~~//...සරත් මැතිදුනි පරිස්‌සමින්....!!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...සරත් මැතිදුනි පරිස්‌සමින්....!!!!

සරත් මැතිදුනි පරිස්‌සමින්....!!!!
රිවිර Cartoon 22-05-2012 අසංග ඉදුනිල්

LJ3SW.jpg
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති

    හිරෙන් නිදහස ලැබූ දිනට පසු දා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැසීය.

    තමන් වැරැදිකරුවන් සේ ශ්‍රි ලංකාවේ ඇතැම් නායකයන් සිය ක්‍රියාකලාපය ගැන “මුහුණු සඟවා ගනිති“යි ඔහු බී.බී.සියට කීවේය. 2009 මැයි 19 වැනිදා අවසන් වූ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙළේ පොන්සේකාගේ නායකත්වයෙනි.

    ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ලෝකයට දෙන හැඟීමවනුයේ ඔවුන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් බව හැඟෙන ක්‍රියා කිරීම බව පොන්සේකා කීවේය.‘‘යුද මෙහෙයුම් සම්බන්ධව යුද අපරාධ චෝදනා ගැන උත්තර දීමට මා සූදානම්‘‘ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සංහිඳියාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින දේ වැදගත් යැයි ද ඔහු කීවේය.

    යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය.

    ‘‘මා මුල සිටම පැවැසුයේ යුද හමුදාවේ නම රැක ගත යුතු බවයි. ජිවිත පූජා කළ අය, යුද්ධය මෙහෙයැ වූ අය, රැකගත යුතුයි. ඕනෑ කෙනකු ඉදිරිපිට කතා කිරීමට මා බය වෙන්නේ නැහැ.

    ‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“

    යුද්ධයේ අවසන් දිනවල සාමාන්‍ය ජනයා දහස් ගණන් මරා දැමී යැයි කියන කතාව ඔහු ප්‍රතික්ෂේප කරයි. ‘‘ තිස්දාහක් හතළිස් දාහක් මියගිය බවට කියන කතාව පිළිගන්න බෑ. අප යොදාගත් අවි, යුද්ධෝපක්‍රම, ආදියෙන් ද නිතරම සාමාන්‍ය ජනයා ගැන දැක්වූ සැලකිල්ල අනුව ද එතරම් පිරිසක් මියගිය බවට කියන කතාව ප්‍රායෝගික නෑ.

    තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.
    :):):)