Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් නන්ද සිල්වා ................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් නන්ද සිල්වා ................

සරත් නන්ද සිල්වා හා සමාජ පාදඩකරණය - වික්ටර් අයිවන්

වැදුම්: 1586

ෆ්රෙඩි්රකා එල්ල කරන ලද චෝදනා අතර ඔහු අගවිනිසුරු තනතුරේ සිටියදී ඔහු දියවන්නා ඔය අසල රඟපෑ අඩ නිරුවත් රංගනය ගැනද සඳහන් වී තිබුණි. එහෙත් ඒ ගැන ඔහුගේ පිළිතුරේ කිසිවක් සඳහන් වී නොතිබුණි. ඔහුගේ පිළිතුරු ප්රකාශනය තමන්ගේ වාසියට හේතුවන ලෙස අර්ථකථනය කළ හැකි දේවලට පමණක් සීමාවී තිබෙන බව ඉන් පෙනීයයි. සරත් සිල්වාට එරෙහිව ඔහුගේ නීත්යනුකූල බිරිඳ දික්කසාද නඩුවක් පවරා නැතැ යි සරත් සිල්වා කියන විට ඔහු එහිදී නිවැරදිය. දික්කසාදයකින් තොරව ජයසේකරගේ බිරිඳ සරත් සිල්වා විසින් සිය සහකාරිය බවට පත්කර ගැනීමෙන් පසු සිය නීත්යනුකූල බිරිඳගෙන් දික්කසාදවීමට සරත් සිල්වාට අවශ්ය වී ඔහු ඇයට එරෙහිව දික්කසාද නඩුවක් පැවරුවේය. ඊට ඔහුගේ බිරිඳ මනෝරානි සැර පිිළිතුරක් කෙටුම්පත් කළාය. ඒ බව දැනගත් විට ඔහු සිය දික්කසාද නඩුව ඉවත් කරගත්තේය. ඒ සමග මනෝරානිට ත්රාසජනක සිද්ධියකට මුහුණදීමට සිදුවිය. නඩුව ඉවත් කරගැනීමෙන් සතියකට පමණ පසුව සෙනසුරාදා දිනක පිහියක් අත ඇතිව සාහසිකයෙක් ඇයගේ නිවසට කඩා පැන්නේය. ඒ අවස්ථාවේදී ඇය හඬනගා කෑගසන්නට වීම නිසා නිවස අවට අසල්වැසියන් ඇගේ ආධාරයට පැමිණි නිසා සාහසිකයා තමන් පැමිණි ත්රීවිලරයෙන් ආපසු පලා ගියේය. මෙම සාහසිකයා එකල දිවයිනේ නමගිය අපරාධකරුවකු වූ මොරටු සමන් බව ඇය පසුකලක හඳුනා ගත්තාය. මෙම අත්දැකීම හේතු කොටගෙන තමන්ගේ හිටපු ස්වාමිපුරුෂයා හා මොරටු සමන් අතර සම්බන්ධයක් තිබුණේයැ යි ඇය තරයේ විශ්වාස කළාය.

ජයසේකරගේ නඩුව

රසායන ඉංජිනේරු ජයසේකර විසින් තම විවාහක බිරිඳ හා එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වා සමවිත්තිකරුවන් කරමින් පවරන ලද දික්කසාද නඩුවේදී එම නඩුව විභාග කළ උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා සරත් නන්ද සිල්වාගේ පාර්ශ්වයට වාසිදායක තීන්දුවක් ලබාදීම සඳහා නීති විරෝධි ලෙසත්, අගතිගාමී හා පීඩාකාරී ලෙසත් ක්රියාකර ඇත්තේය කියන කාරණය අලූතෙන් සනාථ කළයුතුව තිබෙන දෙයක් නොව හොඳින් සනාථ වී තිබෙන දෙයකි. මෙම දිසා විනිසුරුවරයාගේ අගතිගාමී ක්රියාකලාපයට අදාළව පළමු පරීක්ෂණය අධිකරණ සේවා කොමිසම විසින් පවත්වන ලද්දේ 1994/95 යන වසරවලදීය. පරීක්ෂණය පවත්වන ලද්දේ අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වූ තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්රනාන්දු යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා විසිනි. එකල අගවිනිසුරු ධුරය හෙබවූ ජී.පී.එස්. ද සිල්වා තමා පැමිණිලිකාර ජයසේකර පුද්ගලිකව දන්නා හඳුනන බැවින් පරීක්ෂණයට සම්බන්ධවීමෙන් වැළකී සිටියේය. 1994 නොවැම්බර් 8 වැනි දින අධිකරණ සේවා කොමිසම ජයසේකරගේ පෙත්සමේ පිටපතක් එම දිසා විනිසුරු වෙත යවා පැමිණිල්ල ගැන දිසා විනිසුරුවරයාගේ නිරීක්ෂණ දින තුනක් ඇතුළත අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය. දිසා විනිසුරුවරයා සිය නිරීක්ෂණ නොවැම්බර් 11 වැනිදා අධිකරණ සේවා කොමිසම වෙත ඉදිරිපත් කළේය. එම නිරීක්ෂණ සලකා බැලීමෙන් පසුව පරීක්ෂණය භාරව ක්රියාකළ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනා 1994 දෙසැම්බර් 14 වැනි දින දිසා විනිසුරුවරයා අධිකරණ සේවා කොමිසමට කැඳවා ඔහු විසින් එවා තිබුණු නිරීක්ෂණ පිළිබඳවත්, ඔහු නඩුව පවත්වාගෙන ගොස් තිබූ ආකාරය පිළිබඳවත් ඔහු දීර්ඝ ප්රශ්න කිරීමට ලක් කළහ. පරීක්ෂණය භාරව ක්රියා කළ විනිසුරුවරුන් දෙදෙනාගේම මතය වී තිබුණේ දිසා විනිසුරුවරයා අධිකරණ සේවයෙන් ඉවත් කළයුතු බවය. මෙම විනිසුරුවරුන් දෙදෙනා විසින් දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පත්රය බිහිසුණු චෝදනා පත්රයක් ලෙස සැලකිය හැකිය. එම දීර්ඝ චෝදනා පත්රය මාගේ නොනිමි අරගලය නමැති කෘතියට ඇතුළත්ය. අධිකරණ සේවා කොමිසම සේවයෙන් පහකිරීමට හෝ අන් සුදුසු දඬුවමක් පැමිණවීමට හේතු ඇතොත් මසක කාලයක් තුළ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමින් එම චෝදනා පත්රය උපාලි අබේරත්න විනිසුරුවරයා වෙත යවන ලද්දේ 1996 පෙබරවාරි 12 වැනිදාය.

ශ්රේෂ්ඨාධිකරණයේ සිටි සරත් නන්ද සිල්වා, නීතිපති ධුරයට පත්වන්නේ 1996 මාර්තු 1 වැනිදාය. තමන්ගේ අනියම් මෙහෙයවීම මත ක්රියාකරමින් තම පාර්ශ්වයට වාසිදායක නඩු තීන්දුවක් ලබාදුන් උපාලි අබේරත්න විනිසුරුවරයා ආරක්ෂා කරගැනීම සඳහා නීතිපති සරත් නන්ද සිල්වා කරන්නේ ජනාධිපතිනිය සමග තමන්ට තිබුණු සමීප හිතවත්කම ප්රයෝජනයට ගෙන අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් වෙනස් කරවා ගැනීමය. ඒ මගින් ඔහු දිසා විනිසුරු උපාලි අබේරත්න ආරක්ෂා කරගත්තේය.

ඉන්පසු මෙම දිසා විනිසුරුවරයා මෙම නඩුවේදී ක්රියාකර තිබෙන ආකාරය නැවත පරීක්ෂා කරන තත්ත්වයක් ඇතිවන්නේ 1998 වසර අවසානයේදී මෙම නඩුවේදී ජයසේකරට සිදුවී තිබුණු අසාධාරණයට එරෙහිව මා විසින් කරන ලද හඬ නැගීම නිසාය. මෙම නඩුවේදී දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව මා එල්ල කරමින් තිබුණු ප්රසිද්ධ චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතාට සිදුවිය. පරීක්ෂණ කමිටුව පත් කරන ලද්දේ 1998 වසර අවසානයේදීය. පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අමිර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී. එදුස්සූරිය යන විනිශ්චයකාරවරුන්ගෙනි. පරීක්ෂණ කමිටුව, උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එල්ල වී තිබෙන චෝදනාවලට ඔහු වරදකරු කළ අතර ඒ අනුව අධිකරණ සේවා කොමිසම 1991 ජනවාරි 31 වැනි දින සිට බලපාන පරිදි එම විනිසුරුවරයා අනිවාර්ය පදනම මත සේවයෙන් විශ්රාම ගන්වන ලදි. ඒ තීරණය ගැනීමෙන් පසු නැවත දිසා විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරන ලද කරුණු දැක්වීමකින් පසු අධිකරණ සේවා කොමිසම පළමුව ගනු ලැබූ තීරණය වෙනස් කොට දෙන ලද දඬුවම ලිහිල් කරන ලදි. අලූතෙන් පමණුවන ලද දඬුවම වූයේ විශේෂ ශ්රේණියට උසස් කිරීම 1999.07.19 වැනි දින සිට අවුරුදු දෙකක කාලයකට අත්හිටුවීම හා 2001.01.01 වන දින සිට මොනරාගල දිසා අධිකරණයට මාරුකිරීමය. අධිකරණ සේවා කොමිසම මෙම දිසා විනිසුරුවරයා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්ති ප්රසිද්ධියේ විවේචනයට ලක් කරමින් එච්.එල්. ද සිල්වා කීවේ, වරද සහිත අධිකරණ නිලධාරීන් ඌන පහසුකම් හා අහිතකර පරිසරයක් ඇති තැන්වලට මාරු කර යැවීම රෝගයට සරිලන පිළියමක් නොවන බවය. සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු තමන්ගේ ආරක්ෂාව සඳහා කි්රයාකළ මෙම අධිකරණ නිලධාරියාගේ උසස්වීම් වැළකීම සඳහා පනවා තිබූ කාල නියමය සම්පූර්ණවීමට පෙර ඔහුට උසස්වීමක් ලබාදෙන ලදි.

සමාජ පාදඩකරණය

පාදඩ යන තේරුම් ඇති ඛමපචැබ යන යෙදුම මාක්ස් හා එංගල්ස් විසින් මුලින්ම ඔයැ ඨැරප්බ සාැදකදටහ යොදාගනු ලැබුවේ නිර්ධන පන්තියේම විශේෂ ස්ථරයක් විස්තර කිරීම සඳහාය. මෙම විශේෂ සමාජ ස්ථරයට මාක්ස් ඇතුළත් කර තිබුණේ ගැටකපන්නන්, කප්පම්කාරයන්, හිඟන්නන්, ගණිකා නිවාස පවත්වාගෙන යන්නන් වැනි පාදඩ ගණයෙහිලා සැලකිය හැකි ක්රියාකාරකම්වලින් ජීවත්වන්නන්ය. මාක්ස් මෙම සමාජ ප්රභේදය විස්තර කර ඇත්තේ විශ්වාස නොකළ යුතු නිර්ධන පන්තිය තුළ සිටින ප්රතිගාමී සමාජ ස්ථරයක් ලෙසය. මාගේ මතය මෙම විශේෂ සමාජ ස්ථරය නිර්ධන පන්තියට පමණක් සීමා වූවක් නොවන අතර මධ්යම පන්තිය හා ධනපති පන්තිය තුළද දැකිය හැකි විශේෂ සමාජ ස්ථරයක් වන බවය. ඔවුන් ප්රධාන කොට නීති විරෝධී ක්රියාකාරකම්වලින් ජීවත් වන සමාජ ස්ථරයක් ලෙස සැලකිය හැකිය. සියලූ ආකාරවලින් කළු සල්ලි උපයන්නන්, මොනයම් නිෂ්පාදනයක, වෙළෙඳාමක හෝ වෘත්තියක නොයෙදී තැරැුව්කාර ක්රියාකාරකම්වලින් ජීවත්වන්නන්, මංකොල්ලකෑමෙන් හෝ වංචාවෙන් මුදල් උපයන්නන් මෙම විශේෂ සමාජ ස්ථරයට අයත් වේයැයි කිව හැකිය. මෙම සමාජ ස්ථරය ඕනෑම සමාජයක් තුළ දැකිය හැකි සමාජ ස්ථරයක් ලෙස සැලකිය හැකි වුවද ඔවුන්ගේ ප්රමාණය විශාල ලෙස ඉහළ ගිය සමාජයක් විකෘතියට පත් සමාජයක් ලෙස සැලකිය හැකිය.

1977න් පසුව ඇතිවන විවෘත ආර්ථික ක්රමය, විධායක ජනාධිපති ක්රමය, රටේ විටින් විට ඇතිවන කැරලි කෝලාහල හා යුද ව්යාපාර නිසා ශ්රී ලංකා සමාජයේ මෙම පාදඩකරණ ක්රියාවලියේ වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවීයැයි කිව හැකිය. රටේ අභ්යන්තරයේ ඇතිවූ කැරලි කෝලාහල නිසා ආරක්ෂක හමුදාවල ප්රමාණය විසි ගුණයකින් පමණ ඉහළ ගියේය. පොලීසියේ ප්රමාණයේද වේගවත් වර්ධනයක් ඇතිවිය. මේ සියල්ලටම අතිරේකව ආයුධ සන්නද්ධ ග්රාම ආරක්ෂක හමුදාවක් ද ඇති කිරීමට සිදුවිය. ආරක්ෂක හමුදාවලින් පැන ගොස් ආයුධ අත ඇතිව නීති විරෝධී ලෙස ජීවත් වන අයගේ සංඛ්යාවේද ශීඝ්ර වර්ධනයක් ඇතිවිය. රාජ්ය බලය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්යයක් ඇති කරගැනීමේ අරමුණින් ආයුධ අතට ගත් අය අතරින් ද කිසියම් පිරිසක් නීති විරෝධී ක්රියාකාරකම්වලින් ජීවත් වන්නන් බවට පත්වූහ. මෙම විශේෂ වටාපිටාව රටේ සිදුවන අපරාධවල ප්රමාණයේ ශීඝ්ර වර්ධනයක් ඇති කිරීමට හේතුවිය.

මේ මෑතකදී ලංකාදීප පුවත්පත (2011 ජූලි 28) පොලිස් අපරාධ කොට්ඨාසයේ ප්රකාශකයකු උපුටා දක්වමින් මිනීමැරුම්, කොල්ලකෑම්, ගෙවල් බිඳුම් හා ගැට කැපීම් වැනි අපරාධවලට උසාවියෙන් දඬුවම් ලැබූ අපරාධකරුවන් ලක්ෂ 5ක් පමණ රටේ සිටින බව වාර්තා කර තිබුණි. එම පොලිස් ප්රකාශකයා කියා තිබෙන ආකාරයට අපරාධකරුවන් ලැයිස්තු ගතකිරීම පොලීසිය සිදුකරන්නේ දැඩි සුපරීක්ෂාවකිනි. මියගිය හා වයස අවුරුදු 70 ඉක්මවූ හා හොඳ කල්ක්රියාවෙන් පසුවන පුද්ගලයන්ගේ නම් වාර්ෂිකව මෙම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලබන්නේය. එවිට අපරාධකරුවන් ලෙස සැලකිය හැකි මෙම ලක්ෂ පහේ ගණන සැලකිය යුතුව තිබෙන්නේ ජීවතුන් අතර සිටින අය ලෙසය. එවිට ජනගහනයේ ප්රතිශතයක් වශයෙන් අපරාධකරුවන්ගේ අනුපාතිය 2.5%කි. නිවසකට සිටින සාමාජිකයන් සංඛ්යාව 5ක් ලෙස සලකතොත් ලංකාවේ තිබෙන නිවාස සංඛ්යාව 40 ලක්ෂයක් වන අතර අපරාධකරුවන්ගේ සංඛ්යාව නිවාසවල අනුපාතිකයක් ලෙස ගතහොත් එය 12.5%කි.

මෙය අසාමාන්ය ආකාරයකින් රට තුළ වර්ධනයවෙමින් තිබෙන සමාජ ප්රවණතාවක් ලෙස සැලකිය හැකිය. පාදඩකරණයට හසු නොවූ කිසිම සමාජ ආයතන ක්රමයක් නැති තරම්ය. ගිහියන්ගේ ලෝකයේ පමණක් නොව පැවිද්දන්ගේ ලෝකයේ සිදුවන අපරාධවල ප්රමාණයේද ශීඝ්ර වර්ධනයක් දැකිය හැකිය. යුරෝපයට යැවීම සඳහා කියා තරුණයන්ගෙන් විශාල මුදලක් ප්රමාණයක් වංචා කළ ක්රිස්තියානි පූජකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ පුවතක් මේ මෑතකදී පුවත්පත්වල පළවී තිබුණි. රජමහා විහාරයක ප්රධානියකු කුඩා දැරියක දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වූයේ ද මේ මෑතකදීය. ප්රසිද්ධ විභාගයක් පැවැත්වෙන දිනක එම පාසලට පැමිණි කුඩා දැරියක විභාග මධ්යස්ථානය මුර කළ හමුදා නිලධාරියකු හා පොලිස් නිලධාරියකු ඇතුළු කණ්ඩායමක් විසින් දුෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වූයේද මේ මෑතකදීය. සොරකම්, මංකොල්ලකෑම්, ස්ත්රී දුෂණ හා ළමා අපචාර වැනි අපරාධවල අසාමාන්ය තරමේ වර්ධනයක් තිබෙන බවද බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. අනුන්ගේ ඉඩම්වලට ඔප්පු ලියා ඉඩම් විකුණන සංවිධානාත්මක ව්යාපාරයක් රටේ බොහෝ ප්රදේශවල ක්රියාත්මක වේ. සංවිධානාත්මක ව්යාපාරයට ප්රදේශවල ගණන්කාරයන් ලෙස සැලකෙන පුද්ගලයන් ද, නීතිඥයන් ද ඇතුළත්ය. මහ පාරවල්වල දුවන අධි සුඛෝපභෝගී ජීප් රථ ගණයට වැටෙන වාහනවලින් 50%ක් පමණ නීති විරෝධී ලෙස පූට්ටු කළ වාහන ලෙස සැලකිය හැකිය. සල්ලිකාරයන් ඒවා මිලදී ගන්නේද අසුවුවහොත් රාජසන්තක කිරීමේ ඉඩක් ඇති බව දැන දැනමය. නීති විරෝධී ව්යාජ ලියවිලි සකස් කිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදක් වුවත් සිය ළමුන්ට හොඳ පාසලක් ලබාගැනීමේ අරමුණ සඳහා ව්යාජ ලියවිලි සකස් කිරීමට මහජනයා බියවන්නේ නැත. ගාස්තුවකට ව්යාජ ලියවිලි සකස් කරදීම වෙනුවෙන් ක්රියාත්මක ආයතන සිය ගණනක් රට පුරා තිබෙන අතර ජනප්රිය පාසල් ඇති කොට්ඨාස භාර ග්රාම නිලධාරීහු ව්යාජ සහතිකවලට අනුමැතිය ලබාදීමෙන් විශාල ලෙස ආදායම් උපයති.

වියදම් අධික ජේත්තුකාර ජීවිත පවත්වාගෙන යන බොහෝ දෙනකුගෙන් කරන රැුකියාව කුමක්ද කියා විමසුවහොත් අසන්නට ලැබෙන ජනප්රියම පිළිතුර වී ඇත්තේ ඞීල්වලින් ජීවත් වන බවය. හොඳ එක ඞීල් එකක් මුළු ජීවිත කාලයටම ප්රමාණවත්ය.

