ්‍යත්ව​, නේවාසිකාගාර පහසුකම්, වෛද්‍ය පහසුකම්, සහන මිලට ආහාරත් ලබා දීල , මුන්ට රස්සාවත් දෙන්න රජය බැඳිල ඉන් ඕනෙද​? විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ පස්ස පැත්තෙ ගල් තැලුම් එනකන් තෙල් බැමි උඩ කාලය කකා ඉඳලා, English, IT skill, Presenation skills, personality development වගේ ජොබ් මාර්කට් එකට හරියන විදියට තමන් ගෙ tealent හදාගන්නැතිව ඉඳලා පජාත වෙච්ච උන්ට ජොබ් නෙමෙයි, 2*2 පොලුපලින් ගහල එලවන්න ඕනෙ.
    Report
    Reply
    +44
    ලිස්බත් සලන්ඩර්170p · 1 hour ago

    රටට කාලයට නොගැලපෙන, රැකියා මාකට් එකේ ඉල්ලුමක් නැති, උපාධිය දීලා තරුණ තරුණියන්ව අනාත කරලා, දැන් ඒ වැරැද්ද වහගන්ඩ යන්නේ රටේ සංවර්ධනයට තියන මුදල් කාබාසිනියා කරන වැඩකට නැති රජ්‍ය සේවයේ රස්සා වලට උන්ව දාලද ?
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    ඔය මොනවා කිව්වත් රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියා දීම නතර කල යුතුයි
    මොකද එක ලංකාවේ අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ටම තමයි මෙගොල්ල්ලොන්ව නඩත්තු කරන්න වෙන්නේ

    සහතික ඇත්ත. එකගයි 100%
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    උබට නම් මොලේ අමාරුවක් තියෙන්නෙ බන්...රජයකින් කරන්ඩ ඔනෙ බන් බුද්ධිමතුන් අගයන එක නැතුව මහ බැකුව හොරාකන එක නෙමේ..උබලට වෙලා තියෙන්නෙ බන් අර සමලිoගිකයගෙ විකෘති අදහස් වලට අනුගත වෙලා අත්මයම නිරුවත්වීමක්...

    බුද්ධිමතුන් අගයනවා කියන්නේ එයාලට රජයේ රස්සාවක් දෙන එකද? එහෙම රස්සාවල් ගත්ත බුද්ධිමතුන්ගේ වැඩ වල බුද්ධිමත් භාවය රජයේ ඔෆිස් එකක වැඩක් කරන්න ගියාම හොදට පේනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය මොනවා කිව්වත් රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියා දීම නතර කල යුතුයි
    මොකද එක ලංකාවේ අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ටම තමයි මෙගොල්ල්ලොන්ව නඩත්තු කරන්න වෙන්නේ

    උපාධිධාරීන්ට තමයි රජයේ රැකියා දෙන්න ඕනෙ. අදාල නැති රැකියා මවල දෙන එකයි, රැකියාවක් හොයාගන්නෙ නැතුව ආන්ඩුවෙන් හොයල දෙනකල් බලන් ඉන්න එකයි නවතින්න ඕනෙ :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,598
    86,946
    113
    ආශ්චර්යමත් රටක
    උපාධිධාරීන්ට තමයි රජයේ රැකියා දෙන්න ඕනෙ. අදාල නැති රැකියා මවල දෙන එකයි, රැකියාවක් හොයාගන්නෙ නැතුව ආන්ඩුවෙන් හොයල දෙනකල් බලන් ඉන්න එකයි නවතින්න ඕනෙ :P

    :yes::yes::yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔය කෙහෙල්මල් කලා උපාධි දෙන එක නතර කලා නම් ඔයිට හොද නැද්ද.අවුරුදු ගානක් පිනට උගන්නන්නත් ඕනේ පස්සෙ රස්සා දෙන්නත් ඕනේ .බදු ගෙව ගෙව මැරෙනකල් උන්ව නඩත්තු කරන්න ඕනෙ අපි
    Report
    Reply1 reply · active less than 1 minute ago
    +25
    Podda · 41 minutes ago

    1 වසරෙ ඉඳල 13 වසර වෙනකන් රජයෙන් නොමිලේ අද්‍යාපනය​, නිල ඇඳුම්, ක්‍රීඩා පහසුකම්, පෙල පොත් ලබා දීලා, විශ්ව විද්‍යාල අද්‍යාපනය​, මහපොල ශිෂ්‍යත්ව​, නේවාසිකාගාර පහසුකම්, වෛද්‍ය පහසුකම්, සහන මිලට ආහාරත් ලබා දීල , මුන්ට රස්සාවත් දෙන්න රජය බැඳිල ඉන් ඕනෙද​? විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ පස්ස පැත්තෙ ගල් තැලුම් එනකන් තෙල් බැමි උඩ කාලය කකා ඉඳලා, English, IT skill, Presenation skills, personality development වගේ ජොබ් මාර්කට් එකට හරියන විදියට තමන් ගෙ tealent හදාගන්නැතිව ඉඳලා පජාත වෙච්ච උන්ට ජොබ් නෙමෙයි, 2*2 පොලුපලින් ගහල එලවන්න ඕනෙ.
    Report
    Reply
    +44
    ලිස්බත් සලන්ඩර්170p · 1 hour ago

    රටට කාලයට නොගැලපෙන, රැකියා මාකට් එකේ ඉල්ලුමක් නැති, උපාධිය දීලා තරුණ තරුණියන්ව අනාත කරලා, දැන් ඒ වැරැද්ද වහගන්ඩ යන්නේ රටේ සංවර්ධනයට තියන මුදල් කාබාසිනියා කරන වැඩකට නැති රජ්‍ය සේවයේ රස්සා වලට උන්ව දාලද ?

    රාජ්‍ය මුදල් කාබාසිනියා කරන්නෙ දේශපාලනය කරන්න කියලා උඹලගෙ මහ ලොකු මොලෙන් කල්පනා කරලා ඔය පඩි ටෝක් දෙනවා වගේම ගිහිල්ල කතිරෙ ගහලා පත් කරගන්න අපතයො ටික මිසක් රාජ්‍ය සේවකයො නෙවෙයි. වැරැද්දට ඇඟිල්ල දික් කරපන්. හැබැයි පොඩ්ඩක් බලපන් හරි පැත්තටද දික් කරන එක දික් වෙලා තියෙන්නෙ කියලා
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    ඔය කෙහෙල්මල් කලා උපාධි දෙන එක නතර කලා නම් ඔයිට හොද නැද්ද.අවුරුදු ගානක් පිනට උගන්නන්නත් ඕනේ පස්සෙ රස්සා දෙන්නත් ඕනේ .බදු ගෙව ගෙව මැරෙනකල් උන්ව නඩත්තු කරන්න ඕනෙ අපි
    Report
    Reply1 reply · active less than 1 minute ago
    +25
    Podda · 41 minutes ago

    1 වසරෙ ඉඳල 13 වසර වෙනකන් රජයෙන් නොමිලේ අද්‍යාපනය​, නිල ඇඳුම්, ක්‍රීඩා පහසුකම්, පෙල පොත් ලබා දීලා, විශ්ව විද්‍යාල අද්‍යාපනය​, මහපොල ශිෂ්‍යත්ව​, නේවාසිකාගාර පහසුකම්, වෛද්‍ය පහසුකම්, සහන මිලට ආහාරත් ලබා දීල , මුන්ට රස්සාවත් දෙන්න රජය බැඳිල ඉන් ඕනෙද​? විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ පස්ස පැත්තෙ ගල් තැලුම් එනකන් තෙල් බැමි උඩ කාලය කකා ඉඳලා, English, IT skill, Presenation skills, personality development වගේ ජොබ් මාර්කට් එකට හරියන විදියට තමන් ගෙ tealent හදාගන්නැතිව ඉඳලා පජාත වෙච්ච උන්ට ජොබ් නෙමෙයි, 2*2 පොලුපලින් ගහල එලවන්න ඕනෙ.
    Report
    Reply
    +44
    ලිස්බත් සලන්ඩර්170p · 1 hour ago

    රටට කාලයට නොගැලපෙන, රැකියා මාකට් එකේ ඉල්ලුමක් නැති, උපාධිය දීලා තරුණ තරුණියන්ව අනාත කරලා, දැන් ඒ වැරැද්ද වහගන්ඩ යන්නේ රටේ සංවර්ධනයට තියන මුදල් කාබාසිනියා කරන වැඩකට නැති රජ්‍ය සේවයේ රස්සා වලට උන්ව දාලද ?

    කතාව හරියටම හරි. කැම්පස් යන උන් කරන්නේවදිපුරම කරන්නේ කාලේ කන එක තමා. අවුරුදු ගානක් එතන කාලේ කාල එලියට ඇවිත් රස්සාවල් දෙන්න කියල කෑ ගහනවා. රස්සාවක් දුන්නත් ඒක කරන්න ඕනි දැනුම නෑ .
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Campus yana hama ekama ohoma na ban. aurudu 13 nikan ugannala campus eketh nikan ugannala digree 1k dunnata passe. nikan job ekakuth illanne qualifications nati aya. thamage carrer eka hada ganna thaman dana ganna oni. eka art , comm, maths, science kiyana eka adala na.
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    අනේ දන්නේ නැ අයියේ පොඩ්ඩක් කියල දෙන්නකෝ
    art ඩිග්රි වලට රජයේ ජොබ් දෙන්නම ඕනෙයි කියල නීතියක් තියෙනවද බන්

    කැම්පස් යන උන් එහෙම හිතාගෙන ඉන්නවා

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උපාධිධාරීන්ට තමයි රජයේ රැකියා දෙන්න ඕනෙ. අදාල නැති රැකියා මවල දෙන එකයි, රැකියාවක් හොයාගන්නෙ නැතුව ආන්ඩුවෙන් හොයල දෙනකල් බලන් ඉන්න එකයි නවතින්න ඕනෙ :P

    :yes::yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔය මොනවා කිව්වත් රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියා දීම නතර කල යුතුයි
    මොකද එක ලංකාවේ අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්
    ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ටම තමයි මෙගොල්ල්ලොන්ව නඩත්තු කරන්න වෙන්නේ
    රැකියා දෙන එක නතර කරන්න ඕන නන් පුක්ශනය වෙන වෙලාවට මහ පොන්නයාට කියපන් මෙතන රෙන්නේ නැතුව