සයුරු තෙර

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    sun_down2.jpg




    සිහිල් සිලිරාර
    මුවාවී රල පෙලට
    ඉකිබිදී නිහඩ ලෙස
    සිපගෙනම වැලි තලය
    නොනැවතී මේ
    ගමන
    යයි සුවාසු කාලයක්
    චන්ඩ හිරු
    හීලැ ලෙසින්
    බැසයාවි හේමි හෙමින්
    ඇරයුම් ලද
    සද මඩල
    ලැගුම් ගන්නට
    සැරසෙමින්
    මෙලෙස මේ දිවි කතර
    නොනැවති සංසාරයේ
    හිරු තරු සදු
    දෙස මේ සිදු
    බලබලා
    සැනසේද වැලපේද
    බිදුණු රල පෙළ
    හඩින්