Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් භීෂණය ඈතක නො වේ

සයිටම් භීෂණය ඈතක නො වේ

අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න. හැකිනම් පෙබරවාරි එක ලිපිය ද කියවන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන් වන්නේ විසි තිස් දහසකට ජීවිත අහිමි වීමෙන් ද? මෙහි දී දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරනවා නම් හොඳයි. ඒත් දේශපාලන පක්ෂවලින් හා ක්‍රියාකාරීන්ගෙන් එසේ කටයුතු කිරීමට ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනියි. භීෂණය අස්සේ ම ආණ්ඩුව නව ව්‍යවස්ථාවත් සම්මත කර ගනීවි. මා භීෂණය පෞද්ගලිකවත් හොඳාකාරව දන්නවා. 1987- 89 කාලයේ දී ආණ්ඩුවෙන් මෙන් ම ජ වි පෙරමුණෙන් ද මට ජීවිත තර්ජන තිබුණා. මා ඉන් බේරුණේ මගේ ගුරුවරයාගේත් උපකාරයෙන් එංගලන්තයට ගිහිල්ලා. එයට සමහරු විරුද්ධ වෙන්නත් පුළුවන්. ඇයි එංගලන්තයට ගියේ කියලා ඒ අය අහන්න පුළුවන්. සමහරු ඉංගිරිසි වාග් සම්ප්‍රදායෙ ප්‍රකාශ සිංහලෙන් කියනවාටත් විරුද්ධයි. අප විරුද්ධ වුවත් අපට ඒවා යොදා ගන්න සිදුවෙලා. මෙහි සිට මරණයට මුහුණ දුන්නෙ නැත්තෙ එහෙමත් නැත්නම් වෙනත් රටකට ගියේ නැත්තෙ මොකද කියලා අහන්න පුළුවන්. මගේ ගුරුවරයාගේ ද නිර්දේශයෙන් මට ලංඩනයේ රාජකීය සංගමයේ අධිශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු දැන් මිය ගිහින්. මා තවමත් සයිටම් ගැන කතාකිරීමට ජීවත් ව ඉන්නවා. ඒත් මේ ලිපි කියවන බොහෝ දෙනකු මා කියන දේට විරුද්ධයි. ඔවුන් හොඳ සමාජවාදීන් වෙන්න ඇති. නිදහස් අධ්‍යාපනය රකින්න පෙරුම්පුරා ගෙන ඉපදුණු අය වෙන්න ඇති. මා නිදහස් අධ්‍යාපනය ගැන කිසිම කැක්කුමක් නැති අයකු, නැගපු ඉණිමගට පයින් ගහපු අයකු ලෙසත් හිතනවා ඇති.

මේ අයගෙන් කී දෙනකු විශ්වවිද්‍යාල පනත, අදාළ අභියාචනාධිකරණ නඩු තින්දුව ආදිය කියවා ඇත් ද කියා මා දන්නේ නැහැ. ඔවුන්ට ඒ කිසිවක් නොකියවා නිගමනවලට ඒමේ හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. මට නම් එහෙම ශක්තියක් නැහැ. මා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත හා රෙගුලාසි ගැන නම් අවුරුදු හතළිහක පමණ කාලයක් තිස්සේ දන්නවා. අභියාචනාධිකරණ තීන්දුවත් මා කියෙවුවා. මට ඒ තීන්දුව ලබා දුන්නේ වෛද්‍යවරයෙක්. මා ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. ඔහු මොන අදහසකින් එය ලබා දුන්නා ද කියාත් දන්නේ නැහැ. අද මුහුණුපොතේ ජාතික චින්තන කණ්ඩායමත් කාලෝ ෆොන්සේකා උපුටා දක්වනවා. ඔවුන්ට මා ද්‍රෝහියකු වෙලා. අනේ කාලේ වනේ වාසේ.

මට බටහිර වෛද්‍ය විද්යාවවත් බටහිර නීතියවත් (රෝම ලන්දේසි නීතියවත්) ලොකු නැහැ. ඒත් අද අධිකරණ නායක හිමිවරුන්ටත් ඇතැම් කරුණු නිරාකරණය කර ගැනීමට උසාවියට වැඩම කරන්න සිදුවෙලා. අපට වෙන කරන්න දෙයක් නැහැ. පාරට බැහැලා ජීවිත නැතිකරන්න වුවමනාවකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව හා නීතිය කියන්නෙ ක්ෂෙත්ර දෙකක් බව කියලා දෙන්න පඬියන් අවශ්‍ය නැහැ. නීතිය බූරුවෙක් කියන එකත් බටහිර කියමනක්. ඒත් අපට ඒ බූරුව අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවත් අවශ්‍ය වෙනවා.

නීතියට වෛද්‍යවරයකු බිහි කරන්න බැහැයි කියන එක අන්තිම බාල කියුමක්. එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවලා තියෙන්නෙත් නීතියෙන්. ඒ සඳහාත් ආඥා පනතක් තියෙනවා. වෛද්‍ය සභාව ඕපපාතිකව පහළ වුණු දෙයක් නො වෙයි. නීතිය නැත්නම් වෛද්‍ය සභාවක්වත් ඒ සභාවෙ ලියාපදිංචි වෛද්‍යවරුන්වත් නැහැ. කෙටියෙන් කිවුවොත් බටහිර විධියට වෛද්‍යවරුන් නැහැ. අපේ රටේ වෙදමහත්වරුන්ට ඔය නීති තිබුණේ නැහැ. ගුරුවරයකුගෙන් ඉගෙන ගත්ත රෝගීන් සුවපත් කරන වෙදමහත්වරුන් හමුවෙන්න රෝගීන් ගියා. එච්චරයි. කෘෂිරසායනික වකුගඩු රෝගය සුවකරන්න පුළුවන් වෙදමහත්වරුන් ඉන්නවා. වරක් ඒ වෙදමහත්තයකු ගැන වාර්ත වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට එක් නාළිකාවකින් ගියා. ඔවුන් දීන කමට අපෙන් ඉල්ලා සිටියේ රෝගය සනීප වූ බවට බටහිර වෛද්‍ය සහතික දෙන්න කියා. අපේ වෙදකම බටහිර වෙදකමේ ආධිපත්‍යයට යට කරන්න මා කැමති වූයේ නැහැ. කතාව එතැනින් ම අවසන් වුනා. රුපවාහිනි නාළිකා පවතින්නේ මේ දෙරණ මත නොවෙයි.

වෛද්‍ය සභාවටත් කටයුතු කළ හැකි රාමුවක් නීතියෙන් සකසා තිබෙනවා. එය සකසා ඇත්තේ වෛද්‍ය විද්යවෙන් නො වෙයි. වෛද්‍ය සභාව නිසි අයුරෙන් කටයුතු කර ඇත්දැයි නිගමනය කෙරෙන්නේ නීතියෙන්, අධිකරණයෙන්. අප මේ සරල කාරණය තේරුම් නොගෙන වෛද්‍ය විද්‍යාව හා නීතිය යනු ක්ෂෙත්ර දෙකක් බවටත් නීතිය බුරුවකු බවටත් කරන පඬි ප්‍රකාශ තුට්ටුවකට ගණන් ගත යුතු නැහැ. වැඩිම වුවොත් ඒවා රැල්ල සමග යෑමට, ජනප්‍රිය වීමට කරන බාල හා ලාබ ප්‍රකාශ පමණයි.

අභියාචනාධිකරණ තීන්දුච අවශ්‍ය වුවහොත් පසු දිනෙක කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. අභියාචනාධිකරණය ඉතා පැහැදිලිව කියනවා වෛද්‍ය සභාව තමන්ට නීතියෙන් දී ඇති බලය ඉක්මවා ක්‍රියා කර තිබෙන බව. නීතියෙන් එයට කියන්නේ අල්ට්රා වයිරෙස් කියායි. නීතියෙන් දී ඇති බලය ඉක්මවා කටයුතු කරන්න කිසිවකුටවත් බැහැ. ඇතැම් විට අප කියනවා සියළු දෙනා නීතියට යටයි කියලා. වෛද්‍ය සභාවත් නීතියට යටයි. වෛද්‍ය සභාවටත් නීතිය ඉක්මවා කටයුතු කරන්න බැහැ.

එමෙන් ම අභියාචනාධිකරණය පෙන්නුම් කර දෙනවා වෛද්‍ය සභාව සයිටම්හි හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් දෙවිධියකට ක්‍රියා කර තිබෙන බව. අධිකරණය වෛද්‍ය සභාව හිතාමතා නපුරක් (මාලා ෆිඩෙ) කළාය කියා කියන්නේ නැහැ. එහෙත් දෙවිධියකට සලකා ඇති බව නම් කියනවා. පෙත්සම්කාර ශිෂ්‍යාව ඉල්ලා ඇත්තේ වෛද්‍ය සභාවේ යාවකාලීන (ප්‍රොවිෂනල්) ලියාපදිංචියක්. අභියාචනාධිකරණය තිරණය කර ඇත්තේ එකී ශිෂ්‍යාවට ඒ ලියාපදිංචිය දීමට නෛතික බාධාවක් නැති බවයි. වෛද්‍ය සභාව එය නොපිළිගන්නේ නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිය හැකියි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් කොතෙකුත් අඩුපාඩුකම් තිබෙනවා. අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක්වත් නැහැ. සයිටම්හි මා හිතන්නේ වෛද්‍ය උපාධියට අමතරව තවත් උපාධිවලට උගන්වනවා. ඒ සම්බන්ධයෙන් අන්තරේට ප්‍රශ්න නැතිවා වගෙයි. සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළු වී ඇත්තේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්. ඔවුන්ට උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහිත ව සාමාර්ථ තුනක් තිබෙන බව කියනවා. ඔවුන්ට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට නොහැකි වී ඇත්තේ සුදුසුකම් නොමැති නිසා නොව අධ්‍යාපන ක්රමයේ හා ඇතුළත් කර ගැනීමේ නිර්ණායකවල ඇති ප්‍රශ්න නිසයි. දිස්ත්‍රික්ක මත පදනම් වී ඇතුල් කිරීම මෙහි දී බලපානවා. මුදල් ගෙවා උපකාරක පන්තිවලට යන්නේ ඒ දිස්ත්‍රික්කයේ ම දරුවන් පමණක් නො වෙයි. අප දැනගත යුත්තේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීම සහ ඇතුළත් කිරීම යනු එකක් නොව දෙකක් බව. උසස් පෙළ පරීක්ෂණයට මෙතරම් වැදගත් තැනක් ලැබී ඇත්තේ තරගකාරීත්වය නිසා. අපේ කාලයේ උසස් පෙළ පරීක්ෂණයක් තිබුණේ නැහැ. එකල තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය. එකල විෂය හතරකට පෙනී සිටිමට සිදු වුනා. ඉන් විෂය දෙකක් පමණක් සමත් අයත් පසු කලෙක වෛද්‍ය පීඨවලත් මහාචාර්යවරු වුනා. කාලෝගෙන් අහලා බලන්න. අප සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි. ඔවුන් ඉල්ලන්නේ යාවකාලීන ලියාපදිංචියක්. ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්නේත් නැති නම් සිසුන් ඇතුළත් කිරීම සඳහා ක්‍රමයක් සකස්කර ගැනීමටත් නොහැකි නම් එයින් කියැවෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව ප්රතික්ෂෙප කිරීමක් හා අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව බලධාරීන් ලබාගෙන ඇති අධ්‍යාපනයේ ද ඇති දුර්වලකමක්.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 08

-කාලය වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී-

[QUOTE="sanjaya22, post: 21224562, member: 440978"] [b]සයිටම් භීෂණය ඈතක නො වේ[/b] [SIZE="3"] සයිටම් භීෂණය ඈතක නො වේ අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න. හැකිනම් පෙබරවාරි එක ලිපිය ද කියවන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන් වන්නේ විසි තිස් දහසකට ජීවිත අහිමි වීමෙන් ද? මෙහි දී දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරනවා නම් හොඳයි. ඒත් දේශපාලන පක්ෂවලින් හා ක්‍රියාකාරීන්ගෙන් එසේ කටයුතු කිරීමට ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනියි. භීෂණය අස්සේ ම ආණ්ඩුව නව ව්‍යවස්ථාවත් සම්මත කර ගනීවි. මා භීෂණය පෞද්ගලිකවත් හොඳාකාරව දන්නවා. 1987- 89 කාලයේ දී ආණ්ඩුවෙන් මෙන් ම ජ වි පෙරමුණෙන් ද මට ජීවිත තර්ජන තිබුණා. මා ඉන් බේරුණේ මගේ ගුරුවරයාගේත් උපකාරයෙන් එංගලන්තයට ගිහිල්ලා. එයට සමහරු විරුද්ධ වෙන්නත් පුළුවන්. ඇයි එංගලන්තයට ගියේ කියලා ඒ අය අහන්න පුළුවන්. සමහරු ඉංගිරිසි වාග් සම්ප්‍රදායෙ ප්‍රකාශ සිංහලෙන් කියනවාටත් විරුද්ධයි. අප විරුද්ධ වුවත් අපට ඒවා යොදා ගන්න සිදුවෙලා. මෙහි සිට මරණයට මුහුණ දුන්නෙ නැත්තෙ එහෙමත් නැත්නම් වෙනත් රටකට ගියේ නැත්තෙ මොකද කියලා අහන්න පුළුවන්. මගේ ගුරුවරයාගේ ද නිර්දේශයෙන් මට ලංඩනයේ රාජකීය සංගමයේ අධිශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු දැන් මිය ගිහින්. මා තවමත් සයිටම් ගැන කතාකිරීමට ජීවත් ව ඉන්නවා. ඒත් මේ ලිපි කියවන බොහෝ දෙනකු මා කියන දේට විරුද්ධයි. ඔවුන් හොඳ සමාජවාදීන් වෙන්න ඇති. නිදහස් අධ්‍යාපනය රකින්න පෙරුම්පුරා ගෙන ඉපදුණු අය වෙන්න ඇති. මා නිදහස් අධ්‍යාපනය ගැන කිසිම කැක්කුමක් නැති අයකු, නැගපු ඉණිමගට පයින් ගහපු අයකු ලෙසත් හිතනවා ඇති. මේ අයගෙන් කී දෙනකු විශ්වවිද්‍යාල පනත, අදාළ අභියාචනාධිකරණ නඩු තින්දුව ආදිය කියවා ඇත් ද කියා මා දන්නේ නැහැ. ඔවුන්ට ඒ කිසිවක් නොකියවා නිගමනවලට ඒමේ හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. මට නම් එහෙම ශක්තියක් නැහැ. මා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත හා රෙගුලාසි ගැන නම් අවුරුදු හතළිහක පමණ කාලයක් තිස්සේ දන්නවා. අභියාචනාධිකරණ තීන්දුවත් මා කියෙවුවා. මට ඒ තීන්දුව ලබා දුන්නේ වෛද්‍යවරයෙක්. මා ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. ඔහු මොන අදහසකින් එය ලබා දුන්නා ද කියාත් දන්නේ නැහැ. අද මුහුණුපොතේ ජාතික චින්තන කණ්ඩායමත් කාලෝ ෆොන්සේකා උපුටා දක්වනවා. ඔවුන්ට මා ද්‍රෝහියකු වෙලා. අනේ කාලේ වනේ වාසේ. මට බටහිර වෛද්‍ය විද්යාවවත් බටහිර නීතියවත් (රෝම ලන්දේසි නීතියවත්) ලොකු නැහැ. ඒත් අද අධිකරණ නායක හිමිවරුන්ටත් ඇතැම් කරුණු නිරාකරණය කර ගැනීමට උසාවියට වැඩම කරන්න සිදුවෙලා. අපට වෙන කරන්න දෙයක් නැහැ. පාරට බැහැලා ජීවිත නැතිකරන්න වුවමනාවකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව හා නීතිය කියන්නෙ ක්ෂෙත්ර දෙකක් බව කියලා දෙන්න පඬියන් අවශ්‍ය නැහැ. නීතිය බූරුවෙක් කියන එකත් බටහිර කියමනක්. ඒත් අපට ඒ බූරුව අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවත් අවශ්‍ය වෙනවා. නීතියට වෛද්‍යවරයකු බිහි කරන්න බැහැයි කියන එක අන්තිම බාල කියුමක්. එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවලා තියෙන්නෙත් නීතියෙන්. ඒ සඳහාත් ආඥා පනතක් තියෙනවා. වෛද්‍ය සභාව ඕපපාතිකව පහළ වුණු දෙයක් නො වෙයි. නීතිය නැත්නම් වෛද්‍ය සභාවක්වත් ඒ සභාවෙ ලියාපදිංචි වෛද්‍යවරුන්වත් නැහැ. කෙටියෙන් කිවුවොත් බටහිර විධියට වෛද්‍යවරුන් නැහැ. අපේ රටේ වෙදමහත්වරුන්ට ඔය නීති තිබුණේ නැහැ. ගුරුවරයකුගෙන් ඉගෙන ගත්ත රෝගීන් සුවපත් කරන වෙදමහත්වරුන් හමුවෙන්න රෝගීන් ගියා. එච්චරයි. කෘෂිරසායනික වකුගඩු රෝගය සුවකරන්න පුළුවන් වෙදමහත්වරුන් ඉන්නවා. වරක් ඒ වෙදමහත්තයකු ගැන වාර්ත වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට එක් නාළිකාවකින් ගියා. ඔවුන් දීන කමට අපෙන් ඉල්ලා සිටියේ රෝගය සනීප වූ බවට බටහිර වෛද්‍ය සහතික දෙන්න කියා. අපේ වෙදකම බටහිර වෙදකමේ ආධිපත්‍යයට යට කරන්න මා කැමති වූයේ නැහැ. කතාව එතැනින් ම අවසන් වුනා. රුපවාහිනි නාළිකා පවතින්නේ මේ දෙරණ මත නොවෙයි. වෛද්‍ය සභාවටත් කටයුතු කළ හැකි රාමුවක් නීතියෙන් සකසා තිබෙනවා. එය සකසා ඇත්තේ වෛද්‍ය විද්යවෙන් නො වෙයි. වෛද්‍ය සභාව නිසි අයුරෙන් කටයුතු කර ඇත්දැයි නිගමනය කෙරෙන්නේ නීතියෙන්, අධිකරණයෙන්. අප මේ සරල කාරණය තේරුම් නොගෙන වෛද්‍ය විද්‍යාව හා නීතිය යනු ක්ෂෙත්ර දෙකක් බවටත් නීතිය බුරුවකු බවටත් කරන පඬි ප්‍රකාශ තුට්ටුවකට ගණන් ගත යුතු නැහැ. වැඩිම වුවොත් ඒවා රැල්ල සමග යෑමට, ජනප්‍රිය වීමට කරන බාල හා ලාබ ප්‍රකාශ පමණයි. අභියාචනාධිකරණ තීන්දුච අවශ්‍ය වුවහොත් පසු දිනෙක කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. අභියාචනාධිකරණය ඉතා පැහැදිලිව කියනවා වෛද්‍ය සභාව තමන්ට නීතියෙන් දී ඇති බලය ඉක්මවා ක්‍රියා කර තිබෙන බව. නීතියෙන් එයට කියන්නේ අල්ට්රා වයිරෙස් කියායි. නීතියෙන් දී ඇති බලය ඉක්මවා කටයුතු කරන්න කිසිවකුටවත් බැහැ. ඇතැම් විට අප කියනවා සියළු දෙනා නීතියට යටයි කියලා. වෛද්‍ය සභාවත් නීතියට යටයි. වෛද්‍ය සභාවටත් නීතිය ඉක්මවා කටයුතු කරන්න බැහැ. එමෙන් ම අභියාචනාධිකරණය පෙන්නුම් කර දෙනවා වෛද්‍ය සභාව සයිටම්හි හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් දෙවිධියකට ක්‍රියා කර තිබෙන බව. අධිකරණය වෛද්‍ය සභාව හිතාමතා නපුරක් (මාලා ෆිඩෙ) කළාය කියා කියන්නේ නැහැ. එහෙත් දෙවිධියකට සලකා ඇති බව නම් කියනවා. පෙත්සම්කාර ශිෂ්‍යාව ඉල්ලා ඇත්තේ වෛද්‍ය සභාවේ යාවකාලීන (ප්‍රොවිෂනල්) ලියාපදිංචියක්. අභියාචනාධිකරණය තිරණය කර ඇත්තේ එකී ශිෂ්‍යාවට ඒ ලියාපදිංචිය දීමට නෛතික බාධාවක් නැති බවයි. වෛද්‍ය සභාව එය නොපිළිගන්නේ නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිය හැකියි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් කොතෙකුත් අඩුපාඩුකම් තිබෙනවා. අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක්වත් නැහැ. සයිටම්හි මා හිතන්නේ වෛද්‍ය උපාධියට අමතරව තවත් උපාධිවලට උගන්වනවා. ඒ සම්බන්ධයෙන් අන්තරේට ප්‍රශ්න නැතිවා වගෙයි. සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළු වී ඇත්තේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්. ඔවුන්ට උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහිත ව සාමාර්ථ තුනක් තිබෙන බව කියනවා. ඔවුන්ට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට නොහැකි වී ඇත්තේ සුදුසුකම් නොමැති නිසා නොව අධ්‍යාපන ක්රමයේ හා ඇතුළත් කර ගැනීමේ නිර්ණායකවල ඇති ප්‍රශ්න නිසයි. දිස්ත්‍රික්ක මත පදනම් වී ඇතුල් කිරීම මෙහි දී බලපානවා. මුදල් ගෙවා උපකාරක පන්තිවලට යන්නේ ඒ දිස්ත්‍රික්කයේ ම දරුවන් පමණක් නො වෙයි. අප දැනගත යුත්තේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීම සහ ඇතුළත් කිරීම යනු එකක් නොව දෙකක් බව. උසස් පෙළ පරීක්ෂණයට මෙතරම් වැදගත් තැනක් ලැබී ඇත්තේ තරගකාරීත්වය නිසා. අපේ කාලයේ උසස් පෙළ පරීක්ෂණයක් තිබුණේ නැහැ. එකල තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය. එකල විෂය හතරකට පෙනී සිටිමට සිදු වුනා. ඉන් විෂය දෙකක් පමණක් සමත් අයත් පසු කලෙක වෛද්‍ය පීඨවලත් මහාචාර්යවරු වුනා. කාලෝගෙන් අහලා බලන්න. අප සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි. ඔවුන් ඉල්ලන්නේ යාවකාලීන ලියාපදිංචියක්. ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්නේත් නැති නම් සිසුන් ඇතුළත් කිරීම සඳහා ක්‍රමයක් සකස්කර ගැනීමටත් නොහැකි නම් එයින් කියැවෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව ප්රතික්ෂෙප කිරීමක් හා අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව බලධාරීන් ලබාගෙන ඇති අධ්‍යාපනයේ ද ඇති දුර්වලකමක්. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]https://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 පෙබරවාරි 08 -කාලය වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom