සයිටම් ගැන

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සයිටම් ගැන අභියාචනාධිකරණය තීන්දුවක් දීලා. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ උපාධිය පිළිගැනීමට නීත්‍යානුකූල බාධාවක් නැති බවත් අධිකරණ තීන්දුවෙන් කියැවෙනවා. සයිටම් වෛද්‍ය උපාධිය පිළිගැනීම කළ හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පමණයි. ඉන්පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය පිළිගත් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියල්ල රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදු වූවා. ඒ බව ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ව කිවුවේ නැහැ. එය දේශපාලන කුහක කමක්. එකල උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායකයි.

    ප්‍රශ්නය වූයේ උපාධිය පිළිගැනීම නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් මෙරට බටහිර වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කරන්නේ ද නැද්ද යන්නයි. වෛද්‍ය සභාව කියා සිටියේ සයිටම් උපාධිධාරීන් එසේ ලියාපදිංචි නොකරන බවයි. වෛද්‍ය සභාව එහි දී කළ යුතුව තිබුණේ සයිටම් උපාධිධාරීන් බටහිර වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට මේ මේ දේ සපුරාලිය යුතු යැයි කීමයි. එය නිසි අයුරින් කළ බවක් පෙනෙන්න නැහැ. එහෙත් අධිකරණ තීන්දුවක් අනුව මේ උපාධිධාරීන්ට අවිස්සාවේල්ල රජයේ රෝහලේ පුහුණුවක් දිය යුතු බව කියැවුනා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට විරුද්ධ වුනා. ඔවුන්ගේ තර්කය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට රජයේ රෝහලක පුහුණුව ලබා දීම තමන්ට නෛතික ප්‍රශ්න ඇති කළ හැකි බවයි. එසේ පුහුණුවක් ලබා දීම ප්‍රශ්නයක් විය හැකියි. කෙසේ නමුත් ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වුනේ නැහැ.
    එසේ පුහුණුවක් ලබාදිමේ ප්‍රශ්නයක් ඇති නමුත් බටහිර වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කරන අතර පෞද්ගලික සේවයේ ද යෙදෙනවා. එහි යම් පරස්පරයක් තිබෙනවා. සයිටම් උපාධිධාරීන්ට ලැබෙන පුහුණුව මදි නම් සයිටම් රෝහලේ ම රජයේ වෛද්‍යවරුන් ලවා ද පුහුණුවක් ලබා දීමටත් එහි පහසුකම් තවත් වැඩි කිරීමටත් කටයුතු කළ හැකියි. ඇතැමුන් නම් කියන්නේ රජයේ සමහර වෛද්‍ය පීඨවලින් ලැබෙන පුහුණුවට වඩා හොඳ පුහුණුවක් සයිටම් ආයතනයෙන් ලැබෙන බවයි. සයිටම් ප්‍රශ්නය අවුල් වූයේ නිිදහස් අධ්‍යාපනය යනු කුමක් ද යන්න පිළිබඳ වැටහීමක් සිසුනට නැතිවීම නිසයි. ඔවුන් කළේ අන්තරයේ මෙහෙයවීමෙන් සටන්පාඨ කීම පමණයි. හොර උපාධි කඩය, උපාධිය මුදලට විකිණීම ආදිය පෙරටුගාමී හා ජ වි පෙ නායකයන් හදා දුන් තේරුමක් නැති සටන්පාඨ පමණයි. මේ අය රටේ ඒකීයභාවය වෙනුවෙන් නම් සටන්පාඨ කියවන්නේ නැහැ. එසේ නොකරන්නේ දෙමළ ශිෂ්‍යයන් ද ඇති බැවින් ද? මේ සියල්ල පිටුපස කසිකබල් මාක්ස්වාදය තිබෙනවා. මාක්ස්වාදය යනු කිසි දිනෙක වලංගු නොවූ මාක්ස්ගේ හිතලුවක් පමණයි. ඇතැමුන්ට මාක්ස්වාදයෙන් ගැලවෙන්න බැහැ.

