සයිටම් ඇති කළේ ගිය ආණ්ඩුව

chanaka

Well-known member
  • May 4, 2006
    3,208
    771
    113
    සයිටම් ඇති කළේ ගිය ආණ්ඩුව

    සයිටම් ඇති කළේ ගිය ආණ්ඩුව, මම එපා කියද්දි" - මයිනාපාළ සිරිසේන මාතියා.. :lol::lol:

    7QP4ZBT.jpg


    හිනා වෙන්න එපා , පව් අපේ ජනාධිපති..!!! :rolleyes::rolleyes:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113



    ඛේදවාචකයකින් අවසන් වීමට පෙර සයිටම් ගැටලූවට විසඳුමක් ලබා දෙමු..

    සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ල තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් එමෙන්ම එම සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ජාතික හෙළ උරුමයේ කනගාටුව පළ කිරීමට කැමැත්තෙමු.

    රජයේ අමාත්‍යාංශයක් තුළට ඇතුළු වී ශිෂ්‍යයන් විසින් උද්ඝෝෂණය කිරීම ජාතික හෙළ උරුමය අනුමත කරන්නේ නැත. එහෙත්, මෙවැනි උද්ඝෝෂණයන්ට පදනම් වූ හේතු කාරණා අවබෝධ කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. සයිටම් ගැටලූව යනු තව දුරටත් අධිකරණය උපයෝගී කරගෙන හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යන්ගෙන් දැන්වීම් පළ කරමින් විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එය ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටලූවකි. එනම්, එක් අතකින් ශ‍්‍රී ලංකාවට ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද හෝ ඒවා මේ රටේ ආරම්භ කොට පවත්වාගෙන යාමේ වාතාවරණයක් පවතීද යන ප‍්‍රතිපත්තිමය ගැටලූව මුලින්ම විසඳා ගත යුතුය. දෙවනුව, සයිටම් ආයතනය ආරම්භයේ සිට ක‍්‍රියාත්මක වී ඇති ආකාරය, ශිෂ්‍යයන්ගෙන් සහ සෞඛ්‍ය සේවයට අදාළ වෘතිකයන්ගෙන් ඊට එල්ලවන විරෝධය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් මේ රටේ ඇති බියකරු අතීත අත්දැකීම යන කරුණු සළකා බලමින් සයිටම් ආයතනයේ පැවැත්ම පිළිබඳව දේශපාලන තීරණයක් ගත යුතුය. මේ තීරණ දෙකම රජය විසින් නොපමාව ගත යුතු තීරණයන්ය. අප යළි යළිත් පෙන්වා දෙන්නේ මේ ගැටලූව විසඳීම කාලයට බාර දී නිහඬව සිටීමට උත්සාහ කිරීම ඉතා බියකරු ඛේදවාචකයකට පාර කැපීමක් වනු ඇති බවයි.

    පෙර කී ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටළු දෙක සම්බන්ධයෙන් අප පක්ෂයේ ස්ථාවරය ඉතා විස්තරාත්මකව සහ තාර්කිකව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමු. මේ රටේ බහුතර ජනතාව පමණක් නොව දේශපාලන නායකයන් පවා, සයිටම් වර්ගයේ ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකයේ ඉතා සුලබව ඇති දෙයක් ලෙස කල්පනා කළත් අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදිම ඇත්ත තත්ත්වය වන්නේ ලෝකයේ දියුණු රටවල එබඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිසිසේත්ම නොමැති බවයි. ලෝකයේ දියුණු රටවල් සියල්ලම උසස් අධ්‍යාපනය සළකන්නේ සාමාජයීය වගකීමක් ලෙස විනා, ධනෝපායන මාර්ගයක් ලෙස නොවේ. එසේම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම තීරණයේ අනිටු පළවිපාක අත් විඳිමින් සිටිති.

    ඒ අනුව, අප පක්ෂයේ ස්ථාවරය වන්නේ ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ නොකළ යුතුය යන්නයි. දෙවනුව, සයිටම් ආයතනය මුල පටන්ම ක‍්‍රියාත්මක වී ඇති වංචනික ආකාරය නිසා වගකීම් සහගත රජයකට එවැන්නකට සහයෝගය දීමේ කිසිදු අවකාශයක් ඉතිරි වී නොමැත. එම නිසා, තවදුරටත් පමා නොවී, සයිටම් ආයතනය වහාම වසා දැමීමට ක‍්‍රියාත්මක වීම සුදුසුය යන්න අපගේ ස්ථාවරයයි. රජයේ අමාත්‍යංශයකට ශිෂ්‍යයන් ඇතුළු වූ විට ඔවුන්ව පොලිස් බලය යොදා ඉවත් කිරීමට සිදුවන බව අපිද පිළිගන්නෙමු.

