යුධ උපක්රම අයිති හමුදා නායකත්වයට මිසක් දේශපාලන නායකත්වයට නෙවෙයි.ඒක නිසා යුධ උපක්රම නිසා සටන දිනුවා.මේකට හමුදා නායකයන්ගේ වැඩක්.ඒක අවබෝධ වීම සතුටක්.
ඇමරිකාව ගුවනින් ගහලා කොටි ආයුධ සහ කඳවුරු සමතලා කරන්න පුලුවන්.ඒ වගේම ඒ සඳහා චන්ද්රිකා තාක්ෂනය,නවීන මිසයිල තියෙනවා. ඇමරිකාවට ලංකාව වුනත් දවස් ගානකින් අල්ලගන්න පුලුවන්.නමුත් අල්ලගෙන ඉන්න එක තමයි ප්රශ්නේ.
අපේ හමුදා සටන් පෙරමුනු කොටි සටන් පෙරමුනු එක්ක දවස් ගානක්,මාස ගානක් අවසන් යුද්දෙදි සටන් කරා.නමුත් මේ තත්වය ඇමරිකාව සමග ඇති වෙන්නේ නෑ.සටන් පෙරමුනකින් ඔවුන් සමග සටන් කරන්න බෑ.මොකද සටන් පෙරමුනම බෝම්බ සහ අධි බල මිසයිල මගින් විනාශ කරන්න පුලුවන්.අවසන් සටන සම්ප්රදායික සටනක්.නමුත් ගරිල්ලා සටන් වෙනස්. ඒක තමයි ගරිල්ලා කියන්නේ.කොටි ඒ අයගේ අවසන් සටනෙන් පස්සේ ගරිල්ලා සටන අත හැරලා දැම්මා. නැත්නම් මේ වෙන කොට සුලු පහරදීම් බෝම්බ පිපිරවීම් කරනවා. එහෙම කරන්නේ නැති නිසා කොටි සටන අතහැරලා තියෙන්නේ.