    සයිටම් සම්බන්ධයෙන් මා 2016 අගෝස්තු 10, 11, 14 හා 18 දිනවල කාලය වෙබ් අඩවියේ ලිපි හතරක් ලිවුවා. ඒ ලිපිවලින් පාඨ කිහිපයක් උපුටා දැක්වීම සුදුසු යැයි සිතනවා. දහවැනි දා ලිපියේ මෙසේ සඳහන් වූවා. “වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙනවා. අද මාලබේ ප්‍රශ්නය ඔවුන්ගෙ උපාධිය පිළිගන්නව ද නැද්ද කියන එක නෙවෙයි. වෛද්‍ය සභාව ඒ උපාධිය වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා පිළිගන්නව ද කියන එක. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස්. එහි ප්‍රශ්නය වුනෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙ සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක වෙනස් කියලා. උසස් පෙළ ජෛවීය විද්‍යා ධාරාවේ නැති විෂය සමත් වුවත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වුනා. ඒක තනියම ගත්තම නම් ප්‍රශ්නයක් නෙවෙයි. උසස් පෙළ නැතත් කාට හරි අවශ්‍ය නම් ඕනෑම උපාධියක් ලබාගන්න හැකි විය යුතුයි. 1971 දි අප පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ශාස්ත්‍ර පීඨ සිසුන්ට උපාධියට ගණිතය උගන්වන්න පටන්ගත්ත. ඒ සිසුන් උසස් පෙළට ගණිතය හදාරල තිබුණෙ නැහැ. ඒ අය පසුව උපාධිධාරීන් ලෙස ගණිත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ගණිත උපදේශකවරුන් පරිපාලන නිලධාරීන් ආදීන් හැටියට කටයුතු කළා.”

    මේ ඡෙදය අගොස්තු 11 වැනි දා ලිපියෙන්. “ඉංගිරිසි කාලෙත් නිදහස් අධ්‍යාපනයක් තිබුණා. අද නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙනීම සඳහා තමන් මුදල් ගෙවන්නේ නැහැ කියන එක. ඒ කාලෙ සිංහලෙන් හරි දෙමළෙන් හරි ඉගැන්වූ පාසල්වල මුදල් අයකෙළේ නැහැ. ….. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ රජයේ පාසල්වල. ඇතැම් රජයේ නොවන පාසල් ද කන්නන්ගර මහතා අනුගමනය කළා. එහෙත් නිදහස් අධ්‍යාපනය නැති පාසල් කොටසක් ඉතිරි වූනා. අදත් ඒ සමහර පාසල්වල අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් මුදල් අය කරනවා. කිසිවකු අද ඒ පාසල් රජයට ගත යුතුය කියා උද්ඝෝෂණය කරනු මා අසා නැහැ. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය නැති බැරි අයට නොගෙවා අධ්‍යාපනය ලබා දීමට මිස ඇති හැකි අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම වැළැක්වීමට නොවෙයි. අප මේ කරුණ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම යනු කිසිම අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබාගැනීම නැති කිරීම නොවෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්, ශාන්ත ජෝසෆ් ආදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි අද හැමෝම පාහේ යන ආධාරක පංති පවත්වන්නත් බැහැ.” කන්නන්ගර නිදහස් අධ්‍යාපනය බලපෑවෙ ඉංගිරිසි පාසල්වලට බව අමතක නොකළ යුතුයි.

    අගොස්තු 14 වැනි දා ලිපියේ මෙසේ කිවුවා. “ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුල්වෙන්න බැරි අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්න හැකියාවක් තියෙන්න බැහැ කියන එක කිසිම පදනමක් නැති කතාවක්. ඒක වෛද්‍ය උපාධියෙ ඇති ඊනියා වටිනාකම අනුව ඇති කරගත් හැඟීමක් නිසා කියන කතාවක්. අද ඉංජිනේරු පීඨවලට ඇතුල්වෙන්න බැරිවුනු අය මෙන් ම වෙනත් හේතුන් නිසා එසේ ඇතුල් නොවූ අයත් පෞද්ගලික විද්‍යාලවලට ගිහින් ඉංජිනේරු, තොරතුරු තාක්‍ෂණ ආදී උපාධි ගන්නවා. සමහරු පිටරට විශ්වවිද්‍යාලවලට යනවා”

    අගොස්තු 18 වැනි දා ලිපියෙන් මේ කොටස උපුටා ගන්නවා. “ඇතැමකු කියාවි රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න බැරි වුනේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කියලා. වනාතමුල්ලෙ දුප්පත් දරුවකුට කොළඹ දිස්ත්‍රික්කයෙන් පෙනී සිටීම නිසා රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වුනොත් මුදල් නැති කම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකටවත් ඇතුල් වෙන්න බැහැ. අනෙක් අතට මුදල් ඇති අයකුට පිටරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුල් වෙන්න පුළුවන්. මාලබේට යන්නෙ එහෙම බැරි නමුත් යම් වත්කමක් තියෙන අය. ඔවුන්ගේ දෙමවුපියන් සමහරවිට ඉඩකඩම් උගස් කරලා හරි විකුණලා හරි මුදල් හොයාගන්නවා වෙන්න පුළුවන්. රජයේ වෛද්‍ය පීඨවල ඇතැම් ගුරුවරුන්ගෙ දරුවනුත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වෙන්න බැරුව මාලබේ ඉගෙන ගන්නවා. …….. අපේ අධ්‍යාපන ක්‍රමයෙ නොයෙක් අඩුපාඩුකම් තියෙනවා. අපට කරන්න තියෙන්නෙ හැකිතාක් පිරිසකට නොමිළේ අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා ඇතිකිරීම මිස මුදල් ගෙවා අධ්‍යාපනයක් ලබා ගැනීමට වැට කඩොළු බැඳීම නොවෙයි. රැකියා ලබාදීම හරි ලබාගැනීම හරි මේ සමග පටලවා ගන්න එපා. ……. …. .. මාලබේ සම්බන්ධයෙන් කරන්න තියෙන්නෙ එහි උපාධිධාරීන්ට වෙදකම් හා සැත්කම් කිරීමට හැකි ද යන්න සොයා බැලීම පමණයි. එය පොදු තීරණයක් නොව උපාධිධාරියාගෙන් උපාධිධාරියාට ගන්නා තීරණයක් විය යුතුයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවුනු අය අද බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. ඇතැම් අය රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු. අප උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුනේ වෙනත් හේතුවක් මත. මා එය කියා ඇති. රජයේ නොවන (පිටරට) වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබන බටහිර වෛද්‍යවරුන් වෙනුවෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. මෙය කලක් ඇක්ට් 16 පරික්‍ෂණය ලෙස හඳුන්වනු ලැබුවා. දැන් එය ඊආර්පීඑම් (ලංකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට ලියාපදිංචිවීම සඳහා වූ පරීක්‍ෂණය) ලෙස හැඳින්වෙනවා. මේ පරීක්‍ෂණය සඳහා සිසුන් පුහුණු කරන පෞද්ගලික ආයතනයක් කොළඹ තිබෙනවා! මේ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ පිටරටින් උපාධි ලබන ලංකාවේ සිසුන් විවිධ පසුබිම් සහිත විශ්වවිද්‍යාලවලින් පැමිණෙන නිසා ඔවුන් යම් ආකාරයක ප්‍රමිතියකට ලක්කිරීමටයි. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සහායෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පැවැත්වෙන්නෙ. පිටරට උපාධිධාරීන්ටත් ඇති මේ පරීක්‍ෂණය මාලබේ උපාධිධාරීන්ට නොදීම අසාධාරණයි. ලංකාවේ ඉගෙන ගැනීම පිටරට ඉගෙන ගැනීමට වඩා නරක ද? මාලබේ උපාධිධාරීන්ටත් මේ පරීක්‍ෂණයට පෙනී සිටීමට ඉඩ දීම සුදුසු ක්‍රමයයි. එයින් සමත්වන සිසුන්ට ඇබෑර්තු අනුව පත්වීම් ලබාදිය යුතුයි. ඔවුන්ට පසුව සේවාවාසික පුහුණුවකුත් ලබා බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට හැකි විය යුතුයි.”

    අද කළ යුත්තේ අභියාචනාධිකරණ තීන්දුවට එකඟ නම් පමණක් එකී පරීක්‍ෂණය රජයේ වෛද්‍ය පීඨවලින් හැර ලංකාවේ හෝ පිටරට හෝ වෙනත් පිළිගත් ආයතනවලින් වෛද්‍ය උපාධි ලබාගන්නා සිසුන් සඳහා වූ පරීක්‍ෂණයක් බවට පත් කිරීමයි. එවැනි පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් සයිටම් සිසුන් එයට විරුද්ධ නොවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ කුමක් සඳහා ද යන්න තේරුම් නොගෙන කරන උද්ඝෝෂණවල තේරුමක් නැහැ. අද රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා සිසුන්ගෙන් අතිවිශාල බහුතරය පෞද්ගලික උපකාරක පංතිවල ඉගෙන ගත් අය. ඔවුන් තමන්ට මෙන් එසේ ඉගෙන ගැනීමට නොහැකි සිසුන්ට රජයේ වෛද්‍ය පීඨවලට ඇතුල්වීමට අකුල් හෙළීම නිසා කරන අසාධාරණය වැනි අසාධාරණයක් සයිටම් ආයතනයෙන් සිදුවන්නේ නැහැ. රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වීමට සයිටම් සිසුන් කිසිවකුට අකුල් හෙළන්නේ නැහැ.





    නලින් ද සිල්වා
    2017 පෙබරවාරි 01
    මේ ලිපියට ප්‍රතිචාර දැක්වීමට පෙර කලින් ලිපි හතරත් කියවනවා නම් හොඳයි.
    https://www1.kalaya.org
    -කාලය වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී-
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    වටිනා අදහස් ටිකක්...:yes:

    නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියල පැහැදිලිව කියල තියෙනවා :yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වටිනා අදහස් ටිකක්...:yes:

    නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියල පැහැදිලිව කියල තියෙනවා :yes:

    නිකමට හිතල බලමු ලංකාවේ IT job එකක් කරන්න (Software Engineer OR Network Engineer etc) IESL registration එක නැතුව බෑ කියලා එකක් ආවනම් මොකද වෙන්නේ ? :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නිකමට හිතල බලමු ලංකාවේ IT job එකක් කරන්න (Software Engineer OR Network Engineer etc) IESL registration එක නැතුව බෑ කියලා එකක් ආවනම් මොකද වෙන්නේ ? :D


    ඕක නැතුව කොහොමත් ලංකාවේ Engineer කෙනෙක් කියල පිළිගන්නේ නැහැ නේද?

    ඕක නැතුව ජොබ් කරන්නත් බැහැයි කියල ආවනම් ඉතින් IT කරන උන්ට දෙවිවරු වගේ ඉන්න තිබ්බ කුලයක් හදාගෙන :cool: හැම එකාටම ලක්ෂ 3ක් විතර අවම වැටුපක් ගින්නක් නැතුව ඩිමාන්ඩ් කරගෙන :yes::yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඕක නැතුව කොහොමත් ලංකාවේ Engineer කෙනෙක් කියල පිළිගන්නේ නැහැ නේද?

    ඕක නැතුව ජොබ් කරන්නත් බැහැයි කියල ආවනම් ඉතින් IT කරන උන්ට දෙවිවරු වගේ ඉන්න තිබ්බ කුලයක් හදාගෙන :cool: හැම එකාටම ලක්ෂ 3ක් විතර අවම වැටුපක් ගින්නක් නැතුව ඩිමාන්ඩ් කරගෙන :yes::yes:

    :D:D

    IESL තියෙනවනම් බැංකු වලදී Engineer.Loans දෙනවා අඩු පොළියට. IESL නැත්නම් Oxford වලින් ආවත් වැඩක් නෑ .අඩු පොළියට Loan නෑ .හොඳම උදාහරණය BOC .
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    :D:D

    IESL තියෙනවනම් බැංකු වලදී Engineer.Loans දෙනවා අඩු පොළියට. IESL නැත්නම් Oxford වලින් ආවත් වැඩක් නෑ .අඩු පොළියට Loan නෑ .හොඳම උදාහරණය BOC .
    ඔය වගේම තමා iqssl. දන්නෝ දනිති. qs pvt කරන උන්ට මාරම කැපිල්ලක් තියෙන්නේ.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය වගේම තමා iqssl. දන්නෝ දනිති. qs pvt කරන උන්ට මාරම කැපිල්ලක් තියෙන්නේ.

