සමෘද්ධියට මග

sudunone

Member
May 23, 2009
3,781
121
0
සමෘද්ධියේ සොඳුරු මඟ

දෘෂ්ටි නොගෙන දාර්ශනික ඇසින් ලොව බලන්න.’ගොජ දමන ආශාව‘ හා ගිනිගන්නා වූ ද්වේශය නිසා යා යුතු නොයා යුතු මඟ නොහඳුනන මෝඩකම දහමින් සැනසුණු අයගේ ස්වභාවය නොවෙයි. මිනිසත්කම පාගාගෙන දහසක් දුර්ගුණ හැඟීම්වලට වහල් වූ මිනිසුන් රෝග කාරක බව ධර්මය දන්නා අය දනිති. චාම් දිවිපැවැත්ම අල්පේච්ඡතාවය, සංවේදී බව යනාදී යහපත් බෞද්ධ සාර ධර්ම මිනිසුන් තුළ වර්ධනය කරගත යුතුයි.


කලවාන කුකුලේගම,
ශ්‍රී කුසුමරුක්ඛාරාමයේ
කඳුබොඩ ධම්මරක්‍ඛිත හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස




“උට්ඨානවතො සතිමතො -
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්මජීවිනො -
අප්පමත්තස්ස යසෝහි වඩ්ඪති



ඉහත සඳහන් ගාථාවේ අදහස් වන යසස කුමක් ද? එය ඇති කරගන්නා මූලික කරුණු හතක් පෙන්වාදී ඇත. ‘යසස’ යනුවෙන් අදහස් කරන්නේ දියුණුවයි. අඩුවක් නැතිව තමාගේ බලාපොරොත්තු සියල්ල සමෘර්ධවීම තුළ ඇති සතුටයි. ‘ආධිපත්‍ය’ භෝගසම්පත්තිය, කීර්ති සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ඤාතිසම්පත්තිය, සම්මානය යන මේ කරුණු පරිපූර්ණත්වයයි.


මේවා නිකම් ඉබේ ලැබෙන්නෙ නැහැ. දෙවියන්ට යාතිකා ගීතිකා ගැයීමෙන් හෝ පෙර කර්මයෙන්ම ලැබෙනවායැයි සිතනවාට වඩා පුද්ගලයාගේ උට්ඨාන වීර්යය සිහිය, පිරිසුදු ක්‍රියා හා වචන නුවණැති බව සංවර පැවැත්ම ධාර්මික ජීවිතය අප්‍රමාදී බව යන සප්ත කරුණු විශේෂ වශයෙන් හේතුවන බව මේ ගාථාවේ අදහසයි.


‘නාචිතකයනෙතා පුරිසො මිසෙසමධිගච්ඡති’ නොසිතන්නා විශේෂත්වයකට නොපැමිණේ. සිතන අය ඉදිරියට නොසිතන අය එකම තැනක. එයයි ස්වභාවය. අද අපට ලැබී ඇති වපසරිය අවස්ථාව මොහොත ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම හැර ගුප්ත බලවේග පසුපස යාම තේරුමක් නැත. හැඟීම්වලට වහල්වුවහොත් මිනිසා තිරිසන් ස්වභාවයට ඇද වැටේ. අපට මිනිසත් බව ලැබුණේ තිරිසන් බවෙන් ‘ඔබ්බට යාමේ ප්‍රතිඵලයක් ලෙසිනි.


“උට්ඨානවතො” උට්ඨාන වීර්යය හෙවත් පුරුෂ බල පරාක්‍රමය දියුණුවට යොදා ගැනීමයි. වැරැදි දේට යොමුකළ වීර්යය, ‘මිච්ඡා ව්‍යායාමයයි. මිච්ඡා දිට්ඨිය පෙරටු කොට යන ගමන අසාර්ථකයි. සම්මා දිට්ඨිය පෙරටු කොට යන ගමන ප්‍රතිඵල සහිතයි. වෙහෙස මහන්සි වී උපයන ධනය පොදු පරමාර්ථ ඔස්සේ භුක්තිවිඳීම ප්‍රසංසනීයයි.


තරුණ ජවය හා හැමදෙනාගේම දුක නිවන්නට යොදා ගතහොත් සියලු ගැටුම් ප්‍රශ්න විසඳේවි. අපට බොහෝවිට අතීතය අමතක වෙනවා. එදා පැවති අවදානම දුක වේදනාව පසුකර ඇති මේ මොහොතේ ජාති, ආගම්, කුලමල, ප්‍රදේශ භේද ඉවතලා රටේ සමෘද්ධියට ඇපකැප විය යුතු ය.


සතිමතො, හොඳ සිහියෙන් එළඹෙන මොහොත සුපරීක්‍ෂාකාරීව ජීවත් විය යුතු ය.



සුචිකම්මස්ස - පිරිසුදු කාය කර්ම, වචීකර්ම හෙවත් සතුන් මැරීම සොරකම් කිරීම, කාම මිථ්‍යාචාර සහ අයහපත් වචනයෙන් ජීවත්වීමය.


නිසම්මකාරීනො - නුවණින් විනිවිද දැකීමයි.


සඤ්ඤතස්ස ඉන්ද්‍රිය සංවරයන් ඒ අනුව විනය ගරුක බව අපට අවශ්‍යයි.


ධම්ම ජීවිනො - ධාර්මික ජීවිතය මත්ද්‍රව්‍ය, මත්කුඩු, මස් වෙළඳාම ආදී අධාර්මික නරක අශෝබන විපත් සලසන දෙයින් වෙන් වී සිටීමයි.


අප්පමත්තස්ස - අප්‍රමාදී බවයි. මේ ගාථාවේ සඳහන් සියලු, කරුණු ඕනෑම පුද්ගලයෙකු නගා සිටුවීමට ‘යසස’ පිණිස හේතු වේ.


චරිත ශක්තිය නොපසුබට වීර්ය, පිරිපුන් බව සියලු බාධක මැඩ පවත්වා ඉදිරියට යෑමේ ශක්තිය සමඟ බුද්ධි ශක්තිය සියුම් ක්‍රියාකාරීත්වය හා ජව සම්පන්න බව ප්‍රබල අරමුණු කරා ගමන් කරන ඕනෑම කෙනෙකු දිරිමත් කිරීමට හේතුවනු ඇත.


උපුටාගැන්ම: බුදුසරණ
 

Similar threads