විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම වැනි ඉරණම්වලට ගොදුරුවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.
සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම් ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ පීඩනය වැඩිවන ආකාරයට බවද ඔහු සඳහන් කළේය.
පීඩනය සමග ඇතිවන විශාදය වැනි තත්වයන් සහ ආවේගශීලීත්වය හේතුවෙන් ශිෂ්‍යයන් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ගොදුරු විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ආර්ථික පීඩනය සහ නවකවදය වැනි හේතුද මේ තත්වය උත්සන්න කළ හැකි බව ප්‍රකාශ කළේය.
සමහර දරුවන්ට කුඩා කාලයේ සිටම මවුපියන් ඔවුන්ගේ සියලු වැඩකටයුතු කරදීම නිසා ප්‍රශ්න දරාගැනීමේ හැකියාව නැතිවන බවත් සමහර ශිෂ්‍යයන් සමාජය සමග ගැටෙන්නේත් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේත් විශ්වවිද්‍යාලවලට පැමිණි පසුව බවත් රූමි රූබන් මහතා කීවේය.
බොහෝ ශිෂ්‍යයන් නිවෙස්වලින් ඈත්වී නේවාසිකාගාරවල තනිවීමෙන් විවිධ මානසික ව්‍යාධීන්ට ගොදුරුවන බව පෙනී ගොස් ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ada lankadeepa news 2k
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් , නාරාතනායි උතුර හි පදිංචි විග්නේෂ්වරන් අබිනෙජන් (23) හැවිරිදි සිසුවෙකු බව පොලිසිය කියයි .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගෙන තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බිම් මහලේ මෙම සිසුවාගේ සිරුර එල්ලෙමින් තිබී ඇත.
මේ බව නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නිදා සිටි සිසුවකු අද (16) අලුයම 4.30 පමණ අවදි වී පහළ මාලයට එමින් සිටියදී මේ බව දැක කෑ ගැසීමත් සමග අනෙක් සිසුන්ට ද ඇසී පැමිණ පණ ඇති බව සිතා සිරුර එල්ලෙමින් තිබූ ලණුව කපා තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී එහි නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්.ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථාන පරීක්ෂණයක් සිදු කරන ලදී.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබුණි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය .
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා යාපනය ප්‍රදේශයේ සිට පැමිණි සිසුවෙකු මෙසේ මියගොස් තිබේ .
ඉංජිනේරු පීඨයේ සිසුන් රැඳී සිටින අක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයේ වැසිකිළිය තුළ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක ඒ බව සිසුන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී තිබේ .
පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ පේරාදෙණිය පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .