සරත් ෆොන්සේකා නැති හමුදාව කිරි මෙන් පිරි&#3523

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සරත් ෆොන්සේකා නැති හමුදාව කිරි මෙන් පිරි&#3523

    සරත් ෆොන්සේකාට නඩු පිට නඩු වැටි ඇත.

    ඉතිහාසයේ කවර සමයක වුව මුලු හමුදාවටම මෙහෙම අලුගේත්තුරුවෙකුට ඉද ඇත්තේ සරත් ෆොන්සේකා පමණ ය. නඩු වැටෙන විදිහට මුලු ලෝකයේ කිසිම හමුදාවක මෙහෙම අසම්මජාතියෙක් හිටියා නොවෙන්නට ද ඉඩ තිබේ.

    එයාට විරුද්ධව නීතිමය පියවර මෙසේ දිගින් දිගටම ගනිමින් තිබෙන්නේ ඒ නිසා ය. ඉවරයක් නැතිව නඩු දමන්නේ ඒ නිසා ය. ඒ නිසාම හමුදාව දැන් පිරිසිදු ය.

    සරත් ෆොන්සේකා කියන්නේ පළමුවෙන්ම විනයක් නැති මිනිහෙකි. ඒ නිසා සියලු තරු පටි ගලවා අයින් කරපු එක හරි ය. දැන් එහෙම කෙනෙක් හමුදාවේ නොහිටියා හා සමාන ය. තවත් එහෙම තරු ගලවා ඔහොමම නිරුවත් කළ ලොකු නිලධාරීන් හමුදාවේ සිටි බවක් අප අසා නැත. විශ්‍රාම වැටුපත් අයින් කර දැමීම ද හොද ය. දරු පවුල ජීවත් වන්නේ කෙසේදැයි මුග්ධයෙකු අසන්නට පුලුවන. ඕවා කල්පනා කරන්නට තිබුනේ ඉස්සර වෙලා බව අපි උන්ට මතක් කර සිටිමු.

    ඊළගට සරත් ෆොන්සේකා යනු ඉහළ පෙළේ වංචාකාරයෙකි. වසර දෙකහමාරක් බරපතළ වැඩ ඇතිව හිර ගෙහි ලගින්න තරම් බරපතළ වංචාවක් ඔහු විසින් කර තිබේ. එවැනි අපරාධ කළ ඉහළ හමුදා නිලධාරීන් ද හමුදාවේ ඉතිහාසයේම ඉද නැත.

    එහෙම බැලුවම මේ මිනිහාට මොනවා කරත් සිත් නොවදී. ශ්‍රී ලංකාවේ හමුදාවට මෙතරම් ජාත්‍යන්තර නින්දාවක් අත් කර දුන් කෙනෙක් ගැන ද අප දන්නේ නැත. එහෙම බැලුවහම දී ඇති දඩුවම මදි යැයි ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා කියන කතාව ද ඇත්ත ය.

    ලංකා හමුදාවේ හිටි එකම පෝරිසාදය අයින් කර ඇති නිසා දැන් අපේ හමුදාව ලෝකයේ උසස්ම හමුදාව යයි බය නැතිව කිව හැකි ය.

    ඇත්තටම කාට ද ආඩම්බර?

    දැන් අපට හිස කෙළින් කර ගෙන ඕනෑම ජාත්‍යන්තර වේදිකාවක පෙනී සිටිය හැකි ය. ඇති යාන්තම්!

    (නඩු සියල්ල ඉවරවුනාට පසු – කොයි කාලේ ඉවර වේදැයි තාමත් හරියටම කිව නොහැකි නමුත්- සරත් ෆොන්සේකා දඩුවම් දීම සදහා බාර දිය යුත්තේ ආචාර්ය තුමාටම බව අපට ද සිතෙන්නේ ය. යම්කිසි පැල්ලමක් තවමත් ඉතිරිව තිබේ නම් එයත් අපුල්ලා පිරිසිදු කරගත හැකි ක්‍රමයක් එයින් සකස් වෙන්නේ ය. එතකොට බයක් සැකක් නැතුව ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂාවකට අපේ හමුදාව භාජනය කිරීමට වුව අවසර දිය හැකි ය.)
     
    • Like
    Reactions: Climax

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    ඒක ඇත්ත.
    අර එළකිරි වගෙ පිරිසිදු කොල්ලො වගයක් චූටි කෙල්ලෙකුට සලකලා තිබුනෙ.
    ඒ සිල්වත්තුන්ටනම් උසස්වීම් හම්බ වෙන්නැති මයෙ හිතේ.
     
    • Like
    Reactions: Climax

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මොනවා උනත් ආචාර්ය තුමෙක්නේ කියන්නේ...ඇත්ත වෙන්න ඇති බන්... මීට වැඩ දඩුවම් දෙන්න ඕනේ ඇති... මොකද අපේ රටේ වැඩි දෙනෙකුට ආචාර්ය පට්ටම් නැනේ... ආචාර්ය වරයෙක් කියන්නේ ඉතින් හොඳ උගත් කෙනෙක් නේ...එයාලට අනිත් අයට වඩා හොඳට දැනුම් තේරුම් තියෙනවනේ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ( නොදකින් විතරක් මෙහෙම හොර ආචාර්ය මැරයෙක්)
     

    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    Ehema kiyannth epa. Sarath Fonseka janadhipathi unanam thathwaya godakma barapathala wenna thibuna. Mathaka athi SF chande dawaswala stage wala kathakarapu hati.....
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Ehema kiyannth epa. Sarath Fonseka janadhipathi unanam thathwaya godakma barapathala wenna thibuna. Mathaka athi SF chande dawaswala stage wala kathakarapu hati.....

    ow,katawe kotasak allagena pachavahiniya mada gahapuwa ahuwama nam oyalata ehema hitenawa tama.............:lol::lol::lol::lol::lol: