නැගි සරා සඳ එක නිශාවක
කී රහස් දෙනුවන් පුරා
නුඹට මතකද ඔය ළඟින් හිඳ
මිමිනුවා දෙසවන් පුරා
සඳ වතුර වැද තෙමුණු සියොළඟ
පිස දැමූ ලව්‍නත එදා
නුඹට මතකද කෝල වී නුඹ
පෙලූ හැටි දෑඟිලි පුරා
අදත් ඒ සඳ නැගී නුබ ගැබ
සරයි රහසක් හිත දරා
නමුදු විල්තෙර ගල් තලාවේ
මගේ උර නැත බර වෙලා
කී රහස් දෙනුවන් පුරා
නුඹට මතකද ඔය ළඟින් හිඳ
මිමිනුවා දෙසවන් පුරා
සඳ වතුර වැද තෙමුණු සියොළඟ
පිස දැමූ ලව්‍නත එදා
නුඹට මතකද කෝල වී නුඹ
පෙලූ හැටි දෑඟිලි පුරා
අදත් ඒ සඳ නැගී නුබ ගැබ
සරයි රහසක් හිත දරා
නමුදු විල්තෙර ගල් තලාවේ
මගේ උර නැත බර වෙලා