සමාව ගැනීමට ක්‍රමයක් තිබේ
පොත පත කියවලා සාමාන්‍ය දැනුම වැඩි කර ගන්න. සමාජයට වෛර කරන දරුවන් දායාද කරන්න එපා. මේ රටේ අනාගත පරපුරට විනය ගරුක නීති ගරුක සමාජයක් ඇති කළ යුතුයි.
දරුවන්ට ඉතා ඕනෑකමින් එම අවවාදය දුන්නේ රටේම දරුවන්ගේ තාත්තා ය. තමන්ගේ ම දරුවන්ගේ වයසේ තරුණ දරුවන්ට එම අවවාදය දෙන්නට රටේම දරුවන්ගේ තාත්තාට සියලු සුදුසුකම් තිබේ. රටේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ විනයගරුක බව හා නීතිගරුක වීම බව රටේම දරුවන්ගේ තාත්තා අතැඹුලක් සේ අවබෝධ කර ගෙන සිටී.
නීතියේ ආධිපත්‍යයට ඇගිලි ගසන්නටත් බලපෑම් කරන්නටත් කවුරුන් හෝ දගලන්නේ නම් තර්ජනය කරන්නේ නම් එය රටේ සාම කාමී සොදුරු පැවැත්මට හරස් වීමකි. බාධා කිරීමකි.
සරත් ෆොන්සේකා දේශපාලන වේදිකාවට ඇදගෙන ගොස් වැලිකඩ හිර කුටියකට තල්ලු කර දැමූ ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් දැන් යළිත් වරක් සරත් ෆොන්සේකා ගොඩ දමන්නට නොව වල්වද්දන්නට අඩව් අල්ලති.
ෆොන්සේකා හිර ගෙට ගියේ ඔහු කළ නීති විරෝධී මුදල් වංචා නිසා බවත් ඔහු හිරේ දැමීමෙන් මානව හිමිකම් කඩ වී නැති බවත් ජිනීවා මානව හිමිකම් සමුළුවද ඒකමතිකව පිළිගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහගේ කේලම් මල්ල කරගහගෙන ගිය ජයලත් ජයවර්ධන දොස්තර මහතා කොටි නායකයකු වන චන්ද්‍රන් සමඟ නකුට පස්සාපැත්තේ ගසාගෙන නිහඬ වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහින්ද සමරසිංහ යන ඇමැතිවරුන් සත්‍ය හෙළි කිරීම නිසා ය.
මේ රටේ සිටින විපක්ෂයේ පිරිස් ද සටන් පාඨ නොමැතිව වේලෙමින් සිටිය දී අතට හසු වූයේ ෆොන්සේකාට සමාව ඉල්ලන්නට හා සමාව දෙන්නට ක්‍රමවේදයක් තිබේ.
පොල් ගසා එසේ නැතිව සෙත් කවි කියා බෝධි පූජා හෝ අධිෂ්ඨාන පූජා පවත්වා මිනිසුන් නිදහස් කර ගත් රටක් ඉතිහාසයේ හෝ වර්තමානයේ සඳහන් නොවේ.
විජය කුමාරතුංග වාතාශ්‍රයක් නැති හිරු රැස් නොලැබෙන පුංචි කුටියකට නීති විරෝධීව හිරකර සිටියදී ඔහු නිදහස් කර ගැනීමට ඔහුගේ බිරිඳ දොළොස් වතාවක් ජේ. ආර්. ජයවර්ධන හමු වූවා ය.
හමු වී කන්නලව් කළා ය. මානුෂීය මෙහෙයුම පැවැති සමයේ ජාත්‍යන්තරයට රට ගැන බොරු කේලම් කියා අපකීර්තියට පත් කළ අය අදත් සලුපිලි වෙස් මුහුණු පළදින්නේ යළිත් එවැනි කුමන්ත්‍රණයක් දියත් කිරීමටය. මහාචාර්ය ජී. එල්. පීරිස් ට ඉදිරිපත් කළ විශ්වාසභංගය ද එම කුමන්ත්‍රණයේ කොටසකි.
තම සැමියා නිදහස් කර ගන්නට අනෝමා ෆොන්සේකාට බල කළ යුතු ය. සැමියාට සමාව ගැනීමේ ක්‍රමවේදය ඔහුගේ ජාතික ඇදුමෙන් කඳුළු පිසදා ඒ සැනින්ම හිනා වීම නොව ජනාධිපති හමු වී ඉල්ලීමක් කිරීමය.
එසේ නැතිව බංකොලොත් දේශපාලනඥයන් සමඟ විකාර කරන්නට ගියහොත් සිදු වන්නේ සැමියාට හිර බත් කෑමට ය. මාධ්‍යවේදී තිස්සනායගම් නිදහස් කෙළේ ද ඔහු කළ ඉල්ලීමක් අනුව ය. ජනාධිපතිතුමා ඔහුට නිදහස දුන්නේ ද රටේ නීතියට අනුකූ®ලව පවතින පිළිගත් ක්‍රමවේදයට අනුව මිස ඔබාමාගේ ඉල්ලීමට නොවේ.
ෆොන්සේකාට සමාව ඉල්ලන අයද කළ යුත්තේ ජනතාව නොමඟ යැවීමෙන් ඈත් වි නීතිමය රාමුව තුළ කටයුතු කිරීමය.
http://sandanaya.blogspot.com/2010/10/blog-post_2561.html