සරුංගලේ & අපේ ළමයි
සරුංගලේ වරල් සැලේ - විශාරද නන්දා මාලිනී | Sarungale Waral Sale - Nanda Malini
සින්දුවෙ තේරුම පොඩ්ඩක් කල්පනා කරල බලන්න
සින්දුවෙ තේරුම පොඩ්ඩක් කල්පනා කරල බලන්න
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ
සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි
සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - සුනිල් ආරියරත්න
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ
සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි
සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - සුනිල් ආරියරත්න