සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව

    සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව මූලික අදහසක් ලබාදීම මෙම ලිපියේ අරමුණ වේ.

    1) යෝජිත සමාගමේ නම අනුමත කර ගැනීම.
    නමක් තෝරා ගැනීමේදී
    අ ) දැනට පවතින ලංකික හෝ විදේශීය සමාගමක නමක් තෝරා නොගත යුතුය
    ආ ) යෝජිත සමාගමේ නම මහජනයා නොමග යවන සුලු නමක් බව සමාගම් රෙජිස්ට්රා ර් වරයාට හැගී ගියහොත් නම අනුමත කිරීම ප්රමතික්ෂේප කරන ලැබේ
    නම අනුමත කර ගැනීම සදහා රජයේ ගාස්තු ලෙස රුපියල් 2,356/= (බදු ඇතුලත්ව ) ගෙවිය යුතු අතර මෙසේ අනුමත කර ගන්නා නම සමග අනුමත කිරීමේ අංකයක් ලැබේ.
    මෙලෙස අනුමත වන සමාගමේ නම දින 30 කට පමණක් වලංගු වේ.
    නම අනුමත නොවී ප්රාතික්ෂේප වුව හොත් සමාගම් රේගිස්ට්රාවර් වරයා විසින් යෝජනා කරනු ලබන වෙනස්කම් කිරීමට සිදුවේ.

    2) ලියාපදිංචිය සදහා අවශ්යො ලේකන සැකසීම
    මෙම ලියවිලි සකසා ගැනීම සදහා සුදුසුකම්ලත් සමාගම් ලේකම්වරයකුගේ සේවය ලබා ගැණීම සුදුසු වේ.
    අ ) Form-01 අයදුම්පත්ර්ය
    මෙහි පහත තොරතුරු ඇතුලත් කල යුතුය.
    > සමාගමේ නම සහ නම අනුමත අංකය
    > සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය
    > ආරම්බක අධ්යික්ෂලවරුන්ගේ විස්තර
    > කොටස් ප්රාාග්ධනය හා කොටස් කරුවන්ගේ විස්තර.
    > සමාගමේ ලේකම් පිලිබඳ විස්තර.
    ආ ) Form-18
    සමාගමේ අධ්යFක්ෂ1වරුන් පිළිබද විස්තර මෙහි ඇතුලත් කල යුතුය.
    ඇ ) Form-19
    සමාගමේ ලේකම් පිළිබද විස්තර විස්තර මෙහි ඇතුලත් කල යුතුය.
    2007 අංක 7 දරන සමාගම් පනතේ 221 වගන්තියට අනුව සෑම සමාගමකටම සමගම ලේකම්වරයකු සිටිය යුතු අතර
    222 වගන්තියට අනුව පහත කොන්දේසි සපුරන අවස්ථාවක සමාගමේ ලේකම් අනිවාර්යයෙන් සුදුසුකම් ලත් තැනැත්තෙක් විය යුතුය.
    1) සමාගමේ ගෙවා නිමි කොටස් ප්රාපග්ධනය රුපියල් 500,000/= වඩා වැඩි වීම හෝ
    2) සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1 ඉක්මවීම.
    ඈ ) Article Of Association
    මෙය සමාගමේ පහත සදහන් කරුණු ඇතුලත් වේ.
     සමාගමේ අරමුණ
     සමාගමේ කොටස් හිමියන්ගේ යුතුකම් හා වගකීම්
     සමාගමේ කළමනාකරණය හා පරිපාලනය සම්බන්ද කරුණු

    මෙම ලියවිලි 4 ඉදිරිපත් කර රජයේ ගාස්තු ගෙවිය යුතුය. ලියවිලි වල දෝෂයක් නොපවතිනම් වැඩ කරන දින 2 තුල ලියවිලි අනුමත වන අතර , ඒ සමග සමාගමේ ලියාපදිංචිය සම්පුර්ණ වේ. දැන් ඔබට සමාගමේ උප්පැන්න සහතිකය හෙවත් සමාගම් ලියාපදිංචි සහතිකය (Certificate of Incorporation) ලබා ගත හැකිවේ.

    මීලග පියවර වනුයේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 9 වන වගන්තියට අනුව සමාගමේ ලියාපදිංචිය සම්බන්දව පොදු මහජනයා දැනුවත් කල යුතුය. මේ සදහා සමාගම ලියාපදිංචියෙන් දින 30 ඇතුලත පහත සදහන් විස්තර ඇතුලත් කර දිනපතා සිංහල / දෙමල / ඉංග්රීලසි යන පුවත් පත්වල දැන්වීමක් පල කිරීමි. දැන්වීම් පල කිරීමට සාක්ෂි වශයෙන් මෙම පුවත්පත්වල පිටපත් සමාගම් රේගිස්ට්රා ර් කාර්යාලයට බර දිය යුතුය.

    1) සමාගමේ නම.
    2) සමාගමේ ලියාපදිංචි අංකය.
    3) සමාගමේ ලියාපදිංචි දිනය.
    4) ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය.

    පුවත් පත් දැන්වීමට අමතරව සමාගමේ ලියාපදිංචිය සම්බන්ද විස්තර , රජයේ ගැසට් පත්රියේ පල කල යුතුය. මෙය රජයේ මුද්රවණ දෙපාර්තමේන්තුව හරහා ඔබට කර ගත හැකි අතර මේ සමග ඔබගේ සමාගමේ ලියාපදිංචිය සම්බන්ද සියල කරුණු සර්ව සම්පුර්ණ වේ.

    සමාගම් ලියාපදිංචිය සංකීරණ කාර්යයක් ලෙස පෙනුනද පළපුරුදු සමාගම් රේගිස්ට්රාමර් වරයකුගේ සේවය ලබා ගැනීම මගින් ඔබට මෙම කාර්යයන් ඉතා පහසුවෙන් ඉටු කර ගත හැක.

    ඔබගේ සියලුම සමාගම් ලියාපදිංචි කටයුතු සදහා විමසන්න
    මාධව අනුරාධ වීරසිංහ
    වරලත් ගණකාධිකාරී සහ ලියාපදිංචි සමාගම් රෙගිස්ට්රානර්
    Email : [email protected]
    Web : https://taxacco83.wixsite.com/lanka
     

    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව

    samagamata dapu nama venas karanne kohomada?
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචිය කොහොමද කරන්නෙ?