සමාව දීමේ කලාව
කිසිවෙකු ඔබගේ සිත තදින් රිදවූ විට, ඔබට සතුරුකමක් කළ විට එය අමතක කිරීම ඔබට ඉතා අපහසු කාර්යක් වන්නට පුළුවන.එහෙත් සමාව දීම පුරුදු පූහුණු කර ගැනීම විස්මිත ආකාරයෙන් ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍ය වර්ධනය කර ගන්නට මගක් බව ඔබ මීට පෙර දැනගෙන සිටියේද? " සමාව දීමට පුරුදු පුහුණු වූ අය කංසාවට,විෂාදයට සහ ආතතියට ලක්වනවා අඩුයි.ඔවුන් නිතර ප්‍රබෝධමත්ව සහ අපේක්ෂා සහගතව ප්‍රීතිමත් ජීවිත ගත කරනවා. "
'ෆොගිව් ෆෝ ගුඩ්' නමැති කෘතිය ලියූ ආචාර්ය ෆෙඩ්රික් ලස්කින් පවසයි.සමාව දීම ඔබේ ශරීරයේ ඉන්ද්‍රියන් මනාව පවත්වාගෙන යාමට ඉවහල් වන අතරම ඔබේ ප්‍රතිශක්තීකරණ ශක්තිය පවා වැඩි දියුණු කරනවා.
කෝප වූ විට ඔබේ ශරීරයේ රුධිරය අපිරිසිදු වේ යැයි කතාවක් තිබේ.කෝපය හා වෛරය වෙනුවට සමාව දීම කලාවක් සේ ප්‍රගුණ කර ගන්නේ කෙසේද? ඒ සදහා පහත සදහන් පියවර අනුගමනය කරන්න.
~ සන්සුන් වන්න. ~
ඔබේ සිතේ නැගෙන කෝපය සමනය කර ගනු පිණිස, ආතතිය පහකර ගැනීම සදහා සරල උපක්‍රමයක් භාවිතා කරන්න.කිහිප වතාවක් ගැබුරින් ආශ්වාස ප්රාශ්වාස කරන්න.ඔබේ සිතට ප්‍රමෝදය දනවන ස්වභාව සෞන්දර්යයෙන් යුත් ස්ථානයක් මතකයට නගා ගන්න.එසේත් නැත්නම් ඔබට බෙහෙවින් ආදරය කරන අයෙකු සිහියට නගා ගන්න.සන්සුන් සිතින් ඕනෑම අයෙකුට සමාව දීම පහසු බව ඔබට වැටහේවි.
~ අනෙකා සමාව ඉල්ලා සිටින තුරු පමා නොවන්න ~
ඔබට රිදවූ තැනැත්තා ඔබගෙන් සමාව ඉල්ලීමට නොපෙලබෙනවා විය හැක.ඔවුන්ට තවත් ඔබට රිදවන්නට අවශ්‍ය වනවා හෝ සිදු වූ වරද පිළිගන්නට ඔවුන් සූදානම් නැති වන්නට පුළුවනි.ඒ අය සමාව ගන්න තුරු පමා වුවහොත් ඔබට බොහෝ කල් බලා සිටීමට සිදුවන්නට පුළුවනි.කෙනෙකුට සමාව දෙන්නට ඔහු හෝ ඇය සමාව ඉල්ලා සිටින තුරුම පමා වන්නට අවශ්‍ය නැත.ඔවුන් සමාව ඉල්ලා නොසිටියත් ඔවුන්ට සමාව දී ඔවුන් කළ වරද අමතක කර දැමූ විට ඔබේ සිතට මහත් සැහැල්ලුවක් දැනෙනු නිසැකය.
~ ඔබේ විරුද්ධවාදියා වෙතින් පාලනය ඉවතට ගන්න ~
ඔබට රිදවූ තැනැත්තා සහ ඔබට ඔහු හෝ ඇය රිදවූ ආකාරය ගැන යළි යළිත් සිතන විට රිදෙන්නේ ඔබටමය.ඔබට රිදවීම එම තැනැත්තාගේ අරමුණයි.ඔබට රිදෙන්නේය යන්නෙහි අර්ථය පාලනය එම තැනැත්තා අත බවය.රිදීම ඉන් ඇති වූ වේදනාව ගැන දිගින් දිගට නොසිතා ඔබේ සිතිවිලි වෙනසකට යොමු කරන්න.සෙනෙහස, සෞන්දර්යය,කරුණාවන්තභාවය වැනි කාරණා ගැන සිතන විට ඔබේ සිත ඉබේටම සංසුන් වේවි.
~ අනෙකාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න ~
ඔහු හෝ ඇය ඔබට රිදවීමට හේතුව එම තැනැත්තාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න.ඊට හේතුව ඔබේ වරදක් වන්නට පුළුවන.එම වරදට සමාව නොදී එම තැනැත්තා ඔබ රිදවා ඇති වග ඔබට වැටහෙනු ඇත.සමාවේ වටිනාකම එවිට ඔබට හැගෙන්නේ නම් වහා එම පුද්ගලයාට සමාව දෙන්න.වරදක් නොකරම එම පුද්ගලයා ඔබට රිදවූවා වන්නටද පුළුවන.ඊට හේතුව ඊර්ෂ්‍යාව,කුහකකම,බිය හෝ එම තැනැත්තාට ආදරය නොලැබීම වැනි කාරණයක් වන්නට පුළුවන.එම පුද්ගලයාගේ අසරණකම ගැන සිතා සමාව දෙන්න.
~ සමාව දීමේ ප්රතිලාභ හදුනා ගන්න ~
පර්යේෂණ වලින් සනාථ වී ඇත්තේ සමාව දෙන පුද්ගලයා නිරෝගී දිවියක් ගත කරන බවය.ඔහු හොද ආහාර රුචියකින් යුක්ත අයෙකු මෙන්ම පහසුවෙන් නින්දට පිවිසිය හැකි අයෙකු බවද සනාථ වී තිබේ.
~ ඔබට සමාව දෙන්නට අමතක නොකරන්න ~
සමහර අයට තමන්ට සමාව දී ගැනීම විශාල අභියෝගයක් වෙනවා.ඔබ ඔබට සමාව නොදුනහොත් අහිමි වන්නේ ඔබේ ආත්ම විශ්වාසයයි.
සමාව දීම දේව ගතියකැයි පැවසුවද ප්‍රායෝගිකව එය කිරීමට අසීරු කාර්යකි.

යූ.එස්.ඒ.ටුඩේ ඇසුරිණි.

tfs