    අප්පට සිරි ..එහෙමත් එකක් තියෙනවද ? මම දැනගත්තේ අදනේ බං .
    :sorry:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Act 16 wage ekak SAITM set ekata dunnanam hondai .Habai Eka Government eken karanna one Nathuwa GMOA eka set ekata okata angili gahanna dunnoth iwarai
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    If you pass Barrister Exam UK then you need to pass only few subjects (it was 3 earlier) to become Attorney at Law. But if you have a foreign LLB then you need to pass all subjects from year 1 at law college.
    Students who could not secure a place at Law Entrance Exam , now do LLB degrees and then do all subjects at Law College.
    This is just an example how a professional body accepts their members to profession. In this instance the Council of Legal Education.
    Chartered Accountants, Architects, Engineers etc all have their professional bodies and it is up to the respective bodies to decide how they admit to their professions.
    Obtaining a Degree is different. So I do not understand the basis of Nalin Silva(I do not know it was the Dr . Nalin Silva -ex lecturer of Uni Colombo) advocate for SAITM . Any body who understand admittance to any profession will understand that courts cannot interfere with their criteria for admission.
    There is no Right for any person who obtains a degree LLB, BsC(Eng), BSc(Built Environment), BCom to become Attorneys, Engineers , Architects, Chartered Accountants etc. Recognizing a degree and uplifting its standards are left with the Uni concerned. Professional body can reject a degree if it does not conform to their standards. A court cannot order a professional body to do certain acts/illegal acts which they do not want.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සයිටම් භීෂණය ඈතක නො වේ


    සයිටම් භීෂණය ඈතක නො වේ
    අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න. හැකිනම් පෙබරවාරි එක ලිපිය ද කියවන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන් වන්නේ විසි තිස් දහසකට ජීවිත අහිමි වීමෙන් ද? මෙහි දී දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරනවා නම් හොඳයි. ඒත් දේශපාලන පක්‍ෂවලින් හා ක්‍රියාකාරීන්ගෙන් එසේ කටයුතු කිරීමට ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනියි. භීෂණය අස්සේ ම ආණ්ඩුව නව ව්‍යවස්ථාවත් සම්මත කර ගනීවි. මා භීෂණය පෞද්ගලිකවත් හොඳාකාරව දන්නවා. 1987- 89 කාලයේ දී ආණ්ඩුවෙන් මෙන් ම ජ වි පෙරමුණෙන් ද මට ජීවිත තර්ජන තිබුණා. මා ඉන් බේරුණේ මගේ ගුරුවරයාගේත් උපකාරයෙන් එංගලන්තයට ගිහිල්ලා. එයට සමහරු විරුද්ධ වෙන්නත් පුළුවන්. ඇයි එංගලන්තයට ගියේ කියලා ඒ අය අහන්න පුළුවන්. සමහරු ඉංගිරිසි වාග් සම්ප්‍රදායෙ ප්‍රකාශ සිංහලෙන් කියනවාටත් විරුද්ධයි. අප විරුද්ධ වුවත් අපට ඒවා යොදා ගන්න සිදුවෙලා. මෙහි සිට මරණයට මුහුණ දුන්නෙ නැත්තෙ එහෙමත් නැත්නම් වෙනත් රටකට ගියේ නැත්තෙ මොකද කියලා අහන්න පුළුවන්. මගේ ගුරුවරයාගේ ද නිර්දේශයෙන් මට ලංඩනයේ රාජකීය සංගමයේ අධිශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු දැන් මිය ගිහින්. මා තවමත් සයිටම් ගැන කතාකිරීමට ජීවත් ව ඉන්නවා. ඒත් මේ ලිපි කියවන බොහෝ දෙනකු මා කියන දේට විරුද්ධයි. ඔවුන් හොඳ සමාජවාදීන් වෙන්න ඇති. නිදහස් අධ්‍යාපනය රකින්න පෙරුම්පුරා ගෙන ඉපදුණු අය වෙන්න ඇති. මා නිදහස් අධ්‍යාපනය ගැන කිසිම කැක්කුමක් නැති අයකු, නැගපු ඉණිමගට පයින් ගහපු අයකු ලෙසත් හිතනවා ඇති.
    මේ අයගෙන් කී දෙනකු විශ්වවිද්‍යාල පනත, අදාළ අභියාචනාධිකරණ නඩු තින්දුව ආදිය කියවා ඇත් ද කියා මා දන්නේ නැහැ. ඔවුන්ට ඒ කිසිවක් නොකියවා නිගමනවලට ඒමේ හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. මට නම් එහෙම ශක්තියක් නැහැ. මා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත හා රෙගුලාසි ගැන නම් අවුරුදු හතළිහක පමණ කාලයක් තිස්සේ දන්නවා. අභියාචනාධිකරණ තීන්දුවත් මා කියෙවුවා. මට ඒ තීන්දුව ලබා දුන්නේ වෛද්‍යවරයෙක්. මා ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. ඔහු මොන අදහසකින් එය ලබා දුන්නා ද කියාත් දන්නේ නැහැ. අද මුහුණුපොතේ ජාතික චින්තන කණ්ඩායමත් කාලෝ ෆොන්සේකා උපුටා දක්වනවා. ඔවුන්ට මා ද්‍රෝහියකු වෙලා. අනේ කාලේ වනේ වාසේ.
    මට බටහිර වෛද්‍ය විද්‍යාවවත් බටහිර නීතියවත් (රෝම ලන්දේසි නීතියවත්) ලොකු නැහැ. ඒත් අද අධිකරණ නායක හිමිවරුන්ටත් ඇතැම් කරුණු නිරාකරණය කර ගැනීමට උසාවියට වැඩම කරන්න සිදුවෙලා. අපට වෙන කරන්න දෙයක් නැහැ. පාරට බැහැලා ජීවිත නැතිකරන්න වුවමනාවකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව හා නීතිය කියන්නෙ ක්‍ෂෙත්‍ර දෙකක් බව කියලා දෙන්න පඬියන් අවශ්‍ය නැහැ. නීතිය බූරුවෙක් කියන එකත් බටහිර කියමනක්. ඒත් අපට ඒ බූරුව අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවත් අවශ්‍ය වෙනවා.
    නීතියට වෛද්‍යවරයකු බිහි කරන්න බැහැයි කියන එක අන්තිම බාල කියුමක්. එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිහිටුවලා තියෙන්නෙත් නීතියෙන්. ඒ සඳහාත් ආඥා පනතක් තියෙනවා. වෛද්‍ය සභාව ඕපපාතිකව පහළ වුණු දෙයක් නො වෙයි. නීතිය නැත්නම් වෛද්‍ය සභාවක්වත් ඒ සභාවෙ ලියාපදිංචි වෛද්‍යවරුන්වත් නැහැ. කෙටියෙන් කිවුවොත් බටහිර විධියට වෛද්‍යවරුන් නැහැ. අපේ රටේ වෙදමහත්වරුන්ට ඔය නීති තිබුණේ නැහැ. ගුරුවරයකුගෙන් ඉගෙන ගත්ත රෝගීන් සුවපත් කරන වෙදමහත්වරුන් හමුවෙන්න රෝගීන් ගියා. එච්චරයි. කෘෂිරසායනික වකුගඩු රෝගය සුවකරන්න පුළුවන් වෙදමහත්වරුන් ඉන්නවා. වරක් ඒ වෙදමහත්තයකු ගැන වාර්ත වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට එක් නාළිකාවකින් ගියා. ඔවුන් දීන කමට අපෙන් ඉල්ලා සිටියේ රෝගය සනීප වූ බවට බටහිර වෛද්‍ය සහතික දෙන්න කියා. අපේ වෙදකම බටහිර වෙදකමේ ආධිපත්‍යයට යට කරන්න මා කැමති වූයේ නැහැ. කතාව එතැනින් ම අවසන් වුනා. රුපවාහිනි නාළිකා පවතින්නේ මේ දෙරණ මත නොවෙයි.
