සර්පයින් හා භූමිතෙල්!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,191
    8,187
    113
    M-Town
    සර්පයින් හා භූමිතෙල්!

    ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම . නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි.

    සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ.

    ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක.

    දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ.

    මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ.

    තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා.

    අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.
    සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි.

    Copied ✍
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කවුරු හරි ඕක කලිනුත් දාල තිබුනා, මම ඒකටත් රිප්ලයි එකක් දැම්ම
    ඕකෙ තියන ගොඩක් ඒව බොරු

    කෙරටින් වලින්ම තමයි අපේ නියපොතු සහ කෙස් හැදිලා තියන්නෙත්, එහෙම උනා ලාම්පු තෙල් වලට ඒව ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ
    නෙට් එකේ කිසිම රෙපියුටඩ් සයිට් එකක් හරි තැනක හරි කියලා නැහැ ඔය තරම් හානියක් ලාම්පුතෙල් වලින් සරපයින්ට වෙනවා කියලා උන්ට කැවුනොත් මැරෙන්න පුලුවන් උනාට ඇඟේ ගෑවුනාට මැරෙන්නෙ නැහැ කියලා තමයි හැම තැනම වගේ තියෙන්නෙ,

    අර බැටරි ඇසිඩ් අහවල් එකේ ගෑවුනා වගේ හතර ගුනයක වේදනාව කතාව නම් අමූලික ගල් පැලෙන බොරු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    කවුරු හරි ඕක කලිනුත් දාල තිබුනා, මම ඒකටත් රිප්ලයි එකක් දැම්ම
    ඕකෙ තියන ගොඩක් ඒව බොරු

    කෙරටින් වලින්ම තමයි අපේ නියපොතු සහ කෙස් හැදිලා තියන්නෙත්, එහෙම උනා ලාම්පු තෙල් වලට ඒව ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ
    නෙට් එකේ කිසිම රෙපියුටඩ් සයිට් එකක් හරි තැනක හරි කියලා නැහැ ඔය තරම් හානියක් ලාම්පුතෙල් වලින් සරපයින්ට වෙනවා කියලා උන්ට කැවුනොත් මැරෙන්න පුලුවන් උනාට ඇඟේ ගෑවුනාට මැරෙන්නෙ නැහැ කියලා තමයි හැම තැනම වගේ තියෙන්නෙ,

    අර බැටරි ඇසිඩ් අහවල් එකේ ගෑවුනා වගේ හතර ගුනයක වේදනාව කතාව නම් අමූලික ගල් පැලෙන බොරු
    කෙමිස්ට්‍රි එක්ස්පර්ට්ලා කියා ගන්න උනුත් මෙව්වා දානවනේ ඉතින්. ලංකාවට අබ සරණයි
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    කවුරු හරි ඕක කලිනුත් දාල තිබුනා, මම ඒකටත් රිප්ලයි එකක් දැම්ම
    ඕකෙ තියන ගොඩක් ඒව බොරු

    කෙරටින් වලින්ම තමයි අපේ නියපොතු සහ කෙස් හැදිලා තියන්නෙත්, එහෙම උනා ලාම්පු තෙල් වලට ඒව ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ
    නෙට් එකේ කිසිම රෙපියුටඩ් සයිට් එකක් හරි තැනක හරි කියලා නැහැ ඔය තරම් හානියක් ලාම්පුතෙල් වලින් සරපයින්ට වෙනවා කියලා උන්ට කැවුනොත් මැරෙන්න පුලුවන් උනාට ඇඟේ ගෑවුනාට මැරෙන්නෙ නැහැ කියලා තමයි හැම තැනම වගේ තියෙන්නෙ,

    අර බැටරි ඇසිඩ් අහවල් එකේ ගෑවුනා වගේ හතර ගුනයක වේදනාව කතාව නම් අමූලික ගල් පැලෙන බොරු

    Sira bn, oka kaurut karala balanawa kiyalaya..:yes::yes::yes: