සරණ අසරණ වන කාලය ලඟයි

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සරණ අසරණ වන කාලය ලඟයි

    sarana.jpg

    ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් වෙත අත්තනෝමතික අන්දමින් බලපත්‍ර නිකුත්කරන බව අප වෙත වාර්තා වනවා.

    මෙහිදී අප කල සොයාබැලීමකදී හෙලිවුයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අවශ්‍යය බලපත්‍රය ලබාගැනීම සඳහා සරණ ගුණවර්ධන අමාත්‍යවරයාට ලක්ෂ 80 කට ආසන්න සන්තෝසමක් ලබාදිය යුතු බවයි.

    ඉන්ධන පිරවුම්හලක් ආරම්භකිරීමට අවශ්‍යය ඕනෑම කෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගණන ගෙවීමෙන් පසුව එයට අදාළ බලපත්‍රය ලබාගත හැක.

    ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝග පවා නොසලකාහරිමින් සරණ ගුණවර්ධන අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබයි.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට ලිඛිතව මේ බව දන්වා සිටි අතර මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනුනේ නැහැ.

    නමුත් පසුගිය දිනෙකද සරණ ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එලෙස අල්ලස් මුදලක් එක ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන ඇති අතර ජනපතිගේ හිතවතෙකු වන එම ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව පෞද්ගලිකවම ජනපතිට පැමිණිලිකොට තිබේ.

    එහිදී වහාම දුරකථනයෙන් සරණ ගුණවර්ධන අමාත්‍යවරයාට බැන වැදුන ජනාධිපතිවරයා කියා සිටියේ ඔහු විසින් ලබාගත් මුදල වහාම ආපසු ලබාදෙන ලෙසයි.එය පිළිගත් සරණ ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අදාළ මුදලෙන් හරි අඩක් එම ව්‍යාපාරිකයා වෙත ගෙනගොස් දී ඇත.

    එහිදී ව්‍යාපාරිකයා විමසා ඇත්තේ ඉතරි මුදලට කුමක් වුයේද යන්නයි.එහිදී සරණ ඇඟට පතට නොදැනෙන ලෙස කියා ඇත්තේ "ඒක ලොක්කා ගත්තා" යනුවෙනි. ඉන්පසුව සරණ විසින් එම ව්‍යාපාරිකයාට තර්ජනයකොට තමා කිසිදු මුදලක් ලබානොදුන් බවට එම ව්‍යාපාරිකයා ලවා බලෙන්ම දිවුරුම් පෙත්සමක් ලියවාගෙන ඇත.

    කෙසේ නමුත් සරණ යටි මඩු ගැසූ මුදල සඟවන්නට කියූ "සල්ලි ලොක්කා ගත් කතාව" අරලියගහ මන්දිරයට ආරංචි විමටද වැඩි කලක් ගියේ නැත.ඒ අනුව සරණ අසරණ වන කාලය ළඟදීම සිදුවන බව දේශපාලන ආරංචිමාර්ග අප වෙත සඳහන් කරසිටි.
     
    • Like
    Reactions: akozlov68

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අරුගෙ ඇට දෙක දඹ රත්තරන්ද දන්නෙ නෑ..අත ගගා වඳින්නේ :lol:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    sarana.jpg

    ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් වෙත අත්තනෝමතික අන්දමින් බලපත්‍ර නිකුත්කරන බව අප වෙත වාර්තා වනවා.

    මෙහිදී අප කල සොයාබැලීමකදී හෙලිවුයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අවශ්‍යය බලපත්‍රය ලබාගැනීම සඳහා සරණ ගුණවර්ධන අමාත්‍යවරයාට ලක්ෂ 80 කට ආසන්න සන්තෝසමක් ලබාදිය යුතු බවයි.

    ඉන්ධන පිරවුම්හලක් ආරම්භකිරීමට අවශ්‍යය ඕනෑම කෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගණන ගෙවීමෙන් පසුව එයට අදාළ බලපත්‍රය ලබාගත හැක.

    ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝග පවා නොසලකාහරිමින් සරණ ගුණවර්ධන අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබයි.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට ලිඛිතව මේ බව දන්වා සිටි අතර මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනුනේ නැහැ.

    නමුත් පසුගිය දිනෙකද සරණ ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එලෙස අල්ලස් මුදලක් එක ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන ඇති අතර ජනපතිගේ හිතවතෙකු වන එම ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව පෞද්ගලිකවම ජනපතිට පැමිණිලිකොට තිබේ.

    එහිදී වහාම දුරකථනයෙන් සරණ ගුණවර්ධන අමාත්‍යවරයාට බැන වැදුන ජනාධිපතිවරයා කියා සිටියේ ඔහු විසින් ලබාගත් මුදල වහාම ආපසු ලබාදෙන ලෙසයි.එය පිළිගත් සරණ ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අදාළ මුදලෙන් හරි අඩක් එම ව්‍යාපාරිකයා වෙත ගෙනගොස් දී ඇත.

    එහිදී ව්‍යාපාරිකයා විමසා ඇත්තේ ඉතරි මුදලට කුමක් වුයේද යන්නයි.එහිදී සරණ ඇඟට පතට නොදැනෙන ලෙස කියා ඇත්තේ "ඒක ලොක්කා ගත්තා" යනුවෙනි. ඉන්පසුව සරණ විසින් එම ව්‍යාපාරිකයාට තර්ජනයකොට තමා කිසිදු මුදලක් ලබානොදුන් බවට එම ව්‍යාපාරිකයා ලවා බලෙන්ම දිවුරුම් පෙත්සමක් ලියවාගෙන ඇත.

    කෙසේ නමුත් සරණ යටි මඩු ගැසූ මුදල සඟවන්නට කියූ "සල්ලි ලොක්කා ගත් කතාව" අරලියගහ මන්දිරයට ආරංචි විමටද වැඩි කලක් ගියේ නැත.ඒ අනුව සරණ අසරණ වන කාලය ළඟදීම සිදුවන බව දේශපාලන ආරංචිමාර්ග අප වෙත සඳහන් කරසිටි.

    ela poto eka..rep dunna...
     
    Similar threads