    වෛද්‍ය සභාවටත් කටයුතු කළ හැකි රාමුවක් නීතියෙන් සකසා තිබෙනවා. එය සකසා ඇත්තේ වෛද්‍ය විද්‍යවෙන් නො වෙයි. වෛද්‍ය සභාව නිසි අයුරෙන් කටයුතු කර ඇත්දැයි නිගමනය කෙරෙන්නේ නීතියෙන්, අධිකරණයෙන්. අප මේ සරල කාරණය තේරුම් නොගෙන වෛද්‍ය විද්‍යාව හා නීතිය යනු ක්‍ෂෙත්‍ර දෙකක් බවටත් නීතිය බුරුවකු බවටත් කරන පඬි ප්‍රකාශ තුට්ටුවකට ගණන් ගත යුතු නැහැ. වැඩිම වුවොත් ඒවා රැල්ල සමග යෑමට, ජනප්‍රිය වීමට කරන බාල හා ලාබ ප්‍රකාශ පමණයි.
    අභියාචනාධිකරණ තීන්දුච අවශ්‍ය වුවහොත් පසු දිනෙක කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. අභියාචනාධිකරණය ඉතා පැහැදිලිව කියනවා වෛද්‍ය සභාව තමන්ට නීතියෙන් දී ඇති බලය ඉක්මවා ක්‍රියා කර තිබෙන බව. නීතියෙන් එයට කියන්නේ අල්ට්‍රා වයිරෙස් කියායි. නීතියෙන් දී ඇති බලය ඉක්මවා කටයුතු කරන්න කිසිවකුටවත් බැහැ. ඇතැම් විට අප කියනවා සියළු දෙනා නීතියට යටයි කියලා. වෛද්‍ය සභාවත් නීතියට යටයි. වෛද්‍ය සභාවටත් නීතිය ඉක්මවා කටයුතු කරන්න බැහැ.
    එමෙන් ම අභියාචනාධිකරණය පෙන්නුම් කර දෙනවා වෛද්‍ය සභාව සයිටම්හි හා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් දෙවිධියකට ක්‍රියා කර තිබෙන බව. අධිකරණය වෛද්‍ය සභාව හිතාමතා නපුරක් (මාලා ෆිඩෙ) කළාය කියා කියන්නේ නැහැ. එහෙත් දෙවිධියකට සලකා ඇති බව නම් කියනවා. පෙත්සම්කාර ශිෂ්‍යාව ඉල්ලා ඇත්තේ වෛද්‍ය සභාවේ යාවකාලීන (ප්‍රොවිෂනල්) ලියාපදිංචියක්. අභියාචනාධිකරණය තිරණය කර ඇත්තේ එකී ශිෂ්‍යාවට ඒ ලියාපදිංචිය දීමට නෛතික බාධාවක් නැති බවයි. වෛද්‍ය සභාව එය නොපිළිගන්නේ නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිය හැකියි.
    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් කොතෙකුත් අඩුපාඩුකම් තිබෙනවා. අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක්වත් නැහැ. සයිටම්හි මා හිතන්නේ වෛද්‍ය උපාධියට අමතරව තවත් උපාධිවලට උගන්වනවා. ඒ සම්බන්ධයෙන් අන්තරේට ප්‍රශ්න නැතිවා වගෙයි. සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළු වී ඇත්තේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්. ඔවුන්ට උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහිත ව සාමාර්ථ තුනක් තිබෙන බව කියනවා. ඔවුන්ට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට නොහැකි වී ඇත්තේ සුදුසුකම් නොමැති නිසා නොව අධ්‍යාපන ක්‍රමයේ හා ඇතුළත් කර ගැනීමේ නිර්ණායකවල ඇති ප්‍රශ්න නිසයි. දිස්ත්‍රික්ක මත පදනම් වී ඇතුල් කිරීම මෙහි දී බලපානවා. මුදල් ගෙවා උපකාරක පන්තිවලට යන්නේ ඒ දිස්ත්‍රික්කයේ ම දරුවන් පමණක් නො වෙයි. අප දැනගත යුත්තේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීම සහ ඇතුළත් කිරීම යනු එකක් නොව දෙකක් බව. උසස් පෙළ පරීක්‍ෂණයට මෙතරම් වැදගත් තැනක් ලැබී ඇත්තේ තරගකාරීත්වය නිසා. අපේ කාලයේ උසස් පෙළ පරීක්‍ෂණයක් තිබුණේ නැහැ. එකල තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය. එකල විෂය හතරකට පෙනී සිටිමට සිදු වුනා. ඉන් විෂය දෙකක් පමණක් සමත් අයත් පසු කලෙක වෛද්‍ය පීඨවලත් මහාචාර්යවරු වුනා. කාලෝගෙන් අහලා බලන්න. අප සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි. ඔවුන් ඉල්ලන්නේ යාවකාලීන ලියාපදිංචියක්. ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්නේත් නැති නම් සිසුන් ඇතුළත් කිරීම සඳහා ක්‍රමයක් සකස්කර ගැනීමටත් නොහැකි නම් එයින් කියැවෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රතික්‍ෂෙප කිරීමක් හා අධිකරණයට අපහාස කිරීමක් පමණක් නොව බලධාරීන් ලබාගෙන ඇති අධ්‍යාපනයේ ද ඇති දුර්වලකමක්.
    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    https://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2017 පෙබරවාරි 08
    -කාලය වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී-