සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව

    Story-Cover-L.jpg


    01

    ඉර අව්ව තරහටත් එක්ක වගේ මගේ මූණට එබෙද්දී, ගෙයින් එළියට බැහැපු ගමන් මං සනග්ලාස් දෙක දාගත්තා. දැන් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් අවුලක් නැත්තෙමත් නෑ. ගෙදර කවුරු හරි එළියට එබෙන්න කලින් මාරුවෙන එක ඇගට ගුණයි කියලා මට හිතුණා. සද්දෙ ඇහෙන හින්දම, ගේට්ටුව ගාව තිබ්බ TZR ටේල් බයික් එක තල්ලු කරගෙනම මං පාරට ආවා. ඊට පස්සෙයි මං පස්ස හැරිලා බැලුවේ.ත තාමත් අවුලක් නෑ. ඒ කියන්නෙ මං ගොඩ. තත්පරේට දෙකට බයික් එක ස්ටාර්ට කරගෙන වැලි කන්ද පාර දිගේ මං ඉස්සරහට ආවා. ආපු ස්පීඩ් එකෙන්ම ගත්තු හින්දා බයික් එකේ පස්ස රෝදෙ ලිස්සලා ගියත්, මං බයික් එක කන්ට්‍රෝල් කරගත්තා.

    "මෙලහකට මොනවා වෙලාද දන්නෙ නෑ. බන්දලා දෙනකොටම ගේම ඉල්ලුවා නම් හරි... වැඩේ තියෙන්නේ බොඩි ගාඩ්ස්ලා හිටියොත් තමයි "


    බයික් එකේ ස්පීඩ් එකටත් වැඩිය මගේ හිතේ සිතුවිලි පෙළ ගැහෙන්න ගත්තා. ඒ එක්කමයි මං දැක්කේ සුදු පාට හයිඑස් වෑන් එකක් ළගට වෙලා මග බලන් ඉන්න සජීවන්ව. වෑන් එක ඇතුළෙ සජීවන්ගේ ගැන්සිය කට කපලා පිරිලා ඉන්නවා මං දැක්කා.


    "අනගි.. උඹ සෑහෙන්න පරක්කුයි.. මෙලහකට ඉරෝමිව බන්දලා දීලද දන්නෙ නෑ..."


    මාව දැක්ක ගමන් සජීවන් කෑගැහුවා. ඌ සෑහෙන්න අවුල්වෙලා කියන එක මට තේරුනා.


    "එහෙනම් ඉතින් වරාපිටිය ලොක්කා බත් කාලා ඉවරයි... උඹ දන්නෙ නෑ සජී.. කවදාවත් නැතුව අද ගෙදරින් පැනගන්න අමාරු වුණා. තාත්ති කොහොම හරි දැනගෙන මං මොකක් හරි බාල්දියක් අදින්නයි යන්නෙ කියලා. මුළු ගෙදරටම ගාඩ්. දෙයියත් ගාඩ් එකට දාලා. ඌටත් මොත්තයක් දාලා මං පැන්නා. හ්ම්... ඔන්න ඕක ස්ටාර්ට කරන් මගේ පස්සෙන් වරෙන්.. අපි ඉස්සෙල්ලා හොටෙල් එකට යමු.."


    මං ඉස්සර වුණා. හොටෙල් එකට මං ඇතුල් වෙද්දි වෙඩින් එකකට ඕනෙ කරන පසුබිම හැම තැනම තියෙන හැටි මට පෙනුනා. ජීවිතේටවත් දැකලා නැති විවිධාකාර මිනිස්සු හෝටලය ගාව හිනාවෙවී හිටියා. දැන් හිනා වෙයල්ලකෝ.. තව ඩිංගකින් උඹලා ඔක්කොටම අඩන්න වේවි.. සජීවන් උගේ ගැන්සියත් එක්ක මගේ පිටිපස්සෙන්ම එනවා මං දැක්කා. බයික් එක නවත්තලා මං හෝටලයේ ඉස්සරහම දොරෙන් ඇතුල් වුණා. ටයි කෝට් වලින් පිළිවෙලකට කලාවකට ලෑස්ති වුණ මිනිස්සු වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ඔහේ වාඩිවෙලා හිටියා.


    "උඹට නම් ඉන්නෙ මාර ෆිට් බුවෙක් සජී.. පොර නැත්නම් උඹ, උඹේ ලව් එකෙන් නිතරගෙන් පරාද වෙන්නේ.."


    සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලෙක්, සජීවන්ට එහෙම කියලා මාව පෙන්නනවා මං දැක්කා. ඒ වෙනකොට මං හොටලය ඇතුලටත් ඇවිත් ඉවරයි. ඒත් සජීවන්ගෙ පෙම්වතිය වෙච්චි ඉරෝමිව මං දැක්කෙ නෑ.


    "අ... අපි පරක්කුද අනගි..?"


    මගේ උරහිසට අතක් තියන ගමන් සජීවන් ඇහුවා. බලාපොරොත්තු කඩවීමේ වේදනාව ඒ මූණේ අපූරුවට සිත්තම් වෙලා තියෙනවා මං දැක්කා.


    "ඩිංගක් ඉදපං බර පැණ දාන්නෙ නැතිව..."


    හෝටලය ඇතුලේ මගේ ඉස්සරහම හිටියෙ මනාලියක් වගේ ලස්සට ඇද පැළද ගත්තු ඉරෝමි. මාව දැක්ක ගමන් එයා වාඩිවෙලා ඉදපු තැනින් නැගිට්ටා.


    "මා....මාව බේරගන්න ඔයා වෙලාවට ආවා අනගි. අනේ කෝ සජීවන්.. එයා ආවෙ නැද්ද..?"


    මගේ අතේ එල්ලිලා ඉරෝමි කෑගැහුවා.. මේකප් දාලා තිබ්බ ඒ සුදු මූණ දිගේ කදුළු බිංදු දෙකක් නිදහසේ ගලන් ගියා. ඉරෝමි අහපු දේ ඇහුණේ නෑ වගේ මං එයාගෙ අතින් අල්ලගෙන එතනින් ටිකක් ඉස්සරහට ආවා. ඒ වෙනකොට එතන තිබ්බ සන්සුන් බව දෙදරලා ගිහින් තිබුණා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හුගක් අය නන්නත්තාර වෙලා බලාගෙන හිටියා. සජීවන්ව දැකපු ගමන් ඉරෝමි මගේ අත අතෑරලා ඌ ළගට දුවලා ගියා. ඒ දේවල් එහෙම වෙද්දී මං වටපිට බැලුවෙ ඉරෝමිගෙ තාත්තා 'වරකපිටියව' හොයන්න.


    "මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ..? තමුසෙලා කවුද..? තමුසෙලට මොනවද ඕන කරන්නේ..?"


    මනමාලයා කියලා හිතාගන්න පුළුවන් තරුණ පහේ පුද්ගලයෙක් මං ඉස්සරහට පැන්නා. මිනිහගේ බයවෙලා වගේ තිබ්බ මූණ දැක්කාම මට නිකම්ම හිනාවක් ගියා. ඒ හිනාවෙන්මයි මං මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මේ.


    "සිද්ධවෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසෙ තොත්ත බබෙක් නෙමේනේ... තමුසෙට මේ කෙල්ලව බදින්න පුළුවන් එයාගෙ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්දෙද්දි බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමයි වැදගත්ම දේ"


    මං බයවෙලා තියෙන මිනිහගෙ මූණ ඉස්සරහට දබරැගිල්ල උරුක් කලා.


    "අනිත් එක තමයි මේ ගෑණු ලමයා යාළුවෙලා ඉන්නෙ මගේ යාළුවත් එක්ක. මේ ඒරියා එකේ ඕන පොලිස් ස්ටේෂන් එකකින් අහනවා 'අනගි රඹුක්වැල්ල' කියන්නෙ කවුද කියලා. දැන් ඉතින් පව් නොදී අයින් වෙනවා. මේ කෙල්ලව බදින්න තමුසෙට හීනෙන්වත් බෑ යාළුවා.."


    වෙඩින් එකට ආපු හැමෝම මූණෙන් මූණ බලන් හිටියා මිසක වැඩිය උඩ පනින්න ආවෙ නෑ. ඒක හින්දම මං සජීවන්ලත් එක්ක වැඩි කරදරයක් නැතුව හෝටලයෙන් එළියට ආවා. එතකොට තමයි මං දැක්කෙ හතර වටින්ම අපිව වටකරලා කියලා. අවුලක් නෑ... වලි නම් වලි.. ෂේප් නම් ඒත් වලි.


    "අඩෝ මේ...? උඹලා හිතන තරම් ලේසියෙන් කෙල්ලෝ උස්සන්න පුළුවන් නම් මේක උඹලට ගියපු රටක්ද ඩෝ...? තොපිට අන්තිම හොදින් කියන්නේ... හොදට තියෙන අතපය තලාගන්නෙ නැතුව ඔය ගෑනු දරුවව අපිට දීලා ගියා නම් හොදයි..."


    සජීවන් ඉස්සරහට ආපු මූණ පුරාම රැවුල වවාගත්තු හයේ හතරෙ පොරක් මහ සද්දෙට කිව්වා. ඉරෝමි තවත් හයියෙන් සජීවන්ගේ අතේ එල්ලෙද්දී, තඩියගේ මූණ මං දිහාට හැරුණා. ඒ කියන්නෙ ගේම පටන්ගන්න වෙනවා.


    "උඹ ගවනර්ද ඩෝ... මේ කෙල්ලව උඹට දීලා යන්න... ඇගපත තියාගෙන කයිය ගහලා වැඩක් නෑ.. වැඩත් ඕන තේරුනානේ..?"


    සජීවන් පැත්තකට තල්ලු කරලා දාලා මහං මැද්දට පැන්නා. මේ වගේ අවස්ථාවලට මං ඕනවටත් වැඩිය මීට කලින් මූණ දීලා තිබුනා. ඒත් ඒ විත්තිය මේ ඉස්සරහා ඉන්න තඩියා දන්නෙ නෑ නේ. උගේ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි. ඒ ඇස් වෙනස් වෙද්දී, ඌ ගේම පටන් ගන්න හදනවා කියනෙක මට තේරුණා. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා. හුගාක් වෙලාවට මට පුරුදු රවුම් පා පහර මං උගේ පපුව මැද්දටම එල්ල කලා. හැරිල බලන්නෙ නැතුවම මං ප්‍රතිපලේ දැනගෙන හිටියා. මිනිහා නැගිට්ටෙ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදලා දුවගෙන ආපු ඉරෝමිගෙ තාත්තා අනිත් මැරයො ටික කුලප්පු කරා. ඒත් මිනිහට ඒක හරියට කරගන්න හම්බවුනේ නෑ.


    "අපේ බේබි මහත්තයට අතක් උස්සලා තිබ්බොත් තොපි ඔක්කොම කට්ට සම්බෝල කරනවා. තොපි දන්නවද මේ ඉන්නේ කවුද කියලා...?"


    මටවෙලා ඉදපු මිනිස්සුත් තල්ලුකරගෙන, එහෙම කියාගෙන මං ඉස්සරහට ආපු එකාව දැකලා මට පුදුම හිතුණා. මූ කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ..? මං ළගටම ආපු 'දෙයියා' මගේ අතින් අල්ලා ගත්තා. මූට හොරෙන් ගේමකට බහින එක සෑහෙන අමාරු වැඩක්. මං කොහෙද මූත් එතන. දෙයියා කිව්වෙ මගේ දුකට සැපට මං ළගම ඉන්න රත්තරන් මනුස්සයෙක්. දෙයියා අපේ ගෙදරමයි නැවතිලා හිටියෙ. දෙයියගෙ උප්පැන්නෙ තියෙන්නෙ වෙන නමක් උනත් අපි එයාට කතා කලේ දෙයියා කියලා.


    "දැනගනියව්... මේ තමයි රඹුකවැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා.. වන් ඇන්ඩ් ඔන්ලි.. තොපි මැරෙන්න කැමති විදිය ලියලා තියලා අපේ බේබි මහත්තය ඉස්සරහට වරෙල්ලා"


    දෙයියො ඒ ටික කිව්වා විතරයි මාව වටකරන් ඉදපු ගැන්සියට කරන්ට් වැදුනා වගේ වුණා. පොරවල් ටික තත්පරේට දෙකට එහෙට මෙහෙට වුනා. තාත්ති ගැන කටින් කට ගිහිල්ලා තිබ්බ කට කතාත් ඒ කරන්ට් එකට සෑහෙන්න බලපාන්න ඇති කියලා මට හිතුනා. ඒත් මගේ හිතේ උතුරලා ගියේ මටවත් හිගාගන්න බැරි කේන්තියක්. අබ දැම්මත් පුපුරලා යන සයිස් එකට මගේ මූණ කේන්තියෙන් උතුරලා ගියා. ඒ මූඩ් එකෙන්ම මම ඉරෝමිගෙ තාත්තා දිහා බැලුවා. මගේ බැල්ම දරාගන්න බැරිවද කොහෙද මිනිහා බිම බලාගත්තා. ඒත් ඒ ඩිංග වෙලාවට විතරයි. මිනිහා ආයෙමත් ඔළුව උස්සලා මා දිහා බැලුවා. බොහොම පරිස්සමෙන් වචන තෝරලා බේරලා කතා කරන්න මිනිහා ලොකු උත්සාහයක් ගත්තා.


    "මේ... මෙච්චර කලබලයක් කරන්න ඕනෙ නෑනේ මහත්තයා.. බ.. බලන්න මට වෙච්ච ලැජ්ජාව.. මං කොහොමද රටේ ලෝකෙ මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ.. මගේ දුවව මට ඕන කෙනෙක්ට බන්දලා දෙන්න මට බැරිද...?"


    "ලෝකෙට මූණ දෙන නොදෙන එක මිස්ටර්ගෙ වැඩක්.. තමන්ගෙ දුව වුණත් බලෙන් බන්දල දෙන එක මට දිරවන්නෙ නෑ. මේ බලනව මිස්ටර්.. මේ ඉන්නෙ මගේ හොදම යාළුවෙක්.. මෙයත් එක්ක තමයි ඉරෝමි යාලුවෙලා ඉන්නේ.. ඒක එහෙම වෙලා තියෙද්දී මිස්ටර් කලර්ස් දාන එකනේ මට අල්ලන්නෙ නැත්තේ..."


    මං සජීවන්ගෙ අතින් ඇදලා වරාපිටිය ඉස්සරහට තල්ලු කරා.


    "බන්දලා දෙනවා නම් බන්දලා දෙනවා මෙන්න මේ දෙන්නව.... තමුසෙගෙ දූ අර මළ යකාව බැන්දහම මිනිහත් එක්ක ජීවත් වෙන්නෙ තමුසෙද..? ඌ මොන වගේ එකෙක්ද කියලා ඉරෝමි නිකන්වත් දන්නවද..? තමුසෙගෙ තදියමට මේ කෙල්ලව බන්දලා දීලා හරියන්නෙ නෑ මිස්ටර්. මං කියපුවා හොදට තේරුනා නේ. දැන් ඉතින් මෙතන බස්සා වගේ බලන් ඉන්නෙ නැතුව ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා.. ඉරෝමි ඔයත් ගෙදර යන්න සජීවන් හෙට අනිද්දා දිහාට ඇවිත් වෙඩින් එක ගැන කතා කරාවී.. දැන් මේ වෙඩින් එක ක්ලෝස්.. ආයේ ස්ටාර්ට් නෑ හරිද...?"


    මං කතාව ඉවර කලා. වරාපිටියගෙ මූණෙ තිබුනෙ මාව පුච්චලා දාන්න පුළුවන් තරමේ ගින්දරක්. ඒත් කරගන්න දෙයක් නැතිකමට මිනිහා සද්ද වහගෙන හිටියා. මේ වෙච්ච ලැජ්ජාවටයි, කාපු පරිප්පුවටයි මිනිහා මගෙන් පළිගන්නවා කියන එක මම ඒ මූණෙන් දැක්කා. ඒත් ජීවන් වගේ හොද කොල්ලෙක් වෙනුවෙන් ඊට වැඩිය හොද දේවල් වලට වුණත් මූණ දෙන්න පුළුවන් තරමේ ලොකු ආත්ම ශක්තියක් මට තිබුනා. වරාපිටියයි, මිනිහගෙ චක් ගෝලයෝ වෙඩින් එකට ආපු මිනිස්සුයි කට ඇරගෙන බලන් ඉන්දෙද්දි මං සජීවන්ලත් එක්ක බයික් එක ළගට ආවා...


    "ෂිහ්... මට අර හඩ්ඩො හතර පස්දෙනාට හොදට නෙලන්න තිබ්බා.. කොහෙද දෙයියා පැන්නනෙ තාත්තිගෙ වරුනෙත් කියාගෙන.."


    බයික් එකට නගින ගමන් මං දෙයියට බැන්නා. දෙයියගෙ මූණ මැද පිපුණෙ ලොකු හිනාවක්.


    "මගේ ජීවිතේ මට හම්බවුනු ලොකුම උදව්ව මේකයි අනගි.. උඹට කොහොම තෑන්කස් කරන්නද මන්දා.. උඹ මං ගාව ඉන්නවා කියනෙක මගේ හිතට මාර ෆිට් එකක්..."


    සජීවන් ඇවිත් මගේ අත බදාගත්තා...


    "ඒක අමතක කරලා දාපං සජී.. හොද එකා වගේ මේ සතියෙම වරාපිටිය හම්බවෙන්න ගිහින් වෙඩින් එක ගැන කතා කරගනින්... ඌ දිගටම අකමැති වුනොත් අපි ඉරෝමිව උස්සමු. කතන්දරේ ඉවරනේ.. හැබැයි ඕකා විශ්වාස කරන්න බැරි දෙපත් නයෙක්.. උඹ පරිස්සමි වෙයන්.."


    "ඒක තමයි අනගි අපිත් බැලුවේ.. පුළුවන් තරම් ඉක්මනට මුගෙයි ඉරෝමිගෙයි වැඩේ කරලා දැම්මා නම් ඉවරයි.. වරාපිටිය කාරයා මොනාවා කරන්න හිතන් ඉන්නවද කියලා දන්නෙ නෑ නේ.."


    "ඒවා ගැන උඹලා බය වෙන්න එපා.. ඌ සජීවන්ට අතක් උස්සලා තිබ්බොත් ඉතින් සොරිම තමයි.. මාමණ්ඩි වුණාට කරන්න දෙයක් නෑ සජී.. මිනිහා ක්ලෝස්.. එහෙනම් දෙයියා අපි යමුද..?"


    බයික් එක ස්ටාර්ට් කරලා දෙයියගෙ මූණ දිහා මං බැලුවා. දෙයියා පට ගාලා බයික් එකට නැග්ගා.


    "ඔන්න ඔක්කොටම යන්නම් කිව්වා... සජී මගේ මොබයිල් ෆෝන් එකට කතා කරපං.. විස්තර එක්ක.."


    කට්ටිය උගෙන් වෙන්වෙලා ගියා. මායි, දෙයියයි ගෙදර එන්න පිටත් වුණා. ඒත් හුගාක් දුර එනකන් දෙයියා වචනයක් කතා කලේ නෑ.


    "මොකෝ දෙයියා සයිලන්ස්"


    "මේ කරන වැඩ වලින් ලොකු මහත්තයටත් නරක නාමේ. එනවා බේබි මහත්තයෝ මේවයින් ඩිංගක් ඈත් වෙනවා නම් තමයි හොද"


    "දෙයියා මට කියන්නෙ යාළුවෙකුට උදව් නොකර ඉන්න කියලද..? පව්.. ඌ අහිංසක කොල්ලෙක්.. මට පණ වුණත් දෙයි.. අනික මට අර වරාපිටිය කාරයගෙ පඩ ෂෝ එක දිරවන්නෙම නෑ"

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං කිව්ව දේට දෙයියා මුකුත්ම කිව්වෙ නෑ. ගෙදර ඉස්සරහා ලොකු යකඩ ගේට්ටුවෙන් ඇතුළට බයික් එක දාලා පෝටිකෝව යටට ආපු ගමන් දෙයියගෙ කටට පණ ආවා.

    "හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා වගේ බේබි මහත්තයා"


    "ඇයි....??"


    "ඇයි අහන්නේ.. ලොකු මහත්තයා අර සාලේ කැරකෙන තාලෙන් හිතාගතහැකි මොනවද වෙලා තියෙන්නෙ කියලා.."


    සන්ග්ලාස් දෙක ගලවලා දෙයියගෙ අතට දෙන ගමන් මම ගෙට ඇතුල් වුනා.


    "අනගි.... ඔහොම නවතිනවා.."


    තාත්තට හුරු පුරුදු, ගොරෝසු, ගාම්භීර කටහඩින් මුළු සාලෙම දෙදරලා ගියා. ඒත් ඒක අදාලා වුණේ සාලෙට විතරයි. මං එක සීරුවට තාත්තා දිහා බැලුවා.


    "මේ ඔයා කරන නොසන්ඩාල වැඩ වලින් මටත් පාරෙ බැහැලා යන්න බෑ.. ඔයා මොන එහෙකටද අර වරාපිටිය මහත්තයගෙ දූගේ වෙඩින් එක මැද්දට පැන්නේ.. අද උදේ ඔය යනකොට මං දැනගත්තා මොකක් හරි ජල්ලියක් අල්ලන්න තමයි යන්නෙ කියලා... ඇත්තටම ඔයාට හැදිච්චකමක් කියලා දෙයක් ඩිංගක්වත් නැද්ද අනගි..?"


    දෙයියො කිව්වා වගේ හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා තිබුණා. තාත්තා බුම්මලවරම අතට ගත්තු කපුවා වගේ ආවේස වෙලා.


    "මං කෙරුවෙ හරි දෙයක් තාත්ති.. එතෙන්ට දෙන්න තිබ්බ හොදම උත්තරේ ඒක තමයි"


    "ඒ මනුස්සයට සෙනග කන්දරාවක් මැද්දෙ ලැජ්ජ කරලා.. ඔයා චිත්‍රපටිවල වගේ වීරයකෙ චරිතෙ රගපාලා.. තව මෙතන කරපු දේ හරිය කියල කියන්නත් එනවද අනගි...? කතා කරනවා.."


    තාත්තා අද එන්නෙම හරහට කියලා තේරුණ නිසා මං දෙයියා දිහා බැලුවා. ඇගිල්ලක් කට මැද්දට තියලා කතා කරන්න එපා ඉගිය දෙයියා මට දුන්නා. ඒත් තාත්ති ඉස්සර සද්ද වහලා ඉන්න තරම් මානසික තත්වයක් ඒ වෙලාවේ මට තිබ්බේ නෑ. ඒ දේ දෙයියත් තේරුම් ගන්න ඇති. මොකද අද වෙනකන් සිද්ධ වෙච්ච හැම සිද්ධීයකදීම වගේ තාත්තිව නක්ට්‍රෝල් කරන්න දෙයියට පුළුවන් උනත් මාව කන්ට්‍රෝල් කරන්න දෙයියට බැරි වුනා. ඒකමයි මේ වෙලාවේ දෙයියා මගේ ලගට ආවෙ නැත්තේ.


    "අනිත්තෙක තමයි ඔයා දන්නෙ නැතිවුණාට වරාපිටිය කියන්නෙ මගේ ළගම හිතවතෙක්.. අපේ පක්ෂෙ හොදම සපෝටර් කෙකේ.. මාව දිනවන්න වැඩියම දරදිය ඇද්දෙ ඒ මිනිහා.. ඔයා ඔය කරපු වැඩෙන් මං කොහොමද වරාපිටියගෙ මූණ බලන්නේ. ඊලග ඉලෙක්ෂන් එකේදි වරාපිටිය මාව අතාරින එක ගැන අහන්න දෙයක් නෑ. ඔයා අද හවසම ගිහින් වරාපිටියගෙන් සමාව ගන්න ඕන"


    තාත්තා කියන් ගිය දේවල් වලට මට හිනාවක් ආවා.. ඒ හිනාව මැද්දෙන් ඉබේටම වගේ මගේ ඔළුව ඩිංගක් ගැස්සුනා. මොනවා හරි දේකට මං එකග වෙන්නැති වෙනකොට ඉබේම වගේ සිද්ධ වෙන ඒ දේ ගැන තාත්තා වගේම දෙයියත් හොදින් දැනගෙන හිටියා.


    "සමාව ගන්න.. මේ මම...? පාර්ලිමන්ට් එකේවත් කතා කරන්නෙ නැති වචන මෙතනට එපා තාත්ති.. කාට කොන්දක් නැති වුණත් මට කොන්දක් තියෙනවා. මං තියා මගේ බල්ලවත් වරාපිටිය ළගට යන්නෙ නෑ. යතොත් යන්නෙ ඌට තව දෙක තුනක් අනින්න."


    "අනගි.."


    තාත්තගෙ කටහඩ මහා සද්දෙට මගේ කණ ගාවින්ම ඇහුණා. ඒ සද්දෙට දෙයියා ගැස්සිලා ගියා. ගේ ඇතුලේ ඉදපු ප්‍රයිවට් සිකියුරිටි පොරවල් ටිකත් සාලෙට එබිලා බලනවා මං දැක්කා.


    "මා...මාව කේන්ති ගස්සන්න එපා අනගි.. මං මේ අන්තිම වතාවට හොදින් කියන්නේ.. මගේ ඉවසීම පරික්ෂා කරන්න එපා.. හ්ම්.. දැනට ඔය කතාව නවත්තලා දාමු. ඔයිට වැඩිය වැදගත් කතාවක් මට ඔයත්තෙක්ක කතාබහ කරන්න තියෙනවා"


    තාත්තගෙ මූණේ උතුරලා ගියපු කේන්තිය බොහොම අමාරුවෙන් හංගගෙන තාත්තා කතා කරා. ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ. මං ගැන, අකීකරු පුතෙක් විදියට තාත්තාගේ හිතේ ඇතිවෙලා තියෙන හැගීම අයින් කරන්න මට කිසිම ඕනකමත් තිබ්බෙ නෑ. ඒ ඕනෑ නැතිකම තේරුම් අරගෙන දේශපාලකයන්ගෙ නියම ගතිය දාලා තාත්තා කතාවේ පීල්ල මාරු කරා. ඒත් තවත් කියන්න දේවල් ටිකක් මටත් තිබුණා.


    "තාත්තිමයි කතාව පටන් ගත්තේ.. මම නෙමෙයි.. ඉතින් ඒක තාත්තිම නවත්තපු එක හුගක් හොදයි. මොකද මටත් ඒ කරන් ගියපු කතාව දිරවන්නෙ නෑ.. හොදයි දැන් මොකක්ද ඔය අනිත් වැදගත් කතාව..?"


    "මං ඔයාට බදුල්ලෙ එම්.පී.ගෙ දුවව කතා කරලයි තියෙන්නේ. අපි එහේ යන්න දවසක් දාගන්න ඕනේ.. ඔයාට කවදද ලේසි..?"


    "ඔය සබ්ජෙක්ට් එක නම් මට ඒ තරම් වැදගත් නෑ තාත්ති.."


    මං කිව්ව දෙයින් මෙච්චර වෙලා බලෙන් ආරූඪ වෙලා ඉදපු සන්සුන් බව තාත්තගෙ මූණෙන් ගව් ගානක් ඈතට ගියා.


    "එහෙනම් මටද මිනිහෝ ඒක වැදගත්...?"


    "තාත්තිට වැදගත් හිනදනේ යෝජනාව කෙරුවේ. මගේ හිතට හරියන කෙල්ලව හම්බවුන දාට මං තාත්තිට කියන්නම්. නැතුව මේ පක්ෂෙට නාමයෝජනා බාරදෙනවා වගේ තැන තැන කාලකන්නි වෙච්ච ගෑණුන්ව මගේ කරේ ගහන්න එපා.."


    තාත්තගෙ මූණ තද දම්පාටට හැරුනා. ඒ කියන්නෙ තාත්තිට ආයෙ මළ පනින්න දෙයක් නෑ. මේ තමයි උපරිමය. දැන් ඉතින් මොනවයි මොනවා වේවිද කියලා හිතන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ.


    "උඹට ඕන විදියට නටන්න මෙතන ඉඩ දෙන්න බෑ අනගි.. උඹ ඉන්න ඕන මං කියන විදියට. නැතුව උඹට ඕන විදියට නෙමේ.. තේරුණා නේ.. උඹට ඕන විදියට ඉන්න නම් මෙතනින් එළියට ගිහිල්ලා එහෙම ඉන්න පුළුවන්.. හැබැයි මේ ගේ ඇතුලෙදි නම් නෙමෙයි."


    තාත්තා ඒ කිව්ව දේ ඇත්තටමද කියලා තේරුම් ගන්න මං ඒ මූණ දිහා බලන් හිටියා. කේන්තියක මං සලකුණු මිසක වෙන කිසිම දෙයක් මං දැක්කෙ නෑ. ඒ හදවත උඩින් මවහත් පිහිතලයක් ඇදිල යද්දි දැනෙන වේදනාව මට දැනුනා. ඒ වේදනාව පිටින්ම මං ලොකු තීරණයක් ගත්තා.


    "ඒ.. ඒ කිව්වේ මට යන්න කියලා නේද...? තාත්ති.. ඔව් කියපු දේ හරි.. හිතට එකග නැතුව මේ මාළිගාවේ ඉන්නවට වැඩිය හිතේ ෆිට් එකක් ඇතුව මෙතනින් අයින්වෙලා යන එක මටත් ලොකු දෙයක්.. මං දැනන් හිටියා තාත්ති කවදා හරි අන්තිමට ඔතනට තමයි එන්නෙ කියලා.."


    "උඹ කැමති විදියකට හිතාගනින් අනගි.. මම දුන්නෙ මගේ තීරනේ. මගේ වචන වලට උඩින් යන එකෙක් මං ගාව තියාගෙන මට වැඩක් නෑ. ඒක ට කවදා හරි අවාසි සහගත වෙන්න පුළුවන්.."


    "තාත්ති හැමදේම තීරණය කරන්නෙ දේශපාලනය අනුව.. කමක් නෑ.. තාත්තිගෙ තීරණේ ඕන නම් මං මගේ තිරණෙත් ගන්න ඕනනේ.."


    තාත්තිගෙ මූණටම කියලා මගේ මගේ කාමරේට ආවා. බිත්ති කබර්ඩ් එක උඩ තිබ්බ ලොකු ට්‍රැලින් බෑග් එක අරන් අතට අහුවෙච්ච අහුවෙච්ච ඇදුම් ටික මං ඒක ඇතුලට එබුවා. බෑග් එකත් අරගෙන මං සාලෙට යනකොට තාත්තයි, දෙයියයි මූණෙන් මූණ බලන් ගල් ගිල්ලා වගේ හිටියා.


    " බේබි මහත්තයා මොනවද මේ කරන්නේ...? ගෙදරින් යන්න තරම් දෙයක් මෙතන වුණේ නෑ නේ.. දෙයියනේ...!!! තව ඩිංගක් ඉවසමු මහත්තයෝ..."


    දෙයියා ඇවිත් මගේ අතේ එල්ලුනා.. තීරණයක් ගත්තාම ඒක හරි වුනත්, වැරදි වුනත් ඒ තීරණේ වෙනස් කරන්නෙ නැති පුරුද්දක් පුංචි කාලේ ඉදලම මං ගාව තිබුනා.. දෙයියා උනත් ඒක දන්නවා..


    "බෑ දෙයියා.. මෙච්චර දවසකුත් මං ඉවසන් හිටියෙ හුගාක් අමාරුවෙන්.. අද ඒක පුපුරලා ගියා. ඒ පුපුරපු දේවල් වලට මගේ හිතත් අයිතියි. පුපුරපු හිතත් එක්ක ඒක පුපුරවපු අයත් එක්ක මට මෙහේ ඉන්න බෑනේ... අන්න හරි බෑ තමයි... උඹවත් මං ගැන තේරුම් ගනින්.. මගේ රත්තරං අම්මිවත් මට නැතිවුනේ තාත්තිගේ දේශපාලනේ හින්දා. ඒ දේම තාත්තිට මාවත් නැතිකරන්නයි හදන්නේ."


    "අනගි... මෙතනට අම්මා ගැන අදින්න එපා.."


    තාත්තිගෙ දුර්වලම තැන තියෙන්නෙ කොහෙද කියලා මම දැනගෙන හිටියා. හොදටම දැනගෙන හිටියා. එතෙන්ට පහර දීළා තාත්තිව කොයිතරම් රිද්දන්න පුළුවන් වගේම වට්ටන්නත් පුළුවන් කියලා මං දැනගෙන හිටියා. ඒත් අද මට ඕන වුනේ ඒ දෙකම නෙමෙයි.


    "අම්මි ගැන මං අදින්නෙ නෑ තාත්ති. ඒත් අම්මි ගැන හැම මතකයක්ම මගේ හිත ඇතුලේ හැමදාටම හැංගිලා තියෙනවා.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඔය හඩු ගද ගහන දේශපාලනේ කරලා වීරයෙක් වෙනවට වැඩිය මගේ අම්මිව, තාත්තිගේ කසාද ගෑනිව මේ ගෙදරට ගෙනැල්ලා මනුස්සයෙක් වෙන්න බලනවා නම්, අන්න ඒ දේ රත්තරං වටිනවා.. මං යනවා...."


    වදින්න ඕන හොදම තැනට මම පහර දීලා තිබුනා. ඒ වැදිච්ච පාරේ සැරකටම තාත්ති ලොකු සැටියේ වාඩි වුනා. මාපටැගිල්ලයි, මැද ඇගිල්ලයි අරන් නලල දෙපැත්ත හයියෙන් මිරිකගන්න ගමන් තාත්ති මං දිහා බැලුවා. ඒත් ඒ වෙනකොට මං ට්‍රැවලින් බෑග් එක අරන් ගේ ඉස්සරහා පඩිපලෙත් බැහැලා ඉවරයි..


    "මගේ පුතා මාව තේරුම් ගත්තෙ නෑ දෙයියා.. කමක් නෑ.. කේන්තිය නිවිලා ගියහම ආයෙත් ඒවි.. මාත් කතා කෙරුවා වැරදියි.. මොන දේටත් දැන් මගේ කියලා ඉන්නෙ එච්චරයි.. ඒ දේ නැතිකරගන්න මට බෑ"



    ෴මතුසම්බන්ධයි෴

    http://www.mediafire.com/?nw07e7uzpybobii
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover.jpg




    2

    වැස්ස තාමත් ඉවරයක් නෑ. පළාතම හේදෙන්නද කොහේද දෙක වෙන්න වහිනවා. බාගෙට දිරලා ගියපු බස් හෝල්ටෙකේ මුල්ලකින් ට්‍රැවලින් බෑග් එක තියලා මං ඒක උඩින් වාඩිවුණා. කලින් ආපු ප්‍රයිවෙට් කබලෙ හිරවෙලා ඇවිත් කොන්දත් එක්ක රිදෙනවා. කවදා බස් එකක ගියපු ගමනක්ද..? යන්න තියෙන්නෙත් තව ටික දුරයි. ඒක යන්න විදියක් නැති වුණාම මුළු ඇගේම මාලු නටනවා. ඇයි දෙයියනේ මේ පැත්තෙ එක බස් කට්ටක්වත් නැද්ද..? අඩුම ගානේ ත්‍රීවිල් එකක්වත්...? ශිහ්... තරුමෙ කියන්නෙ තාත්තිත් එක්ක කොක්ක දාගත්තෙ අන්තිම නරක වෙලාවක. එහෙන් පැලෙන්න වහිනවා. මෙහෙන් යන්න විදියක් නෑ. බයික් එකවත් අරන් ආවා නම් තෙමි තෙමී හරි යන්න තිබ්බා. තියෙන තදියමට ඒකත් අමතක වුණානේ. ටිකකින් මගේ තනියට වාගේ වයසක පහේ මනුස්සයෙක් අර මහා වැස්සෙ ආසාවට වගේ තෙමි තෙමී ඇවිත් බස් හෝල්ට් එක අස්සට රිංගුවා. මිනිහගෙ ඇගේ තෙමිච්ච නැති තැනක් හොයන්න අමාරුයි. ටිකකින් ඒ මිනිහා කලු පත සුරුට්ටුවක් එළියට අරන් ඒක උරන්න ගත්තා. වැඩිම උනොත් තත්පරයක් දෙකක් යන්නැති.. සුරුට්ටු දුමෙන් මුළු පලාතම පිරිලා ගියා..


    "මූ කක්කුස්සියක් කඩලා බොනවද දන්නෙ නෑ.. මේ තරම් ගද."


    තරහා වැඩි කමට හිතට හිතෙන්නෙත් ගද ගහන ඒවම තමයි. තාමත් බස්සෙකක් පේන මානෙකවත් නෑ. මෙලහකටත් 'නවෝදි' ගෙදර ඉදන් මං එනකන් බලාගෙන ඇති. දැන් දෙකේ කෑලිත් නෑ. ආයෙ හෝදන්න දෙයක් නෑ. ඒකි අපේ හත්මුතු පරම්පරාවම මතක් කරනවා ඇති. ඒ ඔක්කොම හරි මේ යකාගේ සුරුට්ටු ගද හින්දා ඔලුවත්තෙක්ක කකියනවා.


    "ෂිකට ෂිකේ.. නගර සභාවෙන්වත් ඇවිත් දෙකක් ඇනලා මූව අරන් යන්නෙ නැති එකනේ වැඩේ කියන්නේ.."


    මූණු පුළුවන් තරම් හතරැස් කරගෙන මං ඒ වයසක මනුස්සයා දිහා බැලුවා. මගේ බැලිල්ලටවත් මූ සුරුට්ටුව බොන එක නැවැත්තුවොත්.. කොහෙද.. මං දිහා හොදට බලලා මිනිහා ආතල් එකේ සුරුට්ටුව දිගටම අදින්න ගත්තා.. මූට ගහනවද නැද්ද..? මං ඩිංගක් කල්පනා කරා. තව එක ඩම් එකක් හරි ඇද්දොත්, ගැහුවා.. සලාං.. බලාං.. තමයි.

    "මහත්තයා වෙලාව කීයද..?"


    ඒ හඩ ආවෙ කොහෙන්ද කියලා මට මුලින් තේරුනේ නෑ. වැස්ස හින්දම සද්දෙත් අඩුවෙලා. මං අර මිනිහා දිහාවට හැරුණා. පොර ඇහිපිල්ලමක්වත් ගහන්නැතුව මං දිහා බලන් ඉන්නවා. තැනින් තැන සුදදුපාට වෙලා තිබ්බ රැවුල් කොටයි, සුරුට්ටුම බීලා කලුපාට වෙච්ච තොල් දෙකයි, බුලත් විටම හපලා පඩික්කමක් වචේච කටයි, මිනිහගෙ තිබ්බ මුස්පේන්තුකමයි මට පෙන්නුවෙ සතර පෙර නිමිති.


    "මේකෙ වෙලාව නැවතිලා..."


    මං කියලා දැම්මා. මූ නිකං වෙලාව ඇහුවෙ ප්‍රවෘත්ති සාකච්ඡාවකට යන්න වගේනේ.. හම්පඩයා.


    "වෙලාව නැවතිලා නම් ඇයි මහත්තයෝ ඕක බැදගෙන ඉන්නේ..?"


    කහට ගැහිච්ච දත් සෙට් එක විරිත්තලා මිනිහා මගෙන් ඇහුවා.. මට නේද.. ආපු කේන්තිය ගැන කියන්න වචන නෑ..


    "මුගේ වයස හින්දා ඉවසන්න වෙනවා.. මෙච්චර නාකි වෙලත් මූ ගේම ඉල්ලන එකනේ වැඩේ.."


    මූ දිහා බැලුවොත් මූට ගහන්නමයි හිතෙන්නේ.. නාකි වුනාට ඌට තිබ්බෙ ගුටි කන මූණක්. මං පොර දිහා බැලුවා. ඒ පාර නම් දෙයියො බැලුවා වගෙ බසයක් පාරෙ එහා කොනෙන් මතුවෙනවා මං දැක්කා.


    "තව ඩිංගක් වෙලා හිටිය නම් මූ මගෙන් ගුටි කාලා මට පොලීසි ගානෙත් රස්තියාදු වෙන්න වෙනවා.."


    බස්එකට නගින ගමන් එහෙම හිතලා මං මිනිහා දිහා බැලුවා. කිසිම ගින්නක් නෑ වගේ මිනිහා ආතල් එකේ සුරුට්ටුව අදිනවා මං දැක්කා. බස් එකෙන් බැහැලා ගිහින් ඌට දෙකක් අනින්න තරම් මට හිතුනා. ඒත් ඉතින් බස් එකක් එන්නේ හුග වෙලාවකින් හින්දා මං වැඩේ අතෑරලා දැම්මා.


    ***************************


    නවෝදිගෙ ගෙදරට මං යනකොට හතර විතර වෙලා. එතකොට වැස්ස පායලත් ඉවරයි. මාව දැක්ක ගමන් නවෝදිගෙ මූණට ආවෙ ලොකු හිනාවක්. ඒ මූණේ තියෙන හුරතල් කම..


    "හොදයි ආපු වෙලාව.. මං කීයෙ ඉදන්ද බලන් ඉන්නේ..?"


    මගේ ට්‍රැවලින් බෑග් එක අතට ගන්න ගමන් නවෝදී කිව්වා. අර හිනාව මැද්දෙන් ලොකු නෝක්කාඩුවක් ඒ මූණෙ පායලා.


    "කීයෙ ඉදන් හිටියත් මට කමක් නෑ හරී.. බස් නැත්තනං මට මැරෙන්නද කියන්නේ..?"


    "උඹ ඔය ආපු ගමන්ම මාව කුලප්පු කරන්නයි හදන්නේ.. ඔන්න අම්මියි, මායි උඹට උඩ කාමරේ ලෑස්ති කරා.. උඹ කැමති විදියටම.."


    මම මහන්සියෙන් හෙම්බත් වෙලයි තිබුනෙ. දන්න කියන කාලෙක මෙහෙම ලෝඩ් වෙච්ච බස්සෙකක ඇවිත් තිබුණෙ නෑ. සාලෙ මැද්දෙම වගේ ළගදි ගත්තු නවෝදිගේ කැබිනට් ප්‍රමාණේ ජායාරූපයක් තියලා තිබුනා.


    "මං එහෙනම් හිත රිද්දගෙන අන්තිමට ආවෙ මෙහෙට.. ඊට පස්සේ..?"


    නවෝදිගෙ පොටෝ එක දිහා බලන් ඉන්න ගමන් මං දිගටම හිතුවා. හිටපු ගමන් කතාබහත් නැවතුන හින්දා කොහෙද නවෝදිත් අවුල්වෙලා හිටියෙ.


    "උඹ හුගක් කල්පනා කරනවා අනගි.."


    "ඒක නෙමේ මොකද අම්මි පේන්න නැත්තේ..?"


    නවෝදිගෙ ප්‍රශ්නෙ මග හරින හොදම ක්‍රමේ මං දැනගත්තා.


    "උඹට කෑම එහෙම හදලා තියලා වොෂ් එකක් දාගන්න ගියා.. උඹ කාමරේට පලයංකෝ.. මං අම්මි එක්ක එන්නම්.."


    ට්‍රැවලින් බෑග් එක නවෝදිගෙන් ආපහු අරගෙන මං පඩිපෙල නැග්ගා. හිත ඇතුලෙ තිබ්බ නොසන්සුන්කම හින්දද කොහෙද මට ලොකු මහන්සියක් නැදුනා. නගින්න තිබුණු පඩියෙත් ටිකක් නගින්න මට අමාරු වුනා. ඒ හින්දමයි සිමෙන්ති පඩියක් උඩින් මම වාඩිවුනේ. තාත්තිත් එක්ක රණ්ඩුවෙලා මං මේ ආවේ එන්න ඕන ගමනක්ද කියලා මට හිතුණා. මෙහෙම ගියොත් නවෝදිත් මං හින්දා අමාරුවෙ වැටෙනවා..


    "ආ... අනගි මොකද මේ...? උඹට මහන්සිද..?"


    පඩිපෙළ පහලින්ම නවෝදි මතුවුණා. සිනා මලක ආරම්භය පටන් අරන් තියෙන ඒ මුණ දිහා මං බලන් හිටියෙ ආසාවෙන්. හෙමින් සීරුවෙ මං ළගට ඇවිත්, නවෝදි එයාගේ දකුණු අත මට දික්කරා. ඒ අතේ එල්ලිලා මං හිටගත්තා.


    "මොකද බං මේ මූණෙ හැටි.. ඩිංගක් හිනාවෙලා ඉදපංකෝ.."


    උඩ කාමරේට මාවත් තල්ලුකරගෙන යන ගමන්. නවෝදි කිව්වා.. තනි ඇදකින්, බිත්ති කබඩ් එකකින්, ලොකු මේසෙකින් තවත් අත්‍යවශ්‍ය බඩු ගොඩකින් ඒ කාමරේ පිරිලා තිබ්බා. කාමරේ ඇතුලෙ තිබ්බ පිළිවෙලා හින්දම මගේ හිතට ආවේ ලොකු සතුටක්.


    "උඹ හුගක් මහන්සිවෙලා තියෙනවා.."


    "උඹ මට කරලා තියෙන උදව් වල හැටියට එහෙම නැතුව බෑ.. හ්ම්.. දැන් හොද එකා වගේ චේන්ජ් එකක් දාගනිං. ආ.. ඔය අම්මිත් එනවා ඇහෙන්නෙ.."


    මං දොර දිහා බැලුවා. මූණ පුරාම ලොකු හිනාවක් රදවගෙන දොර ගාව හිටියෙ නවෝදිගෙ අම්මා.


    "කොහොමද පුතා..? හුගක් මහන්සි පාටයි වගේ කියලා නම් පේනවා. අපේ එක්කෙනා නම් උදේ ඉදන්ම බලන් හිටියෙ හැබැයි පුතාට දැන් තමයි කනක් ඇහිලා ඉන්න නැතිවෙන්නේ.."


    නවෝදි දිහා බලලා ඇන්ටි කිව්වා. හිත සන්සුන් නැති වෙලාවෙ ප්‍රශ්න අහන්නැතුව ඉන්න තරමෙ හොද පුරුද්දක් ඇන්ටිට තිබ්බා. ඇත්තටම ඇන්ටි මං ගැන හුගාක් දේ තේරුම් අරගෙනයි තිබුණෙ. අම්මගෙ ආදරය පුංචි කාලෙදිම නැතිවුණ මට නවෝදිගෙ අම්මගෙන් ලැබුණු ආදරය රටකටත් වැඩිය වටිනාකමක් තිබ්බෙ ඒකයි.. නවෝදිත් අම්මත් කාමරෙන් ගියාට පස්සෙ මං බාත්රූම් එකට රිංගගත්තා. විනාඩි හතලිහක් විතර වතුරත් එක්ක සෙල්ලම් කරලා මං කාමරේට එද්දි මෙන්න නවෝදි ඇද උඩ.


    "උඹ හුගක් කෙට්ටු වෙලා අනගි."


    නවෝදිගෙ කටහඩේ මහ දුක්බර ගතියක් තිබුනා. මගේ හිත ඒ විත්තිය අදුනගත්තත්. ඊළගට කියන්න ඕන මොනවගේ දෙයක්ද කියලා මට තෝරබේරගන්න බැරුව ගියා.


    "කෙට්ටු වුණ එක නම් ඒ තරම් අවුලක් නෑ බං. දවස් දෙක තුනක් හොදට කෑවා නම් ඇග හැදෙයි. උඹ දන්නෙ නෑ නවෝදි.. හිත රිදෙන හුගක් දේ වුණා. ගොඩක් ඒවා විදදරාගන්න අමාරු ඒවා."


    නවෝදිගෙ ඇස්දෙක ලොකු වෙනවා මං දැක්කා. ඒ තොල්පෙති මොනවා හරි කියන්න උත්සාහ කරනවා කියනඑක මට තේරුනා. ඒත් එයා මොකුත්ම කිව්වෙ නෑ. ඒක හින්දා මං නවෝදි ළගින්ම ඇදේ වාඩි වුණා..


    "මගේ හිතට හිතෙන දවසක් වෙනකන් මම මෙහේ ඉන්නවා. උඹේ අම්මයි, තාත්තයි ඒ ගැන කොයි විදියට බලාවිද කියලා මං දන්නෙ නෑ. මං ඉන්නවට, කනවට, බොනවට මං උඹට සල්ලි දෙනවා.. හැබැයි.."


    එතනින් එහාට වචනයක්වත් කියන්න හම්බ වුණේ නෑ.. නවෝදිගෙ රෝස පාට ඇගිලිවලින් මගේ කට වැහුණා.


    "උ.. උඹ හදන්නෙ මාව අඩවන්නයි අනගි.. හැමදාම උඹ ඔහොමමයි. ආවොතින් එදාට මාව අඩවනවා. උඹට ඕන තරම් කල් මෙහේ ඉන්න පුළුවන් විත්තිය දැන දැනත් සල්ලි කතා අදින්නෙ ඇයි අනගි. මගේ අම්මයි, තාත්තයි ගැන උඹ හොදට දන්නවනේ. මං කරන කියන දේකට එයාලා කවදාවත් විරුද්ධ වෙලා නෑ කියලා. දැන් මට හොද එකා වගේ කියපං මොකක්ද ප්‍රශ්නෙ කියලා. තාත්තිත් එක්ක ආයෙත් අවුලක්ද..?"


    නවෝදිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. රතු පාටට හැරිලා තිබ්බ ඒ සොදුරු ඇස් දෙක දැක්ක ගමන් මගේ හිතට ආවෙ ලොකු පසුබෑමක්. දුක ඉස්සරහා ලොකු පවුරක් වගේ ඉන්න මේ පුංචි කෙල්ල ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු ආදරයක්.


    "උඹ ගැන මං හුගක් දේ දන්නවා. මං වටේ ඉන්න කොල්ලො ගැන්සියත් මං ගැන හුගත් දේ දන්නවා.. ඒත් උඹවත්, කොල්ලො ගැන්සියවත් නොදන්න හුගක් දේ තව තියෙනවා.. හැමෝම හිතන්නෙ මං මේ තරම් සතුටෙන්, සනීපෙන් ඉන්න එකෙක් මුළු ලංකාවේ කොහේවත් නෑ කියලා. ඒත්.. සල්ලිවලට කරන්න බැරි දේවල් හුගක් තියෙනවා කියලා ඩිංගෙන් ඩිංග මගේ හිතට තේරෙද්දි මගේ හිතට සතුටක් එන්නෙ කොහොමද.. බං..?"


    මෙච්ච වෙලා උරහිස උඩ තිබ්බ තුවාය මං ටවල් රැක් එකට විසි කලා. හිත ඇතුලේ පැසව පැසව තියෙන මේ තුවාලෙ කවදා හොද කරන්න පුළුවන් වේවිද කියලා මං දැනන් හිටියෙ නෑ. ඒත් තමන්ගෙ ජීවිතේ හුගාක් දේවල් කාත්තෙක්ක හරි කියලා තියෙනවා නම් ඒ දේට පස්සේ හරි වටිනාකමක් ලැබෙනවා කියලා මං දැනන් හිටියා.


    "තාත්ති මට ප්‍රපෝසල් එකක් ගෙනල්ලා."


    මගේ කටහඩේ තිබ්බ කලකිරීම නවෝදිගේ හිත ඇතුලටම වැදුනා කියලා මට දැනුනා..


    "උඹ මොකද කිව්වේ...?"


    "කියන්න තරම් දෙයක් මට තිබ්බෙ නෑ. තාත්ති හදන්නෙ මාව කරත්තෙට බැදපු ගොනා වගේ කොටු කරලා දාන්න. එතකොට එයා නිදහස් නේ. එයාට පිට ලෝකෙට කියන්න පුළුවන් නෙ, මගේ එකම පුතාට මං පුළුවන් තරම් ඉහළ තැනකින් කටයුත්තකුත් කරලා දුන්නා කියලා. මං මොනවද මගේ දරුවට නුදුන්නෙ කියලා එයා හැමෝගෙන්ම අහවි. මං හැමදේම මගේ දරුවට දීළා තියෙනවා.. යාන වාහන, දේවළ, ඉඩකඩම්, ඇති තරම් සල්ලි.. එත්.. ඒත්...?"


    කියාගෙන කියාගෙන ගිහිල්ලාමං නැවතුනේ හති අරින්න.. නවෝදිගෙ ඇස් දෙක ලොකු වෙලා. කියාගන්න බැරි තරම් දුකක් ඒ මූණ මැදට ඇවිල්ලා තිබුණා..


    "ඔ.. ඔය මං කියපුවා ඔක්කොම ඇත්ත.. තාත්ති මිනිස්සුත් එක්ක ඔහොම කියනවා මගේ කන් දෙකටම ඇහිලා තියෙනවා. ඒත් මට තාත්ති දුන්නෙ නැති එකම දෙයක් තියෙනවා. නවෝදි.. මං ඒ ගැන මීට ඉස්සරත් කියලා තියෙනවා. පුතෙක්, තාත්තා කෙනෙක්ගෙන් බලාපොරෝතු වෙන ආදරේ එයා මට දුන්නෙ නෑ. ඒ දේ ආයෙ මට හම්බ වෙන්නෙ නෑ කියලා මං දන්නවා.. උඹ දන්නෙ නෑ මට හොදට මතකයි. ඔව්.. හොදට මතකයි.. මගේ අම්මා මාව බලා ගත්තෙ මලක් වගෙයි.. ඒත් මට අවුරුදු හතරක් වෙද්දි මගේ අම්මට මාව දාලා යන්න සිද්ධ වෙන තැනට මගේ තාත්ත වැඩ සිද්ධ කරා.."


    ලතාවකට උස් පහත් වෙන නවෝදිගේ ළය මඩලින් ඇස් අහකට අරන් මං එයාගෙ මූණ දිහා බැලුවා. ඒ ඇස් දෙක තෙත්වෙලා තියෙනවා මං දැක්කා.


    "සල්ලි වලට හැමදේම කරන්න බෑ කියලා උඹලගෙ තාත්තට තේරෙන්නෙ නෑ අනගි. ඒක වෙන්නැති ඔහොම හැසිරෙන්නෙ.. මං ඒත් පුදුම වුණා අර තරම් වාහන තියාගෙන උඹ බස් එකක ආවා කිව්වාම.."


    නවෝදි ඉස්සරහ පෙල ගහන්න හුගක් දේවල් තිබුණ හින්දා මං ටිකක් නිහඩ වුණා. ඒ හැමදේම සීරුවට ගොනු කරගන්න ඕන හින්දා. හිත ඇතුලෙ මේ කැකෑරී කැකෑරී තියෙන දේවල් කවුරු ඉස්සරහ හරි එළියට දාන්න ඕනේ කියලා මට හිතිල තිබ්බෙ අද ඊයෙක නෙමෙයි.


    "වෙන මොකවත් හින්දා නෙමෙයි බස් එකේ ආවේ.. තාත්තිට රිද්දන්න ඕන හින්දා. හැබැයි මං එක දෙයක් තාත්තිට මතක් කිලා දීළා ආවේ. ඒ තාත්ති ළග තියෙන සල්ලි දේපල එයාගේ විතරක් නෙමෙයි කියනෙක.. එතන මගේ රත්තරං අම්මගේ දේවලුත් තියෙනවා කියලා මං මතක් කරලා දුන්නා. මං අද මෙහෙම කාලකන්නියෙක් වගේ තනිවෙලා කියලා මගේ අම්මා දන්නවා නම්, එයා මේ ලෝකෙ කොයි මුල්ලක හිටියත් මේ ලෝකෙ කොයි මුල්ලක හිටියත් මාව හොයාගෙන එනවා කියලා මං දන්නවා.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙච්චර වෙලා ෆිට් එකේ කතාකරන් ගියපු මගේ කටහඩ බිදිලා ගියා. අම්මෙක්ගෙ ආදරේකට හූල්ලන සොදුරුම සොදුරු කදුළු බිංදුවක් මගේ ඇස් උඩම නතර වෙලා තිබුණා.

    "උඹ ඔය ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉදපං.. හිත හිතා, හිත රිද්දගන්නකොට දුක වැඩියි.. කවුරු නැතිවුනත් මං උඹට ඉන්නවනේ. උඹ කියනවා වගේ එදා වගේම අදත් මං ෆිට්. අපි හිත හදාගෙන ඉස්සරහට මූණ දෙමු. උඹ ඕනේ තරම් කාලයක් මං ගාව ඉදපං. අපේ ගෙදර කාගෙන්වත් ඒකට බාධාවක් නෑ. උඹ ඉන්නෙක මගේ හිතටත් සංතෝස හිතෙන දෙයක් අනගි. උඹ දැක්කමත් හිත පිරෙනවා.."

    එක හුස්මට නවෝදි කියවන් යද්දි ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුලට රිංගුවා. ඇස් දෙකේම කදුළු පිරිලා තියෙද්දි මං ඒකි දිහා බලලා හිනාවෙන්න උත්සාහ කරේ ඒකයි.. එතනින් එයාට හුග වෙලාවක් යනකන් අපි අතරේ කතාවක් බහක් ඇතිබුණේ නෑ.. නවෝදිමයි අන්තිමට ඒ නිහැඩියාව බින්දෙ..

    "උඹේ හිතේ කවුරුහරි ඉන්නවද..?"

    නවෝදි එහෙම ඇහුවෙ බිම බලාගෙන වුණත් හරි උත්තරේ ලැබෙනකං බලන් ඉන්නවා කියනෙක මට තේරුණා. ඒකි ඒ දේ අහපු තාලෙට මට හිනාවක් ආවා..

    "හික්ස්... උඹ ඇහුවෙ කෙල්ලෙක් ගැනනේ...?"

    "ඔව්...."

    "මගේ ලෝකෙ ඉන්නෙ ගෑණු දෙන්නෙක් විතරයි. එක්කෙනෙක් මගේ හොදම යාළුවා උඹ වෙච්චි. අනිත් කෙනා මගේ අම්මා.. අම්මත්තෙක්ක තිබ්බ මගේ මතකෙ හරිම සුන්දරයි නවෝදි.. ඒවා මතක්වෙන හැම වෙලාවකම මගේ හිත හිරවෙනවා.. තාත්තා මාව අම්මගෙන් උදුරගෙන අරන් ආපු දවස මට අද වගේ මතකයි.. තේරුමක් නැති වුණත් ඒ දවස මගේ හිත පුච්චලා දාපු දවසක්. අදටත් මං විදවනවා නවෝදි. තාත්තා මාව අරගෙන කාර් එකට නැග්ගා.. උඹ දන්නෙ නෑ. උඹ දන්නෙ නෑ මගේ අම්මගෙ මූණ මහා වේදනාවකින් විරූප වෙලා තිබුනා. මං ඇදන් හිටපු පරණ කලිසම් කොටයක් අම්මගෙ අතත් දෙකට ගුලිවෙලා තිබුණා. 'අනගි.. මගේ රත්තරං අම්මා' එත්තරයි කිව්වේ.. ඒ වචන තුන ගලක කෙටුව වගේ අදටත් මගේ හිතේ තියෙනවා.. හ්.. හ්.. හ්ග්.."

    දුක රදවලා තියාගත්තු උපරිම සීමාවේ ඉදපු මගේ හිත පුපුරලා ගියා. ගින්දර වගේ ගිනියම් වෙච්ච කදුළු පේළී ගානක් මගේ කම්මුල් දිගේ කඩන් වැටුනා. ඒත් ඒ කදුළු නවත්තගන්නවත්, පිහිදාගන්නවත් ඕනෙකමක් මට තිබ්බෙ නෑ. ලක්ෂ වාරයක් හරි මේ හැමදේම කාටහරි කියලා මගේ හිත සන්සුන් කරගන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ හිතේ තිබ්බා. මං ඔලුව උස්සල බලද්දි නවෝදිගේ කම්මුල් දිගේ කදුළු ගලන හැටි මං දැක්කා.


    "මට... මට අම්මව නැතිවෙලා යනවා කියලා හොදටම තේරුණේ මගේ කලිසම් කොටේ අතින් තදකරන් අම්මා අඩද්දි.. ඒක මහා පුදුම තරම් වේදනාවක්.. මට ඒක වචන වලින් විස්තර කරන්න බෑ.. මේ මගේ පපුව හාරලා බලපං.. මට හදවතක් කියලා එකක් නැතුව ඇති. අද මගේ අම්මා මේ ලංකාවේ කොහේවත් නෑ. මං දුරස් වුණාට පස්සෙ අම්මට ලංකාවේ ඉන්න එපා වුණා. උඹ දන්නවද..? අම්මගෙ ඇදුම් බෑග් එක එයාර්පෝට් එකේදි චෙක් කරනකොට මොනවද තිබ්බෙ කියලා.. මං ඇදපු ඇදුම් වගයක් නවෝදි.. අම්මගෙයි, තාත්තගෙයි තිබ්බ ප්‍රශ්න වලට තැලුණේ පොඩිවුණේ මම. ඒත් එයාලා දෙන්නා තව ටිකක් ඉවසුවා නම්...? අපිට කොයි තරම් සතුටෙන් ඉන්න තිබ්බද.."

    පුංචි කාලේ ලස්සන අතීත මතකයන් එක්ක හිත තනිවෙද්දි තවත් කතා කරන්න තරම් දෙයක් මගේ හිතට ආවේ නෑ. අනිත්තෙක හිත ඇතුලෙ තියෙන ඔක්කොම දුක් කන්දරාව එළියට ආවහම, මුළු හිතම හිස්වෙන එකටත් මං කැමති වුණේ නෑ. පුංචි කාලෙකට හරි වද දෙන්න පුංචි දුකක් හිතෙ තියෙන්න ඕන

    "අදටත් කවුරු හරි කෙනෙක් ඇදුමක් තුරුල් කරන් ඉන්නකොට මට අම්මව මතක් වෙනවා. ඒක හරිම වේදනාකාරී දෙයක්. උඹට මං මේ කියන ඒවා තේරෙනවා නේද..?"

    මෙච්ච වෙලා මං ළග හිටපු නවෝදිගේ උරහිසට අතක් තියන ගමන් මං ඇහුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ ලොකු පසුතැවිල්ලක්.

    "උඹ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මං කරනවා අනගි... උඹ තරම් හොද එකෙක් මගේ ජීවිතේට මට කොහේදිවත් හම්බ වෙලා නෑ. උඹට කවදාවත් වරදින්නෙ නෑ. මට ඒක විශ්වාසයි.."

    "මං ගැන හැමදාම ඔහොම හිතපං නවෝදි.. ඒක මගේ හිතට ලොකු සතුටක්.. උඹ දන්නවද... උඹ දන්නවද.. මට පුළුවන් නම් මං අම්මව බලන්න යනවා. මට ආරන්චියි අම්මා මේ අවුරුද්ද අන්තිමට ලංකාවට එනවා කියලා. මට ඒ මූණ දැකලා මැරුණත් කමක් නෑ"

    මගේ හිතේ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. පුංචි කාලේ වෙන්වෙලා ගියපු තැන ඉදන්, අම්මත්තෙක්ක ආයෙමත් ජීවිතේ පටන් ගන්න මගේ හිතට හොදටම ඕනවෙලා තිබ්බා.. එතකොට මං කොයිතරම් රෑ වෙලා ගෙදර ආවත් ඇහැරගෙන බලන් ඉන්න, මං එනකන් කන්නෙ නැතුව බලාගනෙ ඉන්න අම්මා කෙනෙක් ගෙදර ඉන්නවා කියන එක ගැන හිතන්න හිතන්න මගේ හිත සැහැල්ලු වුනා.


    "මේ හැමදේම උඹත් එක්ක කිව්වාම මගේ හිතේ තිබ්බ දුක අඩුවුණා නවෝදි... මට දැන් ටිකක් නිදාගන්න ඕන.. තවටිකක් රෑ වෙලා අපි කතාව නවත්තපු තැනින් පටන්ගමු.."

    "එතකොට උඹ කන්නෙ නැද්ද..? අම්මි උයලත්නේ තියෙන්නේ"

    "මම නැගිට්ටාම කන්නම් කෙල්ලේ. මං මෙහේ එද්දි මගදි ෂෝට් ඊට්ස් වගයක් ගිල්ලා.."

    ඇදේ හාන්සි වෙන ගමන් මං කිව්වා.. මගේ ඔළුව යාන්තමට වගේ අතගානෙන නවෝදි කාමරෙන් එළියට ගියා. හුගක් දේවල් සිද්ධ වෙච්ච අද දවසෙ සිදුවීම් එකින් එක හිතේ පෙල ගැහෙද්දි ඇස් දෙක නිදිමතෙන් පියවෙනවා මට දැනුනා..



    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෑ වෙලා නවෝදිත් එක්ක කතා කරන්න හිතාගෙන හිටියත් කෑම කාපු ගන් නිදිමතේම මං ඇදට වැටුනා. පව්... නවෝදි බලන් ඉන්නත් ඇති. ආයෙ මං ඇහැරුනේ පහුවෙනිදා පාන්දර. ඒ මගේ සෙල් ෆෝන් එකේ සද්දෙට.

    "හලෝ..."



    "අ... අනගි.. ම.. මං මේ සජීවන් කතා කරන්නේ..."



    ඒ කටහඩේ තිබ්බෙ ලොකු කලබලයක්. ඌ ආයෙත් බාල්දියක් ඇදගෙන වගේ.



    "ඔවු.. මොකක්ද අවුල කියපං..?"



    "උඹ මං හින්දා ගෙදරින් ගියා කියලා දන්නවා.. මං හින්දා ඔච්චර කැප කිරීම් කරන්න එපා බං..."



    "ඒක පැත්තකට දාපං.. මොකද වරාපිටිය ලෙඩක් ඇදලද..?"



    "ඔවු.. මිනිහා පොලීසියේ ඇන්ට්‍රියක් දාලා.."



    "මූව කැවත් මදි නේ.. මං දැන්ම එනවා.. උඹ කොහෙද ඉන්නේ..?"



    "ස්ටේෂන් එක ගාව.. උඹට මං කරදර කරනවා වැඩිද මන්දා.."



    "පිස්සු නොකියා හිටපං.."



    මං ෆෝන් එක ඕෆ් කරා..



    "කවුද අනගි ෆෝන් කරේ...?"



    කිරි එකකුත් අරගෙන මං ළගට ආපු නවෝදි ඇහුවා.. ඒත් එයාගෙ ඇස් තිබුණෙ ජනේලෙන් එළියෙ පාර දිහාට හැරිලා.


    "සජීවන්.. දැන් මං ඌව හම්බවෙන්න යනවා.. ඔයා ඇයි බයවෙලා වගේ..?"



    ඇත්තටම නවෝදිගෙ මූණ අමුතු වෙලා තිබුණා. එයා තාමත් හිටියෙ අර පල්ලෙහයින් පෙනෙන පාර දිහා බලාගෙන.



    "අර කැබ් එක දැන් හුගාක් වෙලා ඉදන් එතන.."



    පාර අයිනටම වෙලා නවත්තලා තිබ්බ කැබ් එකක් පෙන්නලා නවෝදි කිව්වා. ඇස් දෙක පුංචි කරලා මං කැබ් එක දිහා හොදට බැලුවා. මූව... මූව මරන් කෑවත් මදිනෝ යකෝ. මූ කොහොමද මං ඉන්නතැන දැනගත්තේ..?


    "ක... කවුද අනගි ඒ..?"



    "ඔයා බයවෙන්න එපා බබා.. ඒ තමයි දෙයියා.. ඌට හොරෙන් මේ ලෝකෙ දෙයක් මට කරන්න බෑ. ඌ අදත් ඔප්පු කරා ඒක. ඔය ඇවිල්ලා තියෙන්නෙ මාව එක්කගෙන යන්න"



    "ඔ.. ඔයා එතකොට යනවද.. අනගි...?"



    නවෝදිගෙ කටහඩේ තිබ්බෙ ලොකු දුකක්.. නවෝදි ළගට වෙලා දිගටම ඉන්න ඕන කියලා මටත් හිතුණේ පාරක් දෙපාරක් නම් නෙමෙයි. ඒත් සජීවන් පත්වෙලා ඉන්න තත්වෙත් එක්ක මං මෙහාට වෙලා හිටියොත් ඌ අවුල්වෙයි කියලා මට හිතුණා. නවෝදි එහෙම්මම කාමරේ ඉන්දෙද්දි මං පඩිපෙල බැහැලා ගේට්ටුව ළගට ආවා.


    "බේබි මහත්තයෝ.."



    "මොකක්ද බං මේ කරන වැඩ... මට දෙයියනේ කියලා නිදහසේ ඉන්න දීපං දෙයියා.. බලපං උඹ හින්දා නවෝදිත් බයවෙලා.. ආ.. බං උඹ කොහොමද දන්නෙ මම මේහේ ඉන්නවා කියලා..?"



    "ඒවා කිව්වා කියලා ඇති වටිනාකමක් නෑ මහත්තයෝ.. අපි ගෙදර යං.. සාගරේ වගේ ගෙයක් තියෙද්දි මෙහෙම අත පල්ලෙන් වැටිලා වගේ ඉන්න හොද නෑ.."



    "ඒ.. දෙයියා හිතන හැටි.. මං මෙහේ ඉන්නේ සන්තෝසෙන්.. ඒ සාගරේ වගේ ගෙදර නැති සංතෝසයක් මේ ගෙදර තියෙනවා දෙයියා.. තාත්ති මට ආදරේ නෑ කියලා ඔප්පු කරලා ඉවර වුණායින් පස්සේ තව මට කියන්න දෙයක් නෑ.."



    "ඒ බේබි මහත්තයා හිතන විදිය... මහත්තයා දන්නෙ නෑ... මහත්තයා ගිහින් සෑහෙන වෙලාවක් යනකන් ලොකු මහත්තයා කල්පනා කර කර හිටියා.. කා එක්කවත් වචනයක් කතා කෙරුවෙ නෑ.. සිරිදාස කෝපි එකක් අරන් ආවහම මිනිහටත් බැනලා එලවගත්තා.. අඩුගානේ ටෙලිෆෝන් කෝල් එකකටවත් ආන්සර් කෙරුවෙ නෑ. මං ටිකකින් දැක්කා ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම වතාවට ලොකු මහත්තයගෙ ඇස්වලට කදුළු එනවා.."



    දෙයියා ඒ ටික කිව්වෙ හුගාක් හෙමින්.. ගල් හදවතක් තියෙන තාත්තෙක් තමයි මට ඉන්නෙ කියලා හිතන් ඉදපු සිතුවිල්ල ඒ වෙලාවෙදි ඩිංගෙන් ඩිංග පුපුරලා යන්න ගත්තා..



    "කොහේ හරි කමක් නෑ.. ඉන්න තැනකින් මගේ පුංචි එකාව එක්කං වරෙන් කියලා මට කිව්වා.. ප්‍රපෝසල් ගැන කතා කරන්නෙ නෑ කිව්වා. බේබි මහත්තය ඕන විදියට ගෙදර ඉන්න කිව්වා.."



    දෙයියා හෝ ගාලා කියවගෙන යනවා.. ඒත් ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුළට රිංග ගත්තා. හුගක් කාලෙකට පස්සේ තාත්ති පව් කියන වචන දෙක මගේ පපුවෙන් එළියට ආවා. ඒ එක්කමයි නවෝදි අපි ඉන්න තැනට ආවේ..



    "තරහා වෙන්න එපා බබා... මම ගෙදර යනවා.. පුළුවන් ඉක්මනට ආයේ ඔයාව හම්බවෙන්න එන්නම්කෝ.."



    තාත්ති කියපුවත්, සජීවන්ගේ අවුලත් හන්ද මං ඒ තීරනේ ගත්තා.. වචනයක්වත් කතා නොකර නවෝදි බලන් ඉන්දෙද්දි ඇදුම් බෑග් එකත් අරන් මායි, දෙයියයි කැබ් එකට නැග්ගා...



    "සීතල සුළගක් වගේ ඉක්මනට ඇවිල්ලා ඉක්මනට ගියාට කමක් නෑ අනගි... හිතට කරදරයක් ආපු ගමන්ම මාව මතක්වෙන්න ඕන හොදේ.. ඔය මූණ සතියකට පාරක් හරි මට දකින්න ඒන කියන එකත් මතක තියාගන්න..."



    දෙයියා ඇක්සලේටරය රේස් කරලා කැබ් එක ඉස්සරහට ගන්නකොටම නවෝදි කිව්වා. ඒ ඇස්වල තිබ්බ ආදරේ මුළු හිතින්ම විදගන්න ගමන් මං සීට් එකේ හරිබරි ගැහුණා..



    "ඒ ගෑණු ළමයා නම් හුගක් හොදයි වගේ නේද බේබි මහත්තයා..?"



    කැබ් එක අරන් ටිකක් දුර එද්දි දෙයියා අමුතු කතාවක් කිව්වා. ඇස් දෙක හීනි කරලා මං මිනිහා දිහා බැලුවෙ ඒකයි..


    "එයා මහත්තයට හුගක් ආදරේ පාටයි.. මහත්තයට දැන් ඕන කරන්නෙත් ඒ වගේ කෙනෙක් තමයි. එතකොට ඔය දඩබ්බර ගති ඔක්කොම මැකිලා යයි..."



    "දෙයියා මොනාව කියනවද මන්දා.. එහෙම නම් ඉතිං මාව කෝවක දාලා මකවන්න ඕන.. ඔන්න ඔතනින් වමට හරවන්න.. අපි ඉස්ටේෂන් එකට ටිකක් ගිහින් එමු.."



    රේල්වේ ස්ටේෂන් එකට ඇත්ලුවෙන හරියේ දෙයියා කැබ් එක පාක් කරන අතරේ, මං ස්ටේෂන් එකට ඇතුල් වුණා. මාතර ඉදලා ආපු කෝච්චිය ඒ එක්කමයි ස්ටේෂන් එකට ආවේ. සෙනග ගැන නම් කියලා වැඩක් නෑ. කට කපලා එකයි. ඒ සෙනග කන්දරාව මැද්දෙන් මං සජීවන්ව හොයන්න ගත්තා. මට ස්ටේෂන් එකට එන්න කියලා මේ යකා කොහේද ගියේ..? වටපිට බල බලා සජීවන්ව හොයන අතරෙ හීනෙකින්වත් නොහිතපු විදියට මං කාගෙදෝ ඇගක මහ හයියෙන් හැප්පුනා. එයා ගෑණු ළමයෙක්. හැප්පුනු පාරට එයා විසිවෙලා ගිහින් බිම ඉන්දුනා. හිත ඩිංගෙන් ඩිංග නොසන්සුන් වෙද්දි මං හොදට එයා දිහා බැලුවා. මේ ජීවිත කාලෙටම මගේ ඇස් දෙක දැකපු ලස්සනම කෙල්ල මං ඉස්සරහා බිම හිටියා. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණත් මං එයාගෙ ලස්සන ඉස්සරහා ගල් ගැහුණා. අහිංසකකමත් එක්ක ලා රතු පාට වෙලා තිබ්බ ඒ මූණේ පිරුණෙ අමනාප ගතියක්.



    "සොරි මිස්... ම... මං අහක බලාගෙනයි ආවේ.."



    කතා කරගන්න පුළුවන් පලවෙනි තත්පරේදිම මං කිව්වා. එහෙම කියලා මං එයා දිහාට අතක් දික් කරා. මං හිතුවෙ එයා මගේ අතේ එල්ලිලා නැගිට ගනියි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. මගේ අත දිහා බලන්නෙවත් නැතුව එයා නැගිට ගත්තා.


    "කමක් නෑ... මාත් අහක බලාගෙන ආවේ.. ඉට්ස් ඕකේ.."



    එයා ගියා.. සෙනග අස්සෙන් ඈතට ඇදිල යන ඒ රූපේදිහා මං ඇහැපිල්ලන් ගහන්නෙ නැතුව බලන් හිටියා. මේ මොකක්ද මේ වුණේ..? එයාව දැකල ඇයි මං මේ තරම් කලබල වුණේ..? ඒක මටවත් හිතාගන්න බැරි වුණා.. බිම ඉදගෙන, හදක් වගේ සුදු මූණ මං දිහාට හරවගෙන එයා බලන් ඉදපු හැටි මට ආයෙත් මතක් වුණා. කෙල්ලෙක් හින්දා කවදාවත් අවුල් නොවිච්චි මගේ හිත අවුල්වෙන්න ගත්තෙ ඒ වෙලාවෙ ඉදන්..


    "අනගි........."



    පස්සෙන්ම ඇහුනෙ සජීවන්ගෙ කටහඩ. ඇගේ හැප්පිලා බිම ඉන්දුන පුංචි කෙල්ල හිතේ කොනකින් තියාගන්න ගමන් මං ආපිට හැරුණා. මගේ ළගටම ඇවිත් සජීවන් අත බදාගත්තා..

    "මං ඊයේ ගෙදෙට්ටත් ෆෝන් කලා.. දෙයියා කිව්වා උඹ නෑ කියලා.. පස්සෙ තමයි විස්තරේ කිව්වේ. මං මාර විදියට අප්සෙට් ගියා බං.."


    ස්ටේෂන් එකේ ලී බංකුවක වාඩිවෙන ගමන් සජීවන් කතාව පටන් ගත්තා. උගේ කතාවට ඇහුම්කන් දෙන ගමන් බංකුවේ වාඩිවුණත් මගේ ඇස්දෙක අර ගර්ල්ව හොය හොය එහෙ මෙහෙ දිව්වා.


    "ඒ සිද්ධිය අතෑරලා දාපං බං. ඒක දැන් ඉවරයි නේ. වරාපිටියගෙ ඇන්ට්‍රියෙන් පස්සෙ මොකද වුණේ කියලා කියපං.."


    "ඊයේ හවස මාව හොයාගෙන ගෙදරට පොලීසියෙන් ආවා.."


    "ඉතින්..?"


    "හොටල් එකේදි මොකක්ද වුණේ කියලා ඇහුවා. උඹ දන්නෑ අනගි.. අලුත් එස්. අයි කෙනෙක් ඇවිල්ලා හිටියෙ. මං හිතන්නෙ වැඩ බාර අරගෙන සතියක්වත් නැතුව ඇති.."


    "ම්... ඒකත් එහෙමද..? මාව අදුනන්නෙ නැති එකෙක් තමයි ඔය එන්න ඇත්තෙ. මාවත් ඇහුවද..?"


    "නෑ.. උඹව ගාවලවත් නෑ.. මං තමයි බෙල්ලටම මාට්ටු කරලා තියෙන්නේ.."


    "ඕක වරාපිටියගෙ ගැටයක්. ඒකයි මගේ නම දීලා නැත්තේ එහෙම නම් ඌට තාත්තිගෙනුත් බර බරේ කියලා ඌ දන්නවා.. උඹ බය නොවී ඉදපන්. උඹට අවුලක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ.."


    සජීවන්ගෙ කරට අත දානගමන් මං කිව්වා.


    "වෙන ඈයෝ වගේ නෙමෙයි මේ අලුත් එස්.අයි කාරයා... අමාරු කාරයෙක්. ඒකයි මං උඹට එන්නත් කිව්වේ. වරාපිටිය දැන් ඇන්ට්‍රියකුත් දාලා තියෙන එකේ අපි මොනව කලත් මාට්ටු වෙනවා."


    සජීවන් කියපු එකට මට තදවුණා. මං මෙච්චර හරියක් තනියෙන් කරද්දි මූ පස්ස ගහන එකනේ වැඩේ..


    "බම්බුවෙ ඇන්ට්‍රිය.. ඌට ඒක පස්ස පැත්තෙ ගහගන්න කියපං.."


    "එහෙම නෙමෙයි අනගි.. මට හිතෙන විදියට මේක දැන් වලිපිට දුවන එක හරි නෑ වගේ බං.. අපි ටිකක් ෂේප් එකේ ඉදිමු.."


    "ඒක උඹේ කැමැත්තක් සජී... වලියෙන් බැරි නම් ෂේප් එකෙන් උඹ දුවපන්.. ඒත් මං ඊට වැඩිය වෙනස් එකෙක්."


    කියන්න ගිය දේ මග නවත්තලා මං කල්පනා කරන්න ගත්තා. මෙහෙම ගියොත් නම් මූට ශිරෝමිව නැතිවෙන එක ගැන ආයෙ අහන්න දෙයක් නෑ. මේ වෙලාවෙ වැඩර් වුණේ නැත්නම් මුළු ජීවිත කාලෙ පුරාම වැඩර් වෙලා හිටියත් වැඩක් නෑ. ඒක මේ මෝලට තේරෙන්නෙ නැති හැටි. කොහෙන්දෝ ආපු පොලීසියෙ හාල්පාරුවෙකුට මූ බයවෙලා. සජීවනුත් එක්ක මට තද වේගෙන එද්දි තමයි දෙයියා අපි ළගට ආවේ..


    "මං දෙයියට කිව්වෙ කැබ් එක ඇතුලට වෙලා ඉන්න කියලා නේද..?"


    හිතේ තිබ්බ කේන්තිය මං පිට කෙරුවෙ දෙයියගෙ පිටින්. ඒක දෙයියටත් තේරුණා.

    "බේබි මහත්තයා පරක්කු හින්දයි මං බලන්න ආවේ.."


    "කවුද දෙයියා මේ පොලීසියට අලුතින් ඇවිල්ලා ඉන්න එස්.අයි...?"


    "ඇ... ඇයි බේබි මහත්තයා එයත් එක්කත් පැටලුනාද...?"


    දෙයියගෙ මූණ තත්පරේට දෙකට වෙනස්වෙලා ගියා. යකෝ.. උගේ පෝස්ට් එක කිව්වහමත් මුං අමුත් වෙනවනේ..


    "මං අහපු දේට උත්තර දෙන්න දෙයියා.. දන්නවනේ මගෙන් ප්‍රශ්න අහනවට මං එච්චර කැමති නෑ කියලා.."


    "මේකයි බේබි මහත්තයෝ කතන්දරේ... මේ පාර නම් පොලීසියට ඇවිල්ලා තියෙන්නෙ මාර බඩුවක්. ඕන නම් මහත්තයට වැඩිය අවුරුදු තුන හතරක් වයස වැඩි ඇති. ටවුමේ කලු පුතාගෙ තග්ස් බජාර් එකට මදි නොකියන්න දුන්නා.. බාගයක් හොස්පිට්ල් එකේ. ඉතුරු බාගේ රිමාන්ඩ් එකේ.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියා කිව්වෙ අලුත්ම ආරන්චියක්.. මේ පහුවෙච්ච අවුරුදු හතර පහටම ඔය කියනව වගේ පොරක් මේ පළාතේ පොලීසියට ඇවිල්ලා තිබුණෙ නෑ කියලා හැම එකාම දැනගෙන හිටියා. එහෙනම් ඒකයි මේ සීන්කෝන් එක. මුං මෙච්චර බයේ දගලන්නෙත් ඒකයි.

    "උංට ගැහුවා කියන එක මට වලංගු නෑ දෙයියා.. ඒත් ඉතින් කලු පුතාගේ බජාර් එකට ගැහුවා කියන එක නම් හොද නිව්ස් එකක්. ඒක කාටවත්ම කරන්න බැරිවෙච්ච දෙයක් නේ. උං ටික ටවුමෙ අයියලා වගේ හිටියේ.."


    "ඒක තමයි අනගි මං කියන්නේ.. වරාපිටිය කාරයා හොදට එහෙ මෙහෙ බලලා තමයි ඇන්ට්‍රිය දාලා තියෙන්නේ. මොවද කරන්නද කියලා මගේ හිතට එන්නෑ බං.. හැබැයි මේ විදියට බලන් ඉන්න ගියොත් නම් ඉරෝමිව මට නැතිවෙනවා."


    ඇති යන්තම් මුගේ ඔලුවට ඒකවත් තේරුණා.. මං හිතුවෙ ඒකත් මූට ඇගිල්ලෙන් ඇනලම කියන්න වේවි කියලා.


    "මොකද තුන්දෙනාගෙ බර සාකච්ඡාව...? කෙල්ලෙක්වත් උස්සන්නද...?"


    එච්චර හුරු පුරුදු නැති කටහඩක් මට ඇහුනා. මං ඔලුව හරවලා බැලුවා. ෆුල් පොලිස් යුනිෆෝම් එක ඇදල හයේ හතරෙ සිරා පොරක් ඉනට අත් දෙක ගහගෙන අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා. මේ මොකාද මේ..?


    "ඔ... ඔය තමයි අලුත් එස්.අයි.."


    සජීවන් හීන්සැරේ මගේ කනට කොදුරනවා මට ඇහුණා. අලුත් තියා පරණ උනත් කමක් නෑ. වැඩිය ෂෝ දාන්න ආවොත් මෙතනම මල ගේ කරනවා. මං ඒක හිතින්ම හිතා ගත්තා. එහෙම හිතාගෙන මං ඒ මූණ දිහා කෙලින්ම බැලුවා. මිනිහගෙ ඇස් දෙක තිබ්බෙත් මගේ මූණෙමයි.


    "අපි සාකච්ඡා කරලා කෙල්ලො උස්සන්නෙ නෑ මිස්ටර්.. යාළුවෙලා එක්ක යනවා මිසක්.."


    හැරෙන තැපෑලෙන් මං උත්තරේ දුන්නා. මෙච්චර වෙලා ලාවට හිනාවක් තිබ්බ ඒ මූණෙන් හිනාව නැතිවෙලා ගියා.


    "යාලුවෙලා එක්ක ගියාට කමක් නෑ. හැබැයි අනුන්ගෙ වෙඩින් වලට පැනලා කෙල්ලො අරන් යන එක නම් සෑහෙන් සීරියස් වැඩක්.. තේරුණා නේ.. කතා දෙකක් නෑ කෙලින්ම කූඩුවෙ.."


    අලුත් එස්.අයි මහත්තයා දුන්නෙ කොර ටෝක් එකක්. ඒත් ඉතින් මාව කොර වුණේ නෑ. කතා කරන්න එපා කියනවා වගේ සජීවන් මගේ අතින් ඇද්දත්, මාත් ගේම නම් ලේසියෙන් අතාරින්න කැමති වුණේ නෑ.


    "එහෙම හිතෙන හිතෙන වෙලාවට කූඩු වලට දාන්න අපි බල්ලො බළල්ලු නෙවෙයි මිස්ටර්. අනිත්තෙක වැදගත් කතාවක් මැද්දට හරකෙක් වගේ කඩාගෙන පැනලා කතා කරනඑකත් ඔය පෝස්ට් එකට ඒ තරම් හොද නෑ."


    එහෙම කිව්වා විතරයි අලුත් එස්.අයි ගෙ මූණේ මස්පිඩු නටනවා මං දැක්කා. තද වුණාට කරන්න දෙයක් නෑ. අතක් ඉස්සුවොත් එහෙම යුනිෆෝම් එක දාලා හිටියට කමක් නෑ.. දෙන එක දෙනවා නිල් වෙන්න කියලා මං හිතාගත්තා. ඒත් ඊට කලින් දෙයියා මාව පැත්තකට ඇද්දා.


    "බේබි මහත්තයෝ.. මොනවද මේ කියවන්නේ..? නිකං රන්ඩු වලට පැටලෙන්නෙ නැතුව ඉන්නකෝ. මේ කොහේවත් යන නයි රෙද්ද අස්සෙ දාගන්න හදන්නේ.."


    "කොහේවත් යන නයි නෙමේ දෙයියා.. පෙනේ දාගෙන, දර්ශනේ දාන්න එන නයි. හැබැයි ඉතිං අන්තිමට පෙනෙත් නැතුව, පෙනේ තියෙන පයන්නත් නැතුව තමයි මං යවන්නේ.."


    මං ගේම පටන් ගත්තා. මගේ සද්දෙට ස්ටේෂන් එකේ හිටපු මිනිස්සුත් මැජ්ක් බලන්න වගේ වටවෙන්න ගත්තා.


    "ඔහේගෙ කට වැඩියි මිස්ටර්.. කටේ සද්ද ටිකක් අඩුකර ගත්තොත් හොදයි.. තේරුණාද..?"


    දබර ඇගිල්ල මගේ දිහාට දික් කරලා කෑගහලා වගේ එස්.අයි කිව්වා. පොරට උපරිමයට මල පැනලා කියලා මට තේරුණා. මට ඕන කරලා තිබ්බෙත් ඒකම තමයි.


    "කටේ සද්ද අඩුකරන්න මෙච්චර කාලෙකට තාම කාටවත් බැරි වුනා මිස්ටර්. ඒත් මම නම් කාටහරි පාට් එක දාන්නේ පොලිස් යුනිෆෝම් එක පිට නෙමෙයි.. සිවිල් පිට.. මොකද කවුරු හරි ගහවි කියල බයේද යුනිෆෝම් ගහගෙන අපිව කන්න ආවේ..?"


    මං කිව්ව දෙයින් ඒ මූණේ තිබ්බ තරහා අඩුවෙලා ගිහින් පුංචි හිනාවක් මතුවුණා. මෙච්චර වෙලා දාගෙන ඉදපු සන්ග්ලාස් දෙක ගලවලා අතට අරගෙන මිනිහා දකුණු අතට ගුලිකර ගත්තා.


    "මිස්ටර් හිතන ජාතියෙ මං බයගුල්ලෙක් නෙමෙයි.. මිස්ටර් එක්ක හැප්පෙන්න මං වෙනවෙලාවක එන්නම් මේ යුනිෆෝම් එක නැතුව.. ඒ වෙලාවටත් බලමුකො ඔය කටේ සද්දෙ ඔය විදියටම තියේවිද කියලා.."


    මං දිහා හොද විපරමෙන් බලන ගමන් අලුත් එස්.අයි කිව්වා. එහෙම කියලා සජීවන් දිහා බලලා පරිස්සමි වෙයන් කියලායන්න හැරුණා. ඒකට නම් මට මල පැන්නා.


    "මේ මිස්ටර් එස්.අයි..."


    මගේ සද්දෙට මිනිහා සන්ග්ලාස් එක කරකව කරකව ආපහු හැරණා. අර මුලින් තිබ්බ හිනාව දැන් ඒ මූණෙ තිබ්බෙ නෑ.


    "මිස්ටර් එස්.අයි නෙමෙයි.. එස්.අයි භවන්ත.."


    පොර එහෙම කිව්වෙ නෝන්ඩියට වගේ...


    "කවුරු වුණත් මට කමක් නෑ. අපි අපේ පරිස්සම ගැන බලා ගන්නම්. ඔහේ ඔහේගෙ පරිස්සම ගැන බලාගන්න.."


    කරගන්න දෙයක් නැතුව තව ඩිංගක් වෙලා මං දිහා කන්න වගේ බලන් ඉදලා මිනිහා හැරිලා ගියා. ඒ ගිහිනුත් විනාඩි දෙක තුනක් යනකන් අපි තුන්දෙනා අතරේ කතාවක් බහක් ඇතිවුණේ නෑ. ඒ නිහැඩියාව ඉවසන්න බැරි තරම් වැඩිවුන හින්දා මං කැබ් එක ලගට ආවා.


    "අනගි... උඹේ ලේ රත්වෙනවා වැඩියි බං... අර එස්.අයි කාරයත් එක්ක කොක්කක් දාගන්න ඕනෙ නෑ නේ බං. ඒකෙන් අපිට නේ බං අවාසි."


    "අනේ ඌට බම්බු ගහගන්න කියපං සජී.. උගේ කටේ සද්දෙට බයවෙලා අපි ඉන්න ඕනෙද...? මං හෙට උඹව හම්බවෙන්න එන්නම්.. ඒ හම්බවෙලා කතාබහ කරලා ඉරෝමිව හම්බවෙන්න යමු. උඹ දැන් හොද එකා වගේ ගෙදර පලයං.."


    එහෙම කියලා මං කැබ් එකට නැග්ගා. ගෙදරට එනකන්ම මායි, දෙයියයි අතර කතාවක් බහක් ඇතිවුණේ නෑ. එස්.අයි. කාරයා මගේ ඔලුව අවුල් කරාට පස්සෙ ලෝ කෝප වුණ එක තාම අඩුවෙලා තිබ්බෙ නෑ.


    "මං... මං දන්නවා ඔයාට මාව දාලා ගිහින් ඉන්න බෑ කියලා.."


    ගෙට ඇතුල් වෙනකොටම මගේ ඉස්සරහට ආපු තාත්ති මාව බදාගත්තා. හුගක් කාලෙකට පස්සෙ තාත්තිගෙන් හම්බවෙච්ච ආදරේ උණුසුමට ලෝභකමේ මං එහෙම්ම තාත්තිගෙ පිට බදාගත්තා.


    "මං.. මේ ජීවිතෙන් එක පාරක් පැරදිලා ඉන්න මිනිහෙක් අනගි.. ඒ ඔයාගෙ අම්මා මාව දාලා ගිය දවස.. ඒ සිද්ධවෙච්ච දේවල් මං ඔයාට දවසක කියන්නම්. එතකන්වත් මගේ හිත රිද්දන් නැතුව ඉන්න බලන්න පුතා.. මෙච්චර දවසක් මාව වැරදිකාරයා කියලා හිතාගෙන ඉදපු එක එදාටවත් ඔය හිතෙන් අයින්වෙලා යාවි."


    තාත්තිගේ ගොරෝසු කටහඩට මොකක්දෝ වෙලා තිබුනා. ගෙවිලා ගියපු අවුරුදු ගණනාවකට පස්සේ මගේ හිතේ තාත්ති ගැන ලොකු දුකක් ඇතිවුනා. ඒ දුක උඩින් මහා වීශාල අනුකම්පාවක සෙවනැලි හීන් සැරේ ඇදෙන්න ගත්තා. ඒ අනුකම්පාව පිටින්ම තාත්තිගෙන් ඈත්වෙලා, මං ඒ මූණ දිහා කෙලින් බැලුවා. තාත්තිගෙ ඇස් රතුවෙලා තිබුනා.


    "ඔයා කවදාවත් හිතුවෙ නෑ අනගි, මං ඔයාව හදාගත්තෙ කොහොමද කියලා. ඔයාට අම්මයි, තාත්තයි දෙන්නම වෙන්න වුනේ මට. අම්මත් ළග නැතුව මං කොයි තරම් අමාරුවෙන්ද ඔයා උස්මහත් කෙරුවේ. මේ දෙයියා දන්නවා මං ඔයාට කොයි තරම් ආදරේ කරාද කියලා. ඔයා හැමදාමත් කිව්වේ අම්මි ඔයාව බලාගත්තේ මලක් වගේ කියලා.. එත්.. ඒත්.. මට ලෝකෙ තිබ්බ ලොකුම වස්තුව උනේ ඔයා. ඔයාට තියෙන ආදරේ මං පෙන්නන්න ඕන කොහොමද අනගි. ඕන නම් මේ පපුව හාරලා බලන්න.. ඒ පපුව ඇතුලෙ ඔයා ඇරෙන්න වෙන කවුරුත් නෑ.."


    තාත්ති කියන ඒව දරාගන්න බැරුවද කොහෙද බිම බලාගෙනම දෙයියා ගේ ඇතුලට ගියා. කවදාවත් නැති විදියට තාත්තිගෙ වචන ඊතල වගේ මගේ පපුව ඇතුළටම වදින්න ගත්තා. ඒ ඇයිද කියලා මට හිතාගනන් නම් බැරි වුණා. සමහර විට මෙච්චර දවසක් තාත්ති ඔය වගේ කතා නොකෙරුව හින්දා වෙන්න ඇති.


    "මං වැඩිය කතා කරන්නෙ නෑ. එත් මේ ටිකත් නොකියම බෑ.. ඔයා මට ඕන දඩුවමක් දෙන්න. ඒත් මේ ගෙදරින් යන්න එපා. ඔයාව නොදැක මට ඉන්න බෑ පුතා. මං ඊයේ මුලු රෑම නිදාගත්තෙ නෑ. ඉන්නම බැරි තැනයි මං දෙයියව යැව්වේ.. ඔයාව හම්බවුණා කියලා දෙයියා කියද්දියි මගේ හුස්ම වැටෙන්න ගත්තේ. මං තාත්තා උනාට කමක් නෑ.. තරහක් තියෙනවා නම් මට බනින්න.. ඒත් මාව දාලා යන්න එපා.. මං ඉස්සර ඉදපු ඔයාගෙ තාත්තිමයි පුතා.."


    අත් දෙකෙන්ම මූණ අල්ලගෙන මගේ කම්මුලක් ඉඹින ගමන් තාත්තා කිව්වා. තිබ්බටත් වැඩිය හිතේ බර දහස් ගුණයකින් වැඩිවෙද්දි මං බාත්රූම් එකට රිංග ගත්තා. ෂවර් එකට ඔලුව අල්ලද්දි, මුලු ඔලුවම වතුර වලින් තෙමිලා යද්දි මගේ හිතට සැහැල්ලුවක් දැනුනා. ෂවර් එකේ වතුර වැටෙන වේගේ තවත් වැඩි කරලා මං දිගටම ෂවර් එකට ඔලුව අල්ලන් හිටියෙ ඒකයි. ඒ සැහැල්ලු වුණ හිත මැද්දට හැම දෙයක්ම අමතක වෙලා ගිහින් අර හදක් වගේ මූණ විතරක් මතක් වුනා. දෙයියනේ... ඒ මුණේ තිබ්බ අහිංසක කම. ජීවිතේ මං දැකපු ලස්සනම කෙල්ල.. පුදුම තරම් ආදරේ හිතෙන මූණක් එයාට තිබ්බේ. මගේ හිත තාම අතරමං වෙලා වගේ. මං දිහා බලාගෙනම එයා බිම වාඩිවෙලා හිටපු විදිය... කමක් නෑ මාත් අහක බලාගෙන ආවේ.. ඉට්ස් ඕකේ කියපු හැටි. ආයෙත් පාරක් එයාගෙ ඇගේ හැප්පෙන්න තියෙනවා නම් කියලා මට හිතුනා. එහෙනම් ඉතින් මං එයාගේ ඇග උඩටම වැටෙනවා. ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ.


    "බේබි මහත්තයා... බේබි මහත්තයා..."


    මගේ කල්පනා සාගරේ එක තත්පරෙන් කුඩු පට්ටන් වෙලා ගියා. දෙයියා බාත්රූම් එකේ දොර කඩන්න හදනවා. ෂිහ්.. මූ නිදහසේ නාගන්නවත් දෙන්නෙ නෑ නේ.. ඉනට බාත් ටවල් එක පටලවගෙන මං දොර ඇරියා. සලාං බලාං ගාලා දෙයියගෙ මූණ මැදට අනින්න ඕන කියලා හිතාගෙන හිටියත් උගේ අතේ තිබ්බ දේ දැක්කම මට මුකුත්ම හිතාගන්න බැරිව ගියා. කෙල්ලො කනට දාන කරාබුවක ටසල් කෑල්ලක් මගේ ඇස් කෙට පෙනුණා.


    "කාගෙද බේබි මහත්තයා මේක..? නවෝදි මිස්ගෙද..?"


    ලාවට හිනාවෙවී ඌ ඇහුවෙ හරියට මායි, නවෝදියි එකට ඇදේ ඉන්නවා දැක්කා වගේ. තාත්ති ගෙදර හිටියෙ නත්නම් මං මූව මෙතනම අභාවප්‍රාප්ත කරනවා.


    "පිස්සුද දෙයියා... ඕක කොහෙද තිබ්බේ..?"


    "උදේ බේබි මහත්තයා ඇදන් හිටපු ටී ෂර්ට් එකේ උඩ සාක්කුවෙ. වොෂින් මැෂින් එකට දාන්න කලින් මං නිකන් සාක්කු චෙක් කරේ. හැබෑට කාගෙද මහත්තයෝ මේක..?"


    මං ඒ ලස්සන ටසල් එක අතට ගත්තා. විදුලියක් කොටනවා වගේ එකපාරටම මට මතක් වුණා. දෙයියනේ මේක අර මගේ ඇගේ පැපිච්ච ලස්සන කෙල්ලගෙ වෙන්න ඇති. ආයෙ හෝදන්න දෙයක් නෑ.. ඔය තියෙන්නේ.. දෙන දෙයියෝ ගෙදෙට්ටම ගෙනල්ලා දීළා. දැන් ඉතින් බබා ඔයා මගේ ළග ඉන්නවා වගේ තමයි..


    "කාගෙද කියලා පස්සෙ කියන්නම්.. දැන් මට නාන්න දීළා උඹ පලයං.."


    බාත් රූම් එකේ බිත්ති කබඩ් එක උඩින් මම ටසල් එක තිබ්බා. හිතට සංතෝස ගලන් ආවේ ගගක් ගලනවා වගේ. මේ ටසල් එක එයාගෙම තමයි. එයා දාගෙන හිටියෙ මේ ජාතියෙ කරාඹු ජෝඩුවක් තමයි. ඔයා අද ගෙදර ගිහින් පණ කඩාගෙන ටසල් එක හොයයි නේද බබා... ඒ ලස්සන මූණ හිතින් මවාගෙන මං කිව්වා.. තෑන්ක්ස් බබා..


    "කාටද බේබි මහත්තයෝ තෑන්ක්ස් කරන්නේ..?"


    ආයෙත් දොර ගාවින් දෙයියගෙ කටහඩ ඇහුනා. මූ තාම ගිහින් නැද්ද..? දඩබඩ ගාලා නාලා ඉවරවෙලා ඇදුමකුත් දාගෙන, ටසල් එකත් අතට ගුලි කරන් මං එළියට ආවා..


    "හප්පොච්චියේ.... මූණේ තිබ්බ මරුමුස් පාට හේදිලම ගිහින්. මේ රත්තරං කෑලි මග දාලා ගිය පිංවන්තිය කවුද කියලා අපිට කියන්න බැරිද...?"


    මං දිහා බලාගෙන දෙයියා ඇහුවා..


    "කියන්න තරම් දෙයක් එනත නෑ දෙයියා. උඹට ඒ ගැන කියන්න ඕනෙ කියලා හිතුනාම මම කියන්නම්.."


    එදා මුළු දවස පුරාම මට ඒ මූණ සැරින් සැරේට මතක් වුණා. අන්තිමට එයාගෙ රූපෙ මොන වගේද කියලා මතක් කරගන්න බැරිවෙන ගානට මගේ හිත අවුල්වෙලා තිබුණා..

    ෴මතුසම්බන්ධයි෴

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-4.jpg


    4
    පහුවෙනිදා මං සජීවන් හම්බවෙන්න උංගෙ ස්පොට් එකට ගියා. කැබ් එක මග දාලා, උං නිතරම ඉන්න හට් එක දිහාට මං ඇවිදන් ආවා. හිතුවා වගේම සජීවනුයි, උගේ කොල්ලො ගැන්සියයි එතන හිටියා. උං ගැන්සිය හම් එකේ මේසේ උඩ හෑන්ඩ් ෆයිට් කරනවා. මාව දැක්කා විතරයි උං ගැන්සිය මාර චියර් එකක් දුන්නා. සජීවන්ගෙ කරට අතක් දාලා මං ඌ ළගින්ම වාඩිවුණා.

    "දැන් උඹ... මොකක්ද කරන්න හිතාගනෙ ඉන්නේ...?"


    ඉරෝමිව හම්බවෙනවද නැද්ද කියලයි මං උගෙන් ඇහුවේ. ඒත් කොල්ලො ගැන්සිය එක පාරටම සයිලන්ස් වුනා. සජීවන්ගෙ කටත් ඇද වුණා. ඒ මොකද කියලා බලන්න උං කට්ටියගෙ ඇස් තිබ්බ දිහාට මාත් හැරුණා. අපි හිටිය හට් එක ඉස්සරහ හිටියෙ පෝලීසියට අලුතින් ආපු එස්.අයි.. වෙනසකට තිබුණෙ මිනිහා අද ඇවිල්ලා හිටියෙ නෝමල් කිටක් ගහගෙන. ඒ කියන්නෙ ඊයෙ වෙච්ච සීන් එකට රිටර්න් එක අමු අමුවෙම ඇවිත්. කමක් නෑ... බලමුකෝ මොකද වෙන්නෙ කියලා. අලුතෙන් ආපු එස්.අයි. හට් එක ළගට කිට්ටු වෙද්දි කොල්ලො කට්ටිය දඩබඩ ගාලා නැගිට්ටා. ඒත් මං වාඩිවෙච්ච තැනම හිටියා මිසක නැගිට්ටෙ නෑ. ඌට ගරු කරන්න ඌ බුදු හාමුදුරුවොයෑ. මං දිහා බාලාගෙන හරියටම මගේ ඉස්සරහින් මිනිහා වාඩිවුණා. වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව කොල්ලො කට්ටියත් හිටියෙ අවුල්වෙලා. ඊයෙ වෙච්ච සීන් එකත් සජීවන් කොල්ලන්ට කියන්න ඇතිනේ...


    "යුනිෆෝම් නැතුව ඔන්න මම ඇවිල්ලා ඉන්නවා. දැන් දාන්න පුළුවන් සෙල්ලම් ඕන එකක් දැම්මට මගේ අවුලක් නෑ. මොකද මේ වෙලාවෙ මට වගකීමක් නෑ..."


    කටත් පැත්තකට කරලා මිනිහා කිව්වා. මේ යකා ඇවිත් තියෙන්නෙ ගේමකටද නැත්නම් වෙන කෙහෙල්මලකටද කියලා මට හිතාගන්න බැරි වුණා.


    "හැමෝම ඉස්සරහා බොරුවට කලර්ස් දාන්න මං කැමති නෑ මිස්ටර්. ඒත් මං පස්සෙන් මේ එලවන එලවිල්ලට මගේ ඒ තරම් කැමැත්තක් නෑ කියලා හිතාගන්නවා."


    "මිස්ටර්ගෙ පස්සෙන් එලවන එකයි, නැති එකයි මගේ වැඩක්. මිස්ටර්ගෙ ගැන්සිය ගැන පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒක ගැන හොයන එක මගේ වැඩක්.. ඒවා නවත්තන්න කාටවත් බෑ.."


    "එහෙම හොයනවා කියලා හැම රෙද්ද අස්සටම ඔලුව දාන්න ඔහෙට බෑ මිස්ටර්.. අපිටත් ප්‍රයිවෙට් ලයිෆ් එකක් තියෙනවා.. ඇරැත් අපි මිස්ටර්ගෙ රෙද්ද අස්ස බලන්න ආවේ නෑ නේ.."


    මගේ කතාවට මිනිහා ඇඹරිලාම ගියා. කොල්ලො ටිකත් හාවක් හූවක් නැතුව බලන් ඉන්නවා. සජීවන් මගේ උරහිස උඩින් අතක් තිබ්බත් මං ඒ අත අයින් කලා. ඒ පාර තමයි එස්.අයි.. හට් එකේ ටේබල් එක උඩින් දකුණු අතේ වැලමිට තියලා, වැලමිටෙන් පල්ලෙහා කෑල්ල උඩට ඉස්සුවෙ...


    "මිස්ටර් කියනවා... මමත් කියනවා... එදා කිව්වා වගේ අපිට ඕන නම් මෙතන ගහගන්න වුණත් පුළුවන්. ඒත් හේතුවක් නැතුව මං ඒකටත් කැමති නෑ. මිස්ටර්ගෙ කට වගේම වැඩත් තියෙනවද කියලා බලන්න අපි හෑන්ඩ් ෆයිට් එකක් දාමු.."


    මිනිහා මුලින්ම ටේබල් එක උඩට අත තිව්වෙ මොකද කියලා තේරුම් ගියේ මට ඒ වෙලාවේ. දෙපාරක් හිතන්නෙ නැතුව මාත් මිනිහා දිහාට අත දික් කරා. සජීවන් වන්, ටූ, ත්‍රී කියලා කවුන්ට් කරා විතරයි මායි, එස්.අයි. පොරයි ගේම පටන් ගත්තා. විනාඩි හත අටක් යනකන් දෙන්නගෙම අත් හෙලවුනේවත් නෑ. හරියටම මේසෙට අංශක 90ක් කෙලින් යකඩ වගේ අපේ අත් එකට මිරිකිලා තිබුණා. හැමදේකම දරාගැනීමේ ශක්තිය මගේ උපරිමයෙ තිබ්බේ. මිනිහගෙ පොලිස් ට්‍රේනිං එකේදි මිනිහවත් ඒවා ඉගෙන ගන්න ඇතිනේ. විනාඩි 10 පැන්නයින් පස්සෙ මගේ අත ඩිංගක් විතර රිදෙන්න ගත්තා. එස්.අයි. පොරත් අත අරින පාටක් නෑ. මූණ ගල් ගෙඩිය වගේ තද කරගෙන හෙන ෆයිට් එකක් දෙනවා. ටිකකින් කොල්ලො ටික මට චියර් කරන්න පටන් ගත්තා. චියර් එකත් එක්කම මං මගේ ඇගේ තිබ්බ මුළු ෆිට් එකම අතට අරන්, එස්.අයි. ගෙ අත මේසෙ දිහාට පාත් කරන්න ගත්තා. ඒත් මිනිහගෙ මූණේ තිබුනෙ අපූරු හිනාවක්.


    "මට විතරක් සපෝට් කරන්නෙපා... මෙයාටත් සපෝට් කරපල්ලා.. මොකද මෙයා දැන් පරදිනවා..."


    කොල්ලන්ට එහෙම කියන ගමන් හිතේ තියෙන ෆිට් එකත් අරන් මං එස්.අයි ගෙ අත මේසේ වැද්දුවා. මහා සද්දෙට කොල්ලන්ගෙ චියර් පාර හතර වටින්ම ඇහුණා.


    "මොකද කියන්නේ...? කට වගේම මගෙ වැඩත් හොදයි නේ...?"


    පොර දිහා නෝන්ඩියට බලලා මං ඇහුවා. ඒත් ඒ මූණේ අර කලින් තිබ්බ හිනාවම රැදිලා තිබුනා..


    "හිත කොයි තරම් අකමැති වුණත් ඒක මට පිළිගන්න වෙනවා. හුග කාලෙකට පස්සෙ මගේ කරට කර හරියන ප්‍රතිචාරයක් හම්බවෙලා තියෙනවා. හැබැයි මිස්ටර් එක දෙයක් මතක තියාගන්න.. ඊළග පාර මමයි දිනන්නේ.."


    මිනිහගෙ කතාවෙ තිබ්බෙ පුදුම සිත්ගන්නා සුළු බවක්. මේ යකා පොලීසියට නම් හරියන්නෙ නෑ කියලා මට හිතුනා. මිනිහා හොදයි හොද යාලුවෙක් කරගන්න.


    "ඊළග පාරටත් මෙහෙම තමයි මිස්ටර්.. ඕන නම් ඔයිට කලින් ගේම ඉවර වෙලා මං දිනයි"


    මම කිව්ව එක ඇහුනෙ නෑ වගේ මිනිහා නැගිට්ටා. නැගිටලා හෙමින් සැරේ පාර දිහාට ඇවිදගෙන ගියා ඒ වෙනකොට මගේ හිතේ තිබ්බෙ ලොකු ආඩම්බරයක්. ටවුමටම ගේම දුන්නු එකාට මං ගේම දුන්නනේ කියනෙක මගේ හිතට ලොකු ෆිට් එකක් ගෙනාවා.


    "අනගි..... උඹ නම් සිරා වැඩකාරයෙක් බං.. එස්.අයි. කාරයා නප්පියටම නෝන්ඩි වෙලා ගියා. ඌ ආයේ මේ පළාතකවත් එන එකක් නෑ"


    "ඒ වුණාට උගේ ෆිට් එක හොදයි බං.. මොනව උනත් ඌට කතා කරන්න පුළුවන් නේ සං සං ගාලා..."


    තවත් හුගක් වෙලා යනකන් එස්.අයි. ගේ වරුනෙයි මගේ වැඩකිඩ ගැනයි කොල්ලො කතා කරා. ඒවා අහලා වැඩිවෙලාද කොහෙද මට නිදිමතත් හැදුනා.


    "දැන් එස්.අයි කාරයා ගැන කතා කෙරුවා අති බං. හොද එකා වගේ මට කියපං ඉරෝමි මොකද කියන්නෙ කියලා.."


    මං ජීවන් දිහාට හැරුණා.


    "ඊයෙ වෙනකන් නම් අවුලක් නෑ අනගි. වරාපිටිය කාරයා දැන් නම් ටිකක් ෂේප් කියලා ඉරෝමි කිව්වා. ඒත් මිනිහා යටින් ගේම අදින්නයි පොලීසියෙ ඇන්ට්‍රිය දාලා තියෙන්නේ.."


    "මේ අහපං සජී... මං ඉස්සෙල්ලත් කිව්වනේ.. උගේ ඇන්ට්‍රිය බල්ලට ගියාවේ.. ඉරෝමිව කැමති නම් අපි ඒකිව උස්සගෙන එමු.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කියලා මතක තියාගනින්."


    එහෙම කියනකොට හැම එකාම මගේ දිහාට හැරුණා.


    "ඉරෝමිව බන්දලා දෙන්න වරාපිටියගෙ දැන්ම අයිඩියා එකක් නැත්නම් අපිත් කලබල වෙන්නෙ නැතුව ඉදිමු.. උඹට තේරෙනවද මං කියනෙක..? ටික දවසක් යනකොට සමහර විට ඔය හැමදේම වෙනස් වෙලා යයි. ඊට කලින් වරාපිටිය ඉස්සර වුණොත්, අර කලින් පාරක් ඉරෝමිව බන්දන්න හැදුවා වගේ, අපිත් මොනවා හරි කරමු.. මේ තදියමට ඉරෝමිව උස්සගෙන ගිහින් උඹලා දෙන්නම අනාථ වෙනවා සජී.. මොකද කියන්නේ..? මං කිව්ව දේ හරි නේද...?"


    කොල්ලො ගැන්සිය මගේ කතාව ඉස්මුදුනින් පිළිගත්තා. මොනවා උනත් ඉරෝමිව දැන්මම බදින්න සජීවන්ගේ අදහස් නෑ කියනෙක මගේ හිත දැනගෙන හිටියා. ඒ වගේ ලොකු වගකීමක් ගන්න ඌ තාම හැඩ ගැහිලා මදි කියලා මට තේරුණා. මං ඌ ගැන එහෙම හිතනවා කියලා සජීවන් හිතාගන්න ඇති කියලත් මට අන්තිමට හිතුණා.


    *****************************


    සතියක් විතර සද්දයක් බද්දයක් නැතුව ගෙවිලා ගියා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා වැටුණ ලස්සන කෙල්ල ඊට පස්සෙ මට විහිළුවටවත් හම්බවුණේ නෑ. ඒ රවුම් මූණ හිතට මතක් කරගන්න කොයි තරම් මහන්සි ගත්තත් මගේ හිතේ ඇදුණේ හරිම අපහැදිලි රූපයක්. ඒක මේ වගේ මේ වගෙයි කියලා කියන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.


    "බේබි මහත්තයගෙ කල්පනාව හුගක් වැඩියි.. මොකද ගෑණු හුටපටයක්ද..?"


    කණා මුට්ටිය බිදිනවා වගේ, හරියන්න හරි වරදින්න හරි දෙයියා ට්‍රයි එකක් දුන්නා. මුට්ටිය කුඩේ කුඩු. ඒත් මං මුකුත් කිව්වෙ නෑ.


    "ඕකට ඉතින් මට ඔරවන්න ඕනෙ නෑ නේ.. මේ දවස් ටිකේම ටවුම පැත්තෙ නොගිය නිසයි ඇහුවේ.."


    හිතේ ගුළිවෙලා තියෙන මේ දේවල් එළියට දැම්මා නම් හොදයි කියලා මට හිතුණා. කවුරුම හරි එතකොට මේ ගැන දන්නවනේ.


    "දෙයියට මතකද අපි එදා සජීවන් හම්බවෙන්න ස්ටේෂන් එකට ගියපු දවස..?"


    "ඔවු මහත්තයෝ.."


    "එදා මං ස්ටේෂන් එකේදි සජීවන්ව හොය හොය ඇවිදිද්දි මගේ ඇගේ හැප්පිලා ගෑණු ලමයෙක් බිම වැටුනනේ.."


    කෙල්ලො ගැන කතා නොකරන මම අද කෙල්ලෙක් ගැන කතා කරන හින්දද කොහෙද දෙයියගෙ කටත් ඇරුණා.


    "ඉතිං.....?"


    "ඉතිං... ඒක එතනින් ඉවරයි.. මං ඒ ළමයට සොරි කිව්වා.. එයා ඕ.කේ කියලා යන්න ගියා.."


    ඇත්තටම ඉතින් බලන් ගියාම කතාව එච්චර තමයි. එතකොට මම මෙච්චර දවසක් හිත හිත තැටමුවෙ මොන කෙහෙල්මලකටද...?


    "එයාව අදුනනවද බේබි මහත්තයෝ...?"


    "නෑ"


    "එයාව ඉන්න තැනක් දන්නවද..?"


    "නෑ..."


    "එහෙනම් හත්දෙයියනේ.. මේ ලක්ෂ ගානක් ගෑණු ළමයි ඉන්න රටේ ඔය ගෑණු ළමයව හොයන්නෙ කොහොමද..? එයාව අදුනගන්න වෙන මුකුත්ම සලකුණක් නැද්ද..?"


    "හිතට වැදිච්ච හැමදෙයක්ම අමතක කරන්න බෑ දෙයියා. එයා මට තුරුල් කරලා ගියේ අර උඹ මට ගෙනල්ලා දීපු කරාබුව විතරයි. උඹට මතක නැද්ද අර ටසල් එක.."


    "මොකෝ මට අමතක.. ඒත් ඉතිං ඒ ගැණු දරුවව බේබි මහත්තයගෙ හිතට ඔය තරම්ම වැදිලා නම් අපි හොදට හොයලා බලමු. ඉන්න තැනකින් හොයාගන්නත් එපායෑ නේද..? ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පාරට බේබි මහත්තයෙගෙ හිත හොරකම් කලේ එයානේ.."


    දෙයියත් ඉදලා ඉදලා සිරා කතා තමයි කියන්නේ. ඒත් ඉතිං එයා කොහෙද ඉන්නෙ..? මොනවද කරන්නේ..? නම මොකක්ද..? ඔය හැමදේටම උත්තරේ දන්නෑ කියනෙක තමයි. එතකොට පටන්ගත්තු තැනම ගේම අතාරින්නද වෙන්නේ..


    ****************************


    ගෙදර ඉන්න බැරි කම්මැලිකමට බයික් එකත් අරන් මං හවස පාරට බැස්සා. තාත්තිත් මීට්න එකකට ගිහින්. දෙයියා දවල්ට කාලා ගොරව ගොරව නිදි. රුවන්වැලි සෑය වගේ බත් පිගානක් බෙදාගෙන පැය එකහාමාරක් විතර ඉන්ටවල් නැතුව ඇදලා ඇරියාම නින්ද යන්නැත්තෙ කාටද..? බයික් එක වැලිකන්ද පාරෙන් තාර පාරට දාලාමං ස්පීඩ් එක වැඩි කලා.. යන්නෙ කොහේද කියලා අරමුණක් තිබ්බෙ නෑ. ඒත් ටවුන් එකට මෙහායින් තිබ්බ ෆුඩ් සිටි එක ළගම වගේ මිනිස්සු ගොඩක් වටවෙලා ඉන්නවා මං දැක්කා. යකෝ බෝම්බයක් පුපුරලාද..? ස්පීඩ් එක අඩු කරන ගමන් මං ඒ දිහාට බයික් එක හැරෙව්වා. එතකොටයි මම දැක්කේ දහයක් දොළහක් විතර එකතුවෙලා තනි මිනිහෙකුට නැව් ගානට දෙනවා. වටේම හිටියෙ කලු පුතාගෙ චන්ඩි බජාර් එක. ලෝකෙ ඉන්න ලොකුම පව්කාරයට වුණත් කමක් නෑ. ඔහොම සතෙකුට වගේ වට කරන් ගහනෙක ගැන නම් මගේ හිතේ පැහැදීමක් තිබුනෙ නෑ. ඒක හින්දම බයික් එක එතන තිබ්බ ලොතරැයි කූඩව ළගින් දාලා, එක මිනිහෙකුට වටවෙලා ගහන වීරෙයෝ රන්චුවෙ මැද්දට මං පැන්නා. ළගම හිටපු චන්ඩි දෙන්නෙකුට වැටෙන්නම ගහලා මෙච්චර වෙලා ගුටිකාපු මිනිහා දිහා මං නිකමට බැලුවා. මගේ ඇස් දෙක දැක්ක දේ මටවත් අදහගන්න බැරිවුණා. එතන ගුටි කකා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මටත් පාට් එකක් දාපු අලුත් එස්.අයි. මිනිහගෙ මුළු මූණම ලේ වලින් නෑවිලා. ඒ කියන්නෙ කලු පුතාගෙ ගැන්සිය පොරට හොදට සලකලා තියෙනවා.


    "ළමයි.. කරන වැඩේ අන්තිම කැතයි නේ.."


    කියන ගමන් මම ගේම පටන්ගත්තා. මට මං ගැන විශ්වාසයක් තිබ්බා. තවත් හතර පස් දෙනෙකුටම වැටෙන්න ගහලා මං එස්.අයි. දිහා බැලුවා. මං දැක්කෙ, තවත් බලාගෙන ඉන්න පුළුවන් සීන් එකක් නෙමෙයි. එස්.අයි කාරයගෙ අත් දෙකෙන් දෙන්නෙක් අල්ලන් ඉන්දෙද්දි කලු පුතාගෙ දෙවෙනි ගෝලයා අඩි එකහාමාරක විතර දිග පිහියක් පපුවට බස්සන්න යනවා. තවත් ලේට් වුණොත් හෙම එස්.අයි ගෙ ෆියුනරල් එකට තමයි යන්න වෙන්නේ. මම ළගටම අත උස්සගෙන ආපු එකෙක්ගෙ බඩට පයින් පාරක් ගහන ගමන් උගේ උරහිස උඩට අත් දෙක තියලා මං උඩ පැන්නා. තව තත්පරයයි. පිහිය එස්.අයි ගෙ පපුව ළගම. උඩ පනින ගමන් තවත් රවුමක් කැරකිලා, පිහිය අතේ තිබ්බ එකාගෙ බෙල්ලට පයින් පාරක් දුන්නා. වැදිච්ච පාර සැර කමට ඌයි, පිහියයි දෙකම පැත්තකට විසි වෙලා ගියා. ඊට පස්සෙ සං සං ගාලා ගේ ඉවර වෙද්දි මං වටපිට බැලුවා. කට කොනකින් ලේ බිංදුවෙන් බිංදුව ගලාගෙන යද්දි අලුත් එස්.අයි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා. ඒ මූණේ තිබ්බෙ මොන වගේ හැගීමක්ද කියලා මට හිතාගන්න බැරිවුණේ, මූණෙ සමහර තැන් ගුටිකාපු පාරවල් වලින් ඉදිමිලා තිබ්බ හින්දා. පොර මං දිහා බලන් හිටියෙ අමුතුම ලුක් එකකින්. මිනිහ හෑන්ඩ් ෆයිට් එකකට කතා කරන්න හදනවද දන්නෙත් නෑ...


    "යන්න පුළුවන්ද...?"


    මං කෙලින්ම ඇහුවා.. බැරි නම් ගිහින් දාන්න හරි එපායෑ. මිනිහා ඔලුව වැනුවා. ඒ කියන්නෙ පුළුවන් නේ. හොල්මන් වෙලා, නන්නත්තාර වෙලා, සින් එක බලන් ඉදපු මිනිස්සු අස්සෙන් එළියට ආපු මං බයික් එකට නැගගත්තා. අලුත් එස්.අයිට පේන්න පුංචි පහේ වැඩක් දාන්නත් ඕනෙනේ. ඇක්සලේටර් එක රේක් කරන ගමන් ක්ලච් එක අතෑරලා, ඉස්සරහා රෝදෙ උඩට උස්සගෙන මං ටිකක් දුර බයික් එක පාර දිගේ අරන් ගියා. ඔය තියෙන්නෙ මිනිස්සුන්ට මාසයක් විතර කතා කරන්න ස්ටෝරියක්..


    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-5.jpg


    5
    දවසක් දෙකක් කරදරයක් නැතිව ගෙවිලා ගියා. ටවුම මැද්දෙ මිනිස්සු බර ගානක් ඉස්සරහා කලු පුතාගෙ ගැන්සියට ගහලා එස්.අයි. ව බේරගත්තු එක ඒ වෙනකනුත් අපේ ගෙදරට නෝන්ඩි වෙලා තිබුනෙ නෑ. එහෙම වුණා නම් සෑහෙන බර බරයක් අහගන්න වෙන එක නම් බුදු ෂුවර්. වැඩේ කියෙන්නේ අන්තර් ජාතික රහස් පොලීසියෙ වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න දෙයියටවත් වැඩේ ආරංචි වුණේ නෑ.

    "මිස්ටර් අනගි ඉන්නවද..?"


    සාලෙ පැත්තෙන් ඇහුණෙ මට ඒ තරම් පුරුදු කටහඩක් නම් නෙමෙයි. මොකාද යකෝ.. මේ මිස්ටර් කෑලි දාලා කතා කරන වැදගත් මනුස්සයා..


    "ආ... ඔ.. ඔව්.. ඔව් සර්.. එන්න ඇතුළට.. බේබි මහත්තයා ඉන්නවා."


    දෙයියගෙ කටහඩ ඊටපස්සෙ මට ඇහුණා. ආවෙ කවුද කියලා බලන්න මාත් කාමරෙන් එළියට ආවා. මගේ ඇස් ඉස්සරහා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. අලුත් එස්.අයි. පොර. මං ඒ මූණ දිහා හොදට බැලුවා. දවස් දෙකක් ගිහිල්ලත් ගුටි කාපු පාරවල් තාම මූණෙ. මං එදා වෙලාවට ආවෙ නැත්තං මෙයා මසල වඩේ නැත්තං උලුදු වඩේ වෙලා තියෙයි. මිනිහත් මං දිහා කන්න වගේ බලන් හිටියා..


    "එ... එන්න ඇතුලට"


    ආවෙ මොකටද කියලා දන්නෙ නැති වුණත් මං කතා කරා. හතුරෙකුට උනත් ගෙදරට ආවාම සලකන්න කියලා තියෙනවනේ. ඒත් ඉතිං මම නම් හතුරට වුණත් ගෙදරට ඇවිත් කලර්ස් දාන්න ආවොත් ගහනවා.


    "වාඩිවෙන්න..."


    සාලෙ තියෙන ලොකු කුෂන් සැටිය පෙන්නලා මං කිව්වා. මුළු සාලෙ පුරාම එක තත්පරේට දෙකට ඇස් යවන ගමන් මිනිහා සැටියෙ වාඩි වුණා..


    "මොනවද බොන්නේ...? තේ ද...? කෝපි ද...? කිරි ද...? කෝක් ද...?"


    මං ආයෙත් ඇහුවා. ඒ මූණ මැද්දට අර වෙනදා එන පුංචි පැණි හිනාවම ආවා. මිනිහට ඒ හිනාව හෙන ගති.


    "ඔයා කැමති දෙයක් ගේන්න.."


    මිනිහා උත්තරේ දුන්නා. මං ෆ්‍රිජ් එක ඇරලා කෝක් කෑන් දෙකක් අතට ගත්තා. දෙයියගෙ ඇස් දෙක ලොකු වෙලා. දෙයියත් බලනවා ඇති මේ යකා ආවෙ මොකටද කියලා. මටත් හිතාගන්න බැරි ඒකනේ. මං කෝක් කෑන් දෙකත් අරගෙන සාලෙට එනකොට එස්.අයි. පොර බිත්ති කබඩ් එක ඇතුලෙ දාලා තියෙන මගේ කරාටේ සෙටිෆිකේට් එක දිහා බලන් ඉන්නවා මං දැක්කා. කෝක් කෑන් එක මිනිහගෙ අතට දීලා මං ඒ මූණ දිහා ආයෙත් පාරක් හොදට බැලුවා.


    "අවුරුදු දෙකක් කරාටේ චෑම්ප් වෙලා තියෙනවනේ. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ ඔයා බ්ලැක් බෙල්ට් කෙනෙක් කියලා..."


    මිහිනා කියවගෙන යනවා. මට තිබුනෙ පාඩුවෙ අහගෙන ඉන්න විතරයි. අවුරුදු දෙකක් පිට පිට ඕල් අයිලන්ඩ් කරාටේ චැම්පියන් වුණා කියලා බෝඩ් ලෑල්ලක කියලා පිටේ ගහගෙන ඉන්න මට බෑනේ. ඒත් මිනිහ කියපු දේට මං මුකුත් කියන්න ගියේ නෑ. මොකටද නිකං මිනිහගෙ ඇගේ ලේ කෝප කරවන්නේ.


    "මගෙත් එක්ක ඔයා තරහයි කියලා මම දන්නවා. ඒත් ඒ තරහා පැත්තකට දාලා මාව බේරගත්තට හුගක් ස්තුතියි. මොකද අපේ පොලීසියෙ කෙනෙක්වත් ඒ වගේ අවස්ථාවක මාව බේරගන්න මැද්දට පනින එකක් නෑ."


    මට පිටට අත තියන ගමන් මිනිහා කිව්වා. අතේ තිබ්බ කෝක් කෑන් එක කඩලා ටිකක් බීලා මිනිහා ආයෙත් කතාව පටන් ගත්තා.


    "අර යකා පිහිය උස්සන් අනින්න හදනකොට කවදාවත් නැති විදියට මට මරණ බය කියන දේ දැනුණා. කැරකිලා ඇවිත් ඔයා උගේ බෙල්ලට ගහනකන් වුණත්. වුණේ මොකක්ද කියලා මං දන්නෙ නෑ."


    "ඔව්.. මාත් ගෙදර නිකන් ඉන්න කම්මැලිකමට තමයි ටවුන් එකට ගියේ. එතකොටයි ඔය සීන් එක දැක්කෙ. එතන ගුටිකන කෙනා ඔයා කියලා මං කීයටවත් හිතුවෙ නෑ. දහයක් පහලොවක් ඇවිල්ලා එක මිනිහෙක්ට ගහන එක අසාධාරණයි නේ.. මං ඒකයි මැද්දට පැන්නේ.."


    "කොහොම වුණත් තෑන්ක්ස් මිස්ටර් අනගි.."


    "මිස්ටර් කෑල්ල එපා එස්.අයි. මට අනගි කියන්න"


    "මටත් එස්.අයි කෑල්ල නැතිව භවන්ත කියන්න. ඒ හොදටම ඇති."


    ඊට පස්සෙ භවන්ත එක හුස්මට කෝක් එක බීලා ඉවරවෙලා හිස් ටින් එක ස්ටූල් එක උඩින් තිබ්බා.


    "එහෙනම්.."


    එහෙම කියලා භවන්ත මගේ දිහාට දකුණු අත දික් කලා. මේ මොකද මේ..? ආයෙත් හෑන්ඩ් ෆයිට් එකකටද..?


    "එදා බැරිවුණ හෑන්ඩ් ෆයිට් එක අද තියන්නද හදන්නේ..?"


    ඕක ආයෙ හිතේ තියාගෙන ඉන්නෙ මොකටද... මං ඇහුවා..


    "නෑ අනගි... මං අත දික් කලේ වෙන දේකට.. ඔයා හුගක් හොද කොල්ලෙක් කියලා, හැම දේකින්ම මට සාක්ෂි හම්බ වුණා. අන්න ඒ හොද කොල්ලට මං මේ අත දික්කලේ. බොක්කෙන්ම... නිකන් නෙවේ ෆ්‍රෙන්ඩ් ෂිප් එකට.."


    දෙපාරක් හිතන්න ඕන කරන දේවල් ඒ වචන ඇතුලෙ තිබුණා. ලේසියෙන් යාලුවෙක් ලං කරගන්නෙ නැති මගේ හිත ඇත්තටම භවන්තට කැමති වුණේ ඇයිද කියලා මටම හිතාගන්න බැරි වුණා. හිනාවකින් වැහිලා යන්න හදන ඒ මූණ දිහා බලාගෙන මමත් අත දික් කලා..


    "ෆ්‍රෙන්ඩ්..."


    "ඉයර්ස්.. අනගි.. වි ආ ෆ්‍රෙන්ඩ්ස්..."


    භවන්ත මගේ කරවටේට අත් දෙක දාලා මාව වැළද ගත්තා. නවෝදිටයි, සජීවන්ටයි පස්සෙ හොද යාළුවෙක් හම්බවුණා කියන සතුට මගේ හිතට දැනුණා. ඒක හරිම තද හැගීමක්.


    "හත්තිලව්වේ... ඈ බේබි මහත්තයෝ.. මොකක්ද දැන් මෙතන සිද්ද වුණේ.. මට නම් හීනයක් දැක්කා වගේ.."


    භවන්න ගෙයින් එළියට බැහැලා ගියාට පස්සෙ දෙයියා නන්නත්තාර වෙලා මගෙන් ඇහුවා. මල යකෙක් දැකලා වගේ දෙයියගෙ දතකට පූට්ටු වෙලා. වැඩේ කියන්නෙ මූ හොදටම බය වෙලා.


    "වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණා දෙයියා..."


    "හැබෑට..? කියලවත් කරගන්න බැරි වැඩක් නේ වෙලා තියෙන්නේ. එස්.අයි මහත්තයා, බේබි මහත්තයගෙ යාලුවෙක් වෙච්චි එක කොයි තරම් හොදයිද..? දෙන්නා නිකන් නයයි පොළගයි වගේනේ හිටියේ..."


    දෙයියා කියපු කතාවේ ලොකු ඇත්තක් තිබුණා. හැමදේම වෙන්න ඇත්තෙ හොදට තමයි. නැත්නම් භවන්තවත් මංවත් ගේම අතාරින්න කැමති අය නෙමේනේ. කොහොම වුණත් අපි දැන් යාලුවො. ඒත් ඉතිං ඉස්සරහ කාලෙ ගැන කියන්න පුළුවන් කාටද..? භවන්ත මට පෙරලුවෙත් පොලිස් පොතක්ද දන්නෙ නෑ. එහෙම වුණොත් නම් සොරිම තමයි. කලු පුතාලා ගැහුවා වගේ නෙමෙයි මං ගහන්න ගියොත්. කොහොම වුණත් ලැබිච්ච ෆ්‍රෙන්ඩ් ෂික් එක තියාගෙන කෝකටත් පරිස්සමින් ජීවත් වෙන්න මං හිතාගත්තා.


    *****************************


    පළාත් සභා මැතිවරණේ අත ළගටම ඇවිල්ලා තිබුණා. ගෙදර එහෙම පිටින්ම අනිත් පැත්ත හරවලා වගේ. ජීවිතේට දැකලා නැති විවිධාකාර මිනිස්සුයි, හැමදාම දැකලා එපාවුණ මිනිස්සුයි ගේ ඇතුලෙ පිරිලා. එකම කාල ගෝට්ටියයි. තාත්තියි, දෙයියයි බරටම වැඩ.. එයාලා දෙන්නට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීළා දෙයියා එපා කියද්දිත් මම ගෙදරින් පැනගත්තා. ඒ වෙන මොනවත් හින්දා නෙමේ. ගෙදර තිබ්බ කලබලකාරී පරිසරයත් එක්ක මට ජීවත් වෙන්න අමාරුයි කියලා මට දැනුන නිසා. මං කෙලින්ම ගියේ සජීවන්ව හොයාගෙන..


    "අනගි.... මුකුත් අවුලක්ද බං..?"


    මාව දැක්ක හැටියෙම සජීවන් කලබල වුණා. නිතරම එහෙට මෙහෙට දුවන උගේ රවුම් ඇස් දෙක හැරිලා තිබ්බෙ මගේ මූණ මැදට.


    "මොන අවුල්ද බං.. තිබ්බ අවුල් ටික ඉවනේ.."


    මං එහෙම කිව්වෙ හිනාවෙවී. ඇත්තටම ඉතිං අවුල තිබ්බෙ සජීවන්ටනේ. ඌ හින්දා මමනේ ඒකට පැන්නේ. අපි දෙන්නා කතා කර කර ඉන්න තැනට ටිකකින් සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලො ටික ආවා.


    "අනගි අයියා............. සිරා නිවුස් එකක් ආවා.. ඒත් ඉතින් වැඩේ ඇත්තද කියලා අදහගන්න බැරි එකයි අප්සෙට් එක."


    ඉරි ඉරි ෂර්ට් එක ඇදන් හිටපු සජීවන්ගෙ යාලුවෙක් අපේ කතාව මැද්දට පැන්නා..


    "කියමුකො බලන්න නිව්ස් එක මොකක්ද කියලා..."


    "එදා අපේ තැනට ඇවිල්ලා කලර්ස් දැම්ම අලුත් එස්.අයි. ව කලු පුතාලා මරන්න හදද්දි, අනගි අයියා පැනලා බේරගෙන තියෙනවා.. වැඩේ ඇත්තද...?"


    ඌ කිව්ව දෙයින් සජීවනුයි, සජීවන්ගෙ කොල්ලො සෙට් එකයි හොල්මං වෙලා ගියා.


    "වැඩේ ඇත්ත මල්ලි.. එතන ගියේ මහා කැත ගේමක්. මං මැද්දට පැන්නා.. ගේම ඉවරයි.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං කිව්වෙ එච්චරයි. ඒත් කොල්ලො සෙට් එකට ඒ විස්තර මදි වගේ. උන් වෙච්ච හැමදෙයක්ම අර කලින් කතාව පටන් ගත්ත යාලුවගෙන් අහන්න ගත්තා. ඌත් නිකන් හින්දි ෆිල්ම් එකක ඩිරෙක්ටර් කෙනෙක් වගේ අතිනුත් දම දමා කතාව පටන් ගත්තා.

    "උඹ නම් අදහන්න වටිනවා බං.."


    කතාව අහලා ඉවරවෙලා සජීවන් මගේ පිටට තට්ටුවක් දැම්මා. ඒ තට්ටුවත්තෙක්කම වගේ තමයි පොලිස් ජිප් එකක් අපි ඉන්න පැත්තට ආවේ. අපි හැමෝගෙම ඇස් ඒ පැත්තට හැරුණා. ජීප් එකේ ආවෙ වෙන කවුරුත් නෙමෙයි. මගේ අලුත්ම යාලුවා භවන්ත. මිනිහා ජීප් එකෙන් බැහැලා කෙලින්ම මගේ ළගට ආවා.


    "අනගි.. කොහොමද ෆ්‍රෙන්ඩ් ජීවිතේ...?"


    භවන්ත එයාගේ දකුණු අත මගේ දිහාට දික් කරන ගමන් ඇහුවා. වටේ හිටපු කොල්ලො ටික ෆුල්ම අප්සෙට් වෙලා. ඇයි ඉතින් ඕන එකෙක් අවුල් වෙන්නෙ නැද්ද. මීට කලින් මායි, භවන්තයි හිටියෙ දැක්ක දැක්ක තැන මරාගනන් වගේනේ. කොහොම වුණත් මං භවන්තගෙ අතින් අල්ලගත්තා.


    "ජීවිතේ නම් හොදයි.... ඒත් මොකද මේ..? අද ඩියුටි ගියේ නැද්ද..?"


    මං අහපු දේට උත්තර දෙන්නෙ නැතුව භවන්ත කිව්වෙ වෙන කතාවක්. ඒත් මට නෙමේ. අර කොල්ලො සෙට් එකට. උං ඔක්කොම තම්බපු බිත්තර උගුරෙ හිරවෙලා වගේ ගල් ගිලලා හිටියෙ. ඇත්තටම මේ වෙන දේවල් උංට අදහාගන්න බැරිවෙලා කියලා මට තේරුණා.


    "අනගිගෙ හිනාව හුගක් ලස්සනයි කියලා අපි දන්නවා බොස්.. අනගි කියන්නෙ රත්තරං පපුවක් තියෙන කොල්ලෙක්. ලේසියෙන් යාලුවෙක් ලංකරගන්නෙ නැති අපේ අනගි අයියා, බොස් වගේ මනුස්සයෙකුට කොහොම ලං වුනාද කියලා අපි දන්නෙ නෑ. ඒත් එක දෙයක් තියෙනවා බොස්.. ඒ, ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඇවිල්ලා අනගිට මොකක් හරි කරදරයක් කරොත්, අපේ ජීවිත ගැන බලන්නෙ නැතුව අපි ගේමට බහිනවා..."



    මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු සජීවන් උත්තර දුන්නා. භවන්තගෙ මූණ බලන් ඉද්දිම රතු වුණා. මිනිහා ජීවිතේටවත් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ඇති.


    "ඔයාලා කියන විදියට වුණොත් ඒ තීරනේ ඔයාලා ගන්න.. එතෙන්දි මගේ තරාතිරම වැදගත් වෙන්නෙ නෑ. ඒත් මට කියන්න කණගාටුයි.... ඔයාලට ඒ හේතුව හින්දා කවදාවත් ගේමට බහින්න වෙන්නෙ නෑ කියලා මගේ හිත හොදටම දන්නවා.."


    භවන්ත එහෙම කියලා මගේ මූණ දිහා බැලුවා. ඒ මූණ මැද්දෙ සැක කරන්න තරම් දෙයක් තිබුණෙ නෑ. හොද යාලුවෙක්ගෙ අංග සම්පූර්ණ ගති ලක්ෂන එකින් එක දැක්කා මිසක අහක දාන්න තරම් දේවල් ඒ මූණෙ තිබ්බෙ නෑ. සජීවන් ඊගාව තත්පරේ භවන්තගෙ අතට අත දුන්නා. සජීවන්ගෙ කොල්ලො සෙට් එකේ තිබ්බෙ තනිකරම හිනා කටවල් ගොඩක්..


    "අනගි.... යමුද අපි ගෙවල් පැත්තෙ ටිකක් ගිහින් එන්න...?"


    භවන්තගෙ ආරාධනේ ගැන දෙපාරක් මං හිතුවෙ නෑ. මගේ බයික් එකයි, යතුරයි සජීවන්ගෙ අතට දීලා මං භවන්තගෙ ජීප් එකට නැග්ගා. සිංදුවකුත් විසිල් කරන ගමන් භවන්ත ජීප් එක පාරට ගත්තා. මේ යකා නම් පොලීසියට හරියන පොරක් නෙමෙයි. මෙයා පොලීසියට මැච් වෙනවා නම් මාත් ඔය මොකක් හරි ස්පෙෂල් පෝස්ට් එකකට මැව් වෙන්න ඕන..


    "මොකෝ අනගි.. මං දිහා අමුතු විදියට බැලුවේ...?"


    භවන්ත ඒක අහපු තාලෙට මට හිනාවක් ගියා..


    "ඒ භවන්තට හිතෙන හැටි.. ඒත් මං තාමත් හිතන්නෙ, පොර කුකුල්ලු වගේ දැක්ක තැන කොටාගන්න ගිය අපි දෙන්නා දැන් එකට වාඩිවෙලා යන්නෙ කොහොමද කියලා.."


    "පොර කුකුල්ලු වගේ කොටාගත්ත හින්දනේ මට ඔයා ගැන දැනගන්න හම්බවුණේ. ඇත්තමයි මට හොදටම හිතට වැදුනෙ, මාව මරන්න යද්දි ඔයා එතෙන්ට පැනලා බේරගත්තු එකයි. ඒ වෙලාවෙ තිබ්බ තත්වෙ හැටියට ඔයා ඇරෙන්න වෙන කාටවත් මාව බේරගන්න බෑ.."


    "දැන් අපි යාලුවො කියලා කිව්වනේ භවන්ත.. ප්ලීස්.. ඔය කතාව නවත්තලා දාමුකෝ.. ආයේ ආයේ ඕක කියනකොට මගේ හිතත් අවුල් වෙනවා.."


    මං මගේ හිතේ තිබ්බ දේ ඇත්තටම කිව්වා. අනිත්තෙක තමයි වැඩිය මුරුංගා අත්තෙ තියන එක මට කොහොමත් දිරවන්නෙ නෑ. කතාවෙන් කතාවෙන් අපි දෙන්නා ටවුන් එක පාස් කරලා ටිකක් දුරට වෙන්න ජීප් එක අරන් ආවා. මගේ ඇස් වලට වැඩිය නෝට් වුණේ නැති ලස්සන ගෙදරක් ඉස්සරහා භවන්ත ජීප් එක නැවැත්තුවා. අලුත් තාලෙට හදලා තිබ්බා. ඒ ගෙදර තිබ්බෙ මාර ගතියක්.


    "අනගි.. කොහොමද අපේ ගෙදර..?"


    අත් දෙක දෙපැත්තට දාලා මං දිහා හැරිලා භවන්ත අහද්දි මං ආයෙත් ඒ ගේ දිහා බැලුවා. කලින් දැක්කටත් වැඩිය ලස්සනට ආයෙත් මට ඒ ගේ පෙනුණා.


    "හොදයි හොදයි මැක්සා ගේ... මටත් මේහේ නවතින්න ආසයි.. හි.."


    කියන්න ගියපු කතාව නැවතුනේ උස මහත ලස්සන ගෑණු කෙනෙක් ගේ ඇතුලෙ ඉදලා එක පාරටම එළියට ආපු හින්දා. ඒ ගෑනු කෙනාට තිබ්බෙ ටිකක් ආඩම්බරෙන් පිරිච්ච මූණක්.


    "ආ... අම්මේ.. මේ තමයි අනගි.. හරිම හොද යාළුවෙක්.. අනගි මේ තමයි අපේ අම්මා..."


    ඒ ආපු ගෑනු කෙනා කවුද කියලා භවන්ත මට අදුන්නලා දුන්නා. ඒත් ඒ මූණෙ මට පෙනුණ හැටියට නම් පහන් හැගීමක් තිබ්බෙ නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම එයා මාව දැකපු දවස අද වුණත් එයා මං දිහා බැලුවෙ තරහා කාරයෙක් දිහා බලනවා වගේ. මොකක්ද මෙතන මේ වෙන්න යන්නේ..?


    "භවන්ත... ඔයා විතරක් ටිකක් ගේ ඇතුලට එන්න.."


    භවන්තගෙ අම්මා එහෙම කිව්වාම මං ගැස්සිලා ගියා. කකුල් දෙකේ ඉදලා ආපු මොකක්දෝ ගින්දරක් මගේ ඔලුවෙන් පිටවුනා. ඔයා විතරක් කියන අකුරු හය මගේ හිත මැද්දෙම රැදුණා. ඒකයි මං භවන්ත දිහා කෙලින්ම බැලුවේ. භවන්ත අප්සට් වෙලා..


    "අනගි... මට වන් මිනිට් දෙන්න"


    මට එහෙම කියලා භවන්ත අම්මත් එක්ක ගේ ඇතුලට ගියා. ගෙදර ඉස්සරහා දොර බාගෙට ඇරලයි තිබුනේ. ඒක හින්දම එයාලා දෙන්න අතරෙ උණ කතාබහ මට හොදට ඇහුණා. මගේ හිතට ආවේ ලොකු පසුතැවිල්ලක්..


    "භවන්ත... මම ඔයාට කී දවසක් කියලා තියෙනවද යාලුවන්ව මෙහේට එක්කන් එන්න එපා කියලා.. ඔයා ඇයි මං කියන දේ තේරුම් ගන්නෙ නොගන්නේ..? ඇයි මං කියන දේ අහන්නෙ නැත්තේ..?"


    "ප්ලීස් අම්මා... හෙමින් කතා කරන්න.. එයාට ඇහුනොත් හොද නෑ. මං ගැන නරක විදියට හිතයි.."


    "එයාට කොහොම ඇහුනත් මට කමක් නෑ.. මට තරහා මෙච්චර දවසක් ගිහිල්ලා හරි ඔයා මගේ පොරොන්දුව කඩපු එක ගැනයි.. ඇයි ඔයා මං ගැන හිතන්නෙ නැත්තේ..?"


    තවත් මේ ගෙදර එළියට වෙලා අපතයෙක් වගේ ඉන්න එකේ තේරුමක් නෑ කියලා මට හිතුනා. ඒත් මේ වගේ ලැජ්ජාවක්..? මේ වගේ පහත් විදියට මට කවුරුවත් සලකලා තිබුනෙ නෑ.. ඒ ගැන මගේ හිතේ තිබුනෙ ලොකු කේන්තියක්. ඒත් භවන්තගෙ අම්මා මොනවා කිව්වත්, මං ආවේ භවන්ත මට ඉන්වයිට් කරපු හින්දා. ඒකේ ගෞරවේ තියන්න, භවන්ත ආපහු එළියට එනකන් මං හිටියා..


    "මං ඔයාගැන හැමදාම හිතුවා අම්මා. හොද යාලුවෙක් නැතුව පහුවෙච්ච කාලේ මම ගෙව්වෙ කොහොමද කියලා අම්මා දන්නවා.. දැන් මේ ඇවිල්ලා ඉන්න අනගි වගේ යාලුවෙක් මිනිහෙක්ට ජීවිතේට හම්බවෙන්නෙ නෑ. එයා අම්මා හිතනවටත් වැඩිය හුගක් හොද කෙනෙක්...."


    "ඒ ඔයා හිතන විදියනේ... ඒත් මට එහෙම හිතන්න බෑ. ඒකට හේතු මොනවද කියලා ඔයා දන්නවා.. එතනින් එහාට මං මුකුත් ඔයාට කියන්නෙ නෑ...."


    "අම්මා.. ප්ලීස්..........."


    භවන්ත, අම්මා ඉස්සරහා වදවෙන හැටි මට ඇහුණා. භවන්තගෙ යාලුවන්ට මේ ගෙදර දොර වැහිලා තියෙන්නෙ ඇයිද කියනෙක තමයි මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ.. නැත්නම් ඒක මට විතරක් පොදු වෙච්ච දෙයක්වත්ද කියලත් මට හිතුණා. මොකද මගේ මූණ දැක්ක ගමන් භවන්තගෙ අම්මගෙ මූණ අවුල් වුනා නේ.


    "හොදයි... මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් එක.. එතනින් එහාට නෝ එක්ස්කියුස්..."


    භවන්තගෙ අම්මා අන්තිමට එහෙම කියනවා මට ඇහුනා. ටිකකින් මූණට හිනාවක් අරගෙන ලොකු උත්සාහයක් අරන් භවන්ත මං ඉස්සරහට ආවා. ඒත් වෙනදා එන අර සිරා හිනාව ඒ මූණට ගන්න බැරි වෙලා තිබුනා..


    "අනගි... එන්න ගේ ඇතුළට.. මෙච්චර වෙලා හරි ඔයාව එළියෙන් තිබ්බ එකට සොරි ෆ්‍රෙන්ඩ්..."


    මගේ උරහිසට අත් දෙකම තියලා භවන්ත කිව්වා.


    "ඒකට මොනවා වෙනවද භවන්ත.. ඔයා දැන් ගේ ඇතුලට යන්න.. මං වෙන දවසක එන්නම්.."


    ඒ කිව්ව දේට භවන්තගෙ මූණ අමුතු වුණා..


    "අ.... අනගි එකපාරටම මොකද මේ..?"


    "මුකුත් නෑ භවන්ත.. කරන්න ඕන වැදගත් වැඩක් ගැන මට එකපාරම මතක් වුණා. තාත්ති හවස එන්න කලින් මම ඒක ඉවරයක් කරන්න ඕන.. තරහා වෙන්න එපා ෆ්‍රෙන්ඩ් අපි පස්සෙ දවසක හම්බවෙමු."


    එහෙම කියලා හැරුණා. ඒ ආපහු එන්න. ඒත් භවන්ත මගේ අතින් අල්ලාගත්තා.


    "අ.. අනගි ප්ලීස්.. ඔයා අද ෆස්ට් ටයිම් මගේ දෙරට ආවේ.. අපි කූල් එකක්වත් බීලා යමු.."


    "නෑ භවන්ත.. ඒ ගැන මුකුත් හිතන්න එපා.. මං දැන් ඔයාගෙ ගෙදර තියෙන තැන දන්නවනේ. අනිවාර්‍යෙයන්ම මං පස්සෙ දවසක එන්නම්. මගේ හිත ගත්තු යාළුවෙකුට මං බොරු කියන්නෙ නෑ. ඒක ඔයාටත් පොදුයි.. අපි වෙන දවසක අනිවා හම්බවෙමුකෝ.."


    මම ගේට්ටුවෙන් එළියට ආවා.. නිකමට වගේ ආපහු හැරිලා බලද්දි භවන්ත මට අත වනනවා මං දැක්කා. මමත් අත වනලා හිත සැහැල්ලු කරගන්න හැදුවත් ඒක සිද්ධවුණේ නෑ. භවන්තගෙ අම්මා කතා කරපු හැම වචනයක්ම මගේ හිතේ හැම පැත්තකින්ම ඇහෙන්න ගත්තා. මට ඇහෙනවා කියලා දැන දැනත් භවන්තගෙ අම්මා එහෙම කතා කෙරුවෙ ඇයිද කියනෙක මගේ හිතේ තිබ්බෙ ලොකු කුතුහලයක්..


    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-6.jpg


    6

    තදටම නින්ද ගිහින් ඉදපු මං ඇහැරුණේ ටෙලිෆෝන් එකේ සද්දෙට. විනාඩි ගානක් යනකන් එක දිගටම රින්ග්ස් යන සද්දෙ විතරක් මට ඇහුණා. අද ගෙදර කවුරුත් නැද්ද..?

    "දෙයියා...."

    මං ඇදේ ඉදන්ම කෑගැහුවා. ඒත් කිසි සද්දයක් නෑ. මූව කවුරු හරි කිඩ්නැප් කරලද දන්නෙත් නෑ. ඇත්තටම මූ කීයක් විතර වටියිද..? උදේ පාන්දර හින්දා මට එන්නෙත් භූත අයිඩියාස් තමයි.

    "දෙයියා.... ඔය ටෙලිෆෝන් එක පොලේ ගහපං.."

    මං ආයෙත් කෑගැහුවා. ඒ පාර නම් කවුරු හරි රිසිවරේ ඉස්සුවා කියලා මට තේරුණා. හප්පේ... ඇති යාන්තම්.. නැත්නම් ඉතින් ටෙලිෆෝන් හොයාගත්තු මනුස්සවය හොයාගෙන ගිහින් දෙක තුනක් අනින්න වෙනවා..

    "බේබි මහත්තයට කෝල් එකක්....."

    කාමරේ කර්ට්න් එක පැත්තකට ගිහින් ඒ ආපු ඉඩ අතරින් දෙයියගෙ මූණ මතු වුණා..

    "කාගෙන්ද බං..?"

    මං එහෙම ඇහුවාම දෙයියගෙ මූණට හිනාවක් ආවා.. මූ මොකද හිනාවෙන්නේ..?

    "විරිත්තන්නෙ නැතුව කියපං දෙයියා කාගෙන්ද කෝල් එක...?"

    "සජීවන් මහත්තයා කතා කලේ.. අද හවස පහේ ඉදන් බියර් ගාර්ඩ්න් එකේ ඉන්නවා කිව්වා.. වෙලාවක් තියෙනවා නම් එන්න කිව්වා.."

    ඒක නම් සෑහෙන්න වැදගත් අදහසක්.. පෙරේදා භවන්තලගෙ ගෙදර ගිහින් ආවට පස්සේ, භවන්තගෙනුත් තාම නිව්ස් එකක් නෑ. වැඩේ කියන්නේ මිනිහගේ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි වුණානේ. භවන්ත හිතුවද දන්නෙ නෑ එදා වුණ සීන් එකට මං තරහා වුණා කියලා. ඒත් ඉතිං මේ අනගි රඹුක්වැල්ලට ඕවත් වැඩද..? හැබැයි හිතට ඩිංගක් හරි දුක, එහෙම හිත රිදුනෙ කාගෙහරි අම්මා කෙනෙක්ගෙ අතින් නේද කියලා හිතෙනකොටයි...

    ***************************

    හතරහාමාර විතර වගේ වෙද්දි මම බයික් එකත් අරගෙන බියර් ගාර්ඩ්න් එකට එන්න පිටත් වුණා. මං ටවුන් එකට ඇතුල් වුණේ ස්ටේෂන් එක පැත්තෙන්. ස්ටේෂන් එක දකිද්දි මොකක්දෝ අමුතුම ගැස්මක් මගේ හිතේ ඇතිවෙලා නැතිවෙලා ගියා. ඒ මොකක් හින්දද කියලා මට හිතාගන්න අමාරු වුණේ නෑ. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මගේ හිත සසල කරලා දාපු ලස්සන පුංචි කෙල්ලව මගේ ඇස් දෙක දැක්කෙ මේ තැනදි නේද කියන එක මගේ හිතේ තදින් ඇදිලා තිබුණා. හිතට ආපු තේරුම් ගන්න බැරි සිතුවිල්ලක් හින්ද මං බයික් එක ස්ටේෂන් එක ගාව පාර්ක් කරලා ස්ටේෂන් එකට ඇතුල් වුණා. ඒත් පිටිපස්සෙන් ආපු මොකක්දෝ පුංචි සද්දෙකට මං හැරිලා බැලුවා.

    මං හිටපු තැනට ටිකක් දුරින් මගේ ඇස් දෙක දැකපු දේ මට අදහාගන්න බැරිවුණා. තද දම්පාට සල්වාර් ඇදුමක් ඇදගෙන තවත් කවුදෝ ගෑනු ලමයෙක් එක්ක කතා කර කර හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. කලින් දවසක මේ ස්ටේෂන් එකේදිම මගේ ඇගේ හැප්පිලා බිම වැටුන, ලස්සන කෙල්ල. කතා කරන පාරක් පාරක් ගානේ ඒ සුදු මූණ පිං පාට වෙනහැටි මට ඈතට වුණත් පෙනුණා. එයා ළගට යනවද..? ගිහින් කතා කරනවද කියලා මට හිතාගන්න බැරිව ඉද්දි එයයි, එයාගේ යාලුවයි එතනට ආපු ත්‍රීවිල් එකකට නැග්ගා. අද ඔයා කොහේ ගියත් මං ඔයා පස්සෙමයි බබා.. කියලා හිතාගෙන යන්න ආපු ගමන පැත්තකට දාලා මං තත්පරේට දෙකට දුවලා ඇවිල්ලා බයික් එකට නැග්ගා. බයික් එක ස්ටාර්ට් කරලා මං ඔලුව උස්සද්දි ත්‍රීවිල් එක පේන මානෙකවත් තිබ්බෙ නෑ. ඒ ඩිංගට මෙයාලා කොහෙ ගියාද..? එයාලා ත්‍රීවිල් එකට නැග්ග තැනට මං ගියත් එයාලාගේ කිසිම සලකුණක් තිබ්බෙ නෑ. ස්ටේෂන් එකට යන්නැතුව මං පාර දිගේ කෙලින්ම ආවා නම් එයාලව හම්බවෙනවා. ඒත් මේ මොකද වුණේ...? කවදාවත් නැති විදියට මගේ හිත නොසන්සුන් වෙලා ගියා. කමක් නෑ.. අදටත් ඔහොම යංකෝ.. ඔයත් ඉන්නවා ඇත්තේ මේ ළගපාතනේ.. හැබැයි අනිත් දවසේ නම් මං ඔයාට මිස්වෙන්න දෙන්නෙම නෑ ඒක මං හිතින් හිතාගත්තා..

    ********************************

    බියර් ගාර්ඩ්න් එකට මං යද්දි සජීවනුයි, උගේ ගැන්සියයි පුංචි බියර් පාටියක්. මාව දැක්ක හැටියෙම වෙනවද වගේම උන් දියර් පාරක් දුන්නා. බියර් ගාර්ඩ්න් එකේ හිටපු හැම මනුස්සයෙක්ම වගේ අපි දිහා හැරිලා බලද්දි, මුකුත් වුණේ නෑ වගේ හැමෝම බියර් බොන්න ගත්තා.

    "හොදයි... උඹ කියපං බලන්න යාලුවෙක් කියන්නෙ කවුද කියලා..?"

    හිටපු ගමන් සජීවන්ගෙ යාලුවෙක් එතන ඉදපු තවත් කොල්ලෙක්ගෙන් ඇහුවා..

    "අගේ ඉදලා කණ කන ජාතියක් බං..."

    "පිස්සුද බං... කන්නද, බොන්නද ඕන හැම දේකටම වියදම් කරන එකාට නේ.."

    හැම එකාම දාහක් දේ කියනවා.. බියර් කෑන් එකක් මගේ අතට දෙන ගමන් සජීවන් මගේ මූණ දිහා බැලුවා ..

    "අනගි.. උඹ කියන්නෙ මොකක්ද..?"

    "යාලුවෙක් කියන්නේ.. සංතෝසෙදි කොහොම වුණත් දුකේදි තමන් ළග ඉන්න එකාට. ඒ යාලුකම මේ අව්වට, වැස්සට, පින්නට වෙනස් වෙන්නෙ නෑ සජී.. තමන් ගැන නොහිතා තමන්ගෙ යාලුව ගැන හිතන එක තමයි නියම යාලු කම.."

    මගේ හිතට ආපු ඒවා මං කියවන් ගියා. සජීවන් බියර් කෑන් එක ටේබල් එක උඩ තියලා මගේ අතින් අල්ලගත්තා.

    "උඹ ඔය කියපු උපමා රූපක හැම එකකටම පොදු එක පුද්ගලයයි ඉන්නෙ මචං. ඒ වෙන කවුරුවත් නෙමෙයි. උඹම තමයි.. යාලුවෙක් කියලා කියන්නෙ මොන වගේ එකෙක්ද, ඒ යාලුවා ඉන්න ඕන කොයි විදියටද කියලා උඹ උදාහරණ සහිතව, ප්‍රායෝගිකව ඔප්පු කරලා තියනවා අනගි"

    සජීවන්ගෙ මූණේ තිබුනේ අවංකකමින් පිරිච්ච හැගීම් ගොඩක්.

    "එහෙනම් මේ චියර් එක අනගිට..... චියර්ස්..."

    කලින් පාරකුත් චියර්ස් කරලා තියෙන්න ඇති වුණත් ආයෙත් කොල්ලො සෙට් එක මං වෙනුවෙන් බියර් කෑන් එකට හප්පලා චියර්ස් කරා.

    "සජීවන් කියපු කතාව මමත් පිළිගන්නවා. හැබැයි ඊටත් වඩා ඩහලින්.."

    පස්සෙන්ම ඇහුනෙ භවන්තගෙ කටහඩ. මූට නම් මං යන යන තැන ඉව තියෙනවද මන්දා. සමහර විට ගෙදරට ෆෝන් කරලා දෙයියගෙන් අහගන්න ඇති..

    "ඉතින්.... අනගි..?"

    මගේ කරට අතක් දාලා මං ළගින්ම භවන්ත වාඩිවුණා. මං මුකුත් නොකියා වටපිට බැලුවා. සජීවන්ලා අවුලක් නැතුව බියර් බොනවා.

    "රීගල් එකට නියම ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා.. යමුද බලන්න...?"

    "කාගෙද...?"

    "වෑන් ඩෑම්ගේ... මැක්සිමම් රිස්ක්.."

    බියර් බිබී ඉන්නවට වැඩිය වෑන් ඩෑම්ගෙ කරාටෙ ෂොට් ටිකක් බැලුවා නම් හොදයි කියලා මටත් හිතුණා. ඒ හන්දම මං නැගිට්ටා. සජීවන්ලගෙ මූණු කළු වෙලා..

    "අනගි.. උඹ ඔය යන්නද හදන්නේ..?"

    "ඔවු.. ඇයි උඹට අවුලක්ද..?"

    මං කෙලින්ම ඇහුවා. කොල්ලො එකා දෙන්නා බිම බලා ගනිද්දි සජීවන් ඔලුව ඉස්සුවා.

    "අවුලක් නම් නෑ.. ඒත් ඉතින් උඹ අපිත් එක්ක ඉන්නවා නම් අපි කැමතියි.."

    "එහෙම කියන්න එපා යාළුවා.. අනගි අද මගෙත්තෙක්ක හිටපුවාවේ. අනගි ඔයාලත්තෙක්ක හැමදාම ඉන්නවනේ.."

    මං වෙනුවට භවන්ත උත්තරේ දුන්නා. ඒ පාර නම් සජීවන්ගෙ මූණට පුංචි හිනාවක් ආවා..

    "අනගිව බෙදාගන්න අපි රණ්ඩු වෙන්න ඕනෙ නෑනෙ. ඒත් අපි එදා කියපු දේ එස්.අයි මහත්තයට මතකනේ..?"

    ඒපාර කතාව පටන් ගත්තේ සජීවන් ළගම හිටපු නිර්මාල්

    "ආයෙත් මතක් කලොත් හොදයි කියලා හිතෙනවා.."

    "අනගිට ඔයාව ෆුල් ෂුවර් වුණාට අපිට තාම ඔයාව ෂුවර් සීයයට පනහයි. ඉතිරි පනහෙන් අනගිට කරදරයක් වෙන්න බැරි නෑ."

    නිර්මාල් කියපු දේට උගේ අතට හෙමින් පාරක් ගහලා භවන්ත ඉස්සර වුණා. සජීවන්ලට බායි කියන ගමන් මම බයික් එක ළගට ආවා. භවන්තත් පිටිපස්සෙ දාගෙන මං කෙලින්ම ආවේ රීගල් ෆිල්ම් හෝල් එකට. සෙනග කියන්නෙ කට කපලා එකයි. ලංකාවෙ මිනිස්සු වෑන් ඩෑම්ට මේ තරම් කැමතිද..?

    "අනගි.... වැඩේ කේස්.. හෝල් එක හවුස් ෆුල් වගේ.. ඔයා බයික් එක දාලා එන්න.. මං ටිකට් කවුන්ටරේට යන්නම්.."

    භවන්ත කවුන්ටරේ පැත්තට ගියා.. මං බයික් එකත් අරන් පාක් එකට ආවා.

    "වැඩක් නෑ මහත්තයෝ.... අද හවුස් ෆුල්... කලින්ම ටිකට්ස් ඉවරයි..."

    වාහන බලාගන්න ඉදපු වයසක මනුස්සයා එහෙම කියද්දි ආවේ අපරාදේ කියලා මට හිතුණා. දැන් ඉතින් ආපහු පලයංකෝ බියර් ගාර්ඩ්න්..

    "ටිකට්ස් දෙකක් තියෙනවා ඕනේද...?"

    ගොරෝසු කටහඩක් මගේ පිටිපස්සෙන් ඇහුණා. මං හැරුණා. මගේ ඉස්සරහා හිටියේ අපේ වයසෙ විතර කොල්ලෙක්. මං මිනිහව මීට කලින් දැකලා තිබුනෙ නෑ. ගින්නක්වත් දෙන්න හදනවද කියලා බලන්න මං ඒ මූණ මැදට එබුණා. ඒත් එහෙම දෙයක් ඒ මූණේ ගෑවිලවත් නෑ.

    "ඇයි..? මිස්ටර් මේ ෆිල්ම් එක බලන්නෙ නැද්ද..?"

    "බලන්න තමයි ගත්තේ... ඒක් මං හෝප්ස් තියන් ඉදපු කෙනා අද එන්නෙ නෑ කියලා පණිවිඩයක් එවලා තිබුණා.."

    ටිකට්ස් දෙකේ සල්ලි ඒ මනුස්සයගෙ අතට දීලා මං ටිකට්ස් දෙක අතට ගත්තා. ඒ එක්කම තමයි භවන්ත මං ඉන්න තැනට ආවේ.

    "හරි වැඩේ අනගි... ටිකට්ස් ඉවරයි... අපරාදේ මං ඔයාගේ එන්ජෝයි එකත් කෑවා. බියර් ගාර්ඩ්න් එකේ ඉදලා මෙතනට ඇදගෙන ඇවිල්ලා."

    භවන්ත කිව්වෙ ෆුල්ම අප්සට් පිට. මං මගේ අතේ තිබ්බ ටිකට්ස් දෙක භවන්තට පෙන්නුවා. මිනිහගේ මූණට අර සිරා හිනාව ආයෙත් ආවා.

    "ආ... ඔයා නම් සිරා පොරක් අනගි.. කොයින්ද ඕක ගත්තේ..?"

    ඒ වෙනකොට මට ටිකට්ස් දෙක දීපු පොර අපිට ඉස්සරහා යනවා මං දැක්කා. මං මිනිහා දිහාට ඇගිල්ල දික් කරලා භවන්තට පෙන්නුවා. අහම්බෙන් වගේ ඒ මනුස්සයත් ආපහු හැරිලා බැලුවා. භවන්තව දැක්ක ගමන් ඒ මිනිහා ගල් ගැහිලා වගේ නතර වුණා. භවන්තගෙ මූණෙ මස්පිඩු එකින් එක නටනවා වගේ මං දැක්කා.

    "අරෑගෙන්ද අනගි මේ ටිකට්ස් දෙක ගත්තේ....?"

    එහෙම අහන ගමන් භවන්ත ටිකට්ස් දෙකත් අරගෙන ඒ මනුස්සයා ළගට ගියා. යන්න ගිය ගමනත් නතර කරලා ඒ මනුස්සයත් අපි ඉස්සරහට ඇවිදගෙන ආවා. ඒ මූණෙ තිබ්බෙ අහිංසක හිනාවක්..

    "මේවා තමුසෙගෙ කියලා දන්නවා නම් මං මේ ටිකට්ස් අල්ලන්නෙවත් නෑ.."

    ටිකට්ස් දෙක ඒ මනුස්සයා ගාවට දික් කරලා භවන්ත කෑගැහුවා. හිටපු ගමන් සිද්ධවෙච්ච මේ වෙස් පෙරළියට මොකක්ද කියලා හිතාගන්න බැරුව මං හොල්මං වෙලා ගියා..

    "මං ඕවා දුන්නෙ මෙයාට.. ඔහේට නෙමෙයි.."

    අපි ඉස්සරහා හිටපු මිනිහත් කෑගහලා කිව්වා. කලින් තිබුනු අහිංසක කමේ කෑලිවත් ඒ මූණෙ තිබ්බෙ නෑ..

    "මේවා තමුසෙගෙ කියලා දන්නවා නම් මං මේවා මෙයාට ගන්න ඉඩ තියන්නෙත් නෑ.."

    "ඒ වුනාට මගේ ටිකට්ස් දෙකනේ ඔය අතේ තියන් ඉන්නේ.."

    පොර එහෙම කිව්වාම භවන්තගෙ මූණ ඇද වුණා. වැදුන පාරෙ සැර කමට භවන්ත දත්මිටි කනවා මම දැක්කා..

    "මේවා උඹේනේ.. උඹේ දේවල් මුකුත්ම මට එපා.. මගේ ඇස් ඉස්සරහට උඹ පේන්න එන්නත් එපා.. තේරුනාණේ..?"

    ටිකට්ස් දෙක අතට අරන් කෑලි කෑලි වලට ඉරලා දාන ගමන් භවන්ත කෑගැහුවා. අර මිනිහා ගල් ගැහිලා වගේ බලන් හිටියේ. වුණේ මොකක්ද කියලා හිතාගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. භවන්තගෙ මූණ දම්පාටට හැරිලා ගිහින්..

    "ෆිල්ම් ඕනෙ නෑ අනගි... අපි යමු.."

    අර මිනිහා පහුකරගෙන භවන්න ඉස්සර වුණා. බයික් එක එළියට අරන් ස්ටාර්ට් කරන් එන ගමන් මං ඒ මනුස්සයගෙ මූණ හොදට මතක තියාගත්තා. බිම බලාගෙනම මං ළගට ආපු භවන්ත බයික් එකට නැග්ගා.

    "භවන්ත... මොකෝ වුණේ..?"

    "මුකුත් නෑ අනගි.. ඒ ගැන අපි කතා නොකර ඉදිමු.."

    "කතා නොකර ඉන්නෙ කොහොමද භවන්ත.. ඒ මනුස්සයා කවුද.. එයි එයාව දැක්කම ඔය තරම් කේන්ති ගියේ..?"

    "ප්ලීස් අනගි... ප්ලීස්... ඔය කතාව මෙතනින් නවත්තමු. මගේ ඔලුව හොදටම අවුල් වෙලා.. මට දැන් ඩිංගක් තනියෙම ඉන්න ඕන.. මාව පොලිස් ක්වාටස් ළගින් දාන්න.. ප්ලීස්..."

    එතනින් එහාට මං මුකුත් අහන්නවත්, කියන්නවත් ගියේ නෑ. මේ වෙච්ච දේට හේතුව මොකක්ද කියලා භවන්ත කියන්නෙ නැත්නම් මට බලෙන් අහන්නත් බෑ නේ. ඒත් භවන්තත්, අර මනුස්සයත් අතරේ මොකක් හරි ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මට නම් තේරුණා. සල්ලි දීළා ටිකට් ගත්තට ඔය තරම් ලොකු කේන්තියක් භවන්තට යන්න විදියක් නෑ. ටිකට් ඉරපු සිද්ධිය පිටිපස්සෙ මං දන්නෙ නැති ලොකු කතාවක් තියෙනවා කියලා මට තේරුණා. දැන් මං නොදන්න සීන් දෙකයි. එදා භවන්තගෙ අම්මා හැසිරුණ විදිය. අද මේක.. කමක් නෑ තව ටිකක් ඉවසලා බලමුකෝ.. ඉවසීමෙන් අර මොකක්ද එකක් ලැබෙනවා කියයලා කියනවනේ.. භවන්ත පොලිස් ක්වාටර්ස් ළගින් දාලා එන ගමන් මට හිතුණා..

    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-7.jpg


    7

    අලුතින් ටී ෂර්ට් ටිකක් ගන්න ඕන කියලා මගේ හිතට හිතිල තිබුණෙ හුග දවසක ඉදලා. දෙයියාවත් ඇදගෙන ගියා නම් හොදයි තමයි. ඒත් වෙලාවකට ඌත් වාතයක් වෙනවනේ. කෙල්ලෙක් මාත් එක්ක කතා කලොත් ඒකි මාව බදින්නෙ කවදද...? නැත්නම් අපේ එන්ගේජ්මන්ට් එක කවදද..? නැත්නම් ඒ කෙල්ලගෙ බර්ත් ඩේ එක අත ලග නේද...? ඔය දේවල් අහලා මගේ මොලේ කාවි. ඒක හින්දා දෙයියා එක්කගෙන යන අදහස මං අත්ඇරලා දැම්මා.

    ට්‍රේල් බයික් එක පැෂන් සෙන්ටර් එක ළග පාක් එකේ දාලා මං පඩිපෙල නගින්න ගත්තා. කම්මැලිකමටත් එක්ක පඩිපෙල නැග්ගට ලිෆ්ට් එකේ ගියා නම් හොදයි කියලා මට හිතුණා. ඒක හන්දම පඩිපෙළි හත අටක් නැගලා මං ආයෙත් බැස්සා. බැහැලා ඉවර වෙලා ලිෆ්ට් එක පල්ලෙහාට එනකන් මං බලන් හිටියා. උඩට යන ලිෆ්ට් එක දිහා බලනකොට තමයි තුන්වෙනි තට්ටුවෙ ෂෝ රූම් එක ඉස්සරහා මගේ ඇස් නතර වුණේ. දැකපු දේ මටම අදහගන්න බැරි වුණා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටුණු ලස්සන කෙල්ල ෂෝ රූම් එක ඉස්සරහා ඉදගෙන මොනවද තෝරනවා. මගේ හිතට ආවෙ මහ විශාල සන්තෝසයක්. ඒ සන්තෝසෙත් එක්කම පපුව ගැහෙන වේගෙත් වැඩිවෙන්න ගත්තා. දැන් මම මොනවද කරන්න ඕන කියලා මගේ ඔලුවට ආවෙ නෑ. මොන දේ වුණත් අද නම් ඔයාව මිස් කරගන්නෑ බබා කියලා මං හිතාගත්තා.

    අදටත් එක්ක මං එයාව දැකලා තිබ්බෙ දවස් තුනයි. මේ දවස් තුනට එයා මගේ හිත ඇතුළෙ මොන තරම් විපර්යාස කරාද..? මෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් කෙයාර් කරපු නැති මට වෙලා තියෙන දේ මටම හිතාගන්න බැරිවෙලයි තිබුණේ. ඒත් ඉතිං වෙලා තියෙන දේවල් ගැනයි, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැනයි තව හිත හිතා හිටියොත් එයාව අදත් මිසින් තමයි. ඒක හින්දා ලිෆ්ට් එකේ යන අදහස අතෑරලා දාලා මම පඩිපෙළි දිගේ දුවගෙන ගියා. ඇට්ටි හැලෙන්න ගති දැනෙනකොට තමයි තේරුණේ දවස් දෙක තුනක් එක්සසයිස් නොකරපු පල විපාකෙ. විනාඩියට දෙකට මං තුන්වෙනි තට්ටුවට නැග ගත්තා. එයා ඉදපු ෂෝ රූම් එක ලගට මං ආවේ විදිල්ල වගේ. ඒත් ඒ තත්පරේට එයා අතුරුදහන් වෙලා තිබුණා.

    හිතේ මහමෙරක් වගේ ගොඩ ගැහිලා තිබ්බ ලස්සන බලාපොරොත්තු එකින් එක කඩාගෙන වැටෙද්දි මං වටපිට බැලුවා දෙයියනේ... එයා අදත් මිසින්ද...? ඒත් වටපිට බලද්දියි මං දැක්කෙ එයා ආයෙමත් ෂොප් එක ඇතුලට ගිහින් කියලා. ෂොප් එකට එළියෙන් තිබ්බ ග්ලාස් එකෙන් මං එයා දිහා හොදට බැලුවා. මොනවදෝ පුංචි පුංචි පබලු මාල වගයක් එයා තෝරනවා. ඒ දේවල් තෝරද්දි ඒ මූණ වෙනස් වෙන හැටි, ඇස් පුංචි වෙන හැටි, ලතාවකට ඒ කොන්ඩෙ ගැස්සෙන හැටි මං බලන් හිටියෙ ලොකු ආසාවකින්. එයා කරන හැමදේකම මොකක්දෝ ලොකු සුන්දරත්වයක් ගැබ් වෙලා තිබුනා. ඒ සුන්දරත්වය මුළු හිතෙන්ම විදගන්න ගමන් මං හිටියෙ ලොකු නොඉවසිල්ලකින්.


    බඩු මූට්ටු ටික අරගෙන ඉවරවෙලා එයා ෂොප් එකෙන් එළියට බැස්සා. මගේ හිත ගැහෙන්න ගත්තෙ පරණ ටාටා බස්සෙකක ස්ටාර්ට් කරපු ඇන්ජිමක් දෙදරනවා වගේ. මූණ මැද්දෑවට ඇවිල්ලා තිබ්බ දාඩිය බිංදු ටික පිහදාගන්න ගමන් මං එයා පිටිපස්සෙන් හෙමිහිට ඇවිදගෙන ගියා. දැන් මෙහෙම ගිහින් ගිහින් මොනවද කරන්නේ..? පුළුවන් නම් මොනවා හරි කතා කරපං කියලා මගේ හිත කෑගැහුවා. ඒත් ඒකට ඕනෙ කරන ශක්තිය නම් මේ අනගි රඹුක්වැල්ල ගාව බිංදුවක්වත් තිබ්බෙ නෑ. ගුටි ක“ෑවත් කමක් නෑ. මං එයාට කතා කරනවා. හිතේ තිබ්බ අන්තිම ධෛර්යය බිංදුවත් නැතිවෙලා යද්දි මං හිතාගත්තා.

    "මි... මිස්..."

    එයාගෙ පස්සෙන් යන ගමන්ම මං කතා කරා. ඒත්මං කතා කරපු එක එයාට ඇහුණෙ නෑ. ඒක හින්දා මට එයාව පහුකරන් ගිහින් ඒ සුදු මූණ ඉස්සරහට එබෙන්න සිද්ධ වුණා.

    "මි... මිස්ට... මා... මාව.. ම..."

    "හා... හායි සංජානි.. මේ කොහෙද බබා..?"

    දෙයියනේ කියලා කතා කරන්න පටන් ගත්තා විතරයි. එයාගෙ යාලුවො කට්ටියක් අපි දෙන්නා මැද්දට කඩන් පාත්වුණා. අමුතු සතෙක් දිහා බලනවා වගේ මං දිහා බලලා ඉවරවෙලා එයා යාලුවොත්තෙක්ක හිනාවුණා. අපි ඉන්න තැනට ආපු කෙල්ලො ගැන්සියට මගේ වගක්වත් තිබුණෙ නෑ. උං ගිරව් වගේ කියවන්න ගත්තා. ඉස් ඉස්සෙල්ලාම මොන්ටිසෝරි පංතියට දාපු පුංචි එකෙක් වගේ මං නන්නත්තාර වුණා. මේ මොකද මේ වුණේ..? ටිකෙන් ටික මාව පහුකරන් යන එයාලා මං දිහා ඇහැපිය ගහන්නෙවත් නැතුව බලන් හිටියා. ආපහු එකම එක පාරක් හරි එයා හැරිලා මං දිහා බලයි කියලා මං බලාගෙන හිටියත් එයාලා මං දිහා බැලුවෙ නෑ. සංජානි... ඔයා මහ ආඩම්බරකාර කෙල්ලෙක්. ඔයා ඇයි මට ආඩම්බරකම් පෙන්නන්නෙ. තුන්වෙනි තට්ටුවෙ ඉදලා එයාලා පල්ලෙහා තට්ටුවෙන් මේන් රෝඩ් එක දිහාට යන හැටි මං බලන් හිටියෙ අතරමං වෙලා වගේ. එයාලා කට්ටියම පේන්නෙ නැති වෙන්න යන්න ගියාට පස්සෙ මං හෙමින් සැරේ පඩිපෙල බැහැලා ආවා. මගේ හිත ඇතුලෙ තිබ්බෙ පුදුම නොසන්සුන්කමක්. පාක් එකේ නවත්තපු බයික් එක ස්ටාර්ට් කරන් මං ඊගාවට කෙලින්ම ආවේ පොලීසියට..

    "හලේ.... ෆ්‍රෙන්ඩ්..?"

    මාව දැක්ක ගමන් භවන්ත පුටුවෙන් නැගිටලා මට අත දික් කලා. මං ෂේක් හෑන්ඩ් කරලා මිනිහා ඉස්සරහා පුටුවේ වාඩිවුණා.

    "ඉතිං.. ඉතිං... කොහොමද ජීවිතේ..? උඹ ආපු එක නම් කියලවත් කරගන්න බැරි දෙයක් අනගි. මං මේ වැඩ වගයකට යටවෙලා හිටියෙ. අද උදේ ඉදලම මී හරකා වගේ වැඩ..."

    "මං හින්දා ඩිස්ටර්බ්ද භවන්ත..?"

    "පිස්සු කතා කරන්න එපා ෆ්‍රෙන්ඩ්.. උඹ ආපු එක කොයි තරම් ලොකු දෙයක්ද..? මං මේ උඹට ෆෝන් කරන්නත් කියලා හිටියේ. ඒක නෙමේ.. ඒක නෙමේ අනගි.. උඹේ මූඩ් එක හොදටම අප්සට් ගිහින්. මොකක්ද කියපං ට්‍රබල් එක..?"

    භවන්ත මගේ මූණ දිහා හොදට බලන ගමන් ඇහුවා. මේ හිතේ තියෙන දේවල් එළියට දැම්මොත් භවන්ත හිනාවේවිද මංදා. කිසිම කෙල්ලෙක් ගැන ඉන්ටරෙස්ට් නැතුව ඉදපු මට මේ පුංචි කෙල්ල මොනවද මේ කරේ..?

    "මුකුත් නෑ භවන්ත.."

    "නැතිවෙන්න බෑ අනගි.. අර වෙනදා තියෙන සිරා හිනාව අද උඹේ මූණෙ නෑ. ට්‍රබල් එක කියපං. මං පුළුවන් උදව්වක් කරන්නම්. අපි ඉතින් හොද යාළුවොනේ අනගි.."

    මගේ අත ආයෙමත් මිරිකන ගමන් භවන්ත කිව්වා. හිතේ තියන මේ බර සැහැල්ලු කරගන්නත් එක්ක හැමදේම වමාරන්න මං හිතාගත්තා. එතකොට හරි හිත නිදහස් වේවිනේ..

    "මෙ... මේ කෙල්ලෙක් ගැන භවන්ත.. ඒත් මේවා උඹට කිව්වොත් උඹ මට හිනාවේවි."

    භවන්තගෙ ඇස් ලොකු වුණා.

    "මං උඹට හිනා වෙනවද..? මට පිස්සු නෑ අනගි. කෙල්ලෙක් ගැන නම් කොයි තරම් හොදද මයි කන්ග්‍රැජුලේෂන්ස්."

    "විෂ් කරාට වැඩක් නෑ භවන්ත.. එයා අල්ලන්න හරි අමාරු ගර්ල් කෙනෙක්. මං දිහා නිකංවත් බලන්නෙ නෑ."

    "මයිගෝඩ්.. ඔයාටත් ගණන් උස්සන ගර්ල්ස්ලා ඉන්නවද..? මං හිතුවෙ ඔයාට එෆෙයාර්ස් තුන හතරක්වත් ඇති කියලා.."

    භවන්ත කිව්වෙ පුදුමවෙලා වගේ.

    "නෑ භවන්ත.. මං ඒ පැත්තෙන් ඒ තරම් දක්ෂ නෑ. ඇත්තටම මං කෙල්ලො ගැන හිතුවෙ නෑ. තාම මට එෆෙයාර් එකක් ගැත්තෙ ඒකයි. කොල්ලොත් එක්ක පිස්සු නැටුව මිසක් මං ඒ පැත්ත ගැන උනන්දු වුණේ නෑ. ඒත්.. ඒත්.. මේ ලස්සන කෙල්ල දැක්ක දවසෙ ඉදලා මට මොකක්දේ වෙලා.. හිතටත් හරිම අප්සට්.. මට නින්ද යන්නෙත් නෑ භවන්තත.."

    මං කියාගෙන ගියා.. ඔය ගැන කතා කරා නම් මට මාසයක් වුණත් නන්ස්ටොප් කතා කරන්න පුළුවන්. භවන්ත එකපාරටම ගොලු වුණ හින්දා මං ඒ දිහා බැලුවා. භවන්තගෙ මූණ ලොකු පුදුමයකින් වැහිලා තිබුණා. හරියට කියන දේ විශ්වාස කරන්න බැරුව වගේ මිනිහා මං දිහා බලාගෙන හිටියා. ඒ එක්කම තමයි පොලිස් කොස්තාපල් කෙනෙක් මායි භවන්තයි ඉන්න තැනට කඩන් පාත් වුණේ.

    "ස.. සර්.. අර කිඩ්නැප් එකේ ඩීටේල්ස් වගයක් ඇවිත්.. අපිට අද ඒක ඉවරයක් කරගන්න පුළුවන්.."

    කොස්තාපල් කියවගෙන යනවා. මං තවත් මෙතන ඉදලා තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒකෙන් වෙන්නෙ භවන්තටත් ඩිස්ටර්බ් වෙන එකයි..

    "අනගි... ඇයි නැගිට්ටේ..?"

    "අපි ෆ්‍රී වෙලාවක කතා කරමු භවන්ත. ඔයා අපේ ගෙදර එන්නකෝ. මේ ඩියුටි අස්සෙ ඔය ලව් ගැන නකා කරන්න ගියොත් ඒක වාතයක් වෙනවා.."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භවන්ත බලන් ඉන්දෙද්දිම මං පොලිස් ස්ටේෂන් එකෙන් එළියට බැස්සා. ඩියුටි කරන්නයි, ලව් කරන්නයි දෙකක් බෑනේ.. ඩියුටි නම් ඩියුටි.. ලව් නම් ලව්..
    "බේබි මහත්තයෝ.."

    කණ ගාවින්ම ඇහුණ දෙයියගෙ කටහඩින් මං උඩ ගියා..

    "හත් දෙයියනේ... මං කී පාරක් නම් කතා කෙරුවද.. මොන ලෝකෙද බේබි මහත්තයෝ හිටියේ..?"

    දෙයියා ඒ වගේ දෙයක් අහපු එක හරි. මං බයික් එකත් මිදුලෙ නවත්තලා ගේ ඇතුලටත් ඇවිත්. ඒත් මට ගානක් නෑ. මගේ හිතේ හැම තැනකම හිටියෙ අර ලස්සන ගර්ල්.

    "ඈ.. බේබි මහත්තයෝ... මොකද මේ දතකට පූට්ටු වෙලා වගේ. මොකකට හරි බය වුණාද..?"

    දෙයියා රටේ නැති ඒවා අහනවා. වෙලාවකට මූත් මහා වාත කේස් එකක්. එහෙම පිටින්ම කොහොල්ලෑ ගුලියක්. අතගාන්න ගාන්න ඇලෙනවා.

    "පිස්සුද දෙයියා.... මගේ මුකුත් පූට්ටු වෙලා නෑ. මට ඔය කූල් ඩ්‍රින්ක් එකක් දෙන්න.."

    කියන පරක්කුවෙන් දෙයියා මට ඇපල් ජූස් එකක් හදලා දුන්නා. දෙයියා මගේ වොයිස් දන්න හින්දා අවුලක් නෑ මං ජූස් එක බීලා ඉවර වෙනකන් දෙයියා ඉන්නෙ ඉවසගන්න බැරුව කියනෙක මට තේරුණා. මූ මොකද ඒ පාර ඇඹරෙන්න ගත්තේ.

    "මුකුත් පූට්ටු වෙලා නැත්තන්ම් කෝ මහත්තයා ගේන්න ගියපු ඇදුම්..? මග දාලා ආවද..?"

    දෙයියා එහෙම අහපුවාහමයි මට මතක් වුණේ මං ටවුමට ගියේ ඇයි කියනෙක.. ෂිහ්.. ඒ ගර්ල්ව දැක්හම මං මේ තරම් අවුල් වුණාද..? මට හිතාගන්නවත් බෑ..

    "කාටද බේබි මහත්තයෝ ෂිහ් කියලා කිව්වේ...? ගත්තු ඇදුම් ටික තාම කඩේද..? නැත්නම් ගේන්න අමතක වුනාද..? මටනම් පේන්නෙ අද මොකක් හරි අටමගලක ගිහින් වගේ.."

    "උඹ මේ කුණුහබ්බයක් කියනවා.. ඇදුමක් නෙමෙයි දෙයියා... මට අර ගර්ල්ව හම්බවුණා.."

    "මොන ගර්ල්ද බේබි මහත්තයො...? නවෝදි මිස්ද..?"

    මූට නම් හොදටම පිස්සු. නවෝදි කොහෙද මෙහේ.. ඒක් ඇත්තෙ ගෙදර නේ.. මූට නම් අර පරචිත්ත විඥානේ බිංදුවක්වත් නෑ. නැත්නම් ඔහොම වහුකුණු ප්‍රශ්න අහවියෑ..

    "නවෝදි මිස් නෙමෙයි දෙයියා... අර කලින් දවසක රත්තරන් මග දාලා ගිය පින්වන්තිය.."

    "හත්තිලව්වේ... ඉතිං... ඉතිං බේබි මහත්තයෝ කිව්වද, රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා මම කියලා.. මං හිතන්නෙ කෙල්ල උඩින්ම කැමති වෙන්න ඇති නේද..?"

    "දෙයියා... උඹේ නම් කොහේ හරි ලූස් කනෙක්ෂන් එකක් තියෙනවා.. ආ.. මේ මග් එක පැත්තකින් තියපං.. උඹ කියන විදියට කියන්න ගියොත් සෙරෙප්පු පාරකුත් එක්ක තමයි මට එන්න වෙන්නේ.. ඔය තාන්න මාන්නවලට දැන් කාලෙ කෙල්ලො කැමති නෑ. ඒ කෙල්ල මට ලංවෙන එකක්වත් නෑ මං කවුද කියලා දැනගත්තොත්."

    "එතකොට...?"

    දෙයියගෙ මූණෙ තිබ්බෙ ලොකු අප්සට් එකක්.

    "ඒක තමයි තියෙන ප්‍රශ්නෙ. කාලයක් යනකන් හරි මගේ තත්වෙ හංගන් ඉන්න වේවි. නැත්නම් වැඩේ අමාරුවෙයි දෙයියා. අතින්තෙක මං ඒ ගර්ල් එක්ක කතාව පටන් ගන්නෙ කොතනින්ද..? දැක්කත් කතා කරන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නේ.."

    "එහෙනම් බේබි මහත්තයො අපි දෙන්නා ගිහිල්ලා ඒ ගෑණු දැරිවිව හම්බවෙමුද..? මං කියන්නම් බේබි මහත්තයා මගේ පුතා කියලා.. අපි දෙන්නා තාත්තා පුතා පාට් එකක් කරමු.."

    දෙයියා කියන්නෙ අමුතුම කතන්දර. ඔව්වා කරන්න ගියොත් ඇදුම් නැතුව තමයි යන්න වෙන්නේ. ඒක මූට තේරෙන්නෙ නැති එකනේ වැඩේ.. තාත්තා පුතා පාට් ඇට් කරන්න ගිහින් තියෙන ලකුණුයි හම්බවෙන්න තියෙන ලකුණුයි දෙකම කපාගන්න වෙනවා..

    "ඒ වැඩේ හොදයි නේද බේබි මහත්තයෝ. මං ඕන නම් ලොකු මහත්තයටත් කියන්නම්.."

    "දෙයියා මේ.. උඹ ළගකදි මගෙන් ගුටි කෑවෙ නෑ නේද..? කට තිබ්බ පලියට මෝල් කතා කියන්න එපා බං. "

    "ඇයි බේබි මහත්තයෝ.. මොකක්ද මං කියපු මෝල් කතාව..?"

    දෙයියා මගෙන් ඇහුවේ පුදුමවෙලා වගේ.. අනේ ඇත්තට දවසක මූ හන්දා මං මොලේ මඤ්ඤං කරගෙන පිස්සෙක් වෙනවා.

    "ඇයි යකෝ.. බූරුවෝ.. හරකෝ.. කෙල්ලව බලන්න යනවා කියලා තාත්තට කියලා කොහොමද..? උඹේ මොලේ ඇණ ගැලවිලාද..? තාත්තා මට ප්‍රපෝසල් ගෙනාව කියලා උඹට අමතකද..? ආ දෙයියා ඩිංගක් හිමිහිට හිතපංකෝ. ඇයි බං තාම ඒ කෙල්ල මං ගැනවත් දන්නෙ නෑ. කෙල්ල මොන වගේද කියලවත් මං දන්නෙ නෑ.. ඉවසන එක මට කොයි තරම් අමාරු වුණත් මට ඉවසන්න වෙනවා.."

    "හරි.. දැන් බේබි මහත්තයා මොනවද කරන්න හිතන් ඉන්නේ.. ඕන දේකට මං රෙඩී.."

    "උඹ රෙඩී වුණාට මං රෙඩී නෑ දෙයියා. දැනට මේක මෙහෙම යන්න දෙමු.. තේරුණා නේ. ඒ අස්සෙ මං එයා ගැන හෙමීහිට හොයාලා බලන්නම්."

    "මං කිව්ව දේට දෙයියගේ මූණෙ ලොකු හිනාවක් ඇදුනා. මූ මොකද හිනාවෙන්නේ. හැබැයි ඒ ගර්ල් ඉන්න තැන හොයා ගත්තත් මූට නම් කියන්න හොද නෑ. මූ මටත් කලින් ඒ ගර්ල්ව හම්බවෙලා, අපේ බේබි මහත්තයට කැමතිද කියලා අහවි. මූ ඒ ජාතියෙ බඩුවනේ."

    ****************************

    බෑන්ක් එකට දාන්න ඕන චෙක් වගයක් අරගෙන මං ටවුන් එකට ආවෙ එකට විතර. අව්වත් වැඩියි. ඒත් මං සන්ග්ලාස් දෙක ගලවලා අතට ගත්තා. මං සෙලාන් බෑන්ක් එකට හැරෙනකොටම මගේ ඇස් දැකපු දේ මටම අදහගන්න බැරිවුණා. මං හනිකට චෙක් ටික සාක්කුව දාගත්තා. මගේ ඉස්සරහටම ආවෙ වෙන කවුරුත් නෙමෙයි.. මගේ හිත හොරකම් කරපු පුංචි කෙල්ල. සජානි.. මේක නම් දොයියො මං දිහා බලලම දීපු දෙයක් කියනෙක මට තේරුණා. මම ටවුන් එන හැම දවසකම කතා කරගෙන වගේ එයත් ටවුන් ආවනේ. එයාගෙ අතේ තිබ්බ ලොකු පොත් මිටියක්. ෂුවර් එකටම මෙයා යන්නෙ කොහේ හරි කොම්පියුටර් ක්ලාස් එකකට වෙන්න ඇති. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටෙද්දි, වැටුන පොතුත් කම්පියුටර් පොත් වගයක් නේ.

    කොහොම වුණත් ටවුන් එකේ තිබ්බ කොම්පියුටර් ක්ලාස් ටික චෙක් කරා නම් මේ සුදු කෙල්ල යන ක්ලාස් එක නියමෙටම හොයන්න තිබුණා. මෙයා පිටිපස්සෙන්ම ගියා නම් ඒ හැමදේටම වැඩිය ලේසියි කියනෙක මට තේරුණා. සංජානි ආවෙ නම් වන් වේ එක පැත්තෙ ඉදලා. ඒ පැත්තෙ තියෙන්නෙ ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක විතරයි. මම කම්පියුටර් ක්ලාස් ගැන කල්පනා කර කර ඉන්නකොට එයා මාව පහුකරගෙන ගිහින් තිබුණා. බැංකුවට කවදා යන්න බැරිද..? ඒ වගේද මේ සුරංගනාවි මිසින් වුණොත්. එයා ඇවිදන් ගියේ ස්ටෑන්ඩ් එකට. ඒ කියන්නෙ එයා මේ ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නයි යන්නේ. ස්ටෑන්ඩ් එකට යන්න කලින් කොහොම හරි එයත්තෙක්ක කතා කරපං කියලා මගේ හිත මට කිව්වා.


    "එක්ස්කියුස් මී.. මිස්... මාව අදුනගන්න පුළුවන්ද..?"

    එයාගෙ ඉස්සරහින් මතුවෙලා මං එකපාරටම ඇහුවා. එයා නතර වුණේ මුල් ඇද්දා වගේ. ඒ මූණේ තිබ්බෙ ලොකු පුදුමයක්. මෙතනින් එහාට කතාව කොහොම ගිනයනවද කියලා මං දහ අතේ කල්පනා කරා. ඒත් මේ චාන්ස් එක අතෑරලා දාන්නත් බෑ. දෙයියනේ මේ වගේ වෙලාවක කරන්න ඕන දේවල් පොතකවත් ලියලා නෑ නේ..

    "ඒ.. එදා අ..අර පැෂන් සෙන්ටර් එ.. එකේදි.. මා..මාව හම්බවුණේ.. ම.. මතක නැද්ද..? ඔ.. ඔයා මෙහේමද...?"

    "ඇ... ඇයි මොකටද අහන්නේ..?"

    කොච්චි මිරිස් කරල වගේ එයා ඇහුවා.. මගේ හිතේ තිබ්බ ශක්තියත් ඩිංගෙන් ඩිංග දියවෙන්න ගත්තා.

    "න්.. නැහ් මං මේ ඔයාව මුලින්ම රේල්වේ ස්ටේෂන් එකේදි දැක්කා.. අ.. අර ඔයා මගේ ඇගේ හැපුණේ. මතකයි නේද..? ඊට පස්සේ පැෂන් සෙන්ටර් එකේදි.. ඊට පස්සෙ අද.."

    කලිසම් සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන් මං මූණ පිහද ගත්තා. දාඩිය හෝ ගාලා. එයාගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරෙනවා මං දැක්කා. කෙල්ලට තද වුණා වගේ. අඩේ.. කෙල්ල යකා වේවිද.?

    "ඔයා කව්ද...?"

    එහෙම අහලා එයා තොල්පෙති දෙක තද කරගත්තා. දැන් මුණෙ තියෙන්නෙ අමුතු ගතියක්. බලන් ගියාම මෙයාගෙ මාරම මාර ෆීචස්නෙ තියෙන්නේ.

    "ආ... මමද..? මම අනගි.. අනගි රඹුක්වැල්ල.. මං මේ දවස්වල ඩිප්ලෝමා එකක් කරන්නයි ඉන්නේ.."

    කටට ආපු දේ කියලා දැම්මා. නැත්තං ඉතින් සියලු ශිල්ප දැනගෙන ගෙදරට වෙලා පිංබතා වගේ ඉන්නවා කියලා කියන්නයැ. ඔන්න ඔය වෙලාවට තමයි මටත් නිකං හරි කොම්පියුටර් කරන්න හිතෙන්නේ.

    "ඒ.. එහෙනම් අනගි ඉස්සර වෙලා ඩිප්ලෝමා එක කරලා ඉන්න.."

    තත්පරේට දෙකට ඒ ටික කියලා ඉවරවෙලා එයා ත්‍රීවිල් පාක් එක පැත්තට ගියා. උනේ මොකක්ද කියලා අදහගන්නත් බැරුව වගේ මං තක්කු මුක්කු වෙලා බලන් හිටියා. කමක් නෑ ඔයා අදට ඔහොම යන්නකෝ බබා. ඊලග දවසෙ මං එන්නෙ ඔයාගෙ කම්පියුටර් ක්ලාස් එක ගාවට..

    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-8.jpg




    8
    ඊට දවස් දෙකකට පස්සෙ මම ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. මේ අනගි කියන්නෙ ලේසියෙන් ගේම අතාරින කොල්ලෙක් නෙමෙයි. අනිත් දේ තමයි ඉවසනවා කියන දේ නම් මට කොහොමටවත් පුරුදු වෙලා තිබ්බෙ නෑ. ඉවසීම නම් බොරු.

    ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එකේ රිසෙප්ෂනිස්ට් ගාවට ගිහින් මම, සංජානිගෙ නම කිව්වා. ඒකි සං සං ගාලා ෆෝන් එක ඩයල් කරා. ඔස්බෝන් එක ඇවිල්ලා තට්ට හතරක බිල්ඩින් එකක්. සංජානි මොන තට්ටුවෙද දන්නෙ නෑ ඉන්නේ. එයා ලිෆ්ට් එකේද, පඩිපෙල දිගේද දන්නෑ උඩට ගනින්නේ.. වෙලාවකට මටත් එන්නෙ මාර මැංටල් අදහස් තමයි.

    "එක්ස්කියුස් මී මිස්ටර්.. මෙන්න එහා පැත්තෙ ඔයා ඉල්ලපු කෙනාව ඉන්නවා."

    රිසෙප්ෂනිස්ට් ගර්ල් මට රිසිවර් එක දික්කලා. පපවෙ ස්පීඩ් එක දෙසිය ගානට නගිද්දි මං හිතට ෆිට් එක ගත්තා.

    "හෙලෝ..."

    "හෙ... හෙලෝ.. සංජානි නේද..?"

    "ඔවු... ඔයා කවුද...?"

    "මම.. අනගි කතා කරන්නේ. ඔයාට මාව මතකයි නේද..? එදා ස්ටෑන්ඩ් එකට මෙහාදි හම්බවුණේ. ප්ලීස් මට ඔයත් එක්ක හුගාක් වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඔයාට ඩිංගක් පහලට එන්න පුළුවන්ද..? ඔයා එනවා නේද..? ප්ලීස්.. ම.. මං බලන් ඉ.. ඉන්නවා..."

    මං ෆෝන් එක තිබ්බා. දැන් ඉතින් එන නොඑන එක එයාගෙ වැඩක්. කම්පියුටර් ක්ලාස් එක ඉස්සරහා කාර් පාක් එකට එන ගමන් මං හිතාගත්තා. ඒත් මං මේ කරන්නෙ හරි වැඩක්ද කියල මගේ හිත මගෙන්ම ඇහුවා. ජීවිතේ කවදාවත් මේ වගේ කෙල්ලෙක් පස්සෙන් නොගියපු මට, සංජානි.. මේ මොනවා කරලද කියලා මට හිතුණා. සජීවන්ලා මේවා දන්නවා නම් මට හිනාවෙයි. උං මං ගැන කොයි තරම් ග්‍රේඩ් පිටද හිතන් ඉන්නේ..?


    "හලෝ... මොකක්ද ප්‍රශ්නෙ..? මොකද ෆෝන් කලේ..?"

    සංජානිගෙ කටහඩ කණ ළගින්ම ඇහුණා. මං ගැස්සුනා. ඒ සුදු මූණ කේන්තියෙන් රතුවෙලා තිබ්බා.

    "ම... මට ඔයාට ඩිංගක් කතා කරන්න ඕන..."

    "ඔයාටයි මටයි කතා කරන්න කිසිම දෙයක් නෑ මිස්ටර්. ඇයි මෙහෙම දේවල් කරන්නේ. මගේ වැඩ කොයි තරම් පාඩුවෙනවද..? ඇයි මට කරදර කරන්නේ..?"

    "මං ඔයාට කරදරයක් කෙරුවෙ නෑ..."

    "ඇයි නැත්තෙ..? ඔයා මේ කරන්නෙ කරදරයක් නෙමෙයිද..? ක්ලාස් එකේ ළමයි මං ගැන මොනවද හිතන්නේ..? ආ... මිස්ටර් ඔයා වැදගත් මහත්තයෙක් නේද..? ඇයි මේ ගෑණු ළමයින්ට ඉන්න දෙන්නෙ නැත්තේ..?"

    සංජානි හෝ ගාලා කියවගෙන යනවා. ඒ මූණ දැන් දැන් කේන්තියෙන් පුපුරලා යාවි කියලා මට හිතුණා. ඒත් කියන්න තියෙන දේ මේ වෙලාවේ කට කෑවත් කියන්න ඕන නේ නැත්නම් දුක් වෙන්න වෙන්නෙ මට නේ..

    "ගෑනු ළමයින්ට නෙමේ.. ඔයාටයි බබා.. ඔයාව දැකපු පළවෙනි දවසෙම මගේ හිතේ ඔයාව ඇදුනේ.. ඔයාව හොදට දැකලා පුරුදු කෙනෙක් වගේ මට දැනුනේ. එහෙම වෙන්නෙ ආත්ම ගානක් එකට ඉදපු අය හම්බවුණාම."

    "ෂටප්... මිස්ටර් ෂටප්... මොනවද මේ කියවන්නේ.. ආ යූ මෑඩ්..?"

    "මෙහෙම ගියොත් නම් පිස්සු හැදෙයි. ප්ලීස් සංජානි.. මං කියන දේ අහන්න. ඔයා දැන් ඉන්නෙ හොදටම කේන්තියෙන්. ඒත් ඔය කේන්ති නිවිලා ගියාට පස්සෙ මං කිව්ව දේවල් ගැන හිතලා බලන්න. මං ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.. හරිනේ..."

    සංජානී මුකුත්ම කිව්වෙ නෑ. කේන්තිය වැඩි කමටද මන්දා ඒ ලස්සන ඇස් වලට කදුළු උනලා තිබුනා. ඒ කදුළු පිටින්ම ආපහු හැරිලා එයා පංතියට දුවගෙන ගියා. හිතට නොතේරෙන මොකක්දෝ අලුත් හැගීමක් හිතට වද දෙද්දි මං ඒ දිහාවම බලන් හිටියා. අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බේ එයා ළගින් ආපු සිහිනමය විලවුන් සුවදක් විතරයි..


    ********************************


    හිතේ තියෙන දේ කියවුණේ අරෙහෙන් මෙහෙන් වගේ හින්දා මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ. සංජානි හම්බවෙච්ච වෙලාවෙ ඔයට වැඩිය හොදට මට කතා කරන්න තිබුණා කියලා මගේ හිත කිව්වා. කොහෙද ඉතිං මං කියෙව්වෙ බහුබූත නේ. කාගෙන් කියලා උදව් ගන්න..? සජීවන්ට කිව්ව නම් ඌ කරන්නෙ සංජානිව උස්සගෙ මගේ ළගට ගේන එක. දෙයියා උනත් එහෙමයි. උං හිතන්නෙ මං ගැන විතරනේ. කොහොම උනත් මේ සිද්ධී හැමදේම භවන්තත් එක්ක කිව්වා නම් හොදයි කියලා මට හිතුණා. එදා පොලිස් ස්ටේෂන් එකේදි කියන්න හැදුවට කියාගන්න උනේ නෑනේ..


    "පුතා.... මෙන්න මිස්ටර් භවන්ත ඇවිත්..."

    සාලෙන් තාත්තිගෙ කටහඩ මට ඇහුණා. මේ යකාව දැන් මතක් කලා විතරයි. මූ නම් පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.

    "කාමරේට එවන්න තාත්ති."

    මං කෑගැහුවා.. හොද වෙලාවට දෙයියා මේ වෙලාවෙ නැත්තේ. ඌ හිටිය නම් දොර අස්සෙන් හැම මළ ඉලව්වම අහගෙන ඉදියි.

    "අයි ඈම් සොරි අනගි.. මේ දවස්වල මං හුගාක් බිසී. මට ඔයාව අමතක වුණේ නෑ... ඉතිං..? ඉතිං..?"

    භවන්ත ඇවිත් මගේ ඇද උඩ වාඩිවුණා.

    "අළුත් විස්තර නම් නෑ ෆ්‍රෙන්ඩ්.. පරණ එව්වම තමයි.."

    ඊයෙ වෙච්ච සීන් එක පස්සෙ කියන්න මං හිතාගත්තා.

    "හොද එකා වගේ අර ගර්ල්ගෙ විස්තර මට අද කියන්න ඕන.. මොකද ඒ ගර්ල් ඔයාගෙ හිතට හුගාක් වැදිලා කියලා මට දැනෙනවා.. එහෙම තියෙද්දි මේ සීන් එක අතෑරලා දාන්න බෑ අනගි.."

    මෙච්චර දවස් ගානත් තිස්සෙ මගේ හිතේ හිරවෙලා තිබ්බ සංජානි ගැන හැම දෙයක්ම මං භවන්තත් එක්ක කිව්වා. ඒත් මං එයා ඔස්බෝන් ක්ලාස් යනවා කියලා විතරක් කිව්වෙ නෑ. ඒකට හේතුව මොකක්ද මන්දා. මට භවන්තට ඒ දේ කියන්න හිතුණෙ නෑ. සමහර විට ඔස්බෝන් එක ඉස්සරහා සංජානි මට කතා කරපු විදිය තදටම මගේ හිතේ වැදිලා තිබ්බ හින්දා වෙන්න ඇති. හැමදේම කියලා ඉවර වුණාට පස්සේ මගේ හිතේ තිබ්බෙ ලොකු හිස් බවක්. අනිත් දේ තමයි කා එක්කවත් කියන්න තරම් දෙයක් මායි, සංජානියි අතරේ නැති එක.

    "හොදයි දැන් මගෙන් මොනවද කෙරෙන්න ඕන..?"

    භවන්ත කෙලින්ම ඇහුවා...

    "මට තේරෙන්නෑ භවන්ත. ඒත් දෙයියටවත්, සජීවන්ටවත් මේ දේ කියන්න බෑ. මොකද ඒ දෙන්නා තනිකරම හිතන්නෙ මං ගැන විතරයි. ඒ ගර්ල් ගැන ඩිංගක්වත් හිතන එකක් නෑ. ඒ දෙන්න එක්ක මං මේ වැඩේට බැස්සොත් වෙන්නෙ ලොකු ඩැමේජ් එකක්. මොකද ඒ ගර්ල් මට විරුද්ධව වචනයක් හරි කිව්වොත් උං එතන මළගෙයක් කරයි.."

    "දැන් සජීවනුයි, දෙයියයි දෙන්නම හිතන්නෙ ඔයා ගැන කියලා කිව්වනේ.. එතකොට මේ දේවල් මට කියන්නේ.. මං ඔයා ගැන හිතන්නෙ නෑ කියලා හිතාගෙනද ෆ්‍රෙන්ඩ්...?"

    භවන්ත කල්පනා කරලා අහපු දෙයින් මං තත්පර ගානකට ගොළු වුනා.

    "නෑ භවන්ත මම එහෙම හිතුවෙ නෑ. ඔයත් මං ගැන හිතනවා කියලා මං දන්නවා. ඒත් මේ ප්‍රශ්නෙදි මට වෙන විදියකටයි උදව් ඕනේ.."

    "හරි... අනගි කියන දේ මට තේරෙනවා. අපි කෙලින්ම ගිහින් එයාව හම්බවෙමු.."

    "හම්බවෙලා..?"

    "හම්බවෙලා කතා කරමු. වෙන කරන්න දෙයක් නෑනේ අනගි.. ඊට පස්සෙ අපි එයාගෙ ගෙදරට යමු. හැබැයි ඔය එක විදියක්වත් ඔයාගෙ හිතට හරි ගියේ නැත්නම් පරණ ක්‍රමයක් නම් තියෙනවා."

    භවන්තගෙ මූණට අර අපූරු හිනාව ආවා. මේ හිනාවම තවත් කොහේදි හරි දැකලා පුරුදුයි කියලා මගේ හිතට දැනුනත් ඒ කාගෙ හිනාවද කියලා මතක් කරගන්න මට බැරි වුණා..

    "පොලිස් කූඩුවෙ ලගින්න වෙන වැඩක්ද...?"

    "ඔව්... මිනිස්සු දම්මලා, ඒ ගර්ල්ව උස්සල දාන්නයි තියෙන්නෙ.. ඊගාවට ඔයා පැනලා එයාව බේරගන්නෙක. වැඩේ ගොඩින්ම නිවාරණයි.. අනගි... මොකද කියන්නේ..?"

    "මං ඒකට කැමති නෑ භවන්ත.. ඇරත් මට ඒ ක්‍රමේ දිරවන්නෙ නෑ. ඒ පුංචි කෙල්ලව කාගෙවත් අතින් කිලිටි වෙනවට මං කැමති නෑ. අපි ඒ දේ කලොත් අපි සාධාරණ නෑ. මං එයාව වංචාවකින් දිනාගත්තා වෙනවා. අපි වෙන විදියක් බලමු.."

    "මං උඹ ගැන හිතන් හිටියටත් වැඩිය උඹ සෑහෙන්න ඉහලයි අනගි. වෙන කොල්ලො ළග බෙහෙතකටවත් නැති කොලිටි උඹ ළග තියෙනවා. මොනවා උනත් උඹේ හිත ගත්තු කෙල්ල නම් වාසනාවන්තයි"

    "උඹ ඔය මොනවා කිව්වත් එයා මං ගැන දන්නෙ නෑ නේ භවන්ත. මාව එයාට තේරුම් කරලා දෙන්න පුළුවන් කාටද..?"

    "අපි ඒක කරමු... මේ වෙලාවෙ අවුල් නොවී ඉදපංකෝ.. අර මාව හම්බවුණු දවස්වල වගේ රිලැක්ස් එකේ ඉදපං.."

    "මේ කෙල්ල මට රිලැක්ස් එකේ ඉන්න දෙන්නෙ නෑ. ඒත් මට එක බයක් තියෙනවා භවන්ත"

    "ඒ මොකක්ද..?"

    "මගේ තාත්තිගෙ තත්වෙ දැනගත්තාම කෙල්ල කොහොමටවත් මට කැමතිවෙන එකක් නෑයි කියලා හිතෙනවා. අනිත්තෙක තමයි එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අපි දන්නෙ නැති එක.."

    "ඒ ගැන හිතන්න එපා අනගි.. මයිනස් පැත්තට හිතන්න එපා.. දැන් අපි කොහොමද එයාව හම්බවෙන්නේ..?"

    භවන්ත එක්ක ඔස්බෝන් එක ළගට යන එක ප්‍රශ්නයක් කියලා මට හිතුනා. ඒක හින්දා ස්ටෑන්ඩ් එකේ ඉන්න එක වැඩිය හොදයි කියලා මම හිතාගත්තා.

    "අපි ස්ටෑන්ඩ් එකේ ඉදිමු භවන්ත.. එතනදි අපිට එයාව අල්ලගන්න පුළුවන් නේ.. අඩුගානේ භවන්තට මට එයාව පෙන්නන්න හරි පුළුවන් නේ.."

    භවන්තගෙ උඩු මූණෙ තිබ්බෙ ලොකු කල්පනාවක්. ඒත් ඒ විනාඩියකට දෙකකට විතරයි..

    "හරි... එහෙනම් හෙට උදේට ඔයා අපේ ගෙදර එන්න. අපි යමු ඒ ගර්ල්ව හම්බවෙන්න.."

    ගෙදර එන්න කියලා කිව්වාම මට මතක් වුණේ භවන්තගෙ අම්මා..

    "උඹේ මූඩ් එක වෙනස් වුණා අනගි.. මගේ අම්මා ගැන වැරදියට හිතන්න එපා. අම්මමයි කිව්වෙ උඹව දවසක එක්ක එන්න කියලා. උඹව එක්කං ගිය මුල්ම දවසෙ අම්මා උඹ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. අම්මට එහෙම හැසිරෙන්න හේතු ගොඩක් තියෙනවා අනගි. මං ඒවා ගැන උඹට පස්සෙ දවසක කියන්නම්. ඉස්සෙල්ලා මේ වැඩේ ඉවරකරගන්න බලමු..."

    භවන්ත ගෙදරින් ගියායින් පස්සෙත් ඌ කිව්ව දේවල් ගැන මං කල්පනා කලා. ඒත් විශේෂ දෙයක් ගැන මට හිතාගන්න බැරි වුණා.

    *****************************

    පහුවෙනිදා උදේ හත වෙනකොට මං හිටියෙ භවන්තගෙ ගේ ඉස්සරහා. බෙල් එක දෙපාරක් විතර ඔබනකොට ඉස්සරහා දොරෙන් එලියට ආවේ භවන්තගෙ අම්මා. මගේ හිත ගැස්සුනත් මං එයා දිහාම බලන් හිටියා..

    "එන්න....."

    "භවන්තගෙ අම්මා එහෙම කිව්වත් එදා කතා කරපු විදිය හන්දා මං ගෙට ඇතුල් වුණේ නෑ. මං ගේ ඇතුළට ආවේ නැති වුණහම ඒ රවුම් මූණ මොකක්දෝ දුකකින් වැහිලා ගියා.."

    "ඇ... ඇයි පුතා මගෙත් එක්ක තරහින් වගේ.. ආ.. එදා මං කතා කරපුවට හිත රිද්දගත්තද..? අනේ මං ඒ ඔයා ගැන හිතලා කිව්ව එකක් නෙමේ.."

    "න්.. නෑ ආන්ටි.. කෝ භවන්ත.."

    "භවන්ත නම් ලෑස්තිවෙලත් ඉවරයි.. කෝ ඉතිං ඇතුළට එන්න.."

    "කමක් නෑ ආන්ටි.. අපි පුංචි ගමනක් යන්න දාගෙනයි ඉන්නේ... වෙලාවත් මදි මං වෙන දවසක කාලා බීලම යන්න එන්නම්කෝ.."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කියනකොටම භවන්ත එළියට ආවා.
    "අම්මයි, තාත්තයි සනීපෙන් ඉන්නවද පුතා..?"


    භවන්තගෙ අම්මා මගෙන් අහද්දි භවන්තගෙ මූණත් වෙනස් වුණා.


    "මට හැමදේටම ඉන්නෙ තාත්ති විතරයි ආන්ටි.. මගේ අම්මා මං ගාවින් යනකොට මට අවුරුදු හතයි. එදා ඉදල මට අම්මා කෙනෙක්ගෙ ආදරේ හම්බවෙලා නෑ ආන්ටි.."


    භවන්තගෙ අම්මගෙ මූණෙ තිබ්බෙ ලොකු පසුතැවිල්ලක්. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවා කියන දුක ඒ මූණෙ හොදට පේන්න තිබුනා. ආන්ටි මං දිහා බැලුවෙ ලොකු අනුකම්පාවකින්.


    "අ... අනේ දරුවො මං හිතලා නෙමේ ඇහුවේ. මට ඔය විත්තියක් භවන්තවත් කියලා නෑ. ඔයාට මීට පස්සෙ ඕන දේකට මං ඉන්නවා කියලා හිතන්න පුතා.."


    "අනගි අපි යමු.... අම්මා.... අපි යනවා..."


    ගෙයින් පිටත් වෙන්න කලින් තව දෙයක් කරපං කියලා මගේ හිත බල කළා. ආපහු ගේ ඇතුලට යන්න හැරෙන භවන්තගෙ අම්මා ළගට ගිහින් මං නැමිලා වැන්දා. ඒ මූණෙ තිබ්බෙ ලොකු පුදුමයක්.


    "මට අම්මව මතක් වුණා ආන්ටි. මං ඒකයි ආන්ටිට වැන්දේ. මං ගැන මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්නෙපා.."


    මං ඔලුව ඉස්සුවා. ආන්ටිගෙ ඇස්වල කදුළු ඇවිත් තිබුණා.


    "අනේ රත්තරනේ මං ඔයා ගැන වැරදියට හිතන්නෙ නෑ. කාගේ වුණත් ඔයා හරි සීදේවි දරුවෙක්. ඔයාට ඕන වෙලාවක මේ ගෙදර දොර ඇරලයි තියෙන්නේ. පහුවෙච්ච දේවල් ගැන හිතන්න එපා. මං ඉන්නවනේ.."


    භවන්තගෙ අම්මා මගේ ඔලුව අතගෑවා. මගේ හිතේ පිරිලා තිබ්බෙ නැවුම් හැගීම් සමුදායක්..


    "අනගි.. එහෙනම් අපේ අම්මවත් ෂේප් කරගත්තා ආ.."


    කැබ් එක ස්ටාර්ට් කරගෙන පාරදිගේ එද්දි භවන්ත කිව්වා.


    "ශේප් එකට නෙමේ භවන්ත.. සිරාවටම මට අම්මව මතක් වුණා.."


    ඒ දිගේ හිතන්න මහා විශාල දේවල් තිබුණත් මං හිත නතර කර ගත්තා. දරුණු පසුතැවිල්ලක මං සලකුණු ආයෙමත් හිත ඇතුළට පුරව ගන්නෙක දැන දැන පිහියකින් ඇනගන්නවා වගේ දෙයක්. අපි දෙන්නම කතාබහක් නැතුව විනාඩි විස්සක් විතර කැබ් එකේම ටවුන් එකට ආවා. ස්ටෑන්ඩ් එකට මෙහායින් කැබ් එක දාලා මායි, භවන්තයි ස්ටෑන්ඩ් එක ඇතුළට ගියා. විනාඩි දෙක තුන ගෙවිලා සෑහෙන්න වෙලාවක් ගියා. ඒත් එයා පේන මානෙකවත් නෑ. අද එයා එන්නෙ නැතුවවත්ද..? මගේ හිත කීරි ගැහිලා ගියා..


    "කෝ.. බං.. උඹේ සුරංගනාවි අද එන්නෙ නෑ වගේ.. මට හිතෙන්නෙ මෙතන ඉදගෙනම ලන්ච් ගන්න වේවි.."


    "භවන්ත හිනාවෙවී කියනවා. මං සියවෙන් පාරටද කොහෙද ඔරලෝසුව දිහා බැලුවා. හොදටම පරක්කුයි. භවන්තට ඩියුටි යන්නත් ඕන. මං ආයෙත් බස් ස්ටෑන්ඩ් එකට ඇතුල්වෙන පැත්ත දිහා බැලුවා. මෙච්චර වෙලා නොසන්සුන් වෙලා තිබ්බ මගේ හිත එක තත්පරේකදි නැවතුණා. ඒ ලතාවකට ඇවිදන් එන සංජානිව දැක්කාම. අලුපාට දිග ගවුමට එයාගෙ පුදුම ලස්සනක් තියෙන්නේ. හරියට සුරංගනාවියක් වගේ. එයාගෙ දිග කොන්ඩෙත් අළුපාට පීත්ත පටියකින් ගැහගහලා තිබුණා. එයා ටිකෙන් ටික අපිට ළංවුණා. බස් ස්ටෑන්ඩ් එකේ අනිත් පැත්ත බලන් ඉදපු භවන්තට කතා කරලා එයාව පෙන්නන්න මං හැරුණා. ඒත් පුදුමෙ කියන්නෙ භවන්තත් බලන් හිටියෙ මං බලන් ඉදපු දිහාවමයි. මං භවන්තට එයා ගැන කියන්න හදනකොටම, මං හිතුවෙත් නැති විදියට භවන්ත එයාට කතා ඛලා."


    "සංජානි... මොකද අද ලේට්..?"


    මාව ගැස්සිලා ගියා... දෙයියනේ.. භවන්ත කොහොමද මෙයාව දන්නේ..? ඒත් එක්කම මගේ හිතට ආවෙ ලොකු සතුටක්. භවන්ත එයාව අදුනනවා නම් කිසි අවුලක් නෑ නේ. වැඩේ හිතුවටත් වැඩිය ලේසියි නේ.


    "ආ... අනගි.. ඔයාට අදුන්වලා දෙන්නත් බැරි වුණා. මේ තමයි මගේ එකම නංගි... සංජානි.. නංගි මේ තමයි අනගි.. මගේ බෙස්ට්ම යාලුවා.."


    කකුල් දෙකේ ඉදලා පටන් ගත්තු මොකක්දෝ ගින්දරක් වගේ හැගීමක් මගේ ඔලුවෙන් පිටවෙලා ගියා. දෙයියනේ මේ මොකක්ද මේ වුණේ. තත්පර ගානකට මං ගල් ගැහුණා. එතකොට... එතකොට සංජානි කියන්නෙ භවන්තගෙ නංගි.. මට දැනුණෙ මගේ පපුවෙ හුස්ම හිරවෙනවා වගේ. වැදිච්ච පාරෙ සැරකමට මං හිටියෙ තෝන්තු වෙලා වගේ. කරන්න ඕන මොනවද කියලා මගේ ඔලුවට ආවෙම නෑ. භවන්ත මාව අදුන්වලා දුන්නට පස්සේ සංජානි නෝන්ඩියට වගේ හිනාවෙලා අහක බලාගත්තා. මෙයා භවන්තත් එක්ක කියාවිද දන්නෙ නෑ මං පස්සෙන් ආවා කියලා. මං ක්ලාස් එක ගාවටත් ආවා කියලා. එහෙම උනොත් මගෙයි භවන්තගෙයි ෆ්‍රෙන්ඩ් ශිප් එක ඉවරයි...


    "අද ලේට් මං නෙමෙයි අයියා.. අම්මා කෑම හදන්න ලේට් වුණා. අයියා ගෙදරින් යනකොටත් මං ගේ ඇතුලෙ.."


    "ඒකනේ.. ඇත්තටම මං හිතුවෙ ඔයා උදේ මට කලින් ගිහින් ඇති කියලා. නැත්නම් මං අනගිට අද උදේ ඔයාව අදුන්වලා දෙන්නේ."


    "ම... මට ලේට් වෙනවා අයියා.. මං යන්නද... ආ.. ඒක නමේ.. ඔයා මොකද මෙතන කරන්නේ.. අද ඩියුටි නැද්ද..?"


    තාලෙට පැද්දෙන කොන්ඩ කරල අනිත් පැත්තට දාලා සංජානි, භවන්තගෙන් ඇහුවා මට කතා කරන්නත් බෑනේ. ඒත් භවන්ත මොනව කියයිද දන්නෙ නෑ.


    "ඩියුටි යන්න පුළුවන් බබා. මේ අනගිගෙ හිත හොරකම් කරපු කෙල්ල එනකං අපි මේ බලන් ඉන්නේ.. අනගිට සෑහෙන්න එයාව වැදිලා.. බලන්න නංගි මෙච්චර ගර්ල්ස්ලා ඉන්න රටේ.. ස්ටෑන්ඩ් ගානෙ, ඒ ගර්ල්ම එනකන් මේ මනුස්සයා කට්ට කන හැටි."


    භවන්ත කියවගෙන ගියා. සංජානිගෙ ඇස් දෙක මං දිහාට හැරුණා. ඒ මූණෙ තිබ්බෙ මහා විශාල නෝන්ඩියක්.. ෂිහ්.. මීට වැඩිය හොදයි මෙතනම පණ ගියා නම්.. සංජානි හොදටම දන්නවා මං මෙතන ඉන්නෙ ඇයි කියලා. එහෙම තියෙද්දිත් මං දිහා නෝන්ඩියටයි බලන්නේ.. ඔක්කොමට හපන් භවන්ත, සංජානි ඉස්සරහ කියාගෙ යන ඒවා.


    "භවන්ත.. මේ මොනවද කියවන්නේ..?"


    භවන්තගෙ අතට පාරක් ගහන ගමන් මං කිව්වා. මිනිහට හිනා ගියා.


    "ඔය ලැජ්ජාවට නංගි. හැබැයි අනගි ට්‍රයි කරන ගර්ල් නම් වාසනාවන්තයි.. මොකද අනගි වගේ කොල්ලෙක්, කෙල්ලෙකුට ලේසියෙන් හම්බවෙන්නෙ නෑ."


    හැබෑට... කියලා අහන්න වගේ සංජානි මං දිහා බැලුවෙ අර නෝන්ඩියම මූණෙ තියාගෙන. ටිකකින් එයා භවන්තට බායි කියලා යන්න ගියා. මගේ හිතේ ඒ වෙලාවෙ තිබ්බෙ මහා විශාල හිස් බවක්. දැන් ඉතින් තවත් කොහොමද එයා ගැන හිතන්නේ.. අනේ මංදා.. අනගි උඹට මොකක්ද මේ වුණේ..?


    "කෝ.. අනගි ඔයාගෙ බියුටි කුවින්...?"


    "එයා එන්නෑ වගේ භවන්ත.. ඔයාටත් පරක්කු වෙනවනේ.. අපි යමු.. ගිහින් වෙන දවසක එමු."


    මෙතන ඉදලා කොහොමටවත් වැඩක් නැති නිසා මං එහෙම කිව්වා.


    "මට පරක්කු වුණාට කමක් නෑ. ඒත් අපි තව ටිකක් බලමු. සමහරවිට පරක්කු වෙලා හරි උඹගේ බියුටි කුවින් එන්නත් බැරි නෑ නේ.."


    මගේ බියුටි කුවින් මෙතනට ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි කියලා කොහොමද මං, භවන්තට කියන්නේ.. උගේ නංගිට මං ආදරේ කෙරුවා. මං ආශා කෙරුවා කියලා කොහොමද මං කටක් ඇරලා කියන්නේ. ඌ මං ගැන මොනවා හිතාවිද..? මගේ හිතට දැනුණෙ පුදුම තරමෙ අපහාසුවක්.


    "වැඩක් නෑ භවන්ත... අපි යමු.."


    "උඹ හොදටම අවුල් වෙලා අනගි.. ඇත්තටම කෙල්ල ආපු නැති එකටද අවුල. නැත්නම් මං නංගි ඉස්සරහා මේ දේවල් කිව්ව හින්දද..?"


    භවන්ත මගෙන් කෙලින්ම ඇහුවා.. තවත් මේ ගැන බබා පාට් දම දමා හිටියොත් වැඩේ කරටිය මුලින්ම අහුවෙනවා. ඒක බුදු ෂුවර්.. මං බොහොම අමාරුවෙන් මූණට හිනාවක් ගත්තා.


    "මට ටිකක් අප්සට් ගියා භවන්ත.."


    "ඒකි ඉස්සරහා අවුල් වෙන්නෙපා අනගි.. මගේ නංගි හින්දා කියනවා නෙමෙයි. ඒකි හරි හොදයි. හැබැයි කොච්චි මිරිස් කරල වගේ.. දැන් ඔය කම්පියුටර් ක්ලාස් යන ගමන්.."


    භවන්ත කියන ඒවා පපුවට පිහියකින් අනිනවා වගේ බොක්කටම වදිනවා. මං මොකද මේකට කරන්නේ. මගේ හිතේ තිබ්බෙ උභතෝකෝටික ප්‍රශ්නයක්. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මගේ හිතේ ඇතිවෙච්ච ආදරණිය හැගීම මරලා දාන්නද මට වෙන්නේ..?


    "මොනවා හරි කමුද අනගි..?"


    ස්ටෑන්ඩ් එකෙන් එළියට එනකොටම භවන්ත ඇහුවා. මං මුකුත් කියන්නෙ නැතුව ඔලුව වැනුවා. කැබ් එක නවත්තලා තිබ්බ තැනට ඉස්සරහ තිබුණෙ ෆුඩ් කැබින් එකක්. භවන්තයි, මායි ඒක ඇතුලට ගිහින් වාඩිවුණා. ඉදිආප්ප ඕඩර් කරනවා කියලා හිතාගෙන මං භවන්ත දිහා බැලුවා. ඒ මූණ මහා විශාල කේන්තියකින් උතුරලා ගිහින් තියෙනවා මං දැක්කා. ඇයි මේ..? මෙච්චර වෙලා හිනාවෙවී හිටපු මනුස්සයට මොකද වුණේ..? භවන්තගෙ ඇස් දෙක එල්ලවෙලා තිබ්බ දිහා කෙලින්ම මාත් බැලුවා. අපිට මේස හතරකට එහායින් මනුස්සයෙක් කෑම කකා හිටියා. භවන්ත ඒ දිහා බලන් හිටියේ. ඒ මනුස්සයා කවුද කියන එක මගේ ඔලුවට තත්පරේට දෙකට වැටුනා, එදා රීගල් ෆිල්ම් හොල් එකේදි මට ටිකට් දීපු පොර. භවන්ත එදා ඒ ටිකට් දෙක ඉරලා දාපු විදිය මට මතක් වුණා. ඊළග තත්පරේ අත් දෙක ගුලි කරගෙන භවන්ත නැගිට්ටා. ඒත් මේ මනුස්සයා දැක්කහම
    ඇයි භවන්තට මේ තරම් කේන්ති යන්නේ කියලා හිතාගන්න මට බැරි වුණා..

    "සොරි අනගි.. මට කන්න බෑ... කන්න විතරක් නෙමෙයි.. එක තත්පරයක්වත් මේ කැබින් එක ඇතුළේ ඉන්න බෑ.. මාව පොලීසියට ගිහින් දාන්න ප්ලීස්.."


    කැබින් එකෙන් එළියට යන්න හදන ගමන් භවන්ත බැගෑපත් වුණා. අර මනුස්සයත් අපි දිහාම බලන් ඉන්නවා. ඒ මූණෙ තිබ්බෙ මහ බයාදු පෙනුමක්.


    "ඇයි භවන්ත මේ..? ඒ මිනිහා හිටියහම අපිට මොකද..? මොකක්ද ඒ මනුස්සයත් එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ..?"


    "මගෙන් ඒ ගැන මුකුත් අහන්න එපා අනගි.. ප්ලීස්.."


    එතනින් එහාට මං මුකුත් ඇහුවෙ නෑ. භවන්ත පොලිස් ස්ටේෂන් එකට දාලා මං ගෙදර එන්න ආවා. ඒ එන අතරමගදිත් මං කල්පනා කර කර ආවේ ඒ මිනිහා භවන්තගෙ කවුද කියලා. ඒ ගැන කල්පනා කරලම මගේ ඔලුවත් රිදෙන්න ගත්තා. මං ගෙට ඇතුල්වෙනකොටයි දැක්කෙ කවුද ෆොරිනර්ස්ල කට්ටියක් ඇවිල්ලා තාත්තිත් එක්ක බර සාකච්ඡාවක් කියලා. එයාලට ඩිස්ටර්බ් කරන්නැතුව මං ගෙට පැනගත්තා. මං කෙලින් ගිහින් ඇදට වැටුනා.


    "මොකෝ චූටි මහත්තයො අපුගමන් ඇදට වැටුනෙ.. අපේ චූටි මැණිකෙව හම්බවුනාද..?"


    දෙයියට නම් තියෙන්නෙ පුදුම ඉවක්. මං ගෙදරට ආපු ගමන්ම මූ දැනගන්න එකනේ වැඩේ.. දෙයියා ඇහුවෙ සංජානි ගැන..


    "මාර විහිළුවක් වුනානේ දෙයියා..."


    "විහිළුවක්..?"


    "ඔවු... මං ඒ ගර්ල්ව හම්බවෙන්න අද ගියේ භවන්තත් එක්ක.."


    "න්.. නෑ.. මේ අපේ එස්.අයි මහත්තයත් එක්ක..?"


    දෙයියගෙ කට ඇරුණා.. දැන් උගේ හක්කෙ පුරවපු දතුත් පේනවා..


    "ඔව් බං.. ඔව්.. මායි, භවන්තයි එයා එනකං ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. එයා අපි දිහාට එද්දි, මෙයා ගැන තමයි මං කිව්වෙ කියලා භවන්තට කියන්න හදනකොටම භවන්ත එයාට සංජානි කියලා කතා කරා.."


    "කිරි අප්පොච්චියේ... ඉතිං.. ඉතිං..?"


    "ඊට පස්සෙ, මේ තමයි මගේ නංගි කියලා මට ඉන්ට්‍රොඩියුස් කරා.. මාව ගල්ගැහිලා ගියා බං... මොකක්ද මේ සිද්ධවුණ විනාසෙ කියලා.."


    "මොන විනාසයක්ද බේබි මහත්තයෝ.. ඔන්න ඔහේ ලව් කරන්න.."


    "උඹට පිස්සුද දෙයියා. ඒ භවන්තගෙ නංගි.. අතින්තෙක අපේ ෆ්‍රෙන්ඩ්ශිප් එකට මොකද වෙන්නේ..? මං කොහොමද භවන්තට ඔය ගැන කියන්නේ..?"


    දෙයියගෙ මූණෙ තිබ්බෙ මහා මනමාල හිනාවක්..


    "ඔච්චර ඉගෙන ගෙනත් බේබි මහත්තයගෙ මොළේ කෝ හැබෑටම.. යාලුවගෙ නංගිට ලව් කරා කියලා, යාලුකමේ අවුලක් වෙන්නෙ නෑ. එතකොට යාළුවා නිකම්ම මස්සිනා වෙනවා. අනිත්තෙක ඉස්සෙල්ලම ඒ චූටි මැණකගෙ හිතේ බේබි මහත්තයා ඉන්නවද කියලා දැනගන්නත් ඕනෙ නේ.. එහෙම නැතුව මෙහෙම කලබල වෙලා වැඩක් නෑනේ.. පස්සෙ හෙමීට එස්.අයි. මහත්තයට කියන්න බැරියෑ. මේං මේවගේ එකක් මේ මෙහෙම සිද්ධ වුණා කියලා.."


    දෙයියා නන්ස්ටොප් කියවගෙන යනවා.. බලන් ගියාම දෙයියා කියන්නෙත් ඇත්ත. එයා භවන්තගෙ නංගි මිසක භවන්තගෙ වයිෆ් නෙමෙයිනේ. ඉතිං ඇයි මං කලබල වෙන්නේ.. අනිත් එක සංජානියි, මමයි ෆිට් වුණාම භවන්තගෙයි, මගෙයි යාලුකම නෑදෑකමක් වෙනවනේ. මීට පස්සෙ දෙයියගෙන් ඇඩ්වයිස් ගන්න එක හිතට වගේම ඇගටත් හොද වේවි කියලා මට හිතුනා...


    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-9.jpg



    9
    සජීවනුයි, ඉරෝමියි යාලුවෙලා අවුරුදු හතරක් ගෙවිලා ගිහිල්ලා තිබුණා. ඒ අවුරුදු හතර ඇතුලෙ ආපු බාල්දි, කොකු, බේසම් වලට මද්දුම බණ්ඩාර වගේ ඉස්සරහට ගියේ මම. ඒක හන්දමද කොහෙද උං දෙන්නා මටයි, කොල්ලො ගැන්සියටයි චයිනීස් රෙස්ටුරන්ට් එකේ ලන්ච් එක සෙට් කරලා තිබුණා. වීශේෂත්වයකට තිබුණෙ භවන්තත් එතැන ඉදපු එක. මුලින්ම සජීවන්ටයි, ඉරෝමිටයි විෂ් කරලා අපි කන්න පටන් ගත්තා..

    "හොද වෙලාවට මුං දෙන්නා බැන්දෙ නැත්තෙ.. නේද අනගි..?"


    නිර්මාන් මං දිහාට හැරුණා. ඉරෝමිගෙ මූණට ආවෙ අපහැදිලි හිනාවක්. ඒත් කකා හිටපු එකෙක්වත් ඒ ඇයි කියලා අහපු නැති හින්දා නිර්මාල්ටම කතා කරන්න වුණා. අඩුම ගානේ මංවත් ඇහුවෙ නෑ.


    "කොහෙද ඉතිං කන්න ගියාම උඹලට මෙලෝ සිහියක් නෑ නේ. ඇයි බං මුං බැන්ද නම් හෙම අපිට මෙහෙම කන්න අරන් දිදී ඉදියිද..?"


    "බලන් ගියාම නිර්මාල් කියන එකෙත් ඇත්තක් තියෙනවා.. ඇත්තටම ඔයාලා දෙන්නගෙ මැරි කරන්න අදහසක් නැද්ද..?"


    මෙච්චර වෙලා සද්ද නැතුව කෑම කකා ඉදපු භවන්ත ඇහුවා. ඉරෝමිගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්. ඒ වගේ හිනාවක් අයිති කරන් ඉන්න සජීවන් ගැන මගේ හිතට ආවෙ ලොකු සතුටක්.


    "තියෙනවා.. තියෙනවා.. ඒත් මේ කලබලේ නම් නෙමෙයි අයියෙ..."


    ඉරෝමි ඒ ටික කිව්වෙ භවන්තට වුණත් එයා බලන් හිටියෙ සජීවන් දිහා. ඒත් එක පාරටම භවන්තගෙ මූඩ් එක අප්සට් ගියා. කෑම කකා හිටපු කොල්ලා සෙට් එකට ඒක නොතේරුණත්, භවන්ත දිහා බලන් ඉදපු මට තේරුණා. ඒ අප්සට් වෙච්ච මූණ උඩට ලොකු කේන්තියකුත් මතුවෙලා තියෙන හැටි මං ඊළගට දැක්කා. එකපාරටම මොකද මේ වුණේ කියලා මට හිතාගන්න බැරිවුණා.


    භවන්තගෙ ඇස් කෙලින්ම ඉලක්ක වෙලා තිබ්බෙ අපි කට්ටියම ඉදපු මේසෙට එහා මේසෙ බොහොම නීවී සැනසිල්ලෙ කෑම කන මනුස්සයෙක් දිහාට. ඒත් ඒ මනුස්සයා කවුද කියලා දැන ගත්තහම මගේ හිතට ආවෙ නොසන්සුන් හැගීමක්. මීට කලින් රීගල් ෆිල්ම් හොල් එකේදියි. ෆුඩ් කැබින් එකේදියි අපිට හම්බවෙච්ච මේ මනුස්සයා අදත් අපි ළගට ඇවිල්ලා තිබුනා. මේ මනුස්සයටයි, භවන්තටයි තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං ඉන්දෙද්දි තමයි භවන්ත එකපාරටම නැගිට්ටේ.


    "අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි... සජීවන්... ඉරෝමි.. අපි වෙන දවසක හම්බවෙමු.. මං යනවා.."


    හිතාගන්නවත් බැරිතරම් ඉක්මනට ඒ ටික කියලා භවන්ත රෙස්ටූරන්ට් එකෙන් පිට වුණා. හැම එකාම මූණෙන් මූණ බලන් ඉන්දෙද්දි මමත් භවන්තව ෆලෝ කරා. ඒත් මටත් කලින් භවන්ත ඉස්සර වෙලා තිබුණා. නිල්පාට පොලිස් ජීප් එක කලු දුමාරයකුත් එක්ක මගෙන් ඈත්වෙලා යන හැටි මං දැක්කා. ඇත්තටම මගේ හිතට ආවෙ නොපැහැදිලි කේන්තියක්. භවන්තට මේ මනුස්සයව පේන්න බැරි වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. නැත්නම් පිස්සෙක් වගේ මෙහෙම හැසිරෙන්න භවන්තට උවමනාවක් නෑ නේ. මං තනියෙම හිතන්න ගත්තා. අදටත් එක්ක දවස් තුනයි. ඊට පස්සෙ දවසෙ ඇවිත් වෙච්ච දේට සොරි කියනවා. ඒ විදියට හැසිරුනේ ඇයිද කියලා කියන්නෙ නෑ. සමහරවිට භවන්ත ට්‍රයි කරපු ගර්ල් කෙනෙකුට ඒ මනුස්සය ට්‍රයි කරලා යාලු වෙලාද දන්නෙත් නෑ. භවන්ත කියන්නෙ නැත්නම් මේ ගැන අහන්න හොදට කෙනා තමයි ඒ පුද්ගලයා නේද කියලා මට හිතුනා. අන්තිමට මම තත්පරේට දෙකට රෙස්ටුරන්ට් එක ඇතුලට ආවා. ඒ මනුස්සයා හිටපු තැන හිස්වෙලා තිබුණා. ඒ කියන්නෙ මිනිහත් අතුරුදන් වෙලා..


    ****************************


    ඒ සිද්ධියෙන් පස්සෙ දවස් දෙකතුනක් හෙමින් සීරුවෙ ගෙවිලා ගිහින් තිබුනා. ඇත්තටම ඒ දවස් දෙක තුනේ මම භවන්ත ගැනවත්, අර මනුස්සයා ගැනවත් කල්පනා කරේ නෑ. කල්පනා කරාට මට උත්තර හම්බවෙන්නෙ නෑ කියලා මං දැනන් හිටියා. ඒක හන්දම මං කල්පනා කරේ සංජානි ගැන. එයාව හම්බවෙන විදියක් ගැන. මං තවත් පරක්කු වුණෝතින් වෙන කවුරු හරි එයාට අයිතිවාසිකම් කියයි කියන බය මගේ හිතේ තිබුණා.


    උදේ එකොළහ විතර වෙද්දි මං ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. කලින් දවසක විදියටම රිසෙප්ෂනිස්ට් ගර්ල්ට කියලා මං සංජානිව ෆෝන් එකට ගෙන්න ගත්තා. සංජානිගෙ කටහඩ රිසීවර් එකේ එහා කොනෙන් ඇහෙද්දි මගේ හිත නොසන්සුන් වුණා.


    "හෙලෝ.. මං අනගි කතා කරන්නේ.. මට ඔයාව හම්බවෙන්න ඕන.."


    මං කෙලින්ම කියලා දැම්මා. ආයෙ මොකටද තටම තටම ඉන්නේ. රිසීවර් එක එහා පැත්තෙන් මහ බර විදියට හුස්මක් හෙලන හඩක් මට ඇහුණා. තමන් අකමැති කවුරු හරි එක්ක කතා කරන්න වුණාම ඕන කෙනෙකුට ඔය වගේ වෙනවා කියලා මං දැනන් හිටියා.


    "ඇයි...?"


    ඒ තනි වචනෙ තිබ්බෙ ලොකු දැඩි බවක්. මගේ හිතේ තිබ්බ ශක්තිය ටිකෙන් ටික දියවෙන්න ගත්තා.


    "ඇයි කියලා ෆෝන් එකෙන් කියන්න බෑ සංජානි.. ප්ලීස්.. මං ආයේ ඔයාට කරදර කරන්නෙ නෑ. එක විනාඩි පහකට මාව හම්බවෙනවද..? මං පල්ලෙහා කාර් පාක් එකේ ඉන්නේ.."


    ඩිංගක් වෙලා යනකන් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවේ නෑ. එයා කල්පනා කරනව කියල මට තේරුණා.


    "හොදයි.. මං එන්නම්.. හැබැයි මේ තමයි අන්තිම එක.."


    සංජානි එහෙම කියද්දි මගේ හිතට ආවෙ මහා වීශාල සතුටක්. තව විනාඩි කිහිපයකින් දෙකකින් එයා මං ගාව ඉන්නවා කියලා හිතුණහම හිත ඇතුලට ආවෙ අමුතුම ගතියක්. කාර් පාක් එකට වෙලා මං ඔම්බෝන් එකේ පඩිපෙළ දිහා බලාගෙන හිටියා. ටිකකින් මගේ ඇස් බලාපොරොත්තුවෙන් හිටපු රූපෙ ඈතින් මතුවුනා. ඒ සුදු මූණ පුරාම තියෙන කේන්තියෙ හීන් හෙවනැලි මං දැක්කෙ ඒ වෙලාවෙදිමයි...


    "ඔයාට කරදරයක් කරන්න මං හිතුවෙ නෑ.. ඒත් මගේ හිතට හරි කරදරය සංජානි. ඔයා ඉන්නෙ මං ගැන කේන්තියෙන් කියලා මට තේරෙනවා."


    හිත ඇතුලෙ ආයෙත් පිරිල තියෙන දේවල් මං එළියට දැම්මා. ඒත් සංජානිගෙ මූණ සමච්චලේට වගේ ඇද වුණා.


    "මං කේන්තියෙන් හිටියත්, සංතෝසෙන් හිටියත් ඒකෙන් ඔයාට ඇති වැඩක් නෑ මිසටර්.. ප්ලීස්.. මේ අන්තිම වතාවටයි කියන්නේ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.."


    "කෝ... ඉතින් ඔයා මට කතා කරන්න දෙන්නෙ නෑ නේ.."


    "ඔයාට මොනවද මිස්ටර් කතා කරන්න තියෙන්නේ..? මාව දැක්ක දවසෙ ඉදලා මගේ පස්සෙන් ආවා කියලද..? මට ආදරෙයි කියලද..? ආ.. තව ඉස්සරහටත් මගේ පස්සෙන් එනවා කියලද... ආ..?"


    සංජානි මගේ මූණටම ඇහුවා. මගේ හිතේ පිරුණෙ මහා විශාල ලැජ්ජාවක්. ජීවිතේ කවමදාකවත් මං මේ වගේ අවස්ථාවකට මූණ දීලා තිබුණෙ නෑ. ආදරය කරන්න යන එක මේ තරම් කටුකද..? ඒත් මේ අතරින් මට හිතුනෙ මේ ආඩම්බරකාරි කොහොම හරි පරාද කරන්න ඕන කියන එක. අනගි රඹුක්වැල්ලට පරාජය කියන දේ දරාගන්න බැරි දෙයක්..


    "සංජානි... ඔයා මං ගැන වැරදියට හිතන් ඉන්නේ.. ඩිංගක් නෝමල් වෙන්න.. ප්ලීස්.."


    "මට මිස්ටර් ගැන හරියට හරි වැරදියට හරිවත් හිතන්න ඕනෙ නෑ.. අනික මට නෝමල් වෙන්න ඔයා කියන්න ඕනෙ නෑ.. මං මෙච්චර හරි කතා කෙරුවෙ මිස්ටර් මගේ අයියගෙ යාලුවෙක් හන්දා.. තවත් මට කරදර කරන්න එපා. මේ වැඩේට මං කැමති නෑ.."


    ගහෙන් ගෙඩි එනවා වගේ ඒ ටික කියලා සංජානි ඉස්සරහට ගියා. කෙල්ලට තරහා ගිය පාරට, එයා ගියේ පංතිය පැත්තට නෙමෙයි බස් හෝල්ට් එක පැත්තට. දැන් තවත් සංජානි ළගට කිට්ටු වෙන එක ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා මට දැනුනත්, මමම ඒක පිළිගත්තෙ නෑ. මගේ මුරණ්ඩු හිතේ හැටි මම හොදට දැනගෙන හිටියා. මොනව හරි බාල්දියක් පෙරල ගන්නැතුව මෙතනින් මම අද අයින් වෙන්නෑ කියලා මං හිතාගත්තා.


    "සංජානි...... ප්ලීස්... මං කියන දේ ටිකක් අහන්න.."


    බස් හෝල්ට් එකට වෙලා අනිත් පැත්ත බලන් ඉදපු එයා ගාවට මං ළංවෙලා කිව්වා. ඒ මූණෙ තිබ්බෙ මහා නොරිස්සුම් ගතියක්. සුදු පාට ඒ මූණ කේන්තියෙන් රතු පාට වෙලා තිබුණා.


    "ඔයා අනිත් පැත්ත බලන් හිටියට කමක් නෑ.. ඒත් මං කියන දේවල් ඔයාට ඇහෙනවා කියලා මං දන්නවා. මගේ හිත ඔයාට කැමති වුණේ ඔයාව දැකපු ඉස්සෙල්ලාම දවසෙ ඉදලා. ඒත් දකින දකින් කෙල්ලො පස්සෙ යන මිනිහෙක් නම් නෙමෙයි මං.. මගේ හිත ඉල්ලුවෙ ඔයාව.. ඒක ඊයෙටත්, අදටත්, හෙටටත් වලංගුයි සංජානි. මං මේ කරන්නෙ බොරුවක් කියලා හිතෙනවා නම් මං ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා මේ යෝජනාව කරන්නම්. ඔයාගෙ අම්මයි, අයියයි ඉස්සරහම. ඔයා මොකද කියන්නේ..?"


    මං එහෙම කිව්වහමත් ඒ මූණ හොද තත්වෙකට ආවෙ නෑ. එයාට මම කරදර කරනව වැඩිද කියලත් මට හිතුණා. ඒත් මගේ හිත අසරණ කරපු තරම් මේ සුදු මූණ දාලා, මේ අඩම්බර හිතෙන් වචනයක් ගන්නෙ නැතුව මට යන්න හිතුණෙ නෑ. ඒ සිතුවිල්ලම අන්තිමට මට අරන් ආවෙ ලොකු පරාජයක්..


    "වැඩේ කැතයි නේද....?"


    ගොරෝසු කටහඩක් පස්සෙන් ඇහෙද්දි මාත්, සංජානිත් ඒ දිහාට හැරුණෙ බොහොම ඉක්මනට. එතන හිටියෙ පොලීසියෙ කොස්තාපල්ලා දෙන්නෙක්. පොලිස් ජීප් එකත් ඊට ඩිංගක් එහායින් නවත්තලා තිබුණා. හොද වෙලාවට ඒක ඇතුලෙ භවන්ත හිටියෙ නෑ.


    "කිසිම කැතක් නෑ... මොකද ප්‍රශ්නේ..?"


    වෙනදා පුරුදු විදියට මං ඇහුවා. මූ දන්නවා නම් මං කවුද කියලා මට කිට්ටු වෙන්නෙවත් නෑ කියලා මං දැනන් හිටියා. යාපනේ පැත්තට ට්‍රාන්සර් එකක් යන්න කවුරුත් කැමති නෑ නේ. ඒත් සංජානි ඉස්සරහා මං කූල් වෙන තරමට හොදයි කියලා මට හිතුණා. නැත්තං මං ලෝක මදාවියෙක් කියලා එයා හිතන එක වලක්වන්න සක්කරයටවත් බෑ කියනෙක මං දැනන් හිටියා.


    "ප්‍රශ්නෙ මොකක්ද ඇහුවා... තමුසෙ මේ මිසීට කරදරයක්නේ කරන්නේ.. අපි ඈතට වෙලා බලන් හිටියේ.."


    කොස්තාපල් මට තමුසෙ කියලා කියද්දි මගේ හිත කේන්තියෙන් උතුරුලා ගියා. දැන්.... මේ දැන් මුගේ මූණ මැදට දමලා ගහන්න ඕන කියලා සිතුවිල්ල මං නවත්ත ගත්තේ හුගාක් අමාරුවෙන්. මං සංජානි දිහා බැලුවා, එයා හිටියෙ බිම බලාගෙන කරන්න දයෙක් නෑ. දන්න ශිල්ප ඔක්කොම ඇග ඇතුලෙ තියාගෙ බලන් ඉන්නයි වෙන්නේ. නැත්තං සංජානි මං ගැන මොනවා හිතාවිද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කරදරයක් කියලා කොහොමද මිස්ටර් කියන්නේ.. මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."
    මං සංජානිව පෙන්නලා කිව්වා. කොස්තාපල්ගෙ ඇස් උඩ ගියා. දැන් නම් වැඩේ ගොඩින් බේරෙයි වගේ.


    "ඇත්තද මිස් මේ කියන කතාව...?"


    කොස්තාපල්, සංජානිගෙන් ඇහුවා. එයා මොනවා කියයිද කියන දෙගිඩියාවෙන් මං හිටියේ..


    "බොරුවක්... එයාගෙයි, මගෙයි කිසිම සම්බන්ධයක් නෑ.. මෙයා මට කරදර කරනවා.."


    කිසිම හිතක් පපුවක් නෑ වගේ සංජානි කිව්වා. කොස්තාපල්ගෙ මූණට ආවෙ බලු හිනාවක්. නැගපං ජීප් එකට කියන විධානේ ඒ හිනාව ඇතුළෙ තිබුණා. මං ආයෙමත් සංජානි දිහා බැලුවෙ එයා මොනව හරි කියයිද කියලා බලන්න. ඒත් ඒ ආඩම්බරකාරි වචනයක්වත් කිව්වෙ නෑ.


    "එහෙනම් ඉතින් මහත්තයෝ.. නගිමු නේද ජීප් එකට..?"


    අනගි රඹුක්වැල්ල කියන්නේ මෙහෙම පීචං වෙන්න ඕන කෙනෙක් නෙමෙයි වුණත් මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. සංජානි ඉස්සරහා කලර්ස් දාලා වීරයෙක් වෙන්න මගේ හිතට හිතුණෙ නෑ. ඒ ඇයිද කියලා මට තේරුණෙත් නෑ. වෙන වෙලාවක නම් විනාඩියක් දෙකක් යද්දි මෙතන ගිණිකෙලි සංදර්ශනයක් පවත්වනවා වුණත් මට ඕන වුණේ සංජානි ඉස්සරහා අහිංසකයෙක් වෙන්නද මංදා.. සංජානි දිහා බලාගෙනම මං පොලිස් ජීප් එකට නැග්ගා. ජීප් එක ස්ටාර් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි සංජානි ඔලුව උස්සලා මං දිහා බැලුවා. ඒ ඇස්වල තිබ්බෙ තරහක් නෙමෙයි කියනෙක මං හොදටම දැක්කා. ඒවයෙ තිබ්බෙ මොකක්දෝ නොතේරෙන දුකක්. ඒත් මං ඒ ගැන කල්පනා කරන්න ගියේ නෑ. මේ පොලීසියෙ උදවිය මං පොලීසියට එක්කන් ගිහින් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නෑ කියලා මං හිතුවා. මං කවුද කියල මේ යක්කුන්ට කියන්න ඕනෙත් නෑ කියලා මං හිතාගත්තා. වැරදිලාවත් මං කලබල කරලා මේක ලීක් වුනොත් හෙට උදේ පත්තරේ හෙඩ් ලයින් එකෙ රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගේ පුතා පොලිස් අත්අඩංගුවට කියලා වැටෙන එක වලක්වන්න සක්කරයටවත් බෑ කියලා මං දැනන් හිටියා. ඒත් භවන්ත පොලිස් ස්ටේෂන් එකේ හිටියොත් මොනව වෙයිද කියන සැකයත් මගේ ඔලුවෙ ති්බබා. පොලීසිය ගාව වාහනේ නවත්තලා අපි කට්ටියම බැස්සා එළියට.. තත්පරයක්වත් ගියේ නෑ.. මහා සද්දෙට බ්රේක් පාරක්, අපි ආපු පොලීස් ජීප් එක පස්සෙන් ඇහුණා. පොලීසිය අස්සෙ මැරෙන්න යන්නෙ මනො මළ යකාද කියලා බලන්න මං හැරුණා. නවත්තපු ජීප් එකෙන් අඩියට දෙට අපි ඉස්සරහට ආවෙ භවන්ත.


    "පීරිස්.. මොකද අයිසෙ මේ මහත්තයව අරන් ආවේ.. තමුසෙලට පිස්සුද..?"


    "පොලීසිය ඉස්සරහදිම භවන්ත අර කොස්තාපලට කෑගැහුවා. කොස්තාපල් ඩිම් වෙලා. මිනිහා බලනවා ඇති මොකක්ද මේ අවනඩුව කියලා.."


    "න්...නෑ සර් මෙයා.. ගෑණු ලමයෙකුට කරදර කරන්න ගියා.."


    "කරදර කරන්න ගියා..? ඇයි මේ මහත්තයා ඒ ගෑණු ලමයව රේප් කරන්න ගියාද..? ආ.. මොනවද අයිසෙ මේ කරන්නේ.. දන්නවද මේ කවුද කියලා.. ?"


    කොස්තාපල් සිරාවටම අවුල්වෙලා කියනඑක මට තේරුණා. ඒත් භවන්ත මෙතන මගේ වංශ කතාව දිගෑරියොත් ඊටත් වැඩියෙන් කතන්දරේ අවුල් වෙනවා කියලා මං තේරම් ගත්තා.


    "ඒවා ඕනෙ නෑ භවන්ත.. මෙයා මාව වරදවා වටහා ගත්තා.. ඒ ගෑණු ළමයා කියපු එක මෙයා පිළිගත්තා. ඒකයි වුණේ.."


    මං වැඩේ ෂේප් කරන්න ට්‍රයි එකක් දුන්නා. නැත්නම් මේක කොතනින් ඉවර වෙයිද කියලා කියන්න බෑනේ.. කොස්තාපල්ලා දෙන්නත් ඔලුව කහ කහ එතනින් මාරු වුණා. මං භවන්තත් එක්ක ඇවිත් ජීප් එකේ වැඩිවුණා. භවන්තගෙ මූණ දිහා බලන් මේ වා කියන එක තමයි වැඩේ කියලා මට හිතුනා..


    "අනගි... මට ඇත්ත කියන්න.. මොකක්ද වුණේ..?"


    භවන්ත මගේ මූණ දිහා බලාගෙන කෙලින්ම ඇහුවා.


    "ඊට කලින් කියන්න, භවන්ත කොහොමද සීන් එක දැනගෙන මෙතෙන්ට ආවෙ කියලා.."


    ඇත්තටම මට දැනගන්න ඕනවෙලා තිබුනෙ ඒකයි. භවන්ත ටිකක් වෙලා මං දිහා බලන් හිටියා..


    "මං පොලීසියට එනන් ලෑස්තිවෙලා මග හිටියේ.. පස්ස කඩපු කඩියා වගේ නිර්මාල් දුවගෙන ආවා. අන්න අනගිව රිමාන්ඩ් කරන්න අරන් ගියා කියලා කිව්වා. මං වැඩි විස්තරයක් ඇහුවෙ නෑ සං ගාලා ආවා.."


    ටවුමෙ කොහේ හරි ඉදන් නිර්මාල්ව සීන් එක බලන් ඉදලා තියෙනවා කියලා මං තේරුම් ගත්තා. ඒත් වැඩේ තියෙන්නේ නිර්මාල්, සංජානිව දැකලා තිබුනොත් විතරයි..


    "මේකයි භවන්ත.. මං අර ග්ර්ල්ව හම්බවෙන්න ගියා. මගේ හිතේ තියෙන දේවල් එයාට කිව්වා. ඒත් එයා මාව කෙයාර් කලේ නෑ. මං මගේ පැත්තෙන් ඒ ගර්ල්ව ෆලෝ කරපු එක ගැන සාධාරණියකරණය කරන්න ගියා. ඒත් එයා මහා අඩම්බරකාරියක් භවන්ත. අපි දෙන්න තර්ක කර කර ඉන්දේදදියි පොලසීය ඇවිත් මාව අරන් ආවේ.."


    භවන්ත දකුණු අතින් නළල මිරික ගන්න ගමන් මං දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බෙ නොසන්සුන් හැගීමක්. මං ඒක තේරුම් ගත්තා.


    "දැන් මොකද අනගි කරන්න හිතන් ඉන්නේ..?"


    "මුකුත් නෑ භවන්ත.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මං පාරාද වුණා. මං ආයෙ එයා ළගට යන්නෑ. එයා ගැන මගේ හිතේ ඉපදිච්ච ආදරෙත් ළග තියාගෙන මං ඉන්නවා. එයා මාව තේරුම් ගත්තෙ නෑ භවන්ත.."


    "තව එකපාරක් මමයි, ඔයයි ගිහින් ඒ ගර්ල්ව හම්බවෙමුද අනගි..?"


    භවන්ත එහෙම කිව්වාම මං ගැස්සිලා ගියා. භවන්තත් එක්ක සංජානිව හම්බවෙන්න ගියොත් හොදට හිටියි..


    "ඕනෙ නෑ භවන්ත.. දැන් මගේ හිත හොදටම අවුල් වෙලා. අනිත්තෙක ඒ ගර්ල් මට කැමති නැත්නම් ඇයි අපි එයාට කරදර කරන්නේ..?"


    "ඔයාට අකමැති වෙන කෙල්ලෙක් ගැන මට හිතාගන්නවත් බෑ අනගි. වෙන කෙල්ලො නම් පැනලා එන්නේ. හ්ම්.. ඔයා දැන් අප්සට් පිට ඉන්නේ. ඔය ගැන අපි පස්සෙ කතා කරමු... හෙට මං ගෙදර ඉන්නවා අනගි.."


    භවන්ත කතාව නතර කරපු එකත් ලොකු දෙයක් වුණා. නැත්නම් භවන්ත එක්ක, භවන්තගෙ නංගි ගැන කතා කරන එක කොයි තරම් අමාරු දෙයක්ද..? ඒත් සංජානිත් ඉන්දෙද්දි භවන්තලගෙ ගෙදර යන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ ලොකු අවුලක්..


    හවස්වෙලා ගෙදර එද්දි මගේ ඔලුව හොදටම රිදෙන්න ගත්තා. මීට පස්සෙ ජීවිතේම සංජානිගෙ පස්සෙන් යන්නෙ නෑ කියලා මං හොදටම හිතාගත්තා. මේ රටේ කෙල්ලෙක් කියලා ඉන්නෙ සංජානි විතරද...? මේ අනගි රඹුක්වැල්ලට ඕනෙ තරම් කෙල්ලො තොග ගානෙ ගන්න පුළුවන් කියලා සංජානි දන්නෙ නැතුව ඇති..


    "මොකද අනගි වුණේ..?"


    වැලිකන්ද පාරට එන්න හම්බවුණේ නෑ. මග හිටියෙ නිර්මාල්. මූ මං එනකන් රැකගෙන ඉදලා..


    "අවුලක් නෑ නිර්මාල්... මේ වෙන කේස් එකක්.."


    "මාත් බය වුණා.. මං අහම්බෙන් වගේ දැක්කේ ඔයාව පොලිස් ජීප් එකට දාගන්නවා. ඔයා කවදාවත් පොලිස් ජීප් එකක පිටිපස්සෙන් නැග්ගෙ නෑ නේ. ඒකයි මං භවන්තට මැසේජ් එක දුන්නේ.."

    නිර්මාල් කියවගෙන යනවා... මූ කොච්චර හොද එකෙක්ද..? මං ගැන හුගාක් හිතන එකෙක්..


    "කරපු උදව්වට තෑන්ක්ස් නිර්මාල්.. ඒ කොස්තාපල් දෙන්නගෙ ඔලුව අප්සට් ගිහින්.. ඒකයි මාව දාගත්තේ.."


    ඇත්තටම වෙච්ච දේ මට කියන්න බෑ.. අනිත්තෙක තමයි නිර්මාල්, සංජානිව දැකපු නැති එක. කොයි තරම් ලොකු දෙයක්ද කියලා මට හිතුනා.


    "මං ඒත් බැලුවා.. වෙනදා ඔහොම සින් එකක් ගියත් පොලිස් ජීප් එකත් කුඩු කරන මනුස්සයා මොකද සයිලන්ස් කියලා..."


    නිර්මාල් හිනාවෙවී කියනවා. මටත් පුංචි හිනාවක් ආවා. ඇත්තටම සංජානි මගේ හිතට මොනතරම් දේවල් කරදල..? එයා හින්දා මං වෙනස් වෙන්නත් පටන් අරන් තිබුණා. ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි. සංජානි මගේ හිත කුඩුපට්ටම් කරලා දාලා ගිහිල්ලා තිබුණෙ. ටිකකින් නිර්මාල් යන්න ගියා. වෙච්ච දේ හරියටම නිර්මාල්ට කියන්න බැරිවුන එක ගැන මගේ හිතේ තිබ්බෙ මොකක්දෝ නොසන්සුන් කමක්. ඌ වගේ හොද කොල්ලෙකුට මේ වෙච්ච හැමදෙයක්ම කියන්න ඇත්නම් හොදයි කියලා මගේ හිත කිව්වා. ඒත් ඒ හැමදේම අතරින් මහා විශාල බාධාවක් වගේ භවන්ත හිටගෙන හිටියා..


    මං ගෙදර යනකොට තාත්තා නෑ.. දෙයියා වත්තට වෙලා පාර දිහා බලන් ඉන්නවා..


    "මේ ගෙදර මිනිස්සු කෝ දෙයියා...?"


    මගේ කටහඩේ තිබ්බ සද්දෙට දෙයියා තිගැස්සුනා.. ඔලුව උස්සලා දෙයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..


    "ඇ... ඇයි බේබි මහත්තයෝ..?"


    "ඇයි අහන්නේ.. මේක නිකං පාලු අම්මබලමක් වගේ.. කොයි වෙලාවෙ බැලුවත් තාත්තා ගෙදර නෑ. අදුනන්නෙ නැති හැටහුටාමාරක් මේකෙ පිරිලා ඉන්නවා.. ජීවිතේ එපා වෙනවා බං.."


    මහා නොසන්සුන් ගතියකින් මගේ හිත පිරිලා තිබ්බා. මේ හැමදේටම මුල සංජානි කියලා මට හිතුණා. මට කේන්ති ගිහින් කියලා දැනගෙනද කොහෙද දෙයියා වචනයක්වත් කිව්වෙ නෑ. හොද වෙලාවට ඌ කතා නොකර හිටියේ. කතා කලා නම් මං දෙයියත් එක්කත් අර ගන්නවා. ඒ තරම් අවුල් වෙලයි හිටියේ...


    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10

    සංජානි මට මෙහෙම කලේ ඇයිද කියන එක ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු ගැටලුවක්. එයා මට කිසිම චාන්ස් එකක් දුන්නෙ නෑ. මං එයාට කරපු වැරැද්ද මොකක්ද..? මං එයාගෙ පස්සෙන් ගියපු ක්‍රෙම් වැරදිද..? කොයි තරම් ලස්සන මූණක් තිබ්බත් සංජානිගෙ හිත ලස්සන නැතුව ඇති කියලා මට අන්තිමට හිතුණා. අමාරුවෙන් හරි එයාව අමතක කරලා දාන එකෙන්, භවන්තත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එක හරි මට බේරගන්න පුළුවන් වේවි කියලා මගේ හිත මට කිව්වා.

    සංජානි හිටියට කමක් නෑ. මම එයාලගෙ ගෙදර යනවා. මං යන්නෙ භවන්ත හම්බවෙන්න නේ. එයාව නොදැක්ක ගානට මම ඉනනවා.. අද භවන්ත ගෙදර ඉන්නවා කියලත් කිව්වනේ. සංජානි හිතනවට වැඩිය මේ අනගි රඹුක්වැල්ලගෙ හිත හයියයි. සංජානි මට වැටෙන්න ගැහුවා. ඒත් මං වැටුණු ගමන් නැගිට්ටා. ඒක මං එයාට පෙන්නන්න ඕන..

    බයික් එක ගේට්ටුව ගාවින් දාලා මං භවන්තලගෙ දියාට ආවා. භවන්ත මාව මගදිම දැක්කා.

    "ගුඩ් මෝනිං එන්න ඇතුලට..."

    මගේ කරට අතක් දාගෙන භවන්ත ගේ ඇතුළට ආවා. ඇතුලෙ කාමරයක ඉදලා සංජානි එළියට ආවෙත් ඒ එක්කමයි. උදේම පිපුණු පින්න මලක් වගේ ඉන්න සංජානිව දැක්කහම මගේ හිතේ හැම හැගීමක්ම නතර වුණා. මොන දුක විදලා හරි කමක් නෑ. මේ සුරංගනාවි අයිතිකරගන්න ඕනෙ කියලා හිතුනත් මං බිම බලාගත්තා. එයා මට සලකපු විදිය මට මතක් වුණා.

    "අනගි... අපි මොනවා හරි කමුද..? අද අම්මිත් ගෙදර නෑ... නංගි තමා ඉව්වේ.."

    භවන්තගෙ කටහඩට මං ආයෙත් ඔලුව උඩට ඉස්සුවා. සංජානි යංතමට මගේ දිහා බලන් ඉන්නවා මං දැක්කා. මෙචච්ර නපුරුකම් කරලා මේ කෙල්ල එපාර එන්න හදන්නෙ කාටද කියලා මට හිතාගන්න බැරි වුණා.

    "නෑ.. භවන්ත ඔයා කන්න.. මං මෙතනින් වාඩිවෙලා ඉන්නම්.."

    කෑම කාමරයට මෙහායින් තිබ්බ ලොකු සැටියෙ මං වාඩිවුණා. භවන්තගෙ මූණ ඇදවෙලා යනවා මං දැක්කා.

    "මේ කොහේවත් යන කෙල්ලෙක් හින්දා කන්නෙත් නෑ. මං ෂුවර් එකටම දන්නව. අනගි ඊයෙ රෑටත් කාලා නැතුව ඇති කියලා.. බලන්න නංගි මේ හොදට හිටපු එකාට වෙලා තියෙන දේ.. වෙනදට මේ මූණෙ තියෙන හිනාවෙ කෑල්ලක්වත් නෑ.."

    පුටුව බරාස් ගාලා පස්සට ඇදලා කෑම මේසේ ගාවින් වාඩිවෙන ගමන් භවන්ත කිව්වා. සංජානිගෙ මූණ අප්සට් වුනත් මගේ පපුව ඩග් ඩග් ගාන්න ගත්තෙ ඒ වෙලාවෙදි තමයි.

    "අනගි ප්ලීස්.... එන්න අපි බත් ටිකක් කමු..."

    සංජානි ඉස්සරහා භවන්ත කියන දේවල් වලට මගේ මුලු හිතට අප්සට වෙලා තියෙද්දි, භවන්ත ආයෙත් මට කන්න කතා කරා. මං ඔලුව උස්සලා කෑම මේසෙට උඩින් සංජානි දිහා බැලුවා. ඩෙනිම් ෂෝටකුයි, කොල පාට ටී ෂර්ට් එකකුයි ආදන් හිටපු සංජානිව, මට ඒ වෙලාවෙ පෙනුණෙ පුංචි කෙනෙක් වගේ.

    "සොරි භවන්ත.. මං බෑ කිව්වනේ.. මටත් එක්ක ඔයා කන්න.. මං කෑවා වගේ තමයි.."

    සංජානි දිහා බලලා මං එහෙම කිව්වා. සංජානි හිටියෙ භවන්තට කෑම බෙද බෙදා..

    "බලන්න නංගි.. අනගිට මං හැමදාම අපේ ගෙදර එන්න කියනවා. ඒ එන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ... ඒ ආවහමත් මෙලෝ දෙයක් කන්නෙ නෑ. මම මෙතන ඉදගෙන තනියෙම කන්න ඕන. ඇත්තමයි අර කෙල්ලට නම් හොදක් වෙන්නෙ නෑ. මේ මනුස්සයා බලා ගත්තු අතේ බලන් ඉන්නවා. මට තේරෙන්නෙ නෑ බබා මං මොනවා කරන්නද කියලා.. ඔයයි, මමයිවත් ගිහින් ඒ කෙල්ලව හම්බවෙලා මේක ඉවරයක් කරලා දාමුද..?"

    කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට භවන්ත ඇහුවෙ මාර ප්‍රශ්නයක්.. සංජානිගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරුණා. එයා ඇස් කෙනෙන් මං දිහා බලලා ආයෙත් භවන්තට කෑම බෙදන්න ගත්තා.

    "ඔයාටත් මොනවා වෙලාද බබා...? මෙච්චර කෑම බෙදලා බෙදලා මාව මරන්නද හදන්නේ.. එහෙන් අනගි හින්දා මගේ ඔලුව අවුල් වෙලා.. මෙහෙන් පිගානට කෑම බෙදලා බෙදලා ඔයා මාව කන්න හදනවා.."

    "මං හින්දා ඔයා අවුල්වෙන්න ඕනෙ නෑ භවන්ත.. ප්ලීස්.. ඒ ගර්ල් ගැන මෙතන කතා කරන්න එපා.."

    බලන් ඉදලා බැරිම තැන මං කිව්වා.. සංජානි ඉස්සරහා, කිසිම දෙයක් දන්නෙ නැතුව, භවන්ත, සංජානිටම බනිනවා. මගේ හිත ගිහින් තියෙන්නෙ සංජානිට කියලා දන්නවා නම් භවන්ත මොන වගේ තීරණයක් ගනීවිද කියලා මට හිතාගන්න බැරි වුණා..

    "මෙතන කතා නොකර වෙන කොහේ කතා කරන්නද කියන්නේ..? ඇයි..? අපි ගාව සංජානි ඉන්න හින්දද..? එයාගෙ අප්සට් එකක් නෑ.. ඔයා මෙහෙම කන්නෙ නැතුව බලාගත්තු අත බලාගෙන ඉන්නවා කියලා ඒ ගර්ල් දන්නෙ නෑ අනගි. ඔයා එයාට කොයි තරම් ආදරේද කියලත් මං දන්නවා. මට දුක ජීවිතේ ඉස්සෙල්ලම වතාවට කෙල්ලෙකුට ආදරේ කරපු, ආස කරපු ඔයාට මේ කෙල්ල කැමති නොවුන එක.. අනේ මංදා.. මට නම් හිතාගන්නවත් බෑ.. ඒ කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කොල්ලෙක්ද කියලා.. මං හොදටම දන්නවා ඔයා ඒ කෙල්ල ගැන කොයි තරම් හිතනවද කියලා. ඔයාගේ ජීවිතේට... ආදරේ කරන්න ඕන වෙලාවේ ඒ දේ නැතිවුණා. බලන් ඉදලා බෑ.. මම හරි මේ වැඩේට බහින්න ඕන.."

    කන ගමන් භවන්ත කියවගෙන යනවා. මිනිහා ඉන්නේ සෑහෙන හිතේ අමාරුවෙන් කියලා මට තේරුණා. ඒ කියවන ඒවා නවත්තන්නත් මට පුළුවන් කමක් තිබුණෙ නෑ. කමක් නෑ.. සංජානිත් ළග ඉන්නවනේ. එයත් මේ හැම දෙයක් ගැනම දැනගන්න ඕනෙ නේ.. මට කියාගන්න බැරි දේවල් භවන්ත හරි කියනෙක ලොකු දෙයක්නේ..

    "ඔයා ගියාට වැඩක් නෑ භවන්ත.. මං එයාට කොච්චර ආදරේ කලත් එයා මට කැමති නැත්නම්, කවුරු එයාව හම්බවෙන්න ගියත් තේරුමක් නෑ. එයාට කවුරු හරි බොයි කෙනෙක් ඇති.."

    මං ඒ ටික කිව්වේ සංජානිගෙ මූණ දිහා බලාගෙන.. ඒ රෝස පාට මූණෙ තිබ්බේ ලොකු දුකක්. ඒ දුක පුරවගෙනම එයා මං දිහා බැලුවා. මට බෝයි කෙනෙක් නෑ කියලා වගේ ඒ මූණෙ ලියවිලා තියෙනවා මං දැක්කා. කලින් දවස්වල තිබ්බ ආඩම්බරකම ඒ මූණෙ පේන්නවත් තිබුණෙ නෑ. එයාට මං ගැන දුක හිතිලද කොහෙද කියලා මට හිතුනා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔයා කිව්වා හරි අනගි.. ෂුවර් එකටම එයාට බොයි කෙනෙක් ඇති. නැත්නම් ඔයා වගේ හොද කොල්ලෙකුට අකමැති වෙන කෙල්ල කවුද..? හැබැයි ඉතින් බෝයි කෙනෙක් නැතුව ඔයා වගේ කොල්ලෙක් නැතිකර ගන්න කෙල්ල නම් මහාම මහ පල් මෝඩියෙක්. අනේ මට ඔය වචන ටික ඒ කෙල්ලට කියන්න විදියක් නැති හැටි.."
    සංජානි ආයෙත් ගැස්සිලා වගේ මං දිහා බැලුවා. මමත් ඒ ඇස් දෙක දිහාම බලන් හිටියා. එයා කොයි තරම් අහිංසකද..? ඔය තරම් අහිංසක කමක් හිතේ තියාගෙන ඔයා මට අර වගේ නපුරු වුණේ කොහොමද සංජානි..?


    "බබා.. ඔයා කෑවද..?"

    භවන්න එකපාරටම සංජානිගෙන් ඇහුවා..


    "න්... නෑ අයියා..."

    "ඔය බලන්න ඉතින්... මං මෙතන අම්බලමෙ පිනා වගේ ඉදන් කනවා.. අර මනුස්සයා කෙල්ලෙක් හින්දා උපවාසේ. ඔයාට මොනවා වෙලාද බබා.. මූණත් එක්ක හරි නෑ.. කෝ ගන්න පිගානක්.."

    "භවන්ත කන එක පැත්තකින් තියලා, වම් අතින් හැන්දක් අරන් සංජානිට කෑම බෙදන්න ගත්තා."

    "ඔක්කොටම හපන් ඒ කෙල්ල මේ රත්තරං කොල්ලව පොලීසියට අල්ලලා දීලා.. ඇත්තටම ඒ කෙල්ලට තියෙන්නෙ ගල් හිතක්ද මංදා... වැඩේ කියන්නේ අනගිත් කියලා නෑ අනගි කියන්නෙ කවුද කියලා. අනගිගෙ තාත්තට ඔය සීන් එක ආරංචි වුණා නම් මෙතන රාම - රාවණ යුද්ධයක් වෙනවා. හොද වෙලාවට මම එතනට ගියේ. වැරදිලාවත් අර කොස්තාපල් අනගිට පාරක් හරි ගහලා තිබුණා නම් වැඩක් නෑ නේ.. අනිත්තෙක මොන වරදක් කලාටද..?"

    භවන්ත එකසිය ගානට කියවගෙන යනවා.. කතා කරේ නැති වුණත් සංජානිට එක පාරටම කෑම රන්දෙ ගියා. එයා හෝ ගාලා කහිනවා. ඒ ඇස්වලින් කදුළුත් ඇවිල්ලා. මට කෙල්ල ගැන පව් කියලා හිතුනා. අනිත්තෙක සංජානිට මේ හැමදේම දරාගෙන ඉන්න පුළුවන්ද කියන බයත් මට තිබුණා. භවන්ත වුණත් සෑහෙන්න දේවල් කිව්වනේ. වැරදිලාවත් සංජානි ඇඩුවොත් කියන ප්‍රශ්නෙ මගේ මූණ ඉස්සරහටම ආවා. සංජානිගෙ ඔලුවට හෙමීට තට්ටු කරලා, වතුර ටිකකුත් පොවලා භවන්ත අත හෝදගෙන නැගිට්ටා..

    "බබා.. ඔයා මොනවා හරි ට්‍රබල් එහෙකද ඉන්නේ..?"

    සංජානිගෙ මූණටම එබිලා භවන්ත ඇහුවා. මගේ පපුව හීතල වෙලා ගියා. අනේ දෙයියනේ... සංජානි මොනවා කියාවිද..? මං භවන්තට මොනවද කියන්නෙ එහෙම වුනොත්. ඇත්තටම භවන්තගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එක නැතිවෙලා යන පොටක් තමයි මේ. මොන දේ වුණත්, මොන දේ මට අහිමි වුණත් ඒ හැමදේටම වැඩිය මට භවන්තත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එක වටිනවා. ඒක මං නැති කරගන්නෙ නෑ...

    "න්...... නෑ අයියා.. එහෙම මුකුත් නෑ.."

    "නැත්නම් ඔහොම දුකෙන් ඉන්නේ ඇයි..? බලන්න ඔයා කෑම එක්ත් තාම අත ගගා ඉන්නේ.. අරෙහෙන් අනගි අවුල් වෙලා.. මෙහෙන් ඔයත්.. අනේ මංදා.. මගේ ළග ඉන්න ඔයාලා දෙන්නම අප්සට් පිට.. මං සංතෝසෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..?"

    මට භවන්ත ගැන පව් කියලා හිතුණෙ මුළු හිත ඇතුලෙන්ම. ඒත් ඉතිං මං සංජානි ගැන තවත් හිතන්න ගියොත් මේ හැමදේම කොහෙන් ඉවර වේවිද කියන බය මගේ හිතට ආවා. අනිත්තෙක මේ වගේ අත්දැකීමකට මං කවදාවත් මූණ දිලා තිබුණෙ නෑ. ඔය හැම දෙයක්ම හිතේ තියාගෙන, මං නැගිටලා එළියට ආවා. මම නැගිටිනවත් එක්කම සංජානි එකපාරටම මං දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බ හැගීම් තේරුම් ගන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. සතුට, දුක, අනුකම්පාව වගේ මහ වීශාල හැගීම් ගොඩක් ඒ රෝස පාට මූණෙ පිරිලා තිබ්බා.

    මේ හැමදේම අමතක කරලා දාන්න සජීවන්ලත් එක්ක කොහේ හරි යන්න ඇත්නම් කියලා මට හිතුණෙ බයික් එක ගාවට හෙමින් සීරුවෙ ඇවිදන් එද්දි. නවොදිට උනත් මං මාස ගානකින් ෆෝන් කරලා තිබුණෙ නෑ. ඒකිත් තරහටම තමයි මට ෆෝන් නොකර ඉන්නේ. ඒත් මේ ඔලුවෙ තියෙන අවුල් ගොඩත් එක්ක මං කොහොමද නවෝදිත්තෙක්ක නිවී සැනසිල්ලෙ කතා කරන්නේ..?

    "අනගි.... මට එක දෙයක් කියන්න.."

    මගේ පිටිපස්සෙන්ම බයික් එක ළගට ආපු භවන්ත කිව්වා.. මං හැරුණා..

    "මොකක්ද..?"

    "ඔයාට ඒ කෙල්ලව අමතක කරන්න බෑ නේද..?"

    "බෑ... ඒත් මං එයාට හැමදාමත් ආදරෙයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. එයාව මට හම්බවුණත් නැතත්, මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.."

    මං කිව්ව දේට භවන්තත් මොනවද කියන්න හැදුවත් සංජානි ගේ ඇතුලෙ ඉදන් අපි ළගට ආවා. පුංචි කෙල්ලෙක් වගේ පැද්දි පැද්දි එනකොට ඕන කෙනෙකුට ආස හිතෙනවා. මගේ හිත යන්නත් ඇත්තෙ මේ හුරතල් කමට වෙන්න ඇති.

    "අයියා.. ඔයාලා යන්නද හදන්නේ..?"

    "සංජානි ඒක ඇහුවෙ භවන්තගෙන් වුනත් එයාගේ ඇස් තිබුණෙ මගේ මූණෙ.."

    "ඔව්.... ඇයි බබා.. ඔයාට තනියෙම ඉන්න පාළුද..?"

    "හ්ම්... පාලු නම් තමා අයියා..., හෙට කවදද කියලා දන්නවද..?"

    "ම්හ්... කවදද..?"

    සංජානි එන්න හදන්නෙ මොකටද කියලා තේරුම් ගන්න බැරුව භවන්ත ඇහුවා..

    "පෙබරවාරි 05.."

    ඒක සංජානිගෙන් පිට වුණා විතරයි.. භවන්තගෙ/ ඇස් දෙක ලොකු වුණා. අත් දෙකෙන්ම ඔලුව කහ කහා ආයෙත් සංජානිගෙ දිහාට හැරුණා..

    "අප්පොච්චියේ..... හෙට ඔයාගෙ බර්ත් ඩේ එක නේද..? අනේ බබා.. මට අමතක වුනා නේ...."

    එහෙනම් සංජානිගෙ බර්ත් ඩේ එක හෙට..? ඒත් මං ඉන්න තැනම ඇයි එයා ඕක ඇද්දෙ..? අනිත්තෙක මං දිහා බලාගෙනයි එයා පෙබරවාරි 05 කියලත් කිව්වේ.. අනේ මංදා.. මට නම් මේ කෙල්ලව තේරුම් ගන්න බෑ.....

    "හැම අවුරුද්දෙම ඔයාමයි මතක් කරන්නෙ අයියා.. ඔන්න මේ පාර මමයි මතක් කරේ.. මොනවද මට දෙන්නෙ කියලා බලමුකෝ.."

    මොනවද මට දෙන්නෙ කියලා බලමුකෝ.. කියලා අන්තිම හරිය සංජානි කිව්වේ මගේ ඇස් දෙක දිහාම බලාගෙන.. දෙයියනේ... එයා මගෙනුත් තෑග්ගක් බලාපොරොත්තු වෙනවද..? මගේ හිතට ආවෙ මොකක්දෝ කියාගන්න බැරි නුහුරු සතුටක්.. මේ කෙල්ලව මට නම් තේරුම් ගන්නම බෑ.. කලින් මට බැනලා බැලනා දැන් මං දිහා බලන් ඉන්න හැටි..

    "හරි.. ඔයාට මොනවද ඕනේ..?"

    භවන්ත ආයෙත් ඇහුවා..

    "එහෙම කියලා බෑනේ.. තෑගි ඉල්ලන්නත් බෑනේ.. ම්.. මොනවා හරි ස්පෙෂල් ගිෆ්ට් එකක් ඕනේ.."

    සංජානිගෙ කටහඩේ තිබ්බෙ ලොකු ආදරයක්. එයා මං දිහා බලන් ඉන්න විදියට, භවන්ත මොනව හිතාවිද මංදා.. එහෙනම් ඔයා මගෙනුයි ගිෆ්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ.. එහෙම එනවා නම් එකට දහයක් දෙන්නම්කෝ බබා..

    "එහෙනම් අපි යනවා.. හැපි බර්ත්ඩේ බේබි.. පරිස්සමින් ඉන්න.."

    සංජානිට ගෙට යන්න කියලා, භවන්ත මගේ බයික් එකට නැග්ගා. මමත් පිටිපස්සෙන් නගින්න හදද්දි භවන්ත මගේ මූණ දිහා බැලුවා.

    "කෝ අනගි බයික් එකේ යතුර....?"

    මම කලිසම් සාක්කු දෙක අතගාලා බැලුවා.. ම්හු..යතුරට මොකද වුණේ..? මං කල්පනා කරන්න ගත්තා..

    "යතුර නෑ නේ භවන්ත..."

    යතුරට වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං කිව්වා. ඇත්තටම යතුරට මොකද වුණේ..?

    "මං දැක්කා ගේ ඇතුලෙදිත් ඔයා යතුර අතේ තියාගෙන ඉන්නවා.."

    භවන්ත ගේ දිහා බලලා කිව්වා. මං වාඩිවෙලා ඉදපු තැන ලොකු ස්ටූල් එක උඩ තිව්වද මංදා.. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ නේ..

    "මං එහෙනම් ගේ ඇතුලට ගිහිල්ලා බලලා එන්නද..?"

    ඇතුළෙ ඉන්නෙ සංජානි විතරක් හන්දා මං භවන්තගෙන් ඇහුවා.. භවන්තගෙ මූණට ලොකු හිනාවක් ආවා..

    "ඕක අහන්නත් දෙයක්ද මනුස්සයෝ.."

    භවන්ත බයික් එකේ ඉන්දෙද්දි මං ගේ ඇතුළට ආවා. ස්ටූල් එක උඩ යතුර තිබ්බෙ නෑ. ඒ එක්කමයි මං දැක්කෙ පඩිපෙල බැහැගෙන එන සංජානිව. එයා ආවෙ ම‍ගේ ඉස්සරහට. එපාර මොකක්ද මේ වෙන්න යන්නේ..

    "මේක නේද හොයන්නේ..?"

    වම් අතට ගුලි කරන් ඉදපු යතුර පෙන්නලා සංජානි මගෙන් ඇහුවා. ඒ රෝසපාට මූණෙ තිබ්බෙ දගකාර හිනාවක්. මං අමාරුවෙන් ඔලුව වැනුවා. දෙයියනේ.. සංජානි හදන්නේ, අනගි රඹුක්වැල්ල කරකවලා අතාරින්න නේද..?

    "මගෙන් වෙච්ච කරදර වලට සොරි බබා.."

    හීනි හඩක් එහෙම කියන ගමන් සංජානි මට යතුර දුන්නා. මං මේ දකින්නෙ හීනයක්ද..? නැත්නම් මේ දේ ඇත්තටම වෙන දෙයක්ද කියලා මට හිතාගන්න බැරුව හිටියෙ.. කෙල්ලෙකුට මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද..?

    "ම.... මගෙත් එක්ක තාමත් තරහින්ද ඉන්නේ..?"

    සංජානි මට තවත් ලංවෙන ගමන් ඇහුවා.. එයා ළගින් ආපු පර්ෆියුම් සුවදත් මගේ හිත වටේටම දැනෙන්න ගත්තා. භවන්තත් එළියෙ.. මං පරක්කු හින්දා බලන්න ආවොත් මාර වැඩේ. සංජානිව දාලා යන්නත් හිතෙන්නෑ..

    "නෑ......................."

    මම තනි වචනයෙන් උත්තර දුන්නා. සංජානිගෙ මූණට ආවෙ අපහැදිලි හිනාවක්. එයා මගේ උත්තරෙන් සැටිස්ෆයි වුණේ නෑ කියලා මට හිතුනා.

    "බෑ... බෑ... බෑ... ඔයා ඒ කිව්වෙත් තරහින්.. අනේ.. ප්ලීස්.."

    මේ කෙල්ලට මේ තරම් වෙනස් වෙන්න කියලා දුන්නෙ කවුද මංදා. ඇත්තටම මගේ ඔලුවත් එක්ක අවුල් වෙලයි තිබුනෙ. මං මේ දේවල් කොයි තරම් කාලයක් බලාපොරොත්තුවෙන්ද හිටියේ.

    "අනේ නෑ බබා.. මම ඔයත් එක්ක තරහා නෑ.. මට ඔයා එක්ක තරහා වෙන්නත් බෑ.. "

    පුළුවන් තරම් හිත සන්සුන් කරගෙන මං කිව්වා. මේ ලස්සන පුංචි කෙල්ල ඉස්සරහා මං නොසන්සුන් වෙන්නෙ ඇයි කියලා මට හිතුනා.

    "ෂෝක්.. ඔයා හරි ෂෝක්.. මගෙ බර්ත්ඩේ එකට එනවා නේද..? ම්.."

    මගේ ඇස්වල පතුලටම එබිලා සංජානි ඇහුවා. එයා අර කලින් කිව්ව ස්පෙෂල් ගිෆ්ට් එක මතක් වෙලා මට හිනාවක් ආවා. එයා ඒක කිව්වෙ මට නේ..

    "අනිවා.. ඩෙෆා.. මං එනවා.."

    "ම්.. එහෙනම්.. නෑ.. නෑ.. තව දෙයක් තියෙනවා.. අදින් පස්සෙ කෑම නොකා නොබී ඉන්න බෑ හොදේ.. කියන්න කෑම කනවා නේද..? මං අයියව එවලා බලනවා කෑම කනවද දැන්න කියලා.."

    පුංචි එකෙක් ඇගිල්ල උරුක් කරලා තරවටු කරනවා වගේ සංජානි මට ඇගිල්ලක් උරුක් කලා. ඒ ඇගිල්ලෙන් අල්ලලා එයාව මගේ ළගට තුරුළු කරගන්න ආපු ආසාව මං නවත්ත ගත්තෙ හුගක් අමාරුවෙන්..

    "මං යනවා බබා.. පරිස්සමින් ඉන්න.."

    මගේ හිතේ තිබ්බෙ පුදුම සන්තෝසයක්.. මාව නිකං පුළුන් රොදක් උඩ පාවෙනවා වගේ මට දැනුනා. සංජානි මං ගැන හිතන්න පටන් අරන් කියනෙක මට දැන් හොදටම ෂුවර්. ඒත් මං කොහොමද මට ආදරේද කියලා එයාගෙන් අහන්නේ.? අනේ මංදා.. මට නම් දැන් පිස්සු වගේ.. හොදට හිටපු අනගි රඹුක්වැල්ලව ඔයා පිස්සෙක් කෙරුවා බබා..

    "අනගි... යතුර තිබුනද..?"

    මට භවන්තගෙ මූණ බලන්න තරම් ෆිට් එකක් තිබුනෙ නෑ. මූණ පැත්තකට හරවලා මං යතුර දික් කලා. භවන්ත මොකක්දෝ සිංදුවක් විසිල් කර කර බයික් එක ස්ටාර්ට් කලා. හිත පතුලෙ හිර කරලා දාලා තිබ්බ සංජානි ගැන ආදර සිතුවිලි හැම එකක්ම කැලති කැලති උඩට එන්න පටන් අරගෙන තිබුනා. බයික් එකේ, භවන්තගෙ පිටිපස්සෙන් වාඩිවලො මං නිකමට වගේ ආපහු ගේ දිහා බැලුවා. උඩතට්ටුවෙ බැල්කනි එකට වෙලා අපි දිහා බලන් ඉන්න සංජානිව මං දැක්කා. ඒ මූණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා. ඒ හිනාව හිත පතුලෙම හිර කර ගන්න ගමන් භවන්තගෙ පිටෙන් අල්ලගත්තා..

    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-11.jpg



    11
    පහුහෙනිදා උදේම මම අරුන් ජුවෙලරි එකට ගියා. සංජානිට වොනවා හරි වටින දෙයක් ගන්න ඕනි කියලා සිතුවිල්ල ඇවිල්ලා තිබුනෙ හවස ඉදන්මයි..

    "ආ... අනගි මහත්තයා... හුග කාලෙකින් මේ පැත්තෙ ආවේ.."


    මාව දැක්ක හැටියෙ අරුන් ජුවෙලරි එකේ අයිතිකාර දෙමළ මනුස්සයා කට පුරාම හිනාවුණා.


    "ඔව්... මට ඕනේ ලේටස්ම ලේඩීස් චේන් එකක්.. ගාන ප්‍රශ්නයක් නෑ.."


    ඩිසයින් බර ගානක් මං ඉස්සරහා ඒ මනුස්සයා ගනෙත් දැම්මා. සංජානිට මැච් වෙනවා කියලා හිතුණ ලස්සන චේන් එකක් මං අන්තිමට තෝර ගත්තා. තිස් හයදාස් හත්සිය ගානක් ගෙවලා මං ඒ හුරු බුහුටි චේන් එක අතට ගත්තා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්. ජුවෙලරි එකට ටිකක් එයාහින් තිබේබෙ කඩෙන් මල් බොකේ එකකුත් ගත්තහම ගන්න ඕන හැමදෙයක්ම ගත්තා කියන හැගීමක් මගේ හිතට ආවා..


    **********************************


    එදා හවස් වරුව වෙනකන් මං බලන් හිටියෙ පුදුම තරම් නොවිඉවසිලිමත්කමකින්. මාව පේන්න බැරුව වගේ ඉදලා එක පාරටම මට ළංවෙන්න හද සංජානි ගැන මං දිගින් දිගටම හිතුවා. එයා මට බොරුවක් කරන්න හදනවද දන්නෙත් නෑ කියන සැකය මගේ හිතට ආවා. ඒත් සංජානිගෙ අහිංසක හිනාවෙන් ඒ සැකය මගේ හිතින් ඈත්වෙලා ගියා..


    "ඈ.. බේබි මහත්තයෝ.. ජැන්ඩියට ඇද පැළදගෙන කොහෙද මේ යන්න හදන්නේ... අප්පේ.... මුළු කාමරයම සුවදයි.."


    දෙයියා ඇවිත් කාමරේට එබුණා. ඒ මූණෙ තිබ්බෙ අමුතු හිනාවක්. වෙලාවකට දෙයියත් මාර කැටයම් නේ දාන්නේ.


    "වෙඩින් එකක්වත්ද බේබි මහත්තයා.."


    "මෙච්චර හවස් වෙලා මං වෙඩින් වලට යන්නෑ කියලා උඹ දන්නවනේ බං. අද භවන්තගෙ නංගිගෙ බර්ත්ඩේ එක මං ඒකට යනවා.."


    දෙයියගෙ මූණට ආවෙ නොම්මර එකේ පැණි හිනාවක්. හිනාව කට පුරෝලා එකයි. මූ මොකාටද එපාර එන්න හදන්නේ..?


    "අදවත් ඔය හිතේ තියෙන දේවල් කියලා එන්න.. තවත් නම් පහු කරන්න එපා. බර්ත් ඩේ එක අස්සෙදි ඒ මිසීට මුකුත් කියන්න බෑනේ. වැඩේ හරියයි.. ඔන්න ආපහු එනකොට සුභ ආරංචියක් අරන් එන්න ඕනෙ හොදේ.."


    දෙයියා කිව්ව දේවලුත් ඔලුවෙ තියාගෙන මං ගෙයින් පිටවුණා. ඒත් මගේ හිතේ තියෙන්නෙ මොනවද කියලා සංජානි දන්නවා. ඒවයෙ ආයෙත් අලුතින් කියන්න දෙයක් නෑ. තීරණය තියෙන්නෙ එයාගෙ අතේ. මේ ඉවසුව වගේ තවත් ටිකක් ඉවසන්න වෙනවා කියලා මං හිතාගත්තා. ප්‍රසන්ට් එකයි, මල් බොකේ එකයි එක අතට අරගෙන මං භවන්තගෙ ගෙට ඇතුළු වුණා. භවන්ත කිව්වෙ පුංචි පාටියක් කියලා. ඒත් මං හිතුවට වැඩිය කට්ටිය ඇවිල්ලා තිබුණා. හරියට පුංචි මගුල් ගෙදරක් වගේ. ගේ ඇතුළ ලස්සනට සරසලා තිබුණා. සංජානිට විෂ් කරන්න ආපු අය තැන් තැන්වලට වෙලා රටේ නැති දේවල් කතා කරනවා. අලුතෙන් ගෙට ඇතුල්වෙන අය සංජානි ළගට ගිහින් විෂ් කරනවා. ලා නිල් පාට සල්වාර් එකක් ඇදලා ඉදපු සංජානිව, මක් දැක්කෙ හිම කුමරියක් වගේ..


    සංජානි දිහා බලන් ඉන්න ඉන්න මට ලොකු ලෝභකමක් ඇති වුණා. තවත් බලන්න ඉන්න බෑ. මං එයා ළගට ළං වුණා. මාව දැක්ක ගමන් ඒ සුදු මූණෙ පිපුණෙ අහිංසක හිනාවක්. ජුවෙලරි බොක්ස් එක එයාගෙ අතට දීළා, මල් බොකේ එක ඒ රෝස පාට අත් දෙක උඩට දෙනකොටම, එයාගෙ අතින් බොකේ එක අතෑරුණා. සුදුපාට, රතුපාට රෝස මල් සංජානිගෙයි මගෙයි අතරින් බිමට වැටුනා. වැටිච්ච මල් ටික අහුලන්න ඕනෙ කියලා හිතලා මං බිමට පහත් වුණා. ඒ තත්පරයෙම තමයි සංජානිත් බිමට පාත්වුණේ. ඒ මූණෙතිබ්බෙ හරි පිරිසිදු හිනාවක්. මං දිහා බලාගෙනම එයා රෝස මල් එකින් එක අහුලන්න ගත්තා.


    "ඇයි.. මල් ටික අතෑරියේ..?"


    හෙමින්සීරුවෙ මං ඇහුවා.. තාමත් අපි දෙන්නා බිම හිටියේ..


    "අනේ අනගි.. මම හිතලා අතෑරියෙ නෑ.. ඔයාව දැක්කාම මට හුගාක් සතුටු හිතුනා.."


    සංජානිගෙ වචන මගේ හිත ඇතුලෙ ගැඹුරුම තැනට ගිහින් නතර වුණා.


    "මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ.. සංජානි..! ඔයා අද හුගාක් ලස්සනයි.."


    මල් ටික ඔක්කොම අහුලගෙන අපි දෙන්නා නැගිටිද්දි මං කිව්වා. සංජානිගෙ ඇස් දෙක හීන් වෙලා, මොකක්දෝ ලොකු හැගීඹබර් බවක් ඒ මූණ මැදට ආවා. එයාව මගේ ළගට ළං කරගෙන තුරුළු කරගන්න තරම් මට හිතුනා.


    "තෑන්ක්ස් අනගි... මේ හැමදේටම වඩා ඔයා අපු එක මට වටිනවා.. ම.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ මං ඔයාට කරපුවට ඔයා මගෙත්තෙක්ක කතා කරාවි කියලවත්. මට අදටත් හිතාගන්න බෑ ඇයි මං ඒ විදියට හැසිරුණේ කියලා.."


    "මේ ලස්සන දවසෙ පහුවෙච්ච දේවල් මතක් කරන්න ඕනෙ නෑ බබා.. දැන් ඉතින් අපි දෙන්නා යාළුයිනේ.."


    මං එහෙම කිව්වාම සංජානිගෙ ඇස් දෙක ලොකු දගකාරකමකින් පිරිලා ගියා..


    "ඔ... ඔව්.. අපි දෙන්නා යාලුයි.. හුගක් යාලුයි.."


    මටත් හිනාවක් ආවා.. එයා ඒක කියපු තාලෙට.. කවදාවත් දැනුණෙ නැති තරම් ලොකු සතුටකින් මගේ හිත පිරිලා ගියා. සංජානි ළගට වෙලා මෙහෙම කතා කර කර ඉන්න මං කොයි තරම් පෙරුම් පිරුවද..? එයාව මගේම කරගන්න මං කොයි තරම් හීන දැක්කද..? ඒ හීන ඉටුවෙන්න වැඩි දවසක් යන එකක් නෑ කියලා මට හිතුනා..


    "අනගි...."


    භවන්තගෙ කටහඩට මං හැරුණා. ලොකු හිනාවකින් මූණ පුරවගෙන මිනිහා මාව බදාගත්තා. සංජානි ඒ දිහා බලන් හිටියෙ ලොකු උනන්දුවකින්..


    "සද්ද නැතුවම ඇවිල්ලා නේද.. අන්න සජීවන්ල අරෙහෙ බියර් බෙනවා.."


    භවන්ත මගේ කරට අතක් දාගෙන ඉස්සර වුණා. මම හැරිලා සංජානි දිහා බැලුවා. බොන්නෑ කියලා කියනවා වගේ සංජානි කට හැදුවා. මේ කෙල්ල ඒකත් අහන් ඉදලා. මාව දැක්ක ගමන් කොල්ලො ගැන්සිය වෙනදා වගේම චියර් පාරක් දුන්නා. සංජානි කිව්ව දේ මතක් වෙලා, මං කෝක් කෑන් එකක් අතට ගත්තා.


    "අනගි ඉන්නෙ මොනව හරි ට්‍රබල් එහෙකද..?"


    හිටපු ගමන් සජීවන් මගෙන් ඇහුවා.. ඒ මූණෙ මං දැක්කෙ ලොකු උනන්දුවක්..


    "නෑ... ඇයි සජී එහෙම ඇහුවේ..?"


    "වෙනදා වගේ ඔයා අපිත් එක්ක සෙට් වෙන්නෑ. ඒක අපේ හිතටත් හරි නෑ අනගි.. ඔයා අපිත්තෙක්ක ඉන්නකොට තමයි අපේ හිතටත් ෆිට් වෙන්නේ.."


    "මේ දවස්වල ටිකක් වැඩ වැඩියි සජී.. අපි ළගදිම සෙට් වෙමුකෝ.. වැලන්ටයින් ඩේ එකත් එනවනේ.."


    මං එහෙම කියන ගමන් ආයෙත් අපිට ටිකක් ඈතින් ඉදපු සංජානි දිහා බැලුවා. මං දීපු මල් බොකේ එක තාමත් එයාගෙ අතේ. එයා ඒක ස්ටූල් එක උඩින්වත් තියලා නෑ. ඒ රෝස මල් බොකේ එක එයා ඉඹගන්න හැටි ඊළග තත්පරේ මං දැක්කා. මගේ හිතට දැනුණ සතුට, මේ කොල්ලො ගැන්සියත් එක්ක බෙදා ගන්න හිතුණත් මං හිත තද කරගත්තා. සංජානි හින්දා මං හුගක් වෙනස් වෙලා කියලත් මට ඒ වෙලාවෙ හිතුනා..


    වෙනදා නම් ඔය වගේ වැදගත් දෙයක් උනහම මං ඉස්සෙල්ලම කිව්වෙ නවෝදිට. ඊළගට සජීවන්ට, ඒත් දැන් මට මොනවද මේ වෙලා තියෙන්නේ.? නවෝදිටත් ෆෝන් කරපු කාලයක් මතක නෑ. ඉස්සර සජීවන්ලගෙ ගැන්සියත් එක්ක එකතුවෙන්න මං මොන තරම් ආසද..? ඇත්තටම මේ හැමදේටම මුල සංජානි කියලා මං හුගක් වෙලා කල්පනා කලා. ඒත් උත්තරේට මට හම්බවුණේ සංජානිගෙ නම නෙමෙයි, භවන්තගෙ නම. භවන්ත මගේ හොදම යාළුවා වෙලා හිටියෙ නැත්නම් සංජානි ගැන හැමදෙයක්ම සජීවන්ලා, නිර්මාල්ලා එක්ක කියන්න තිබුණා. ඇත්තටම භවන්ත හින්දා තමයි නවෝදිත් එක්ක තිබුණු යාලුකමත් ඩිංගෙන් ඩිංග ඈත් වුණේ. ඒත් ඒ ගැන බිංදු මාත්‍රයක්වත් කණගාටුවක් මට දැනුණෙ නෑ. මොකද භවන්ත කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද යාලුවෙක් කියන එක මේ වෙනකොට මං දැනගෙන හිටියා. ඒත් මට හිතාගන්න බැරිවුණේ මාත්, සංජානිත් ගැන භවන්ත මොන විදියෙ තීරණයක් ගනීවිද කියලා. ඒ කොහොම වුණත් සංජානිත්තෙක්ක එෆෙයාර් එක පටන් ගත්ත ගමන්, භවන්තත් එක්ක ඒ ගැන කියනවා කියලා මං හිතුවා.


    **********************************


    වැලන්ටයින් දවස උදාවුණේ හරිම හෙමීට. පෙබරවාරි 14 වෙනකන්ම මම සංජානිට ෆෝන් කරේ නෑ. එයාට තවත් ටිකක් මං ගැන හිතන්න දෙන්න ඕන කියලා මං හිතුවා. අඩුම ගානෙ මං භවන්ත හම්බවෙන්නවත් ගෙදරට ගියේ නෑ. ඇත්තටම මට ඕන වුණේ සංජානිව මගේ පස්සෙන් ගෙන්න ගන්නවතත්ද කියලා මට හිතුණෙ දෙපාරක් නම් නෙමෙයි..


    "අනගි... මොකද බර කල්පනාවක..?"


    මං ගැස්සිලා ගියා. ඇත්තටම මගේ ළගින් ඉදපු භවන්තවත් මට අමතක වෙලයි තිබුණෙ. මගේ කල්පනාව ඒ තරම් දුර ගිහින්. භවන්තගෙ මූණෙ තිබ්බෙ ප්‍රශ්න පත්තරයක්. සමහර විට මං සංජානිට දීපු ප්‍රසන්ට් එක ගැන අහන්නත් පුළුවන් කියලා හිතෙද්දි මගේ හිතට මොකක්දෝ වුණා. ඒත් භවන්ත ඇහුවෙ වෙන දෙයක්.


    "ඔයාගෙ මූණෙ මොකක්දෝ අවුලක් තියෙනවා. එදා නංගිගෙ පාර්ටි එකේදිත් ඔයා එන්ජෝයි කලේ නෑ. මොකද අර ගර්ල් තාම හිතේ කැරකෙනවද..?"


    "නෑ භවන්ත මුකුත් අවුලක් නෑ.. තියෙනවා නම් මං ඔයාට කියනවනේ.. අනිත්තෙක අර ගර්ල් ගැන කතාව අමතක කරමු.."


    "ඔයා කියනවා නම් අපි ඒක අමතක කරලා දාමු. අද හවස පොඩි වැඩක් තියෙනවා.. මට අනගිගෙන් ඒකට ලොකු සපෝට් එකක් ඕනෙ.."


    භවන්ත මගේ දිහා කෙලින් බැලුවා. අපි දෙන්නම හිටියෙ ඩෙවෝන් රෙස්ටුරන්ට් එක ඉස්සරහා. මොනව හරි බිබීම කතා කරා නම් හොදයි කියලා කියන්න යනකොටම තමයි, මගේ සෙල් ෆෝන් එ කෑගහන්න ගත්තේ. මේ අලුත්ම සිම් එකේ නම්බර් එක කාටවත්ම දුන්නෙ නෑනේ. දෙයියවත්ද දන්නෙ නෑ. ඒත් මගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම්බර් එක මට පුරුදු එකක් නෙමෙයි..


    "හෙලෝ..."


    "අනගි.. මම සංජානි කතා කරන්නේ.."


    සංජානිගෙ කටහඩ ඇහෙද්දි මං උඩගියා. මේ කෙල්ල කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ. කෝකටත් කියලා මං භවන්තගෙන් ටිකක් ඈත් වුණා. භවන්ත මං දිහා බලලා ඩෙවෝන් එක ඇතුලට ගියා.


    "ඔයා කොහෙද ඉන්නේ...? පැත්තක අපේ අයියා ඉන්නවා නේද..?"


    "නෑ.. මං තනියෙම ඉන්නේ.. භවන්ත ගියා මට සිගරැට් එකක් ගේන්න.."


    "ඇත්තමයි.. මං ඔය ළගට හිටියා නම් අයියටයි, ඔයාටයි දෙන්නටම හොද ගුටි මුරයක් දෙනවා. සිගරැට් බීලා නම් අහුවෙන්න එපා."


    සංජානි කියන්නෙ පොඩි උන්ට කියනවා වගේ.. මට හිනාත් ගියා..


    "ඔයා මට හිනාවෙනවා නේද..? ම්.. ඒක නෙමෙයි අනගි.. ඔයා දීපු ප්‍රසන්ට් එක හුගාක්ම ලස්සනයි.. ඒක හරිම ෂෝක්... ඇයි මං වෙනුවෙන් එච්චර වටින දෙයක් දුන්නේ..?"


    "මට ඊටත් වැඩිය ඔයා වටින හින්දා.."


    "ඔයා දන්නවද අද දවස කවද්ද කියාලා.."


    ඒ ප්‍රශ්නෙ මගෙන් අහනකොට සංජානිගෙ කටහඩ මහ හුගක් හැගීම්බර වෙලා තිබුණා. කෙල්ල මොනවද කියන්න හදන්නේ..?


    "පෙබරවාරි 14 වලන්ටයින් ඩේ.. ඇයි සංජානි..?"


    මං ඇහුවෙ මුකුත් දන්නෑ වගේ..


    "අනේ... මට ඔයාව හම්බවෙන්න ඕන බබා.. තවත් මේ දේවල් මට හිතේ තියන් ඉන්න බෑ.. ඔයා තනියෙම එන්න.."


    හිතේ තියන් ඉන්න බැරි දේල් මොනවද කියලා මං දැනන් හිටපු හින්දා ඒ ගැන මං ඇහුවෙ නෑ..


    "හරියට හතර වෙද්දි ඔයා බටර් ෆ්ලයි ගාර්ඩ්න් එක ළගට එන්න.. මං බලන් ඉන්නවා.."


    පෙම්වතුන්ගෙ දිනය දවසෙදිම මටත් පෙම්වතෙක් වෙන්න පුළුවන් කියන දේ මට හොදටම තේරුම් ගියා. මගේ හිත පුරාම දිව්වෙ පුදුම සතුටක්. සංජානි හම්බවෙන්න යද්දි එයාට ගෙනියන ප්‍රසන්ට් එක මොකක්ද කියලා මං කල්පනා කලා. එහෙම ඉන්නකොට තමයි භවන්ත ඩෙවෝන් එකෙන් එළියට ආවේ.. මිනහගෙ මූණෙ හිනාව එකයි..


    "කොහෙද භවන්ත ගියේ..?"


    "කෝල් එකක් ගන්න.."


    "ඇයි භවන්ත මගේ ෆෝන් එක තියෙනවනේ.."


    "ඔයා කෝල් එකක හිටියෙ.. ඔන්න මගෙ වැඩේ හරි.. දැන් අපිට යන්නයි තියෙන්නේ.."


    මගේ කරට අත දාන ගමන් භවන්න කිව්වා..


    "කොහෙද..?"

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12174656
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මං කිව්වෙ අද හවස පොඩි වැඩක් තියෙනවා කියලා. මං අද ඔයාව එක්කගෙන යනවා මගේ හිත ගත්තු ඒ ගර්ල්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. අපේ ගෙදර අයටත් කලින් මට ඔන් එයාව ඔයාට මීට් කරවන්න."
    "භවන්ත මට නිකංවත් කිව්වෙ නෑ.."


    "මට ඕන පුදුම කරවන්න අනගි.. එකතොට තමයි ගති.."


    දැන් භවන්තත් එක්ක මේ ගමන යන්න ගියොත් මං කොහොමද සංජානිව මීට් වෙන්නේ..? භවන්තට බෑ කියන්නත් බෑ.. මිනිහගෙ හිත ගත්තු ගර්ල්ව බලාගන්නත් මට ලොකු උවමනාවක් තිබුණා.


    "හිතන්න දෙයක් නෑ අනගි.. නගින්න.."


    භවන්ත ස්ටාර්ට් කරන් ආපු මගේ බයික් එකේ පිටිපස්සෙන් මං නැග්ගා. මගේ හිතේ තිබ්බෙ ලොකු දෙගිඩියාවක්. හිතේ තිබ්බ ෆීට් එකටද මන්දා භවන්ත බයික් එක ඇල කරලා ගත්තා පාර තව නූලෙන් අපේ ඉස්සරහට
    ආපු ත්‍රී වීල් එකක වදිනවා. ටිකක් දුර ගිහින් ත්‍රීවිල් එක නතර වුණා. වලියක් නම් වලි කියලා හිතාගෙන මං බයික් එකෙන් බැස්සා. ඒත් ත්‍රීවීල් එක එලවන් ආපු කෙනා දැක්කහම මං ඩිම් වුණා.

    එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මීට කලින් රීගල් ෆිල්ම් හෝල් එකෙයි, ඊට පස්සෙ ෆුඩ් කැබින් එකේදියි, ඊටත් පස්සෙ ඉරෝමිගෙයි, සජිවන්ගෙයි පාටිය දවසෙ චයිනීස් රෙස්ටූරන්ට් එකේදි අපිට හම්බවුණ පුද්ගලයා. මේ යකාව දැක්කහම තමයි, භවන්ත මගෙත් එක්කවත් කතා නොකර පැනලා දුවන්නේ. පැහැදිලි හේතුවක් නැති වුනත් මගේ හිතට කේන්තිය ගලන්න ගත්තා. අනගි රඹුක්වැල්ලට කේන්ති යන එක තරම් තවත් නරක දෙයක් කොහේවත් නෑ කියලා මූ දන්නෙ නෑ.


    "ඇයි.. මොකද ප්‍රශ්නයක්ද..?"


    ඒ මනුස්සයා මගේ මූණටම එබිලා ඇහුවා. රෝන් සයිඩ් එකෙන් වචනයක් හරි කතා කලොත් දෙන එක නිල් වෙන්න දෙනවා කියලා මං හිතාගත්තා. කලු පුතාගෙ ගැන්සියටම ගහපු අනගිට මේ හාල් මැස්සා මොකෙක්ද..?


    "න්... නෑ මහත්තයා ප්‍රශ්නයක් නෑ.."


    "ප්‍රශ්නයක් නැත්නම් මොකටද හලෝ නැවැත්තුවේ..?"


    "තව ඩිංගෙන් බයික් එක මගෙ ආටා එකේ වදිනවා.."


    "වැදුනෙ නෑ නේ.. වැදුනා නම් ආටා එක නවත්තලා කතා කරනවා. දැන් ඉතින් යනවා යන්න.."


    මම ආපහු හැරුණා. එතකොටයි දැක්කෙ මගේ පිටිපස්සෙන් ඉන්න භවන්ත. ඒ මූණ විශාල කේන්තියකින් උතුරලා තිබුනා. අර මනුස්සයත් ත්‍රීවිල් එකෙන් බැහැල අපි දෙන්නා ළගට ආවා.


    "මං තමුසෙට කියලා තියෙනවා නේද මගේ ඇස් දෙකට පේන්න එන්න එපා කියලා.. ඇයි යකෝ තවත් මගේ ඉස්සරහට එන්නේ.. මෙතන ඉන්න ඉන්න මට උඹව මරන්න හිතෙනවා. මං හොද හිතින් කියන්නේ. මෙතනින් පලයං යන්න.."


    භවන්ත අතක් උරුක් කරලා අර මනුස්සයා ඉස්සරහට ගියා. ඒත් ඒ මිනිහා පස්සට ගියේ නෑ. මහ නෝන්ඩි හිනාවක් ඒ රවුම් මූණ මැදට ආවා.


    "මට මෙතනින් යන්න කියන්න මේක තමුසෙගෙ ගෙදරද..? තමුසෙ පොලීසියෙ හිටියා කියලා, තමුසෙ එස්.අයි. වුනා කියලා මට පොලිස් පාට් දාන්න එන්න එපා. ඒවා දානවා කොන්ද පණ නැති වුන්ට. මට කොන්දක් තියෙනවා.. "


    පොර සං සං ගාලා උත්තර දුන්නා.. මගෙත් එක්ක කතා කරපු වෙලාවෙ ඒ මූණෙ තිබ්බ අහිංසක කමේ කෑලිවත් දැන් තිබුණෙ නෑ..


    "මොනවද යකෝ.. උඹ කිව්වේ..? කරන්න පුළුවන් අන්තිම බලු වැඩෙත් මට කරලා තව උඹ කටගහන්නත් එනවද..?"


    භවන්ත පැනපු ගමන් ඒ මිනිහගෙ කොලර් එකෙන් අල්ලගත්තා. ඒ මිනිහත් අතෑරියෙ නෑ. ආපිටට භවන්තගෙ කොලර් එකෙන් අල්ලගත්තා. දැන් නම් තත්වෙ හරියන්නෙ නෑ. බලන් හිටියා හොදටම ඇති. මං පැනලා භවන්තව පැත්තකට ඇදලා දැම්මා. ඊගාවට අර මිනිහගෙ බෙල්ලෙන් අල්ලගෙන ගිහින් එතන තිබ්බ යකඩ වැටට හේත්තු කලා..


    "උඹ කවුද මිනිහෝ..? සැරින් සැරේට ඇවිත් අපිට ඇයි කරදර කරන්නේ..? මොකක්ද භවන්තත් එක්ක තියෙන ගනුදෙනුව..? හ්ම්.. කියපං... මේ උඹට දෙන ලාස්ට් චාන්ස් එක..."


    "ඒක මගෙන් අහලා උත්තරයක් ගන්න බෑ මහත්තයෝ.. ඔයත් ඔයාගෙ හොද යාලුවෙක්නේ. ඇයි ඒ ප්‍රශනෙම ඔයා එයාගෙන් අහන්නෙ නැත්තේ..? ඔයාට ඒ ගැන කියන්න තරම් ඔයා සුදුසු නැද්ද..?"


    ඒ මිනිහා අහපු ප්‍රශ්න වලින් මගේ හිතෙ තිබ්බ ෆිට් එක තත්පරේට දෙකට නැතිවෙලා ගියා. මං ඒ මනුස්සයව අතෑරලා දැම්මා. ෂර්ට් එක හදාගෙන මං දිහායි, භවන්ත දිහායි හොදට බලලා මිනිහා යන්න ගියා. අපි වටේට ඉදපු සෙනග මං දැක්කෙ ඒ වෙලාවෙදි.. ඇත්තටම මගේ හිතට ආයෙම කේන්තිය එබෙන්න ගත්තා.


    "අර යකා කියලා ගියපු එක ඔයාට ඇහුනනේ භවන්ත.. ඔයාගෙ ප්‍රශ්න කියන්න තරම් මං සුදුසු නැතුව ඇති. මගේ හිතින් ඒ යකාව අමත කරලා දාන්න හදනකොටම කොහෙන් හරි ඌ මතුවෙනවා. මේ විකාරෙ මොකක්ද භවන්ත..? ඔයා දන්නවනේ මට ඉවසන එක හුගාක් අමාරු දෙයක් කියලා.."


    "අනගි... ප්ලීස්.. මගේ ඔලුව හදාගනන් පුළුවන් තැනකට මාව එක්කගෙන යන්න.."


    භවන්තගෙ මූණෙ තිබ්බෙ ලොකු අසරණ කමක්.. හිතේ තිබ්බ කේන්තිය එහෙම්ම තියාගෙන මම බයික් එක ස්ටාර්ට් කලා. මුකුත් කියන්නෙම නැතුව භවන්ත පස්සෙන් නැග්ගා. වටවෙලා හිටපු මිනිස්සු අතරිං මං බයික් එක ඉස්සරහට ගත්තා. තත්පර දහයක් ඇතුලෙදි TZR බයික් එකේ ලොකුම ගියර් එකටත් දාලා මං හුස්මක් ගත්තා. ටිකකින් වැඩිය සෙනග නැති රතුවැල්ල බීච් එකට මං බයික් එක හැරෙව්වා. බයික් එකෙන් බැහැපු ගමන් භවන්ත ඉස්සරහට ගිහින් වැල්ලේ වාඩිවුණා. ඒත් මට භවන්ත ළගින් වාඩිවෙන්න හිතුනෙ නෑ. මං හිටියෙ බයික් එකට හේත්තු වෙලා. ඔලුව අත්දෙකෙන්ම මිරික ගන්න ගමන් භවන්ත ආපහු හරිලා මං දිහා බැලුවා. ඒ මූණෙ හැටි දැක්කම මට පුදුම හිතුණා. මහා ලොකු කලකිරීමක් ඒ මූණ පුරාම විහිදිලා ගිහින් තිබුණා.


    "අ.... අනගි... ම... මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"


    "ඔව්.. වෙච්ච දේවල් වලට කේන්ති යන්නැත්තෙ කාටද කියලා ඔයාම කියන්න..? මට එක දෙයයි දැනගන්න ඕන..? ඌ කවුද..? ඌට මොකක්ද ඔයත් එක්ක තියෙන ගනුදෙනුව..?"


    "ඔය හැම ප්‍රශ්නෙකටම උත්තරේ අද මම දෙන්නම් අනගි. ඔයා ඇහුවා ඌ කවුද කියලා.. ඌ මට ද්‍රෝහිවෙච්ච එකෙක්. මගේ හිත කඩපු එකෙක්... ඌ මගේ හිත කුඩුපට්ටම් කරලා දැම්ම අනගි.."


    අන්තිම හරියෙදි භවන්තගෙ කටහඩ බිදිලා ගියා. බයික් එක ගාවින් ඈත්වෙලා මං භවන්ත ළගට ගිහින්, පාත්වෙලා අතකින් අල්ලගත්තා. ඒ ඇස්වලට කදුළු උනලා තිබුණා. මට දැනුණෙ ලොකු අපහසුතාවයක්.


    "ඇති භවන්ත ඇති.. වලලල දාපු අතීතයකින් ගොඩ ගන්නෙක කොයි තරම් අමාරුයිද කියලා මං දන්නවා. මං ආයෙ ඔය ගැන වචනයක් වත් අහන්නෙ නෑ.. මේක පොරොන්දුවක්.."


    "නෑ.. නෑ.. නෑ.. දැන් අතීතය එළියට ඇවිල්ලා ඉවරයි. වෙච්ච හැමදෙයක්ම මං ඔයත් එක්ක කියනවා.."


    භවන්තගෙ කටහඩේ ලොකු අධිෂ්ඨානයක් ගැබ්වෙලා තිබුනා..


    "මං මේ කියන දේවල් වෙනකොට මං පොලීසියෙ නෙමෙයි හිටියේ. එතකොට දැන් වගේ නෙමෙයි.. මං හුගාක් යාලුවො අශ්‍රය කලා. මගේ හොදම යාලුවා වුණේ වික්‍රම්. ඔයා මගෙන් ඇහුවෙ ඌ කවුද කියලා.. අපි දැන් රණ්ඩු වුණේ, ඌ තමයි වික්‍රම්. දැන් ඔයා මගෙත් එක්ක බයික් එකේ යනවා වගේ ඉස්සර මං බයික් එක රයිඩ් කරද්දි පස්සෙන් වාඩිවෙලා ගියේ වික්‍රම්. මගේ යාලුවො.. මං, වික්‍රම් අපි හැමෝම එක අම්මගෙ දරුවො වගේ ලොකු බැදීමකින් හිටියේ. මගේ ගෙදර වික්‍රම්ට, වික්‍රම්ගෙ ගෙදර තරමට හුරු වෙලයි තිබුනෙ. මගේ ලොකු නංගිගෙ වෙඩින් එකට උදව් කලේ වික්‍රම්."


    හිත සැහැල්ලු කරගන්න වගේ භවන්ත ලොකු හුස්මක් ඉහලට ඇදලා අරන් පිට කරලා දැම්මා..


    "ඔයාට තව නංගි කෙනෙක් හිටියද භවන්ත..?"


    "ඔව්.. සංජානි වගේම ලස්සනයි.. ලොකු නංගි හිනාවෙනකොට අපේ මුළු ගේම සිරියාවෙන් පිරිලා යනවා. අපි කොයි තරම් සතුටින් හිටියද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. මං යාලුවො එක්ක ආවහම අපි හැමෝම එකතුවෙලා සෙල්ලම් කරනවා. අම්මයි, සංජානියි, ලොකු නංගියි අපිට එකතු වෙනවා. ඔය අතරෙ තමයි ලොකු නංගිගෙ වෙඩින් එක ආවේ. අපිට දුරින් නෑදෑවෙන බොයි කෙනෙක්ගෙන් ආපු යෝජනාවකට අපි හැමෝම කැමති වුණා. ඒ බොයිගෙ ෆොටෝ එක ලොකු නංගිට පෙන්න පෙන්න අපි හැමෝම එයාට විහිළු කලා. මේ තරම් ලස්සන හොද කොල්ලෙක් ආයෙ ඔයාට හම්බවෙන්නෙ නෑ.. ඉක්මනට අල්ලලා බැදගන්න කියලා වික්‍රම් ලොකු නංගිට කිව්වා. ලොකු නංගි හිනා වුනා. වෙඩින් එක දවස එනකොට අපි හැමෝම හුගක් මහන්සි වෙලයි හිටියේ. වික්‍රම් තමයි හුගාක්ම මහන්සි වුනේ. මැරීගෙන වැඩ කලා. අනිත් කොල්ලොත් එහෙමයි.. ඒත් මගුල් දවසේ උදේ........"


    භවන්ත කතාව ඩිංගකට නැවැත්තුවා. මං හිතන් හිටියත් වැඩිය මේක වෙනම පැත්තකට යනව වගේ කියලා මට තේරුණා. භවන්තගෙ ලොකු නංගි කෝ දැන්..? මේ කතාවෙ ප්‍රධාන බූමිකාව නිරූපනය කරන වික්‍රම්, භවන්තට මේ තරම් උදව් කරලත්, අන්තිමට කරපු ද්‍රෝහිකම මොකක්ද..? මගේ හිතට ආවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක්. ඒත් මං කිසි දෙයක් අහන්නෙ නැතුව භවන්ත දිහා බලන් හිටියා. මොකද ඒ හැම දේකටම උත්තර දැන් හම්බවෙනවා කියලා මං දැනන් හිටියා.


    "ඒත්... ඒත්.. මගුල් දවසෙ උදේ ලොකු නංගි ගෙදර හිටියෙ නෑ. ලියුමක් ලියලා තියලා ගෙදරින් යන්න ගිහින්. අපි මුකුත්ම දන්නෑ. අන්තිමට මනමාලයගෙ පැත්තෙන් ආපු අය අපිට හුගක් නිද්දා කරා අනගි. ගමේ මිනිස්සු ඉදරියෙ අපිට හුගාක් ලැජ්ජා වෙන්න වුණා. හෙණයක් පාත්වුණා වගේ මේ වුණ දේට අම්මගෙයි, මගෙයි පපුව පැලුනෙ නැති එක විතරයි. මනමාලි නැති මගුල් ගෙදර ඉන්නෙ මොන මනුස්සයද..? හැම මිනිහෙක්ම පිටවෙලා ගියා. කොල්ලෙක් වුණත් මං එදා අම්මවයි, සංජානිවයි බදාගෙන හොදටම ඇඩුවා.."


    "වික්‍රම් තමයි මගේ ළගින් ඉදගෙන මාව කූල් කරේ. ඒ තත්පරේ ඉදලා අපි ලොකු නංගිව හොයන්න ගත්තා. මගේ යාලුවොයි, වික්‍රමුයි හැම තැනම ලොකු නංගිව හෙව්වා. දන්න කියන ගෙවල්වල බැලුවා. ඒත් ආරංචියක් නෑ. බලන් ඉදලා බැරිම තැන මායි, අම්මයි පොලීසියට ගියා. ඒ පොලීසියෙ ඉදපු ඕ.අයි.සී තමයි මං දැකපු සල්ලිකිම එකා. ඌ කරේ අපිට නින්දා කරපු එක. නැතුවුණ කෙනෙක්ව හොයලා වැඩක් නෑ කියලා ඌ කිව්වාත කෙල්ල කාත්තෙක්ක හරි පැනලා යන්න ඇති කියලා කිව්වා. ඌ මහා බලු විදියට මගේ නංගි ගැන කතා කලේ. මගේ ලොකු නංගි එහෙම කරන්නෑ කියලා මං දැනන් හිටියා. අන්තිමට ඉවසලා බැරිම තැන මං ඌට ගහන්න පැන්නා. පස්සෙ අම්මා මාවත් ඇදගෙන පොලීසියෙන් එළියට ආවා.. "


    "එළියෙ නා කපන වැස්ස.. ගොරව ගොරව වහිනවා. එදා තමයි මං හිතාගත්තෙ කවදා හරි පොලීසියට බැදෙනවා කියලා. මායි, අම්මයි මහ වැස්සෙම පාරට බැස්සා. අපිට යන්න වාහනයක්වත් තිබුණෙ නෑ. සංජානිත් තනියෙම ගෙදර. පාරේ ආපු වාහන හතර පහකටම අත ඉස්සුවත් එකක්වත් නතර කලේ නෑ. මායි, අම්මයි පයින්ම ගෙදර එන්න හදනකොටම ඈතින් එන ත්‍රීවිල් එකක් මං දැක්කා. මං ඒකටත් අත ඉස්සවා අනගි. අපේ වෙලාව හොදකමටද කොහේද ටිකක් ඉස්සරහ ගිහින් ඒක නැවැත්තුවා. මං අම්මගෙ අතකින් අල්ලගෙන ත්‍රීවිල් එක ළගට දුවගෙන ආවා. ඔයා දන්නවද අනගි ත්‍රීවිල් එකෙන් බැහැලා මං ළගට ආවේ කවුද කියලා..?"


    භවන්ත මගේ මූණට එබුනා. හතරවටින්ම කලුවර වැටිලා තිබුණත් මටයි, භවන්තටයි ඒක ගානක් වුණේ නෑ. භවන්ත අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියලා කියන්න මං ඔලුව වැනුවා.


    "මං ළගට තෙමීගෙන ආවෙ වික්‍රම්. මං කෑගහගෙන ඌ ළගට ගියේ ඌවත් ලොකු නංගි ගැන ආරංචියක් ගෙනාවද බලන්න..? මනාලයගෙ පැත්තෙන් වෙච්ච ලැජ්ජාවයි, ගමේ මිනිස්සු ඉස්සරහා වුණ නින්දාවයි, පොලීසියෙ වෙච්ච අසාධාරණයයි හින්දා මං මානසිකව සෑහෙන්න වැටිලයි තිබුණෙ. ඒත් මං ළගට ආපු මගේ හොද යාළුවා කිව්වෙ මොකක්ද දන්නවද..? මාත්තෙක්ක එක බත්තෙක කාපු වික්‍රම් කිව්වෙ මොකක්ද දන්නවද..? භවන්ත.. පුළුවන් නම් මට සමාව දීපන්.. මං උඹේ ලොකු නංගිව කසාද බැන්දා කියලා.. මගේ හිත ඒ වෙලාවෙම මැරුණා අනගි.. මං බිමට කඩාගෙන වැටුනා. එතකොට මං දැක්කා වික්‍රම් ආපු ත්‍රීවිල් එක එහා පැත්තෙන් ලොකු නංගි බිමට බහිනවා. එයා මනාලියක් විදියට සැරසිලා හිටියා. මගේ ජීවිතේ මට අදහාගන්න බැරිවුන දර්ශනේ තමයි ඒක. මායි, අම්මයි තරගෙට වගේ කෑගහලා විලාප තිය තියා ලොකු නංගිටයි, වික්‍රම්ටයි බැන්නා. අන්තිමට ලොකු නංගි අම්මට වදින්න ආවා. අම්මා ලොකු නංගිගෙ කම්මුල් දෙකටම අතුල් පාරවල් ගහලා කිව්වා, උඹ අද ඉදන් මට මැරිච්ච එකියක්. මගේ ඇසද්වලට පේන්නවත් එන්න එපා කියලා. උඹ අද ඉදන් මට මැරිලා කියලා.. "


    "ඉතිං.. ඉතිං ඔයාම කියන්න අනගි.. වික්‍රම් දැක්කාම මට තරහා යන එක අසාධාරණද කියලා.. මං යාලුවෙක් විදියට ඌව කොයි තරම් විශ්වාස කලාද..? උං දෙන්නට ඒ එෆෙයාර් එක ගැන මට කියන්න තිබුනා. මායි, අම්මයි වික්‍රම්ව කොයිතරම් විශ්වාස කලාද..? අදටත් මගේ අම්මා යාලුවන්ව ගෙදරට එක්කන් එනවට බය ඒකයි. ඔයාට මතකද අනගි මං ඔයාව මුලින්ම ගෙදරට එක්කන් ගය දවස.. අම්මා හොදටම අවුල් වුනා. අවුරුදු ගාණකට පස්සෙ මං යාලුවෙක්ව ගෙදරට එක්කං ගියපු දවස තමයි ඒ.. මට ඔයාව විශ්වාසයි අනගි.. ඔයා හොද කෙනෙක්.. මට ඔයා ගැන බයක් නෑ.. ඒත් වික්‍රම් කියන්නෙ මිත්‍ර ද්‍රෝහියෙක්. ඌට මගෙන් කදාවත් සමාවක් නෑ. "


    භවන්ත කතාව ඉවරකරනකොට මගේ හිත හිරිවැටිලයි තිබුණේ. දෙයියනේ සංජානි..?


    මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. අනිත්තෙක මං කියටවත් මේ වගේ ස්ටෝරි එකක් භවන්තගෙන් අහන්න බලාපොරොත්තු වුණේ නෑ. දෙයියනේ... මායි, සංජානියි පැටලෙන්න යන්නෙ වික්‍රම්, භවන්තගෙ ලොකු නංගිත් එක්ක පැටලුනා වගේමනේ. මේ වෙනකොට සංජානි මං එකනක් බටර්ෆ්ලයි ගාඩ්න් එකට වෙලා බලන් ඉදලා ඉදලා යන්න ඇති. මං හිටියෙ සෙල් ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඊලටට භවන්තව පොලිස් ස්ටේෂන් එකට දාලා මං කෙලින්ම ආවෙ ගෙදර. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ.. මං ඇදන් හිටපු ඇදුමයි, ඩෙක්ස්ෂුස් එකයි පිටින්ම ඇදට වැටුනා. දැන් මේ තියෙන තත්වෙ උඩ මටයි, සංජානිටයි එෆෙයාර් එකක් පටන්ගන්න වෙන්නෑ. එහෙම හිතෙනකොට මගේ හිත හීතල වෙලා යනවා මට දැනුනා. මං සංජානිට ලංවුණේ, සංජානි මට ලංවුණේ මේ දේවල් මෙහෙම වෙනවා කියලා දැනගෙනද..? ඒ අහිංසක කෙල්ලට මං කොහොමද මේවා කියන්නේ..?
    සංජානි ගැන භවන්තට කියන්න ගියොත් මාවත් මිත්‍ර ද්‍රෝහියෙක් ගානට වැටෙනවා. භවන්ත හිතයි වික්‍රම්ගෙ කතාව කිව්වට පස්සෙ බයවෙලා මං, සංජානි ගැන කියනවා කියලා. කරන්න ඕන මොනවද කියලා කිසිම දෙයක් ඔලුවට ආවෙ නෑ..

    "බේබි මහත්තයෝ.. ඈ හත්තිලව්වෙ මොකද මේ..? ලොකු මහත්තයත් එක්ක රංඩුවක්වත් ගියාද..?"


    ඩෙක්ස්ෂුස් පිටින්ම මං ඇදේ ඉන්නවා දැකපු දෙයියගෙ ඇස් උඩ ගියා. ඌ බලනවා ඇති මට මොනවද වෙලා තියෙන්නෙ කියගා. ඒත් දෙයියා ගැන මගේ හිතට ආවේ කේන්තියක්. අවේලාවෙ මගේ කාමරේට කඩා වැදිච්ච එකට මට තද වුනා.


    "මට කරදර නොකර පලයං දෙයියා.. මට නිදාගන්න ඕන.."


    "තව පොඩ්ඩෙන් ආපු කාරනෙත් අමතක වෙනවා. බේබි මහතත්යට කෝල් එකක්.."


    "කාගෙන්ද..?"


    "දන්නෑ.. ගෑණු ළමයෙක්ගෙන්.. හරි ෂෝක් කටහඩ.."


    "මං නෑ කියපං.."


    ෂුවර් එකටම සංජානි වෙන්න ඇති. ඇයි දෙයියනේ මං කොහොමද සංජානිට මූණ දෙන්නේ..?


    "ඒ වුනාට බේබි මහත්තයා ඉන්නවනේ..?"


    "මගේ ගෙදර මට ඉන්න බැරිද යකෝ... මගේ ඔලුව තවත් අවුල් නොකර මෙතින්න පලයං.."


    මං ගිරිය යටින් කෑගැහුවා.. දෙයියා මං ගාවින් ඈත් වූනේ හොල්මනක් දැක්කා වගේ. දෙයියා ගියාට පස්සෙ මං ආයෙත් කොටේට මූණ ඔබාගත්තා. සංජානි ගැන හැම දෙයක්ම මීට කලින් භවන්තට නොකියපු එක ගැන මට දැන් හුගක් පසුතැවෙන්න වුණා. ඒත් දෙයියනේ කවුද හිතුවෙ මේ දේවල් මෙහෙම වෙයි කියලා. දැන් හැමදේම හදන්න බැරි විදියට සිද්ධ වෙලා ඉවරයි. භවන්ත ලොකු නංගි ගැන කියද්දි භවන්න කොයි තරම් හිත ඇතුලෙන් පිච්චි පිච්චිද හිටියෙ කියලා මට හොදටම තේරුණා. එහෙම තියෙද්දිත් මං කොහොමද සංජානි ගැන භවන්ත එක්ක කතා කරන්නේ..?


    ගෙවිලා යන කාලය ගැන මගේ හිතට ඒ තරම් දැනුනෙ නෑ. මං එනකන් සංජානි මහා හුගක් වෙලා බලන් ඉන්න ඇති. බලන් ඉදලා ඉදලා බැරිම තැන වෙන්නැති ෆෝන් කලේ. සංජානි ගැන හිතනකොට මගේ හිතට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ ලොකු දුටක ඉස්සරහින් මහා බාධකයක් වගේ භවන්ත හිටගෙන හිටියා. ඒ කොහොම වුණත් ටික දවසක් යනකන් භවන්තලගෙ ගෙදර නොයන්න මං හිතාගත්තා. ජීවිතයේ ඉස් ඉස්සෙල්ලාම මගේ හිතට එබුන සංජානිව, භවන්ත හින්දම හිතින් ඈත් කරන්න මං හිගාත්තා. ඇත්තටම ඒ ආදරයට වැඩිම මිත්‍රත්වය මට හුගක් වටින හින්දා. කොටින්ම මිත්‍ර ද්‍රොහියෙක් වෙන්න මං අකමැති හින්දා..


    ෴මතුසම්බන්ධයි෴