    එහෙත්, විද්‍යුත් මාධ්‍යයන්ගෙන් විකාශනය වූ මෙම පහරදීමට අදාළ දර්ශන මගින් පෙනී යන්නේ පොලීසිය පමණ ඉක්මවා බලය යොදන බවකි. විශේෂයෙන්ම, පොලීසිය විසින් සිසුන්ව පලවා හරිනු වෙනුවට ඔවුන්ව කොටු කරගෙන පහරදෙන බවක් එකී දර්ශනයන්ගෙන් පෙනී ගියේය. සයිටම් ආයතනයට විරුද්ධ සිසුන් සම්බන්ධයෙන් එබඳු පරිමාණයකින් සහ ස්වභාවයකින් නීතිය ක‍්‍රියාත්මක වෙත්දීම, ගිනි අවි ආඥා පනත යටතේ ඇප දිය නොහැකි වරදක් කර ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරි සමීර සේනාරත්න නැමැත්තාට එරෙහිව තවමත් කිසිදු ලෙසකින් හෝ නීතිය ක‍්‍රියාත්මක වී නැත. එසේම, සයිටම් ආයතනය විසින් බරපතල ලෙස නීතිය උල්ලංඝනය කර ඇති අවස්ථාවන් ගණනාවක් තිබෙතත් ඒවාට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. මෙසේ එක් පාර්ශ්වයකට එරෙහිව පමණක් නීතිය ක‍්‍රියාත්මක වීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. එසේම සයිටම් ආයතනයට වාසි සහගත දැන්වීම් විශාල ප‍්‍රමාණයක් රජයේ වියදමින් ප‍්‍රචාරය කිරීමද යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුමය.

    ඒ අනුව, විනය ගරුකව සහ ඉවසීමෙන් යුතුව තම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින අතරම සයිටම් ආයතනය අහෝසි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

    දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
    සභාපති
    ජාතික හෙල උරුමය



    Lol

    එහෙම උන්ට නේද මේ කට්ටිය කඩේ යන්නෙ ...

    මහින්ද දැන් විරුද්ධ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපොයි...හුටන්ට උනොත් වෙන්නෙම ඔය වගේ රෙද්දක් තමයි...කෝ බන් මූට චන්දෙ දුන්න නිවට රැල..:lol::lol::lol::lol:
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,208
    771
    113
    අනේ අපොයි...හුටන්ගෙ උනොත් වෙන්නෙම ඔය වගේ රෙද්දක් තමයි...කෝ බන් මූට චන්දෙ දුන්න නිවට රැල..:lol::lol::lol::lol:

    :lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,652
    28,684
    113
    Oya open karala thiyenne Neville Fernando Hospital ekane. Me thiyenne SAITM gana :lol::lol::lol:

    saitm1.jpg

    saitm2.jpg


    Sources:
    http://documents.gov.lk/files/egz/2011/8/1721-19_S.pdf
    http://documents.gov.lk/files/egz/2011/8/1721-19_E.pdf
    http://documents.gov.lk/files/egz/2013/9/1829-36_E.pdf
    http://documents.gov.lk/files/egz/2013/9/1829-36_S.pdf

    http://documents.gov.lk/en/exgazette.php

    Number: 1721/19
    Date: 2011-08-30
    Description: Ministry of Higher Education - The South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd - (SAITM) as a Degree Awarding Institute for the purpose of developing higher education therein leading to the award of the Degree of Bachelor of Medicine and Bachelor of Surgery (MBBS)


    Number: 1829/36
    Date: 2013-09-26
    Description: Ministry of Higher Education - Order to amend the order of recognizing the South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. (SAITM)


    මහින්දයි ඒකාබද්ධේ පාදෙනියයි දැන් විරුද්දයිලු :lol::lol::lol:

    wimal023padeniya.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැ නැ මහින්ද ඉන්නකොට මෙතුමාගේ ඔලුවට තුවක්කුවක් තියෙල මරනවා කියල බයකරලා තමයි ඕක විවුර්ත කරලා තියෙන්නේ හිටන් ..

    දැන් බය නෑලු ජනතාව එක්ක මේකට විරුද්දව පාරට බහිනවලු හිටන් ..

    දැන් එතකොට කවද ජනාදිපති ? තාමත් මහින්දද ?
    :lol::lol::rofl::rofl::lol: