දැනගෙන කංසා බොන්න

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    කංසා ගැහුවම ගුලි කෑවම වදිනව කියන්නෙ මොකක්ද???

    කංසා එක්ක ගණුදෙනු කරන අය, භක්තියෙන් අදහන අය, කංසා ජොයින්ට් එකකින් හෝ මෝදකයක් ඖෂධයක් ලෙස හෝ කුමන හෝ ආකාරයෙන් ඇඟට දාගත්තට , ගොඩක් අය වැදුන/ වදින්නෙ නෑ කියල කිව්වට, මේ වදිනව කියන්නෙ මොකක්ද කියල හරියට දන්නෙ නෑනෙ... ඒ ගැන තමා මේ ලිපිය ලියන්නෙ.. 👇

    අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කංසා වර්ග දෙක තමා "සැටීවා" සහ "ඉන්ඩිකා". මේ දෙකම වදින විදියෙ සමානකම් වගේම විශේෂ වෙනස්කමුත් තියනවා .

    කංසා පැලයේ නිපදවෙන රසායනික ද්‍රව්‍යක් තමා "කැනබිනොයිඩ්" කියන්නෙ. මේ "කැනබිනොයිඩ්" වලත් ඔය වදින්න සහ ගොඩක්ම අවදානය ගන්න රසායනික ද්‍රව්‍ය දෙකක් තමා "THC" සහ "CBD" කියන්නෙ.. මේවා එක්ක ගනුදෙනු කරන්නම හැදුනු පද්ධතියක් හැම මානවයෙක්ගෙම ඇඟ ඇතුලෙ තියෙනවා ඒකට කියන්නෙ එන්ඩොනැනොබියඩ් සිස්ටම් එක කියලා..(හැම මිනිහෙක්ම ගංජාකාරයෙක්) ඒක මුලු ශරීරය පුරාම විහිදුනු පද්ධතියක්.. ආහාර ජීර්න පද්ධතිය, රුධිර වාහිනී පද්ධතිය වගේම එකක්.. හම ආශ්‍රිතව ඉතා ආසන්නයෙ මේක තියෙනවා.. කංසා ඇඟට වැටුනු ගමන් මේ සිස්ටම් එක On වෙන්න පටන් ගන්නවා.. ඒවගෙ තියෙන අඟුලු වලින් මේ Thc, Cbd ඇඟට ඇතුලු කරගන්නවා..

    උඩින් කියපු Thc Cbd දෙකෙනුත් අපිට හයි වෙන්න, එහෙම නැත්නම් වදින්න මනස ක්‍රියාකාරී වෙන්න බලපාන්නෙ THC.(ටෙට්ට්‍රාහයිඩ්‍රොකැනොබිනෝල්) මේ කියන THC ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න අපිට වෙන හයි එක, එහෙම නැත්නම් වදින ප්‍රමාණය වැඩී වෙන එක

    වදින විදිය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්, ඒත් ඒ අතරෙ පොදු ලක්ෂණ කිහිපයක් තියනව.
    *තාවකාලික මතකය ගිලිහීම සහ ඊට සමානව දීර්ඝ කාලීන මතකය අවදිවීම
    *ශබ්දයට සංවේදී බව
    *කුසගින්න වැඩි වීම
    *ඇස් රතුවීම*
    *හල්ලාසය (සතුට/සිනහව) දැනීම*
    *මෝචනය ප්‍රමාදවීම,ශෘංගාර හැඟීම් දැනීම*

    අපිට කංස බිව්වම මෝදකයක් ගත්තම එන නිදහස් හැඟීම අපිට එන්නෙ කංස වල තියන මේ THC නිසා. මෝදක වලත් බරට බරක් කංසා තියෙනවා.. කංසා අඩංගු නැතිව මෝදක කොහෙවත් නැහැ.. ඒ වගේම මේ THC අපේ ඇඟේ තියන "ඩොපමීන්" ලෙවල් එකත් වැඩි කරනවා

    (අපේ අපේ ඇඟේ තියනව පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය. අපේ ඇඟේ ස්නායු අතරෙ හෝ ස්නායු වල ඉඳන් මාංශපේශී වලට පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය වලින් එකක් තමා ඩොපමීන් කියන්නෙ. ඩොපමීන් වලට අපි මොලේ තියන ආතල් ෆීලින් එකක් දැනෙන්න සලස්වන රසානයනික ද්‍රව්‍යක් කිව්වත් වැරදි නෑ, මොකද ඒක තමා අපේ මොලයේ සතුට ඇති කරන කොටස එක්ක ගණුදෙනු කරන්නෙ. මීට අමතරව ඩොපමීන් අපි ඇවිදින එකට, මතකය, ඒකාග්‍රතාවය කියන දේවල් වලටත් බලපානව)

    දැන් හිතාගන්න පුලුවන් නෙ අපි පිස්සු කෙලින්නෙ ඇයි කියල?

    වදින එකට කංසා වල සුවඳේ බලපෑම

    ලඟ පාත මොකා ගංජ ගැහුවත් පොඩ්ඩක් ඉව කරල බලල, මොකෙක් හරි ගංජ ගහනව කියන්නෙ කංස වල තියන ටර්පීන් කියන රසායනික ද්‍රව්‍ය නිසා... මේක තමා කංස වල සුවඳට බලපාන්නෙ... ඒ වගේම මේකත් අපිට වදින එකට බලපාව කියල අලුතින් හොයාගෙන තියනව.. තාම ඒ ගැන වැඩි විස්තර නෑ.

    දැන් අපි බලමු වදින එකට CBD වල දායකත්වය.

    CBD කියන්නෙ THC වල අනිත් පැත්ත කියන්නත් පුලුවන්, මොකද CBD වල අපේ මනස වැඩියෙන් ක්‍රියාකාරී කරන ප්‍රතිපල නෑ. හැබැයි බොහොම වටින ගුණාත්මක ප්‍රතිඵල තියනව.

    CBD වලින් අපේ තියන වේදනාවල් අඩු කිරීම, මාංශ පේශී වල තද ගතිය අඩු කිරීම වගේ අපිව සැහැල්ලු කරන එහෙම නැත්නම් රිලෑක්ස්(Relax) ප්‍රතිඵල ගේනව. මේක තමා අපි වෙදකම් වලදි (Medical Marijuana) වැඩි අවදානයක් යොමු කරන රසායන ද්‍රව්‍ය.

    දැන් බලමු වදින්නෙ කොහොමද සහ ඒක එක එක්කෙනාට වෙනස් වෙන්නෙ ඇයි කියල.

    අපේ මොලේ හැදිල තියෙන්නෙ ස්නායු සහ ස්නායු පද්ධති මිලියන ගානකින්. මේ ස්නායු පිහිටල තියෙන්නෙ එකන් එකකට ඉතාම ලඟින් පොඩි ඉඩක් විතරක් තියෙන්න. මේ ස්නායු අතරෙ තියන රසායනික ද්‍රව්‍යක් තමා ස්නායු අතරෙ පණිවුඩ ගෙනියන්නෙ. මේ රසායන ද්‍රව්‍ය ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් ඒ රසායනික ද්‍රව්‍ය වලින් දෙන පණිවුඩය අදුරගන්න අණුවකට සම්බන්ධ උනාම තමා අපිට ඇඟට වේදනාවක්, බයක් හෝ මොකක් හරි හැඟීමක් ආවම ඒ ගැන අපේ මොලේ දැනුවත් කරන්නෙ.

    මෙන්න මෙහෙම නිදහස් වෙන රසායනික ද්‍රව්‍ය සහ කංස වල තියන රසායණික ද්‍රව්‍ය වල සමානකමක් තියනව.
    එතකොට අපි කංසා පානය කලාම ඔය කියන රසායණ ද්‍රව්‍ය අර අණු වලට සම්බන්ධ වෙලා පණිවිඩ ගෙනියනව, ඒව සම්බන්ද වෙන්නෙ ඒව අපේ ශරීරයෙම් නිකුත් කරන රසායන ද්‍රව්‍ය වලට කංසා වල තියන රසායන ද්‍රව්‍යත් සමාන නිසා.

    මේකෙන් පලවෙනි රසායන ද්‍රව්‍ය තමා CB1 කියන්නෙ, මේක තියෙන්නෙ ගොඩක් අපේ ඉගෙනීම, මතකය, සතුට, සාංකාව, වේදනාව, සහ චලන පාලනය කියන දේවල් මොලයේ තියන කොටසෙ.

    අනික රසායන ද්‍රව්‍ය තමා CB2, මේක තියෙන්නෙ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාල කොටසෙ.

    කංස බොනකොට අපි මේ කියන රසායන ද්‍රව්‍ය අනෙක් ස්නායු ක්‍රියාකාරීත්වය අඩු කරල ස්නායු ක්‍රියාකාරීත්වයෙන් කිහිපයක් පමණක් වැඩි කරනව. මේ නිසා තමා කංස ගැහුවම සමහරු ආතල් එකේ ඉන්නෙ සහ සමහර අය මූඩ් ගහන්නෙ, දුක් වෙන්නෙ හෝ ඇඬන්නෙ.

    වැදුනම දැනෙන සාමාන්‍ය දේවල් තමා

    *තියුණු සංවේදීතාව
    *කාලය පිලිබඳ අඩු අවබෝධය
    *සිතේ ස්වභාවයේ වෙනස්කම්
    *චලනයේ වෙනස්කම්( ඇවිදින්න අමාරුයි වගේ)

    ගංජ වදින්න, ගුලි කෑවම වදින්න කොච්චර වෙලා යනවද?

    ඒක තීරණය වෙන්නෙ ගහන විදිය කන විදිය අනුව තමා...
    කංසා දුම පානයෙන් අපේ රුධිරයට ඉක්මනටම මේ කංසා වල තියන රසායනික ද්‍රව්‍ය එකතු වෙනව. මෝදකයක් කෑවම සහ කටේ ගොඩක් වෙලාවක් තියාගෙන ඉන්න එකෙන් ඒක කේට ග්‍රනථි සහ කෙල නිසා ඉක්මනින් ජීර්ණය වෙන්න පටන් අරගෙන ආහාර ජීර්ණ පද්ධතිය එක්ක රුධිරයට එකතු වෙනවා ඇඟට කෑම ටිකක් වැටුන ගමන් High ඩබල් වෙලා වගේ දැනෙන්න නැතිවෙලා තිබුන කික් එක ආපහු ලැබෙන්න චාජ් වෙනව වගේ තේරෙන්නෙ ඒකයි...

    කංසා වලින් ලැබෙන කික් එකට තමා අපි වදිනවා කියන්නෙ, කික් එක කියන්නෙ Tune වෙනවා කියන එක, ටියුන් වෙනවා කියන්නෙ Bliss කියන එකට Bliss කියන්නෙ ආනන්දය ලැබෙනවා කියන එක ආනන්දය කියන්නෙ Happines කියන එකට සතුටට පත් උනා කියන එකට.. සතුට අපිට ගහනවා කියන එක සරලවම.. සතුට අපිට එලව එලව ගහනවා කංසා බිවුවම සතුට ගහනකොට ඔයාට රිදෙයිද?? නෑනෙ නේ.. 😅 දැන් අපිට දුක, වේදනාව, වෛරය, ඊරිසියාව ගැහුවොත් කොහොමද අනිවා අපිට බොක්ක්ටම දැනිලා රිදෙයි, ඇඩෙයි, ලේ කෝප වෙයි.. අන්න ඒකයි ආනන්දය ලැබෙනවා අපි වදිනවා , High වෙනවා කියන්නෙ කංසා එක්ක ඇඟ ටියුන් වෙන එකට.. මේ හැමෝටම තේරෙන සරලම විදිහට කියලා තියෙන්නෙ මේක වෙනමම විශයක් ඉගෙන ගන්න අයට..

    ත්‍රෛලෝක කියන්නෙ ම ඒකයි.. අපේ සිත, ගත, මනස මේ කියන මනුස්ස ශරීරය හැදිලා තියෙන ලෝක තුනම ටියුන් වෙනවා කංසා නිසා ඒ නිසයි කංස අවුරුදු 12000 ක තිස්සෙ ඉදලා මානවා වර්ගයා තාම භාවිතා කරන්නෙ, සහ ලෝකය පුරා ව්‍යාප්ත උනේ.. තාම මිනිස්සු කංසා ඕන කියන්නෙ නීතී වෙනස් කරගන්න අරගල කරන්නෙ ඒකයි.. ❤️✊

    මූලාශ්‍ර අන්තර්ජාලයේ ඇති ලිපි වලින්..
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    අපි නම් බොයි ඔය ජරාවල්...බොන ඵකෙක් බීලා තොල් කළු කරගනින් ගොරක මද දෙකක් වගේ...😂
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔක්කොම හොදයි. ගනජත් ගහනව ගුලිත් කනවා. එත් මේ මොකෝ අරගලයට ජය කියල දැම්මේ??
    ගංජා ගහනවා, ගුලි කනව, කසිප්පු බොනවා, රනිල් හාමුගේ අණට මිනී මරනවා, පකිස්තාන් ගෑනුන්ට සැප දෙනවා කොයිතරම් ඕල්අරවිඩර් කෙනෙක් නේද බලං ගියාම.

    සෙල්ලං නෑ.

    කදිම එක්සත් ජාතික පක්සේ ජීවන විලාසිතාව
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගංජා ගහනවා, ගුලි කනව, කසිප්පු බොනවා, රනිල් හාමුගේ අණට මිනී මරනවා, පකිස්තාන් ගෑනුන්ට සැප දෙනවා කොයිතරම් ඕල්අරවිඩර් කෙනෙක් නේද බලං ගියාම.

    සෙල්ලං නෑ.

    කදිම එක්සත් ජාතික පක්සේ ජීවන විලාසිතාව
    හැමදේම කරලා බලන්න ඕන ඉතිං
     
    • Like
    Reactions: Janatha Jhon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කටේනායකතුමාගේ කාර්යාලයේ කෙහෙලුත් කෑවා නං අංගේසම්පුර්ණයි 😁
    හයියෝ වෙස ජෙප්පොන්ට වෙච්ච දෙයක්, එහෙන් ආප්ප බානවා, මෙහෙන් කෙහෙල් සුප්පු කරනවා.. මුන්ට හොද වැඩේ..
     
    • Like
    Reactions: Janatha Jhon

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    Scared Jason Bateman GIF by Walt Disney Animation Studios
     
    • Love
    Reactions: Sutin