සමාජ වෙබ් අඩවි වලට නව තර්ජනයක් : Firesheepහි සහෝදරය&

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    සමාජ වෙබ් අඩවි වලට නව තර්ජනයක් : Firesheepහි සහෝදරය&







    සමාජ වෙබ් අඩවි වලට නව තර්ජනයක් : Firesheep හි සහෝදරයා වන Faceniff

    කස්ටියටම ගුඩ් මෝර්නින්ග් වේවා.අද මම කියන්න ආවා පුවත තාක්ෂණික පැත්තට බරවුණු පුවතක්.මේ නිව්ස් එක ටිකක් වැදගත්. ආර්ටිකල් එක ලියන්න කලින් කියන්න වැදගත් දෙයක් තියෙනවා. මේ ආර්ටිකල් එක මම පළ කරන්නේ හුදෙක් ඔයාලගේ දැන ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සදහා පමණි. මම මේ කිසිම දේක වගකීම භාරගන්නේ නැත. ඒ හින්දා අනවශ්‍ය වැඩවලට මෙම දැනුම භාවිතා නොකරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එහෙනම් වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ.

    ඔයාලා අහලා තියෙනවද Firesheep කියලා භයානක, සමාජ වෙබ් අඩවි හැක් කරන්න පුළුවන් විස්තාරනයක් (Extension) ගැන. මේ විස්තාරනය (Extension) ප්‍රසිද්ධ වුනේ ඒක hijack වලට භාවිතා කිරීමට හැකිවුණ නිසා. ඒ හින්දා මේක ලොකු තර්ජනයක් වුනා. හැබැයි දැන් මේ තර්ජනය අළුත් වෙබ් බ්‍රවුසර් වල තියෙන ගැජමැටික් නිසා වියැකී ගිහිල්ලා තියෙනවා. ඒත් දැන් මෙයාගේ සහෝදරයෙක් ලෙස සළකන අපූරු, ඒ වගේම භයානක ඇප්ලිකේශන් (Application) එකක් තමා Faceniff කියන්නේ. මේක Firesheep විස්තාරනයටත් (Extension) වඩා භයානක ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් (Android Application) එකක්. වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) එකක් මගින් Faceniff භාවිතා කරලා ඔයාලට පුළුවන් අනිත් අයගේ ෆේස්බුක්, ටුවිටර් (Facebook,Twitter) වැනි සමාජ වෙබ් අඩවි වල තියෙන credentials හොරකම් කරන්න. හැබැයි ඉතින් මේ ඇප්ලිකේශන් (Application) එක භාවිතා කරන්න ඕනා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් (Android Smartphone) එකකින් තමා. හැබැයි මේක Firesheep කියන එකටත් වඩා ගැජමැටික් තියෙන එකක්. WPA-encrypted වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) වලටත් මේක වැඩ කරනවා. හැබැයි Firesheep WPA-encrypted වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) වලට වැඩ කරන්නේ නැත. ඒ හින්දා Firesheep වලට වඩා Faceniff භයානක වේ.

    හැබැයි Faceniff වලින් අපිට නම් ගැටළුවක් නෑ. මොකද ලංකාවේ වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) හොයාගන්න අමාරුයිනේ. :ඩී ඒත් ඉතින් වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) බහුල යුරෝපා රටවල් වලට මෙය දැන් දැන් තර්ජනයක් වීමට පුළුවන. මෙන්න මේ නිසා මේකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයකුත් කියන්නම්. ඔයාලා අහලා ඇතිනේ HTTPS ගැන. HTTPS භාවිතා කරලා මෙවැනි ප්‍රහාර වලක්වා ගන්න අපිට පුළුවන්. මෙවැනි තර්ජන තියෙන කස්ටිය HTTPS වලට මාරුවුනොත් තමා හොද. එහෙනම් ඔය පහළ තියෙන්නේ Faceniff භාවිතා කරලා වෙන කෙනෙක්ගේ ෆේස්බුක් අකවුන්ට් (Facebook Account) එකකට ලොග් වෙන හැටි. ඒක බලන්නකෝ. හැබැයි ඉතින් අධ්‍යාපනය සදහා පමණි. තවත් මේ වගේ නිව්ස් එකක් අරන් එන්නම්කෝ.

    පුලුවන්නම් බම්ප් එකක් හරි දාලා යන්න අමතක කරන්න එපා හොදෙ
     
    • Like
    Reactions: DURApix