සමාජ පාදඩකරණය යන්නෙන් අදහස්වන්නේ මෙම ක්රියාවලියයි. එය සාමාන්ය නොවන ආකාරයකින් වර්ධනය වෙමින් තිබෙන විනාශකාරී සමාජ ප්රවණතාවක් ලෙස ද සැලකිය හැකිය. එම විනාශකාරී ප්රවණතාව විසින් අධිකරණය ගොදුරු කරගනු ලැබූ ආකාරය අගවිනිසුරු සරත් නන්ද සිල්වා රඟපෑ විශේෂ භූමිකාව ආශ්රයෙන් විග්රහ කළ හැකි අතර අගවිනිසුරු හා පාතාල ලෝකයේ රෝහණ කුමාර අතර තිබූ අන්තර් සම්බන්ධය සිදුවූ එම අතික්රමණයේ තරම හා ස්වභාවය පෙන්නුම් කරන සංකේතාත්මක වැදගත්කමක් ඇති හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

රෝහණ කුමාර

රෝහණ කුමාර පසුගිය සතියේ දිනක රටින් පලායෑමට ගනිමින් තිබූ උත්සාහයකදී ඇමරිකන් තානාපති කාර්යාලය අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදි. රෝහණ කුමාර ඇමරිකන් තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කර තිබූ අතර තානාපති කාර්යාලය ඔහු ගැන කරුණු සොයා බැලීමෙන් පසු ඔහු පොලීසියට අවශ්ය වී සිටින දරුණු ගණයේ අපරාධකරුවකු බව දැනගත්විට ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළේය.

ඔහු මෙවර අත්අඩංගුවට ගනු ලැබුවේ එල්ටීටීඊ විරෝධී යුද්ධය උච්චතම තත්ත්වයක පැවති අවස්ථාවකදී එනම් 2009 පෙබරවාරි දෙවැනි දින රටේ ප්රධාන පෙළේ දෙමළ ජාතික සීනි ව්යාපාරිකයකු වූ මුරුගේසන් ගුරුසාමි නමැති පුද්ගලයාගේ නිවසට පොලිස් නිල ඇඳුමෙන් සුදුවෑන් රියකින් පැමිණ ඔහු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියකට අදාළවය. ඔහු වීසා ලබාගැනීම පිණිස තානාපති කාර්යාලයට පැමිණ තිබුණේ ලක්ෂ 200කට වැඩි වටිනාකමක් ඇති රෙන්ජ් රොවර් වර්ගයේ ජීප් රථයකිනි. සීනි ව්යාපාරිකයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සැලසුම් කොට මෙහෙයවා තිබුණේ රෝහණ කුමාරය. ඊට මාස කිහිපයකට පෙර මෙම අපරාධයට සම්බන්ධ රෝහණ කුමාරගේ සහෝදරයා ඇතුළු තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර රෝහණ කුමාර සැඟවී සිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට අසමත්ව තිබුණි. රෝහණ කුමාරගේ නම මුලින්ම කරළියට එන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාට සමීප පුද්ගලයකු වශයෙනි. රෝහණ කුමාර අපරාධකාරී පසුබිමක් ඇති පුද්ගලයකු බව හෙළිදරව් වූ විට ඔහු දන්නා හඳුනන අධිකරණ නිලධාරීහු විස්මයට පත්වූහ. අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැුස්වීමකදී එම මාතෘකාව උණුසුම් කතාබහකට හේතුවී ඒ ගැන අධිකරණ සේවා කොමිසමෙන් කරුණු විමසීම සඳහා වන යෝජනාවක් ද එම සංගමයේ විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කරගත්තේය. එය සිදුවූයේ 2002 ජනවාරි 26 වැනිදාය. ඉන්ද හොඳින් පෙනී යන්නේ රෝහණ කුමාර පිළිබඳ ප්රශ්නය පිටත සිටින අයට පමණක් නොව ඇතුළත සිටින අධිකරණ නිලධාරීන්ට ද එදා ප්රශ්නයක් වී තිබුණු බවය. මෙම පුද්ගලයා අපරාධකාරයෙකු බව හෙළිවූයේ 2001 පෙබරවාරි 05 වැනි දින පේරාදෙණිය මල්වත්තේ සිදුවූ ඝාතනයට රෝහණ කුමාරට ඇති සම්බන්ධය හෙළිවීම නිසාය.

ලක්ෂ්මී කුසුමලතා කෑගල්ලෙන් ඉතාලියට ගොස් ගෘහ සේවිකාවක ලෙස වැඩ කළ කාන්තාවකි. ඇය ඉතාලියට ගොස් ඇත්තේ 1986 ජනවාරි 24 වැනිදාය. ඇය සේවය කළ ස්ථානයේ ලිපිනය වන්නේ 165ල ඪස් ාැක ඛමඅරස ඍදපැ යන්නයි. රංජිත් ගොඩගම ද ඉතාලියේ සේවය කළ අයකු වන අතර මේ දෙදෙනා පේ්රම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන්නේ ඉතාලියේදීය.

ලක්ෂ්මී කුසුමලතා වැඩ කළේ වයසට ගිය ධනවත් තනි පුද්ගලයකුගේ නිවසේය. මේ දෙදෙනා සැලසුම්සහගතව ඔහු මරා දමා ඔහු ළඟ තිබූ මුදල් ද රැුගෙන (හුවමාරු වටිනාකම අනුව රුපියල් ලක්ෂ 300ත් - 400ත් අතර මුදලක්* 1989 දෙසැම්බර්වලදී ලංකාවට පලා ආවෝය. අන්තර්ජාතික පොලීසිය ඇය පිළිබඳව ලංකාවේ තිබෙන ඔවුන්ගේ ශාඛාවට දැනුම් දී ඇතත් කවර ආකාරයකින් හෝ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට ඇය සමත් වී තිබේ.

මේ දෙදෙනා 1990 ඔක්තෝබර්වලදී විවාහ වී තිබෙන අතර ඉතාලියෙන් රැුගෙන ආ මුදල් යොදා මහනුවර, ශ්රී සංඝරාජ මාවතෙන් රූඞ් 01 පර්චස් 10ක ඉඩමක් මිලදී ගෙන සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා එම ඉඩම උගස් කොට ලංකා බැංකුවෙන් ලක්ෂ 338ක ණය මුදලක් ද ලබාගෙන තිබේ.

එහෙත් මේ දෙදෙනාට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නට හැකිවී නැත. රංජිත් බණ්ඩාර ගොඩගම සිය පළමු විවාහය ශූන්ය කිරීමකින් තොරව ගම්පොළ, එල්ලාවල අංක 332 දරන ස්ථානයේ පදිංචි වෙනත් කාන්තාවක සමග 1995 මැයි 8 වැනිදා විවාහ විය. ඔවුන් දෙදෙනා පේරාදෙණිය උද්භිද උද්යානයේ කැෆටේරියාව 2000 නොවැම්බර්වලදී සිය පාලනය යටතට ගෙන එය පවත්වාගෙන ගියෝය. රංජිත් ඇති කරගත් දෙවන විවාහය නිසා ඔහුගේ පළමු බිරිඳ කුසුමලතා හා ඔහු අතර කිංග්ස් පාර්ක් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් ආරාවුලක් ඇතිවිය. එම දේපළ ආරාවුලට සම්බන්ධව මහනුවර මහාධිකරණයේ, දිසා අධිකරණයේ හා මහේස්ත්රාත් අධිකරණයේ ඇසෙමින් තිබූ නඩු සංඛ්යාව 16කි. රංජිත් ඇති කරගෙන තිබුණු දෙවැනි විවාහය නීත්යනුකූල විවාහයක් නොවීම හේතු කොටගෙන මේ දේපළ හිමිකර ගැනීමට කුසුමලතාට තිබුණු පහසුම මාර්ගය වී තිබුණේ රංජිත් මරා දැමීමය. එම වැඩසටහන ක්රියාවට නැගීමේ වගකීම භාරගත්තේ රෝහණ කුමාරය. මෙම ඝාතනයේ වෙඩික්කාරයා ලෙස ක්රියාකරන ඕ.කේ. අශෝක හා ඔහුගේ සහායක නුපුල් කුමාර පේරාදෙණිය උද්භිද උද්යානයේ කැෆටේරියේදී රංජිත්ට වෙඩි තබා ඝාතනය කිරීමට සමත් වුවත් පලායෑමට සමත් වූයේ නැත. වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝලය හා ඔවුන් දෙදෙනා පරිහරණය කළ ජංගම දුරකතනය සමග ඔවුහු අත්අඩංගුවට ගන්නා ලදහ. රෝහණ කුමාරගේ සම්බන්ධය හෙළිවන්නේ ජංගම දුරකතනය නිසාය.

තමන්ට ලැබුණු නිල නිවස තමන්ගේ පරිහරණයට නොගෙන විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයට පරිත්යාග කළ පළමු අගවිනිසුරුවරයා තමා බව සරත් නන්ද සිල්වා ෆ්රෙඩි්රකා ජෑන්ස්ට ලියන ලද පිළිතුරු ලිපියේ මහා උජාරුවෙන් කියා තිබුණි. ලැබුණු නිල නිවසට නොගොස් සිය නිවසේ සිටින්නට අගවිනිසුරුවරයාට සිදුවූයේ ඔහු තෝරාගෙන සිටි සහකාරිය ඔහුගේ නීත්යනුකූල බිරිඳ නොවීම නිසාය. ඒ නිසා අගවිනිසුරු බිරිඳ සමග සහභාගිවිය යුතු නිල උත්සවවලට සහභාගි වූයේද තනිවමය. අගවිනිසුරු කියන්නේ රෝහණ කුමාර කෙනකු විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ භාරකරු ලෙස ක්රියා නොකළ බවය. එම රාජකාරිය කළේ රත්නායක නමින් වන කෙනකු බවය. එහෙත් තමන්ට රෝහණ කුමාර සමග තිබූ සම්බන්ධය කුමක්දැයි අගවිනිසුරු විස්තර කරන්නේ නැත. නිල වැටුපක් ඇතිව හෝ නැතිව රෝහණ කුමාර එම ආයතනයේ සේවය කළ බව සැක රහිතව ඔප්පු කළ හැකිය. එසේම අගවිනිසුරුවරයාට රෝහණ කුමාර සමග අසාමාන්ය තරමේ ළඟ සම්බන්ධයක් තිබුණු බවද ඔප්පු කළ හැකිය. බොහෝ විනිසුරුවරුන් රෝහණ කුමාර හඳුනාගෙන තිබුණේ විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ භාරකරු වශයෙන් හෝ අගවිනිසුරුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙනි. අගවිනිසුරුට තිබුණු මෙම සම්බන්ධය නිසා ඔහු විනිසුරුවරුන් බොහෝ දෙනකු ඇසුරු කළා පමණක් නොව, සමහර විනිසුරුවරුන් මචං කියා අමතන තරමේ ළඟ සම්බන්ධයක් ඔහු ඇති කරගෙන තිබුණේය. රෝහණ කුමාරට එරෙහිව පවරා තිබුණු නඩු ගණනාවක ලිපිගොනු අතුරුදන් කරවීමට ඔහු සමත්ව තිබුණු අතර රක්ෂණ වන්දියක් වංචා සහගතව ලබාගැනීමේ සිද්ධියකට අදාළව ඔහුට නීතිපතිවරයා විසින් පවරන ලදුව කොළඹ මහාධිකරණයේ ඇසෙමින් තිබූ නඩුවක ලිපිගොනුවද අතුරුදන් කරවීමට ඔහු සමත්ව තිබුණි. ඔහුගේ මෙම රක්ෂණ වංචා නඩුව ඇසෙමින් තිබී ඇත්තේ දැන් විශ්රාම ලබා සිටින පී. විජේරත්න විනිසුරුවරයා ඉදිරියේය. මෙවැනි පුද්ගලයකු විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ සේවය කරන්නේ කෙසේදැයි මහාධිකරණ විනිසුරු විජේරත්න මහතා විනිසුරුවරුන් පුහුණු කැරෙන ආයතනයේ ප්රධානියා ලෙස ක්රියා කළ ජේ.එෆ්.ඒ. සුසා මහතාගෙන් ප්රශ්න කර තිබුණි.

කුසුමලතාට රෝහණ කුමාර හමුවන විට ඇයට වෙනත් පෙම්වතකු සිටියද රෝහණ කුමාර සිය පළමු විවාහය ශූන්ය නොකොට කුසුමලතා විවාහ කරගනිමින් කිංග්ස් පාර්ක් හෝටලය සහිත දේපළවල හිමිකරුවා බවට පත්වූයේය. මෙම ඝාතනයෙන් පසුව කුසුමලතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුවත් රෝහණ කුමාර කලක් සැඟවී සිටීමට සමත් විය. අත්අඩංගුවට ගනු ලැබූ කුසුමලතා ඇගෙන් කටඋත්තරය ලබාගත් උප පොලිස් පරීක්ෂක ඊ.එම්.එම්. බණ්ඩාරට රෝහණ කුමාර ගැන විස්තර කර තිබුණේ මෙසේය.

මෙම නඩුවට උදව් කිරීමට කිංග්ස් පාර්ක් හෝටලයේ කළමනාකාර කළුආරච්චි මහතාගේ මාර්ගයෙන් රෝහණ කුමාර නමැත්තකු හඳුනා ගත්තා. රෝහණ කුමාරගේ රැුකියාව පුද්ගලික සහකාර අග්රවිනිශ්චයකාර. ඔහු පදිංචි වී සිටින්නේ අංක 29, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනය.

පදිංචි ස්ථානය ලෙස ඇය දක්වා ඇත්තේ අගවිනිසුරුගේ නිල නිවාසයේ ලිපිනයයි. ඇගේ කටඋත්තරයේ එන විස්තර අනුව කොළඹදී අවස්ථා ගණනාවකදී ඇය රෝහණ කුමාර හමුවී ඇත්තේ විනිශ්චයකාරවරුන් පුහුණු කරන ආයතනය බවට පත්ව තිබූ අගවිනිසුරුගේ නිල නිවාසයේදීය.

විවෘත වරෙන්තුවක් තිබියදී කැස්බෑව ප්රදේශයේ නිවසක සැඟවී සිටියදී 2005 දෙසැම්බර් 29 වැනිදා පිළියන්දල පොලීසිය රෝහණ කුමාර අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අවස්ථාවේ ඔහු සමග, ඇප ලබා නිදහස් වී සිටි කුසුමලතාද සිටියාය. අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී තමාට අග්රවිනිශ්චයකාරවරයාට කතා කිරීමට අවශ්ය බව ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායාම භාරව ක්රියා කළ උප පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්නද ඔහු ඊට ඉඩදී නැත. ඉන්පසු කුසුමලතා සිය ජංගම දුරකතනයෙන් අගවිනිසුරු අමතා සර් රෝහණ කුමාරව අත්අඩංගුවට ගත්තායැයි කියා තිබේ. වරෙන්තුවක් තිබියදී සැඟවී සිටියේ ඇයිදැයි උප පොලිස් පරීක්ෂකවරයා විමසූ විට ඔහු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ අගවිනිසුරුවරයාගෙන් ලැබුණු උපදෙස් මත තාවකාලිකව සැඟවුණු බවය. මේ සියලූ විස්තර උප පොලිස් පරීක්ෂකවරයාගේ සටහන් පොතේ සටහන් කර තිබේ.

රෝහණ කුමාර සීනි මුදලාලි පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා යොදා ගත්තේ රංජිත් ගොඩගම ඝාතනය කිරීම සඳහා යොදාගත් නමගිය අපරාධකරුවකු වූ ඕ.කේ. අශෝක ප්රධාන කණ්ඩායමකි. මේ ඝාතන දෙක අතරමැදි කාලයේ සිදුවූ අපරාධ ද මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වනු ඇතැයි සිතිය හැකිය. රෝහණ කුමාර ක්ඛ්ක් නමින් නීති උපදෙස් හා නීති සහන ආයතනයක් පවත්වාගෙන ගියේය. ඒ සඳහා ඒ නමින් වන වෙබ් අඩවියක්ද පවත්වාගෙන ගියේය. මුලදී ඒ සඳහා වන කාර්යාලය පවත්වාගෙන ගියේ ගලදාරි හෝටලයේය. පසුව එය කොළඹ 05, වජිර මාවතේ අංක 141/3ඊ යන ලිපිනයට ගෙන යන ලදි. ඔහු ඉගෙන ගෙන ඇත්තේ නවවැනි පන්තියට පමණක් වුවත්, එහි ඔහු තමන් හඳුන්වාගෙන ඇත්තේ ආචාර්ය රෝහණ කුමාර වශයෙනි. ඉතාම වැදගත් දේ මෙම වෙබ් අඩවියේ පළකොට තිබෙන තොරතුරු අනුව මෙම ආයතනයේ විගණන සමාගම ලෙස ක්රියාකරන්නේ උදය ශ්රී කාරියවසම් සහ සමාගමය. උදය ශ්රී කාරියවසම් ලංකා බැංකුවේ හිටපු සභාපතිවරයාය. කිංග්ස් පාර්ක් හෝටලය ලංකා බැංකුවට පොලූ තබා තිබෙන ණය ප්රමාණය මිලියන 100කටත් වැඩිවිය හැකිය. රෝහණ කුමාර රක්ෂණ වංචාවන්ට නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබූ පුද්ගලයෙකි. උදය ශ්රී කාරියවසම් රක්ෂණ නියාමන කොමිසමේ හිටපු සභාපතිවරයාය. රෝහණ කුමාරගේ මෙම අපරාධ සමාගමේ නීති අධ්යක්ෂවරයා වන්නේ අර්ජුන කරලියැද්ද නමැති නීතිඥයෙකි. ඔහු විනිශ්චයකාරවරයකුගේ සහෝදරයෙකි. උදය ශ්රී කාරියවසම් හා අර්ජුන කරලියද්ද යන දෙදෙනා රෝහණ කුමාර දරුණු අපරාධකාරයකු බව හා ඔහු ආචාර්ය උපාධියක් ලැබීමට අවශ්ය තරම් අධ්යාපන සුදුසුකම් නැති හොර තක්කඩියකු බව දැන නොසිටියේද? ශ්රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ සමාජය කුණුවී තිබෙන තරම ඉන් පෙන්නුම් කරයි.

මේ ආශ්රයෙන් තේරුම්ගත හැකි වැදගත්ම දේ සමාජ පාදඩකරණ ක්රියාවලිය දුර ගොස් තිබෙන තරමය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා රෝහණ කුමාර අපරාධකරුවකු බව දැන දැනම ඔහු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගියා පමණක් නොව ඔහු කරන අපරාධවලදී ඍජු ලෙස හා අනියම් ලෙස ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් පවත්වාගෙන ගියේය. දෙදෙනා අතර තිබුණු අසාමාන්ය සම්බන්ධය මේ දෙදෙනාගේ දුරකතනවල වාර්තාවලින් හොඳින් ඔප්පු කළ හැකිය. හිටපු අගවිනිසුරුවරයා පාතාල ලෝකයේ අපරාධකරුවකු වු රෝහණ කුමාර සමග පවත්වාගෙන ගිය සම්බන්ධය මගින් සිය නීචභාවය හොඳින් තහවුරු කර ඇත්තේයැයි කිව හැකිය. නීතිය ක්රියාත්මක වන ක්රමයක් අපේ රටේ ඇත්තේ නම් හිටපු අගවිනිසුරුවරයා සිටිය යුත්තේ නිදහස් ලෝකයේ නොව රෝහණ කුමාර සමග හිරගෙදරය.

[QUOTE="ලොක්කයියා, post: 10954006, member: 372129"] [b]සරත් නන්ද සිල්වා ................[/b] [B][URL="http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=147:2011-09-10-08-01-43&catid=3:features&Itemid=108"][SIZE=3]සරත් නන්ද සිල්වා හා සමාජ පාදඩකරණය - වික්ටර් අයිවන් [/SIZE][/URL][/B] [SIZE=3] [/SIZE] [SIZE=3]වැදුම්: 1586 [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.lankanewsweb.com/sinhala/images/stories/SarathnsilvaBnW.jpg[/IMG][/SIZE] [SIZE=3]ෆ්රෙඩි්රකා එල්ල කරන ලද චෝදනා අතර ඔහු අගවිනිසුරු තනතුරේ සිටියදී ඔහු දියවන්නා ඔය අසල රඟපෑ අඩ නිරුවත් රංගනය ගැනද සඳහන් වී තිබුණි. එහෙත් ඒ ගැන ඔහුගේ පිළිතුරේ කිසිවක් සඳහන් වී නොතිබුණි. ඔහුගේ පිළිතුරු ප්රකාශනය තමන්ගේ වාසියට හේතුවන ලෙස අර්ථකථනය කළ හැකි දේවලට පමණක් සීමාවී තිබෙන බව ඉන් පෙනීයයි. සරත් සිල්වාට එරෙහිව ඔහුගේ නීත්යනුකූල බිරිඳ දික්කසාද නඩුවක් පවරා නැතැ යි සරත් සිල්වා කියන විට ඔහු එහිදී නිවැරදිය. දික්කසාදයකින් තොරව ජයසේකරගේ බිරිඳ සරත් සිල්වා විසින් සිය සහකාරිය බවට පත්කර ගැනීමෙන් පසු සිය නීත්යනුකූල බිරිඳගෙන් දික්කසාදවීමට සරත් සිල්වාට අවශ්ය වී ඔහු ඇයට එරෙහිව දික්කසාද නඩුවක් පැවරුවේය. ඊට ඔහුගේ බිරිඳ මනෝරානි සැර පිිළිතුරක් කෙටුම්පත් කළාය. ඒ බව දැනගත් විට ඔහු සිය දික්කසාද නඩුව ඉවත් කරගත්තේය. ඒ සමග මනෝරානිට ත්රාසජනක සිද්ධියකට මුහුණදීමට සිදුවිය. නඩුව ඉවත් කරගැනීමෙන් සතියකට පමණ පසුව සෙනසුරාදා දිනක පිහියක් අත ඇතිව සාහසිකයෙක් ඇයගේ නිවසට කඩා පැන්නේය. ඒ අවස්ථාවේදී ඇය හඬනගා කෑගසන්නට වීම නිසා නිවස අවට අසල්වැසියන් ඇගේ ආධාරයට පැමිණි නිසා සාහසිකයා තමන් පැමිණි ත්රීවිලරයෙන් ආපසු පලා ගියේය. මෙම සාහසිකයා එකල දිවයිනේ නමගිය අපරාධකරුවකු වූ මොරටු සමන් බව ඇය පසුකලක හඳුනා ගත්තාය. මෙම අත්දැකීම හේතු කොටගෙන තමන්ගේ හිටපු ස්වාමිපුරුෂයා හා මොරටු සමන් අතර සම්බන්ධයක් තිබුණේයැ යි ඇය තරයේ විශ්වාස කළාය.[/SIZE] [B][SIZE=3]ජයසේකරගේ නඩුව[/SIZE][/B] [SIZE=3]රසායන ඉංජිනේරු ජයසේකර විසින් තම විවාහක බිරිඳ හා එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වා සමවිත්තිකරුවන් කරමින් පවරන ලද දික්කසාද නඩුවේදී එම නඩුව විභාග කළ උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා සරත් නන්ද සිල්වාගේ පාර්ශ්වයට වාසිදායක තීන්දුවක් ලබාදීම සඳහා නීති විරෝධි ලෙසත්, අගතිගාමී හා පීඩාකාරී ලෙසත් ක්රියාකර ඇත්තේය කියන කාරණය අලූතෙන් සනාථ කළයුතුව තිබෙන දෙයක් නොව හොඳින් සනාථ වී තිබෙන දෙයකි. මෙම දිසා විනිසුරුවරයාගේ අගතිගාමී ක්රියාකලාපයට අදාළව පළමු පරීක්ෂණය අධිකරණ සේවා කොමිසම විසින් පවත්වන ලද්දේ 1994/95 යන වසරවලදීය. පරීක්ෂණය පවත්වන ලද්දේ අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වූ තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්රනාන්දු යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා විසිනි. එකල අගවිනිසුරු ධුරය හෙබවූ ජී.පී.එස්. ද සිල්වා තමා පැමිණිලිකාර ජයසේකර පුද්ගලිකව දන්නා හඳුනන බැවින් පරීක්ෂණයට සම්බන්ධවීමෙන් වැළකී සිටියේය. 1994 නොවැම්බර් 8 වැනි දින අධිකරණ සේවා කොමිසම ජයසේකරගේ පෙත්සමේ පිටපතක් එම දිසා විනිසුරු වෙත යවා පැමිණිල්ල ගැන දිසා විනිසුරුවරයාගේ නිරීක්ෂණ දින තුනක් ඇතුළත අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය. දිසා විනිසුරුවරයා සිය නිරීක්ෂණ නොවැම්බර් 11 වැනිදා අධිකරණ සේවා කොමිසම වෙත ඉදිරිපත් කළේය. එම නිරීක්ෂණ සලකා බැලීමෙන් පසුව පරීක්ෂණය භාරව ක්රියාකළ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනා 1994 දෙසැම්බර් 14 වැනි දින දිසා විනිසුරුවරයා අධිකරණ සේවා කොමිසමට කැඳවා ඔහු විසින් එවා තිබුණු නිරීක්ෂණ පිළිබඳවත්, ඔහු නඩුව පවත්වාගෙන ගොස් තිබූ ආකාරය පිළිබඳවත් ඔහු දීර්ඝ ප්රශ්න කිරීමට ලක් කළහ. පරීක්ෂණය භාරව ක්රියා කළ විනිසුරුවරුන් දෙදෙනාගේම මතය වී තිබුණේ දිසා විනිසුරුවරයා අධිකරණ සේවයෙන් ඉවත් කළයුතු බවය. මෙම විනිසුරුවරුන් දෙදෙනා විසින් දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පත්රය බිහිසුණු චෝදනා පත්රයක් ලෙස සැලකිය හැකිය. එම දීර්ඝ චෝදනා පත්රය මාගේ නොනිමි අරගලය නමැති කෘතියට ඇතුළත්ය. අධිකරණ සේවා කොමිසම සේවයෙන් පහකිරීමට හෝ අන් සුදුසු දඬුවමක් පැමිණවීමට හේතු ඇතොත් මසක කාලයක් තුළ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමින් එම චෝදනා පත්රය උපාලි අබේරත්න විනිසුරුවරයා වෙත යවන ලද්දේ 1996 පෙබරවාරි 12 වැනිදාය.[/SIZE] [SIZE=3]ශ්රේෂ්ඨාධිකරණයේ සිටි සරත් නන්ද සිල්වා, නීතිපති ධුරයට පත්වන්නේ 1996 මාර්තු 1 වැනිදාය. තමන්ගේ අනියම් මෙහෙයවීම මත ක්රියාකරමින් තම පාර්ශ්වයට වාසිදායක නඩු තීන්දුවක් ලබාදුන් උපාලි අබේරත්න විනිසුරුවරයා ආරක්ෂා කරගැනීම සඳහා නීතිපති සරත් නන්ද සිල්වා කරන්නේ ජනාධිපතිනිය සමග තමන්ට තිබුණු සමීප හිතවත්කම ප්රයෝජනයට ගෙන අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් වෙනස් කරවා ගැනීමය. ඒ මගින් ඔහු දිසා විනිසුරු උපාලි අබේරත්න ආරක්ෂා කරගත්තේය.[/SIZE] [SIZE=3]ඉන්පසු මෙම දිසා විනිසුරුවරයා මෙම නඩුවේදී ක්රියාකර තිබෙන ආකාරය නැවත පරීක්ෂා කරන තත්ත්වයක් ඇතිවන්නේ 1998 වසර අවසානයේදී මෙම නඩුවේදී ජයසේකරට සිදුවී තිබුණු අසාධාරණයට එරෙහිව මා විසින් කරන ලද හඬ නැගීම නිසාය. මෙම නඩුවේදී දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව මා එල්ල කරමින් තිබුණු ප්රසිද්ධ චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතාට සිදුවිය. පරීක්ෂණ කමිටුව පත් කරන ලද්දේ 1998 වසර අවසානයේදීය. පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අමිර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී. එදුස්සූරිය යන විනිශ්චයකාරවරුන්ගෙනි. පරීක්ෂණ කමිටුව, උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එල්ල වී තිබෙන චෝදනාවලට ඔහු වරදකරු කළ අතර ඒ අනුව අධිකරණ සේවා කොමිසම 1991 ජනවාරි 31 වැනි දින සිට බලපාන පරිදි එම විනිසුරුවරයා අනිවාර්ය පදනම මත සේවයෙන් විශ්රාම ගන්වන ලදි. ඒ තීරණය ගැනීමෙන් පසු නැවත දිසා විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරන ලද කරුණු දැක්වීමකින් පසු අධිකරණ සේවා කොමිසම පළමුව ගනු ලැබූ තීරණය වෙනස් කොට දෙන ලද දඬුවම ලිහිල් කරන ලදි. අලූතෙන් පමණුවන ලද දඬුවම වූයේ විශේෂ ශ්රේණියට උසස් කිරීම 1999.07.19 වැනි දින සිට අවුරුදු දෙකක කාලයකට අත්හිටුවීම හා 2001.01.01 වන දින සිට මොනරාගල දිසා අධිකරණයට මාරුකිරීමය. අධිකරණ සේවා කොමිසම මෙම දිසා විනිසුරුවරයා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්ති ප්රසිද්ධියේ විවේචනයට ලක් කරමින් එච්.එල්. ද සිල්වා කීවේ, වරද සහිත අධිකරණ නිලධාරීන් ඌන පහසුකම් හා අහිතකර පරිසරයක් ඇති තැන්වලට මාරු කර යැවීම රෝගයට සරිලන පිළියමක් නොවන බවය. සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු තමන්ගේ ආරක්ෂාව සඳහා කි්රයාකළ මෙම අධිකරණ නිලධාරියාගේ උසස්වීම් වැළකීම සඳහා පනවා තිබූ කාල නියමය සම්පූර්ණවීමට පෙර ඔහුට උසස්වීමක් ලබාදෙන ලදි.[/SIZE] [B][SIZE=3]සමාජ පාදඩකරණය[/SIZE][/B] [SIZE=3]පාදඩ යන තේරුම් ඇති ඛමපචැබ යන යෙදුම මාක්ස් හා එංගල්ස් විසින් මුලින්ම ඔයැ ඨැරප්බ සාැදකදටහ යොදාගනු ලැබුවේ නිර්ධන පන්තියේම විශේෂ ස්ථරයක් විස්තර කිරීම සඳහාය. මෙම විශේෂ සමාජ ස්ථරයට මාක්ස් ඇතුළත් කර තිබුණේ ගැටකපන්නන්, කප්පම්කාරයන්, හිඟන්නන්, ගණිකා නිවාස පවත්වාගෙන යන්නන් වැනි පාදඩ ගණයෙහිලා සැලකිය හැකි ක්රියාකාරකම්වලින් ජීවත්වන්නන්ය. මාක්ස් මෙම සමාජ ප්රභේදය විස්තර කර ඇත්තේ විශ්වාස නොකළ යුතු නිර්ධන පන්තිය තුළ සිටින ප්රතිගාමී සමාජ ස්ථරයක් ලෙසය. මාගේ මතය මෙම විශේෂ සමාජ ස්ථරය නිර්ධන පන්තියට පමණක් සීමා වූවක් නොවන අතර මධ්යම පන්තිය හා ධනපති පන්තිය තුළද දැකිය හැකි විශේෂ සමාජ ස්ථරයක් වන බවය. ඔවුන් ප්රධාන කොට නීති විරෝධී ක්රියාකාරකම්වලින් ජීවත් වන සමාජ ස්ථරයක් ලෙස සැලකිය හැකිය. සියලූ ආකාරවලින් කළු සල්ලි උපයන්නන්, මොනයම් නිෂ්පාදනයක, වෙළෙඳාමක හෝ වෘත්තියක නොයෙදී තැරැුව්කාර ක්රියාකාරකම්වලින් ජීවත්වන්නන්, මංකොල්ලකෑමෙන් හෝ වංචාවෙන් මුදල් උපයන්නන් මෙම විශේෂ සමාජ ස්ථරයට අයත් වේයැයි කිව හැකිය. මෙම සමාජ ස්ථරය ඕනෑම සමාජයක් තුළ දැකිය හැකි සමාජ ස්ථරයක් ලෙස සැලකිය හැකි වුවද ඔවුන්ගේ ප්රමාණය විශාල ලෙස ඉහළ ගිය සමාජයක් විකෘතියට පත් සමාජයක් ලෙස සැලකිය හැකිය.[/SIZE] [SIZE=3]1977න් පසුව ඇතිවන විවෘත ආර්ථික ක්රමය, විධායක ජනාධිපති ක්රමය, රටේ විටින් විට ඇතිවන කැරලි කෝලාහල හා යුද ව්යාපාර නිසා ශ්රී ලංකා සමාජයේ මෙම පාදඩකරණ ක්රියාවලියේ වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවීයැයි කිව හැකිය. රටේ අභ්යන්තරයේ ඇතිවූ කැරලි කෝලාහල නිසා ආරක්ෂක හමුදාවල ප්රමාණය විසි ගුණයකින් පමණ ඉහළ ගියේය. පොලීසියේ ප්රමාණයේද වේගවත් වර්ධනයක් ඇතිවිය. මේ සියල්ලටම අතිරේකව ආයුධ සන්නද්ධ ග්රාම ආරක්ෂක හමුදාවක් ද ඇති කිරීමට සිදුවිය. ආරක්ෂක හමුදාවලින් පැන ගොස් ආයුධ අත ඇතිව නීති විරෝධී ලෙස ජීවත් වන අයගේ සංඛ්යාවේද ශීඝ්ර වර්ධනයක් ඇතිවිය. රාජ්ය බලය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්යයක් ඇති කරගැනීමේ අරමුණින් ආයුධ අතට ගත් අය අතරින් ද කිසියම් පිරිසක් නීති විරෝධී ක්රියාකාරකම්වලින් ජීවත් වන්නන් බවට පත්වූහ. මෙම විශේෂ වටාපිටාව රටේ සිදුවන අපරාධවල ප්රමාණයේ ශීඝ්ර වර්ධනයක් ඇති කිරීමට හේතුවිය.[/SIZE] [SIZE=3]මේ මෑතකදී ලංකාදීප පුවත්පත (2011 ජූලි 28) පොලිස් අපරාධ කොට්ඨාසයේ ප්රකාශකයකු උපුටා දක්වමින් මිනීමැරුම්, කොල්ලකෑම්, ගෙවල් බිඳුම් හා ගැට කැපීම් වැනි අපරාධවලට උසාවියෙන් දඬුවම් ලැබූ අපරාධකරුවන් ලක්ෂ 5ක් පමණ රටේ සිටින බව වාර්තා කර තිබුණි. එම පොලිස් ප්රකාශකයා කියා තිබෙන ආකාරයට අපරාධකරුවන් ලැයිස්තු ගතකිරීම පොලීසිය සිදුකරන්නේ දැඩි සුපරීක්ෂාවකිනි. මියගිය හා වයස අවුරුදු 70 ඉක්මවූ හා හොඳ කල්ක්රියාවෙන් පසුවන පුද්ගලයන්ගේ නම් වාර්ෂිකව මෙම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලබන්නේය. එවිට අපරාධකරුවන් ලෙස සැලකිය හැකි මෙම ලක්ෂ පහේ ගණන සැලකිය යුතුව තිබෙන්නේ ජීවතුන් අතර සිටින අය ලෙසය. එවිට ජනගහනයේ ප්රතිශතයක් වශයෙන් අපරාධකරුවන්ගේ අනුපාතිය 2.5%කි. නිවසකට සිටින සාමාජිකයන් සංඛ්යාව 5ක් ලෙස සලකතොත් ලංකාවේ තිබෙන නිවාස සංඛ්යාව 40 ලක්ෂයක් වන අතර අපරාධකරුවන්ගේ සංඛ්යාව නිවාසවල අනුපාතිකයක් ලෙස ගතහොත් එය 12.5%කි.[/SIZE] [SIZE=3]මෙය අසාමාන්ය ආකාරයකින් රට තුළ වර්ධනයවෙමින් තිබෙන සමාජ ප්රවණතාවක් ලෙස සැලකිය හැකිය. පාදඩකරණයට හසු නොවූ කිසිම සමාජ ආයතන ක්රමයක් නැති තරම්ය. ගිහියන්ගේ ලෝකයේ පමණක් නොව පැවිද්දන්ගේ ලෝකයේ සිදුවන අපරාධවල ප්රමාණයේද ශීඝ්ර වර්ධනයක් දැකිය හැකිය. යුරෝපයට යැවීම සඳහා කියා තරුණයන්ගෙන් විශාල මුදලක් ප්රමාණයක් වංචා කළ ක්රිස්තියානි පූජකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ පුවතක් මේ මෑතකදී පුවත්පත්වල පළවී තිබුණි. රජමහා විහාරයක ප්රධානියකු කුඩා දැරියක දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වූයේ ද මේ මෑතකදීය. ප්රසිද්ධ විභාගයක් පැවැත්වෙන දිනක එම පාසලට පැමිණි කුඩා දැරියක විභාග මධ්යස්ථානය මුර කළ හමුදා නිලධාරියකු හා පොලිස් නිලධාරියකු ඇතුළු කණ්ඩායමක් විසින් දුෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වූයේද මේ මෑතකදීය. සොරකම්, මංකොල්ලකෑම්, ස්ත්රී දුෂණ හා ළමා අපචාර වැනි අපරාධවල අසාමාන්ය තරමේ වර්ධනයක් තිබෙන බවද බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. අනුන්ගේ ඉඩම්වලට ඔප්පු ලියා ඉඩම් විකුණන සංවිධානාත්මක ව්යාපාරයක් රටේ බොහෝ ප්රදේශවල ක්රියාත්මක වේ. සංවිධානාත්මක ව්යාපාරයට ප්රදේශවල ගණන්කාරයන් ලෙස සැලකෙන පුද්ගලයන් ද, නීතිඥයන් ද ඇතුළත්ය. මහ පාරවල්වල දුවන අධි සුඛෝපභෝගී ජීප් රථ ගණයට වැටෙන වාහනවලින් 50%ක් පමණ නීති විරෝධී ලෙස පූට්ටු කළ වාහන ලෙස සැලකිය හැකිය. සල්ලිකාරයන් ඒවා මිලදී ගන්නේද අසුවුවහොත් රාජසන්තක කිරීමේ ඉඩක් ඇති බව දැන දැනමය. නීති විරෝධී ව්යාජ ලියවිලි සකස් කිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදක් වුවත් සිය ළමුන්ට හොඳ පාසලක් ලබාගැනීමේ අරමුණ සඳහා ව්යාජ ලියවිලි සකස් කිරීමට මහජනයා බියවන්නේ නැත. ගාස්තුවකට ව්යාජ ලියවිලි සකස් කරදීම වෙනුවෙන් ක්රියාත්මක ආයතන සිය ගණනක් රට පුරා තිබෙන අතර ජනප්රිය පාසල් ඇති කොට්ඨාස භාර ග්රාම නිලධාරීහු ව්යාජ සහතිකවලට අනුමැතිය ලබාදීමෙන් විශාල ලෙස ආදායම් උපයති.[/SIZE] [SIZE=3]වියදම් අධික ජේත්තුකාර ජීවිත පවත්වාගෙන යන බොහෝ දෙනකුගෙන් කරන රැුකියාව කුමක්ද කියා විමසුවහොත් අසන්නට ලැබෙන ජනප්රියම පිළිතුර වී ඇත්තේ ඞීල්වලින් ජීවත් වන බවය. හොඳ එක ඞීල් එකක් මුළු ජීවිත කාලයටම ප්රමාණවත්ය.[/SIZE] [SIZE=3]සමාජ පාදඩකරණය යන්නෙන් අදහස්වන්නේ මෙම ක්රියාවලියයි. එය සාමාන්ය නොවන ආකාරයකින් වර්ධනය වෙමින් තිබෙන විනාශකාරී සමාජ ප්රවණතාවක් ලෙස ද සැලකිය හැකිය. එම විනාශකාරී ප්රවණතාව විසින් අධිකරණය ගොදුරු කරගනු ලැබූ ආකාරය අගවිනිසුරු සරත් නන්ද සිල්වා රඟපෑ විශේෂ භූමිකාව ආශ්රයෙන් විග්රහ කළ හැකි අතර අගවිනිසුරු හා පාතාල ලෝකයේ රෝහණ කුමාර අතර තිබූ අන්තර් සම්බන්ධය සිදුවූ එම අතික්රමණයේ තරම හා ස්වභාවය පෙන්නුම් කරන සංකේතාත්මක වැදගත්කමක් ඇති හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.[/SIZE] [B][SIZE=3]රෝහණ කුමාර[/SIZE][/B] [SIZE=3]රෝහණ කුමාර පසුගිය සතියේ දිනක රටින් පලායෑමට ගනිමින් තිබූ උත්සාහයකදී ඇමරිකන් තානාපති කාර්යාලය අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදි. රෝහණ කුමාර ඇමරිකන් තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කර තිබූ අතර තානාපති කාර්යාලය ඔහු ගැන කරුණු සොයා බැලීමෙන් පසු ඔහු පොලීසියට අවශ්ය වී සිටින දරුණු ගණයේ අපරාධකරුවකු බව දැනගත්විට ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළේය.[/SIZE] [SIZE=3]ඔහු මෙවර අත්අඩංගුවට ගනු ලැබුවේ එල්ටීටීඊ විරෝධී යුද්ධය උච්චතම තත්ත්වයක පැවති අවස්ථාවකදී එනම් 2009 පෙබරවාරි දෙවැනි දින රටේ ප්රධාන පෙළේ දෙමළ ජාතික සීනි ව්යාපාරිකයකු වූ මුරුගේසන් ගුරුසාමි නමැති පුද්ගලයාගේ නිවසට පොලිස් නිල ඇඳුමෙන් සුදුවෑන් රියකින් පැමිණ ඔහු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියකට අදාළවය. ඔහු වීසා ලබාගැනීම පිණිස තානාපති කාර්යාලයට පැමිණ තිබුණේ ලක්ෂ 200කට වැඩි වටිනාකමක් ඇති රෙන්ජ් රොවර් වර්ගයේ ජීප් රථයකිනි. සීනි ව්යාපාරිකයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සැලසුම් කොට මෙහෙයවා තිබුණේ රෝහණ කුමාරය. ඊට මාස කිහිපයකට පෙර මෙම අපරාධයට සම්බන්ධ රෝහණ කුමාරගේ සහෝදරයා ඇතුළු තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර රෝහණ කුමාර සැඟවී සිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට අසමත්ව තිබුණි. රෝහණ කුමාරගේ නම මුලින්ම කරළියට එන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාට සමීප පුද්ගලයකු වශයෙනි. රෝහණ කුමාර අපරාධකාරී පසුබිමක් ඇති පුද්ගලයකු බව හෙළිදරව් වූ විට ඔහු දන්නා හඳුනන අධිකරණ නිලධාරීහු විස්මයට පත්වූහ. අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැුස්වීමකදී එම මාතෘකාව උණුසුම් කතාබහකට හේතුවී ඒ ගැන අධිකරණ සේවා කොමිසමෙන් කරුණු විමසීම සඳහා වන යෝජනාවක් ද එම සංගමයේ විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කරගත්තේය. එය සිදුවූයේ 2002 ජනවාරි 26 වැනිදාය. ඉන්ද හොඳින් පෙනී යන්නේ රෝහණ කුමාර පිළිබඳ ප්රශ්නය පිටත සිටින අයට පමණක් නොව ඇතුළත සිටින අධිකරණ නිලධාරීන්ට ද එදා ප්රශ්නයක් වී තිබුණු බවය. මෙම පුද්ගලයා අපරාධකාරයෙකු බව හෙළිවූයේ 2001 පෙබරවාරි 05 වැනි දින පේරාදෙණිය මල්වත්තේ සිදුවූ ඝාතනයට රෝහණ කුමාරට ඇති සම්බන්ධය හෙළිවීම නිසාය.[/SIZE] [SIZE=3]ලක්ෂ්මී කුසුමලතා කෑගල්ලෙන් ඉතාලියට ගොස් ගෘහ සේවිකාවක ලෙස වැඩ කළ කාන්තාවකි. ඇය ඉතාලියට ගොස් ඇත්තේ 1986 ජනවාරි 24 වැනිදාය. ඇය සේවය කළ ස්ථානයේ ලිපිනය වන්නේ 165ල ඪස් ාැක ඛමඅරස ඍදපැ යන්නයි. රංජිත් ගොඩගම ද ඉතාලියේ සේවය කළ අයකු වන අතර මේ දෙදෙනා පේ්රම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන්නේ ඉතාලියේදීය.[/SIZE] [SIZE=3]ලක්ෂ්මී කුසුමලතා වැඩ කළේ වයසට ගිය ධනවත් තනි පුද්ගලයකුගේ නිවසේය. මේ දෙදෙනා සැලසුම්සහගතව ඔහු මරා දමා ඔහු ළඟ තිබූ මුදල් ද රැුගෙන (හුවමාරු වටිනාකම අනුව රුපියල් ලක්ෂ 300ත් - 400ත් අතර මුදලක්* 1989 දෙසැම්බර්වලදී ලංකාවට පලා ආවෝය. අන්තර්ජාතික පොලීසිය ඇය පිළිබඳව ලංකාවේ තිබෙන ඔවුන්ගේ ශාඛාවට දැනුම් දී ඇතත් කවර ආකාරයකින් හෝ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට ඇය සමත් වී තිබේ.[/SIZE] [SIZE=3]මේ දෙදෙනා 1990 ඔක්තෝබර්වලදී විවාහ වී තිබෙන අතර ඉතාලියෙන් රැුගෙන ආ මුදල් යොදා මහනුවර, ශ්රී සංඝරාජ මාවතෙන් රූඞ් 01 පර්චස් 10ක ඉඩමක් මිලදී ගෙන සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා එම ඉඩම උගස් කොට ලංකා බැංකුවෙන් ලක්ෂ 338ක ණය මුදලක් ද ලබාගෙන තිබේ.[/SIZE] [SIZE=3]එහෙත් මේ දෙදෙනාට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නට හැකිවී නැත. රංජිත් බණ්ඩාර ගොඩගම සිය පළමු විවාහය ශූන්ය කිරීමකින් තොරව ගම්පොළ, එල්ලාවල අංක 332 දරන ස්ථානයේ පදිංචි වෙනත් කාන්තාවක සමග 1995 මැයි 8 වැනිදා විවාහ විය. ඔවුන් දෙදෙනා පේරාදෙණිය උද්භිද උද්යානයේ කැෆටේරියාව 2000 නොවැම්බර්වලදී සිය පාලනය යටතට ගෙන එය පවත්වාගෙන ගියෝය. රංජිත් ඇති කරගත් දෙවන විවාහය නිසා ඔහුගේ පළමු බිරිඳ කුසුමලතා හා ඔහු අතර කිංග්ස් පාර්ක් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් ආරාවුලක් ඇතිවිය. එම දේපළ ආරාවුලට සම්බන්ධව මහනුවර මහාධිකරණයේ, දිසා අධිකරණයේ හා මහේස්ත්රාත් අධිකරණයේ ඇසෙමින් තිබූ නඩු සංඛ්යාව 16කි. රංජිත් ඇති කරගෙන තිබුණු දෙවැනි විවාහය නීත්යනුකූල විවාහයක් නොවීම හේතු කොටගෙන මේ දේපළ හිමිකර ගැනීමට කුසුමලතාට තිබුණු පහසුම මාර්ගය වී තිබුණේ රංජිත් මරා දැමීමය. එම වැඩසටහන ක්රියාවට නැගීමේ වගකීම භාරගත්තේ රෝහණ කුමාරය. මෙම ඝාතනයේ වෙඩික්කාරයා ලෙස ක්රියාකරන ඕ.කේ. අශෝක හා ඔහුගේ සහායක නුපුල් කුමාර පේරාදෙණිය උද්භිද උද්යානයේ කැෆටේරියේදී රංජිත්ට වෙඩි තබා ඝාතනය කිරීමට සමත් වුවත් පලායෑමට සමත් වූයේ නැත. වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝලය හා ඔවුන් දෙදෙනා පරිහරණය කළ ජංගම දුරකතනය සමග ඔවුහු අත්අඩංගුවට ගන්නා ලදහ. රෝහණ කුමාරගේ සම්බන්ධය හෙළිවන්නේ ජංගම දුරකතනය නිසාය.[/SIZE] [SIZE=3]තමන්ට ලැබුණු නිල නිවස තමන්ගේ පරිහරණයට නොගෙන විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයට පරිත්යාග කළ පළමු අගවිනිසුරුවරයා තමා බව සරත් නන්ද සිල්වා ෆ්රෙඩි්රකා ජෑන්ස්ට ලියන ලද පිළිතුරු ලිපියේ මහා උජාරුවෙන් කියා තිබුණි. ලැබුණු නිල නිවසට නොගොස් සිය නිවසේ සිටින්නට අගවිනිසුරුවරයාට සිදුවූයේ ඔහු තෝරාගෙන සිටි සහකාරිය ඔහුගේ නීත්යනුකූල බිරිඳ නොවීම නිසාය. ඒ නිසා අගවිනිසුරු බිරිඳ සමග සහභාගිවිය යුතු නිල උත්සවවලට සහභාගි වූයේද තනිවමය. අගවිනිසුරු කියන්නේ රෝහණ කුමාර කෙනකු විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ භාරකරු ලෙස ක්රියා නොකළ බවය. එම රාජකාරිය කළේ රත්නායක නමින් වන කෙනකු බවය. එහෙත් තමන්ට රෝහණ කුමාර සමග තිබූ සම්බන්ධය කුමක්දැයි අගවිනිසුරු විස්තර කරන්නේ නැත. නිල වැටුපක් ඇතිව හෝ නැතිව රෝහණ කුමාර එම ආයතනයේ සේවය කළ බව සැක රහිතව ඔප්පු කළ හැකිය. එසේම අගවිනිසුරුවරයාට රෝහණ කුමාර සමග අසාමාන්ය තරමේ ළඟ සම්බන්ධයක් තිබුණු බවද ඔප්පු කළ හැකිය. බොහෝ විනිසුරුවරුන් රෝහණ කුමාර හඳුනාගෙන තිබුණේ විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ භාරකරු වශයෙන් හෝ අගවිනිසුරුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙනි. අගවිනිසුරුට තිබුණු මෙම සම්බන්ධය නිසා ඔහු විනිසුරුවරුන් බොහෝ දෙනකු ඇසුරු කළා පමණක් නොව, සමහර විනිසුරුවරුන් මචං කියා අමතන තරමේ ළඟ සම්බන්ධයක් ඔහු ඇති කරගෙන තිබුණේය. රෝහණ කුමාරට එරෙහිව පවරා තිබුණු නඩු ගණනාවක ලිපිගොනු අතුරුදන් කරවීමට ඔහු සමත්ව තිබුණු අතර රක්ෂණ වන්දියක් වංචා සහගතව ලබාගැනීමේ සිද්ධියකට අදාළව ඔහුට නීතිපතිවරයා විසින් පවරන ලදුව කොළඹ මහාධිකරණයේ ඇසෙමින් තිබූ නඩුවක ලිපිගොනුවද අතුරුදන් කරවීමට ඔහු සමත්ව තිබුණි. ඔහුගේ මෙම රක්ෂණ වංචා නඩුව ඇසෙමින් තිබී ඇත්තේ දැන් විශ්රාම ලබා සිටින පී. විජේරත්න විනිසුරුවරයා ඉදිරියේය. මෙවැනි පුද්ගලයකු විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ සේවය කරන්නේ කෙසේදැයි මහාධිකරණ විනිසුරු විජේරත්න මහතා විනිසුරුවරුන් පුහුණු කැරෙන ආයතනයේ ප්රධානියා ලෙස ක්රියා කළ ජේ.එෆ්.ඒ. සුසා මහතාගෙන් ප්රශ්න කර තිබුණි.[/SIZE] [SIZE=3]කුසුමලතාට රෝහණ කුමාර හමුවන විට ඇයට වෙනත් පෙම්වතකු සිටියද රෝහණ කුමාර සිය පළමු විවාහය ශූන්ය නොකොට කුසුමලතා විවාහ කරගනිමින් කිංග්ස් පාර්ක් හෝටලය සහිත දේපළවල හිමිකරුවා බවට පත්වූයේය. මෙම ඝාතනයෙන් පසුව කුසුමලතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුවත් රෝහණ කුමාර කලක් සැඟවී සිටීමට සමත් විය. අත්අඩංගුවට ගනු ලැබූ කුසුමලතා ඇගෙන් කටඋත්තරය ලබාගත් උප පොලිස් පරීක්ෂක ඊ.එම්.එම්. බණ්ඩාරට රෝහණ කුමාර ගැන විස්තර කර තිබුණේ මෙසේය.[/SIZE] [SIZE=3]මෙම නඩුවට උදව් කිරීමට කිංග්ස් පාර්ක් හෝටලයේ කළමනාකාර කළුආරච්චි මහතාගේ මාර්ගයෙන් රෝහණ කුමාර නමැත්තකු හඳුනා ගත්තා. රෝහණ කුමාරගේ රැුකියාව පුද්ගලික සහකාර අග්රවිනිශ්චයකාර. ඔහු පදිංචි වී සිටින්නේ අංක 29, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනය.[/SIZE] [SIZE=3]පදිංචි ස්ථානය ලෙස ඇය දක්වා ඇත්තේ අගවිනිසුරුගේ නිල නිවාසයේ ලිපිනයයි. ඇගේ කටඋත්තරයේ එන විස්තර අනුව කොළඹදී අවස්ථා ගණනාවකදී ඇය රෝහණ කුමාර හමුවී ඇත්තේ විනිශ්චයකාරවරුන් පුහුණු කරන ආයතනය බවට පත්ව තිබූ අගවිනිසුරුගේ නිල නිවාසයේදීය.[/SIZE] [SIZE=3]විවෘත වරෙන්තුවක් තිබියදී කැස්බෑව ප්රදේශයේ නිවසක සැඟවී සිටියදී 2005 දෙසැම්බර් 29 වැනිදා පිළියන්දල පොලීසිය රෝහණ කුමාර අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අවස්ථාවේ ඔහු සමග, ඇප ලබා නිදහස් වී සිටි කුසුමලතාද සිටියාය. අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී තමාට අග්රවිනිශ්චයකාරවරයාට කතා කිරීමට අවශ්ය බව ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායාම භාරව ක්රියා කළ උප පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්නද ඔහු ඊට ඉඩදී නැත. ඉන්පසු කුසුමලතා සිය ජංගම දුරකතනයෙන් අගවිනිසුරු අමතා සර් රෝහණ කුමාරව අත්අඩංගුවට ගත්තායැයි කියා තිබේ. වරෙන්තුවක් තිබියදී සැඟවී සිටියේ ඇයිදැයි උප පොලිස් පරීක්ෂකවරයා විමසූ විට ඔහු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ අගවිනිසුරුවරයාගෙන් ලැබුණු උපදෙස් මත තාවකාලිකව සැඟවුණු බවය. මේ සියලූ විස්තර උප පොලිස් පරීක්ෂකවරයාගේ සටහන් පොතේ සටහන් කර තිබේ.[/SIZE] [SIZE=3]රෝහණ කුමාර සීනි මුදලාලි පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා යොදා ගත්තේ රංජිත් ගොඩගම ඝාතනය කිරීම සඳහා යොදාගත් නමගිය අපරාධකරුවකු වූ ඕ.කේ. අශෝක ප්රධාන කණ්ඩායමකි. මේ ඝාතන දෙක අතරමැදි කාලයේ සිදුවූ අපරාධ ද මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වනු ඇතැයි සිතිය හැකිය. රෝහණ කුමාර ක්ඛ්ක් නමින් නීති උපදෙස් හා නීති සහන ආයතනයක් පවත්වාගෙන ගියේය. ඒ සඳහා ඒ නමින් වන වෙබ් අඩවියක්ද පවත්වාගෙන ගියේය. මුලදී ඒ සඳහා වන කාර්යාලය පවත්වාගෙන ගියේ ගලදාරි හෝටලයේය. පසුව එය කොළඹ 05, වජිර මාවතේ අංක 141/3ඊ යන ලිපිනයට ගෙන යන ලදි. ඔහු ඉගෙන ගෙන ඇත්තේ නවවැනි පන්තියට පමණක් වුවත්, එහි ඔහු තමන් හඳුන්වාගෙන ඇත්තේ ආචාර්ය රෝහණ කුමාර වශයෙනි. ඉතාම වැදගත් දේ මෙම වෙබ් අඩවියේ පළකොට තිබෙන තොරතුරු අනුව මෙම ආයතනයේ විගණන සමාගම ලෙස ක්රියාකරන්නේ උදය ශ්රී කාරියවසම් සහ සමාගමය. උදය ශ්රී කාරියවසම් ලංකා බැංකුවේ හිටපු සභාපතිවරයාය. කිංග්ස් පාර්ක් හෝටලය ලංකා බැංකුවට පොලූ තබා තිබෙන ණය ප්රමාණය මිලියන 100කටත් වැඩිවිය හැකිය. රෝහණ කුමාර රක්ෂණ වංචාවන්ට නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබූ පුද්ගලයෙකි. උදය ශ්රී කාරියවසම් රක්ෂණ නියාමන කොමිසමේ හිටපු සභාපතිවරයාය. රෝහණ කුමාරගේ මෙම අපරාධ සමාගමේ නීති අධ්යක්ෂවරයා වන්නේ අර්ජුන කරලියැද්ද නමැති නීතිඥයෙකි. ඔහු විනිශ්චයකාරවරයකුගේ සහෝදරයෙකි. උදය ශ්රී කාරියවසම් හා අර්ජුන කරලියද්ද යන දෙදෙනා රෝහණ කුමාර දරුණු අපරාධකාරයකු බව හා ඔහු ආචාර්ය උපාධියක් ලැබීමට අවශ්ය තරම් අධ්යාපන සුදුසුකම් නැති හොර තක්කඩියකු බව දැන නොසිටියේද? ශ්රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ සමාජය කුණුවී තිබෙන තරම ඉන් පෙන්නුම් කරයි.[/SIZE] [SIZE=3]මේ ආශ්රයෙන් තේරුම්ගත හැකි වැදගත්ම දේ සමාජ පාදඩකරණ ක්රියාවලිය දුර ගොස් තිබෙන තරමය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා රෝහණ කුමාර අපරාධකරුවකු බව දැන දැනම ඔහු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගියා පමණක් නොව ඔහු කරන අපරාධවලදී ඍජු ලෙස හා අනියම් ලෙස ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් පවත්වාගෙන ගියේය. දෙදෙනා අතර තිබුණු අසාමාන්ය සම්බන්ධය මේ දෙදෙනාගේ දුරකතනවල වාර්තාවලින් හොඳින් ඔප්පු කළ හැකිය. හිටපු අගවිනිසුරුවරයා පාතාල ලෝකයේ අපරාධකරුවකු වු රෝහණ කුමාර සමග පවත්වාගෙන ගිය සම්බන්ධය මගින් සිය නීචභාවය හොඳින් තහවුරු කර ඇත්තේයැයි කිව හැකිය. නීතිය ක්රියාත්මක වන ක්රමයක් අපේ රටේ ඇත්තේ නම් හිටපු අගවිනිසුරුවරයා සිටිය යුත්තේ නිදහස් ලෝකයේ නොව රෝහණ කුමාර සමග හිරගෙදරය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom