සල්ගස යට හිටපු අමර සහ නයනා
කාලයාගේ ඇවෑමෙන් අමර පොලීසියටද , නයනා ගුරුවරියක ලෙසද පත්වීම් ලැබ එකම ප්රදේශයක සේවය කරන අතරතුර.....
මහපාරක කහඉර උඩ යොමා නෙත
ඉන්නා මම ආණ්ඩුවේ නිල ඇඳුම ඇඳ
සෙව්වේ නුඹේ මහහරිනා දෙනෙත් යුග
සසරේ බැඳි ආදරයක් නිසා නොව....
එකපිට එක තියලා සාරියේ පොට
ඇඳගෙන නුඹ තාලෙන් පිය නගනවිට
කියනවා කථාවක් මූණේ ලපය මට
හැංගෙන්නට හදනා කාලයේ යට...
නුඹත් මමත් 40 පැන තවම නැත
යොවුන් වියේ මංසලකුණු තාම ඇත
නටඹුන් වන අපෙ දිවියේ අරුම දැක
කහ ඉර උඩම මම යනවා අතීතෙට..
පාසල ඇරී අපි දෙන්නම කුඩේ යට
එනවිට මම නුඹත් එක්ක නියර උඩ
කඩා කාපු වෙරළු ගහේ පැසුණ ගැට
ඉඳහිට තවම ඇහිඳිනවා එකින් එක...
උස නැතිමුත් බයිසිකලේ පොල්ල උඩ
නුඹ තියාන ගම්මැද්දේ පදින කොට
නුඹ කවාපු දං බෝවිටියා කරඹ රස
රස වින්දේ මම තනිවම කමත ලඟ..
මගේ අම්මා උදේ උයපු රොටී ටික
අරන් ඇවිත් මම නුඹටත් හංගගෙන
හිනා වෙවී අපි ඇනිකට් එකේ උඩ
ඉඳන් කාපු තැන අද ඒ මාළු නැත....
අපේ මතකෙ හිටියත් අද තාම මම
ටීචර් වූ නුඹ මා අද හැඳිනුවේ නැත
මාව දැකලා හැරුණේ ඇයි මූණ බිම
නිල ඇඳුමක් ඇන්ද එකද කරපු පව..
අකමැතිනම් හෙටත් උදේ බලා බිම
යන්න නයනා කහ ඉර මත තබා පය
මතක් උනොත් දවසක අපෙ මිතුරුදම
නුඹත් එක්ක මල් නෙලපූ අමර මම...
fb
කාලයාගේ ඇවෑමෙන් අමර පොලීසියටද , නයනා ගුරුවරියක ලෙසද පත්වීම් ලැබ එකම ප්රදේශයක සේවය කරන අතරතුර.....
මහපාරක කහඉර උඩ යොමා නෙත
ඉන්නා මම ආණ්ඩුවේ නිල ඇඳුම ඇඳ
සෙව්වේ නුඹේ මහහරිනා දෙනෙත් යුග
සසරේ බැඳි ආදරයක් නිසා නොව....
එකපිට එක තියලා සාරියේ පොට
ඇඳගෙන නුඹ තාලෙන් පිය නගනවිට
කියනවා කථාවක් මූණේ ලපය මට
හැංගෙන්නට හදනා කාලයේ යට...
නුඹත් මමත් 40 පැන තවම නැත
යොවුන් වියේ මංසලකුණු තාම ඇත
නටඹුන් වන අපෙ දිවියේ අරුම දැක
කහ ඉර උඩම මම යනවා අතීතෙට..
පාසල ඇරී අපි දෙන්නම කුඩේ යට
එනවිට මම නුඹත් එක්ක නියර උඩ
කඩා කාපු වෙරළු ගහේ පැසුණ ගැට
ඉඳහිට තවම ඇහිඳිනවා එකින් එක...
උස නැතිමුත් බයිසිකලේ පොල්ල උඩ
නුඹ තියාන ගම්මැද්දේ පදින කොට
නුඹ කවාපු දං බෝවිටියා කරඹ රස
රස වින්දේ මම තනිවම කමත ලඟ..
මගේ අම්මා උදේ උයපු රොටී ටික
අරන් ඇවිත් මම නුඹටත් හංගගෙන
හිනා වෙවී අපි ඇනිකට් එකේ උඩ
ඉඳන් කාපු තැන අද ඒ මාළු නැත....
අපේ මතකෙ හිටියත් අද තාම මම
ටීචර් වූ නුඹ මා අද හැඳිනුවේ නැත
මාව දැකලා හැරුණේ ඇයි මූණ බිම
නිල ඇඳුමක් ඇන්ද එකද කරපු පව..
අකමැතිනම් හෙටත් උදේ බලා බිම
යන්න නයනා කහ ඉර මත තබා පය
මතක් උනොත් දවසක අපෙ මිතුරුදම
නුඹත් එක්ක මල් නෙලපූ අමර මම...
fb